ඔබ හදුන්වාදුන් රියදුරන් සදහා කොමිස් මුදල ගෙවිය හැක්කේ පහත කාරණා සම්පූර්ණ උවහොත් පමණි.
ඔබ අපගේ EzGo App එක හා ප්රථමයෙන් ලියාපදිංචි වී සිටිය යුතුයි.
අප ආයතනය විසින් රියදුරන්ගෙන් මාසික ගාස්තු අය කිරීම ආරම්භ කල යුතුයි. EzGo App එක පළමු මාස 3 හෝ ඊට වැඩි කාලයක් නොමිලේ ලබා දෙන බැවින්, ඔබ හදුන්වදුන් රියදුරන් වෙනුවෙන් commission මුදල ලබාදිය හැක්කේ අප මාසික ගාස්තු අය කිරීම ආරම්භ කල පසුවයි.
අළුතෙන් හදුන්වාදෙන රියදුරු, කලින් එම දුරකථන අංකයෙන් අප හා ලියපදිංචිවී සිටීයේනම් ඔබගේ Commission මුදල ලබාගැනීම සදහා සුදුසුකම් නොලබයි.
ඔබගේ commission මුදල ලබාදිය හැක්කේ, ඔබ අළුතෙන් හදුන්වදුන් රියදුරන් තමගේ මාසික ගාස්තු ගෙවූ පසුවයි. ඒ අනුව පළමු මාසික ගාස්තුව අයකිරීමෙන් පසු ඔබගේ පළමු රු.300ක commission මුදලද, දෙවන මාසික මුදල අයකිරීමෙන් පසු ඔබගේ දෙවන රු.300ක commission මුදලද, වශයෙන් මාස 5 සදහා රු.1500ක මුදලක් ගෙවනු ලබයි.
යම් හෙයිකින් ඔබ අළුතෙන් හදුන්වාදුන් රියදුරෙකු, පසුව වෙනත් දුරකථන අංකයකින් නැවත ලියාපදිංචි වී, මාසික මුදල දෙවනුව ලියාපදිංචි කල දුරකථන අංකයෙන් ගෙවුවහොත් , අදාල රියදුරුගේ commission මුදල ලබාදිය නොහැකි බව සලකන්න.
යම් හෙයිකින් අප සේවාව පාඩු ලබා වසා දැමීමට සිදුවුවහොත්, ඔබ විසින්ග් හදුන්වාදුන් රියදුරන් වෙනුවෙන් කිසිදු ගෙවීමක් සිදු කිරීමට නොහැකි වන බවද කරුණාවෙන් සලකන්න.
අළුත් රියදුරෙකු ලියපදිංචි කරන ආකාරය
තවත් විස්තර පහතින්
01. පළමුව ඔබ විසින් නව රියදුරු හට අපගේ EzGo App එක හදුන්වා දී, ඔහුට App එක Download කර දිය යුතුයි.
02. රියදුරෙකු වශයෙන් ලියාපදිංචි වීම සදහා නව රියදුරුට උදවු කරන්න (විස්තර මෙම Link එකෙන්)
03. රියදුරු ලියාපදිංචිය අවසන් කර "Save" button එක එබීමෙන් පසු ඔබව පහත තිරය වෙත පිවිසෙයි.
04. මෙම තිරයේදී නව රියදුරුගෙන් "ඔබව වෙනත් පරිෂීලකයෙකු විසින් හදුන්වා දුන්නේද? (Were you referred by another user) " ප්රශ්නය විමසයි. මෙහිදී "Yes" button එක එබිය යුතුයි. යම් හෙයිකින් "No" button එක එබුවොත්, අදාල නව රියදුරු හදුන්වාදීමේදී ඔබට ලැබෙන කොමිස් මුදලට හිමිකම් නොලබයි. මෙහිදී "Yes" button එක එබුවහොත් පහත් ප්රශ්නය ඔබගෙන් විමසයි.
05. මෙහිදී "ඔබව මෙම සේවාවට හදුන්වාදුන් අයගේ දුරකතන අංකය ඇතුළත් කරන්න" ලෙස දක්වයි. මෙහිදී පළමුව ඇති 0 ඇතුලත් කිරීමෙන් වළකින්න. OTP අංකය එන්නේ මෙම අංකයට බැවින් දුරකථන අංකය නිවැරැදිව ඇතුළත් කර "Next" Button එක ඔබන්න. මීලගට නව රියදුරු EzGo App එකට හදුන්වාදුන් අයගේ දුරකථනයට ලැබෙන OTP අංකය ඇතුලත් කර "Next" Button එක ඔබන්න.
06. ඉහත සියළුම අදියර නිවැරදිව කිරීමෙන් ඔබ කොමිස් මුදලට හිමිකම් ලබයි.
ඔබ අලුතෙන් හදුන්වාදුන් රියදුරන්ගේ ලේඛනය පහත පරිදි බලාගත හැකියි.
ඔබගේ App එකේ, පහත දැක්වෙන Profile Screen එකට පිවිසෙන්න
Profile Screen එකෙහි දැක්වෙන "My Referrals" button එක ඔබන්න. එවිට ඔබට පහත තිරය දිස්වේ.
මෙම තිරයේදී ඉහල කොටසින්, නව රියදුරකු හදුන්වාදීමේදී කරන ගෙවීම් විස්තරද, පහල කොටසින් ඔබ විසින් හදුන්වාදුන් නව රියදුරන්ගේ list එකද, අදාල රියදුරු තමාගේ මාසික වාරික මුදල ගෙවා ඇතිද යන්න හා ඔබට අදාල කොමිස් මුදල දැකගත හැකියි.
තවත් ප්රශ්න තියේනම් පහළ link එකෙන් අපගේ Telegram Group එක හා සම්බන්ධ වෙන්න.
ටැක්සි රියදුරන් සදහා උපදෙස් මෙම link එකෙන්
මගීන් සදහා උපදෙස් මෙම link එකෙන්