Frequently asked questions in ICT subject
ICT විෂය තෝරා ගැනීමේදී මතුවන ගැටළු සඳහා විසදුම්.
ICT විෂය තෝරා ගැනීමේදී මතුවන ගැටළු සඳහා විසදුම්.
Jump to a question:
6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා සියළුම සිසු සිසුවියන් හට මෙම විෂය දැනුම ඇතැම් පාසල් වල ලබා දෙන අතර අ.පො.ස (සා. පෙළ ) විෂය ධාරාව සඳහා තෝරා ගැනීමේ විෂයයක් ලෙස තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT) විෂය අධ්‍යයනය කිරීමේ අවස්ථාව ළමුන්ට උදාකර දී ඇත.
අ.පො.ස (සා. පෙළ ) විෂය ධාරාව සඳහාමෙම විෂය තෝරා ගැනීමෙන් අ.පො.ස (උ. පෙළ ) විෂයයක් සඳහා ද තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂය තෝරාගැනීමේදී මහත්පහසුවක් වේ.මෙහිදී ඇති වැදගත්ම කරුණ වන්නේ උසස් පෙළ කළා, විද්‍යා වැනි අංශ සඳහා ද මෙම විෂය තෝරා ගැනීමට අවස්ථාව ලබා දීමයි.අ. පො.ස (සා.පෙළ) දී ලබා ගත් දැනුම උසස් අධ්‍යාපනය සඳහා පදනමක් වන්නේය. එපමණක් නොව විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු වලදී ද මෙම විෂය පදනම් පාඨමාලාවක් ලෙස උගන්වනු ලබන අතර මෙහිදී ද , ළමයා තුල මූලික පරිගණක දැනුම මහත් ප්‍රයෝජනයක් වනු ඇත.
වර්තමානයේ උසස් වැටුපක් සහිත රැකියාවක් ලබා ගැනීමට පරිගණක දැනුම් අත්‍යවශ්‍ය වන අතරම අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි, රැකියා අපේක්ෂකයින් හට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරා තිබීම රැකියාවක් ලබා ගැනීම සඳහා මහත් පිටිවහලක් වනු ඇත. තවද, විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසු සිසුවියන්ගේ අනාගත අධ්‍යයන කටයුතු සඳහා මෙම විෂයය හැදෑරිම මහත් ප්‍රයෝජනවත් වනු ඇත.
2005 උසස් පෙළ සිසුන් සඳහා පවත්වනු ලැබූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය GIT විභාගයත් සමගයි.
ඉන් පසු 2007 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ict ප්‍රශ්න පත්‍රයද, උසස් පෙළ විෂය ධාරාවේ ඕනෑම විෂය ධාරාවක් යටතේ එක ප්‍රධාන විෂයක් ලෙසින් (ICT නමින්) 2011A /L ict ප්‍රශ්ණ පත්‍රයද සමගිනි.
2027 නව විශය නිර්දේශය මගින් ICT විශය අනිවාර්ය වන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මෙ වන විට පවසා ඇත.
https://blog.govdoc.lk/focus-on-making-ict-a-core-subject-ordinary-level
කිසිසේත්ම ICT විෂය අමාරු විෂයක් නොවේ.
ICT විෂය තෝරාගැනීමේදී ඇතැම් සිසු සිසුවියන් අනවශ්‍ය භීතියක් දක්වනුයේ ප්‍රධානතම විෂයයන් වන ඉංග්‍රීසි සහ ගණිතය විෂයයන් කෙරෙහි දක්වන උදාසීන භාවයයි.එහෙත් මෙම විෂය සඳහා අවශ්‍ය වනුයේ සාමාන්‍ය ඉංග්‍රීසි ගණිත දැනුමක් පමණි.
විෂය අන්තර්ගතය සඳහා ලිඛිත සටහන් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් අන්තර්ගත වන අතර මෙම විෂය අධ්‍යයනය කිරීම ඉතාම පහසු වන අතරම විෂය කරුණු පහසුවෙන් මතක තබා ගැනීමේ හැකියාවද පවතී.මන්දයත් මෙම විෂය ප්‍රායෝගික විෂයක් වීම මෙහිදී මතකයට නැගිය යුතු වේ.
කිසිසේත්ම ICT විෂය ඉගැනීමට ඉංග්‍රීසි චතුර ලෙස දැනසිටීම අත්‍යවශ්‍ය නොවේ.
ICT විෂය තෝරාගැනීමේදී ඇතැම් සිසු සිසුවියන් අනවශ්‍ය භීතියක් දක්වනුයේ ප්‍රධානතම විෂයයන් වන ඉංග්‍රීසි සහ ගණිතය විෂයයන් කෙරෙහි දක්වන උදාසීන භාවයයි.
එහෙත් මෙම විෂය සඳහා අවශ්‍ය වනුයේ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් පමණි. එය අප එදිනෙදා භාවිතයට ගැනෙන වචන වේ.
