මිලදී ගැනීමේ ක්‍රියා පිළිවෙල.
ඔබ හට අප වෙබ් අඩවියේ ඇති භාණ්ඩ 077 948 0028 අංකයට WhatsApp පණිවුඩයක් ලෙස එවීමෙන් ඇණවුම් කළ හැක. එහිදී ඔබ විසින් ඔබගේ නම, ලිපිනය සමග දුරකථන අංක දෙකක් ඔබගේ ඇනවුම සමග ලබා දිය යුතුය. භාණ්ඩ ඔබ වෙත එවන ආකාර කීපයක් වේ.
භාණ්ඩ පැමිණ මිලදී ගැනීම.
Apple Thread Online Store. 1st Floor, 42/3/A, Panadura Road, Pokunuwita, Horana.
යන ලිපිනයට පැමිණ ඔබට භාණ්ඩ මිලදී ගත හැක.
එම ස්ථානය Google Map හරහා - https://maps.app.goo.gl/K4v1gyfzc2amkPyH6
ඉරිදා දින හැර අනෙකුත් සෑම දිනකම (විශේෂ අවස්තාවකදී හැර) මෙම ස්ථානයට පැමිණ භාණ්ඩ ලබා ගත හැක. පැමිණීමට පෙර 077 948 0028 අංකයට ඇමතුමක් ලබා දී ඔබගේ පැමිණීම දන්වා සිටින්න.
වේගවත් