ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පුස්තකාල ශ්‍රේණිගත කිරීමට අදාළව අඹගස්දෝව මහජන පුස්තකාලය හා මස්පන්න මහජන පුස්තකාලය III වන ශ්‍රේණියට අයත් පුස්තකාල වේ. ඒ අනුව 2010 වර්ෂයේදී මස්පන්න මහජන පුස්තකාලය III වන ශ්‍රේණියට පැමිණෙන ලදි. ප්‍රාදේශීය සභාවේ දුෂ්කර ප්‍රදේශයක මෙම පුස්තකාලය පිහිටා අැත. යාලගමුව, රිටිකුඹුර, වෑතලාව, කොහිලගම, මස්පන්න, කිදිගොඩ, හත්කිද, දිඹුලන, අැල්ලන්ද, ඉලුක්වෙල, වැවේගම, ගම්පහ යන ග්‍රාම නිලධාරී වසම්වල ජීවත්වන ජනතාවට මස්පන්න මහජන පුස්තකාලය තුළින් ඔවුන්ගේ තොරතුරු අවශ්‍යතා සපුරා දෙනු ලබයි.