EX: සුහුරු දුරකථනය - Smart Phone
ඉහත උදාහරණය අනුව අප සියලු දෙනාටම හුරු වචනය smart phone යන වචනයි. නමුත් එම වචනය සිංහලෙන් ඔබ ඉගෙනගනු ලබන්නේ සුහුරු දුරකථනය ලෙසයි. මදක් සිතන්න ඔබට හුරු සිංහල වචනයද? ඉංග්‍රීසි වචනයද කියා. එමනිසා අනවශ්‍ය ලෙස ඉංග්‍රීසි භාෂාවට බිය නොවෙන්න.
නමුත් ඉංග්‍රීසි භාෂාව ඉදිරියේදී හදාගන්න.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මේ වනවිට කිසිවෙත්ම එසේ පවසා හෝ ලිඛිතව එවැනි කොන්දේසි ප්‍රකාශයක් ප්‍රකාශයට පත්කර නැත.
නමුත් මේ වනවිට පාසල්වලදී තෙවන කාණ්ඩයේ ජනප්‍රිය විෂයක් ලෙස ICT විෂය ඉතා බොහෝ පිරිසක් තෝරාගනු ලබයි. එම නිසා තෙවන කාණ්ඩයේ වෙනත් විෂයන් වලට පාසල් සිසුන්ගේ අවම නැබුරුතාවයක් පෙන්වයි.
එම ගැටලුව මගහරවා ගැනීමට බොහෝ පාසල් වලින් ICT විෂය තෝරාගැනීමට මෙවැනි කොන්දේසි ඇතුලත් කරනු ලබයි. එයට හේතුව තෙවන කාණ්ඩයේ සියලුම විෂයන් වලට සමසේ සිසුන් ඇතුලත් කරගැනීම සඳහායි.
නමුත් ඔබට ICT විෂය හැදෑරීමට අවශ්‍යනම් පාසලේ ඇති කොන්දේසි අනුව ගණිතය සහ ඉංග්‍රීසි විෂයන්ට ප්‍රමාණවත් ලකුණු ලබාගැනීම ඔබේ යුතුකමකි.
අත්‍යවශ්‍ය නොවේ.
මන්ද, ICT O/L, A/L විභාග සඳහා ICT ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකර පෙන්වීම සිදුවන්නේ නැත. ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලිවීමට පමණක් ඇති නිසා අප පන්තියේ නිවැරදිව ප්‍රයෝගික ක්‍රියාකාරකම් ලිවීමේ රටාවන් සහ පැහදිලි රූප රාමු සහිත ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත ටියුට් ලබාදීම මගින් දරුවන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලිවීම සදහා යොමු කරයි.
තවද Multimedia තාක්ශණය මගින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකර පෙන්වීම සහ ප්‍රශ්ණ පත්‍ර නිවැරදිව සිදුකරන ආකාරයද මනාව පැහැදිලිකර පෙන්වයි.
නමුත් පරිගණකයක් තිබේනම් ICT ප්‍රයෝගික ක්‍රියාකාරකම් සිදුකර බැලීමට හැකිය. නමුත් පරිගණකයක් අත්‍යවශ්‍යම නොවේ.
උසස් පෙළ GIT විෂය හරහා විභාගයට අති සාර්ථකව මුහුණදීමට ඇති හැකියාව.
විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු වලදී ද මෙම විෂය පදනම් පාඨමාලාවක් ලෙස විශ්ව විද්‍යාල පළමු වසරේදී සියලුම විශ්ව විද්‍යාල තුල උගන්වනු ලබන අතර මෙහිදී ද , ළමයා පාසල තුල ICT විෂය හදාරා තිබීම තුලින් ලැබෙන මූලික පරිගණක දැනුම මහත් ප්‍රයෝජනයක් වනු ඇත.
තවද, විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසු සිසුවියන්ගේ අනාගත අධ්‍යයන කටයුතු සඳහා මෙම විෂයය හැදෑරිම මහත් ප්‍රයෝජනවත් වනු ඇත.
වර්තමානයේ උසස් වැටුපක් සහිත රැකියාවක් ලබා ගැනීමට පරිගණක දැනුම අත්‍යවශ්‍ය වන අතරම අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි, රැකියා අපේක්ෂකයින් හට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරා තිබීම රැකියාවක් ලබා ගැනීම සඳහා මහත් පිටිවහලක් වනු ඇත.
හැකර් වරුන්ට හසු නොවී නිවැරදිව තාක්ෂණය භාවිතයෙන් එදිනෙදා වැඩ පහසු කරගැනීමට හැකිය.
විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු වලදී පරිගණකය ආදාරයෙන් පැවරුම් සිදුකිරීම, ව්‍යාපෘති වාර්තා සැකසීම පහසුවෙන් සාර්ථකව සිදු කිරීමට හැකිවීම.
LMS එක (විශ්ව විද්‍යාලය තුල ඇති ඉගැනුම් කළමනාකරණ පද්ධතියක්) නිවැරදිව භාවිතාකර ඕනෑම තැනක සිට විවිධ විෂයන්වල සටහන් ලබාගැනීම පැවරුම් upload කිරීම ව්‍යාපෘති බාරදීමට හැකිවීම.
පරිගණකය හරහා සිදුකරන විෂය සමගාමී ක්‍රියාකාරකම් මෙන්ම විෂය බාහිර ක්‍රියාකරකම්ද සාර්ථකව මුහුණදීමට ඇති හැකියාව.