ඇම්බැක්ක දේවාලය වීඩියෝ
පැරණි ලක්දිව රාජධානි විකාශනය තුල ගම්පළ රාජධානි සමයේදී එනම් 14 වන ශතවර්ෂය අග භාගයේදී 3 වන වික්‍රමබාහු රඡු (ක්‍රි.ව 1360-1374) විසින් ඇම්බැක්කේ දේවාලය ඉදිකරවා ඇත. මෙම දේවාලය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලී කැටයම් සම්බන්ධයෙනි. "ලක්දිව ශ්‍රේෂ්ඨතම ලී කැටයම් ඇත්තේ ඇම්බැක්කේ" යන්න උගතුන්ගේ පිළිගැනීමය. වික්‍රමබාහු රඡුගේ මෙහෙසිය වශයෙන් සිටි සෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය මෙම දේවාලයට අධිගෘහිත බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඇම්බැක්කේ දේවාලය හා සම්බන්ධ විවිධ පුරාවෘත ඉතිහාසයේ සඳහන් වේ
උපුටා ගැනීම : https://si.wikipedia.org/wiki/note-1