ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මැදගම ආර් එම් ගුණසේකර මහජන පුස්තකාලය ඉතාමත් අගනීය වෙල්යායකින් වටවූ ස්වභාවික වාතාශ්‍රය හොඳින් ලැබෙන පරිදි නිර්මාණය කොට ඇත.
මෙය 1975 දී මුලින්ම ආරම්භ කරන ලදී ප්‍රදේශයේ ජනතාවට දැනුම ලබාදෙන ප්‍රධාන ස්ථානයක් බවට අප පුස්තකාලය පත්ව ඇත මෙම පුස්තකාලය ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් 2007-12-17 වැනි දින තුන්වැනි ශ්‍රේණිය දක්වා උසස් කළ අතර 2020-07-21 වෙන දින දෙවැනි ශ්‍රේණියට දක්වා උසස් කරන ලදී. අප පුස්තකාලය යටතේ තවත් පුස්තකාල දෙකක් ඇති අතර එය,නනපුරාව හා අමුණේකදුර මහජන පුස්තකාල වශයෙන් අනුශාඛා දෙකකින් යුක්තය.
අප පුස්තකාලය කියවීම් අංශයක් ,විමර්ශන අංශයක් ,ළමා අංශය හා බැහැරදෙන අංශය කින් සමන්විතය.අදිවේගී අන්තර්ජාල පහසුකම් ද සහිත පුස්තකාලය තුල 2022 වනවිට පාඨකයන් 3512 සාමාජිකත්වය දරන අතර පොත් 9706 කින් සමන්විතය. අප පුස්තකාලය සියලුම ජනතාවට අවශ්‍ය දැනුම ලබා දීමට සැදී පැහැදී සිටින දක්ෂතාවලින් පිරිපුන් කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.
පුවත්පත් අංශය ඉතා හොඳින් ක්‍රියාත්මක කරන අතර දෛනිකව මෙම අංශය පාවිච්චි කරන පිරිස දෙසීයක් පමණ වේ. එලෙස විමර්ශන අංශය සතු ඉතා පැරණි අධි වටිනාකමකින් යුක්ත පොත් විශාල ප්‍රමාණයක් අප සතු වේ.
එසේම අපි පුස්තකාලයේ වසම් 35 සඳහා ආවරණය වන පරිදි ස්ථාපිත කොට ඇති අතර රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ,පාසල් ප්‍රජාව හා අනෙකුත් සියළුම ජනතාවගේ සේවය සපයන ආයතනයක් ලෙස ස්ථාපිත කොට ඇත.
"දැනුමින් පිරි සමාජයක් බිහි කිරීම අපගේ එකම අභිප්‍රායයි.. "
Vision-:To be the forerunner among libraries by improving the quality of readers and promoting their skills.
Mission-:"It is our mission to be a pioneer among Uva Wellassa libraries and to promote reading skills and create a knowledge-rich society through the proper management of our resources."
ආර්. එම්.ලක්මාලී සිරිසේන-පුස්තකාලාධිපති
මහජන පුස්තකාලය
මහජන පුස්තකාලය
පොත් සඟරාව පත්තර ආදී මාධ්‍යයන් බිහිවීමත් සමඟය එදිනෙදා සිදුකරන කටයුතු සාර්ථක කර කරගැනීම සඳහා මිනිසුන්ට දැනුම තොරතුරු ලබාගැනීමේ අවශ්‍යතාවයක් ඇතිවිය.මේ අනුව මිනිසුන්ගෙන් පෙළඹවීම් හේතුකොටගෙන, 1975 දී මැදගම පුස්තකාලය ලෙස පළමුව කුඩා ඒකකයක් ආරම්භ කරන ලදී. පසුව මෙය මැදගම මහජන පුස්තකාලය විය. මෙම පුස්තකාලය මැදගම ප්‍රාදේශීය සභාවෙන් පාලනය වේ. 1975 දී මෙම පුස්තකාලය පලාත් පාලන ප්රඥප්තිය අනුව නීතිගත කිරීම සිදු කරන ලදී. පලාත් පාලන පනත අනුව පළාත් පාලන පුස්තකාල ආරම්භ කර ඇත. මෙහි අරමුණ වී තිබෙන්නේ සාමාන්‍ය ජනතාවට කියවීම් ද්‍රව්‍ය පොත් පත්, පුවත්පත්, අන්තර්ජාල තොරතුරු මාධ්‍යන් සුලභ කිරීමය. එනම් ජනතාවගේ එදිනෙදා සමාජ සහ තොරතුරු දැනුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සකස් කරන ලද ඒකකය පලාත් පාලන පුස්තකාලය වේ.
ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතන සතු කාර්යභාරය හඳුනාගැනීමෙන් පසු බොහෝ නාගරික ප්‍රදේශවල මහජන පුස්තකාලය ආරම්භ කිරීම නිසා රටපුරා විසිරුණු මහජන පුස්තකාල ජාලයක් බිහිවීමට පටන්ගත් බව සඳහන් කළ හැකිය. ශ්‍රී ලංකාවේ පහත සඳහන් වන ආයතන මඟින් දැනට මහජන පුස්තකාල පවත්වාගෙන යනු ලැබේ.
1 මහනගර සභා (නගරාධිපති මගින් පාලනය වේ)- කොළඹ නම් (පුරපති මගින් පාලනය වේ)
2 නගරසභා (නගරාධිපති මගින් පාලනය වේ)
3පළාත් සභා (සභාපති)
4ප්‍රාදේශීය සභාව (සභාපති) ඌව පළාතේ
1මහනගර සභා ( බදුලූල, බණ්ඩාරවෙල)
2නගරසභා
3පළාත් සභා
4ප්‍රාදේශීය සභාව (සෑම ප්‍රාදේශීය සභාවකම ඇත)
1972 වර්ෂයේදී යුනෙස්කෝ ආයතනය මගින් සම්මත කරන ලද මහජන පුස්තකාල ප්රඥප්තිය නම් ප්රකාශනයේ පළාත් පාලන ආයතන මගින් මහජන පුස්තකාල පිහිටුවා පවත්වාගෙන යනු ලැබේ. එමෙන්ම පලාත් පාලන සභාව මගින් සම්මත කර කරගන්නා ලද පලාත් පාලන පනත අනුව පලාත් පාලන පුස්තකාල පිහිටුවාගෙන පවත්වාගෙන යනු ලබයි.
පුස්තකාල ප්රඥප්තියට අනුව පිහිටුවන ලද, නගර සභා, පපළාත් සභා මඟින් පානලනය වන පුස්තකාලවල පුස්තකාලයාධිපති වරුන්ගේ ඉල්ලීම අනුව එම නගර සභාවල හා පළාත්සභාවද පුස්තකාලයන්හි පුස්තකාලයාධිපතිවරුන්ගේ, කාර්යමණ්ඩලයන් ගේ පාඨකයන් ගේ ඉල්ලීම් අනුව පුස්තකාල ව්‍යාප්තිය එම ප්‍රදේශයේ වර්ධනය කර ගැනීමක් ද දක්නට ලැබේ .ඒ ආකාරයෙේන් පුස්තකාල ව්‍යාප්තිය වර්ධනය කරගත් ප්‍රදේශ අතර පස්සර, හැඳින්විය හැක.
නිර්වචනය :
වර්තමානයේ මෙවැනි පුස්තකාලයක ඉලක්කය වන්නනේ තොරතුරු දැනුම ලබාදීම පමණක් ම නොවේ. එයින් ඔබ්බට ප්‍රජාව සවිබලගැන්වීම වර්තමාන මෙවැනි පුස්ථකාලයක අරමුන වේ. එනිසා මෙවැන්නක් ප්‍රජා සම්පත් මධ්යස්ථානයක්ක් ලෙස හඳුන්වයි. මිනිසුන්ගේ එදිනෙදා ගැටලූ සාකච්ඡා කිරීමට, තොරතුරු ගවේශනයට ,දැනුම වැඩිකර ගැනීම සඳහා, මිනිසුන්ගේ ප්‍රශ්න ගැන සංවාද කරගන්නා ප්‍රජා සම්පත් මධ්‍ය මධ්‍යස්ථානයකි.