MEDIA UNIT DEPARTMENT OF AYURVEDA- UVA PROVINCE

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ 

මාධ්‍ය ඒකකයේ  නිල අන්තර් ජාල බිහිදොර වෙත 

ඔබව සාදරයෙන් පිළිගනිමු



ඌව පළාත් ආයුර්වේද දේපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ වන්නේ පළාතේ ජනතාව සදහා රෝගී සත්කාරක  සේවා,නිවාරණ සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයතන මගින් සැපයීමයි. ඒ අනූව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන විශේෂිත වැඩසටහන් සහ ඉහත සදහන් ආයතනයන්හි ඖෂධ නිශ්පාදනය, ප්‍රතිකාර කිරීම, දැනුවත් කිරීම්, විශේෂ වැඩසටහන් සංවිධානය විම වාර්ෂිකව අඛන්ඩව සිදුවේ. දේශීය හා පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර සේවා මගින් ජනතාවගේ නිරෝගීභාවය සෞඛ්‍ය ආරක්ෂාව හා රෝග නිවාරණය පාලනය කිරීම ආදි සේවා සැපයීම් සදහා නිවරදි සෞඛ්‍ය, පෝෂණ ,ප්‍රතිකාර ,ඖෂධ පිළිබද තොරතුරු නූතන  තාක්ෂණික බහු මාධ්‍ය මෙවලම් භාවිත කරමින් ජනතාව වෙත සන්නිවේදනය කිරීම මෙහි ප්‍රධාන අරමුණකි.

 

ඉ රාජ්‍ය ප්‍රතිපත්තිය අනූව  රාජ්‍ය ආයතනවල කාර්යන් පහසු කර ගැනීම සදහා නව තාක්ෂණය යොදා ගැනීමත් ආයුර්වේදය මගින් නිරෝගී ජීවන රටාවක් ඇති කිරීම සදහා මහජනතාව දැනුවත් කිරීම, දෙපාර්තමේනතුව යටතේ ඇති පහත සදහන් ආයතන මගින් ක්‍රියාත්මක වන ඉටුවන සේවා වැඩසටහන්, සායන, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කරනු බවන පෝෂණ සෞඛ්‍ය වැඩසටහන් ආදිය පිළිබද දැනුවත් කිරීමත් ආයතනයේ ඵලදායිතාව හා කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමත් මෙම මාධ්‍ය එකකයේ අරමුණු අතර වේ.