ගම්පහ, මිනුවන්ගොඩ, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය මහ පිරිවෙනේ ආදි කර්තෘ සැමරුම් පිංකම් මාලාව, ඊයේ (17) හා අද (18) දෙ දින පුරා ඒම විහාරස්ථානයේ දී ඉතා උත්කර්ෂවත් ව පැවැත්වුණි. අනාදිමත් කාලයක සිට පැවත ඒන මේ කෘතවේදීත්වයේ චාරිත්‍රය, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය මහ පිරිවෙන් විහාර ගණයේ වැඩ සිට අපවත් වී වදාළ මහා සංඝ පීතෘන්වහන්සේ සීහිකොට, උන්වහන්සේගේ ශ්‍රී නාමයන්ට පිං පැමිණවීම උදෙසා පවත්වන්නකි.
මේ අනුව සිහිපත් කෙරෙන සංඝ පීතෘන්වහන්සේලා
උඩුගම්පොල ධම්මරතන ලොකු හාමුදුරුවෝ
මාතම්මන විිමලසාර ලොකු හාමුදුරුවෝ
බස්නාහිර පළාතේ උපප්‍රධාන සංඝනායක වටිනාපහ ශ්‍රී පියරතන නායක හාමුදුරුවෝ
කලවානේ සුදස්සී ලොකු හාමුදුරුවෝ
අලුතෑපොල ධම්මාලෝක ලොකු හාමුදුරුවෝ
බස්නාහිර පළාතේ උපප්‍රධාන සංඝනායක වටිනාපහ ශ්‍රී පියරතන ඥානාලෝකාභිධාන නායක හාමුදුරුවෝ
උඩුගම ධම්මානන්ද ලොකු හාමුදුරුවෝ
මේ පිංකමේ දී ඊයේ (17) රාත්‍රී 8.00ට සුමදුර දම් දෙසුම, දේශකයාණෝ සීනාදී සිවුකෝරලයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය යටගම උදයධම්ම ස්වාමීන්වහන්සේ. අද (18), තිස් නමකට අධික මහා සංඝයා වහන්සේ විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවකි.
යූ. ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න.
2019-08-17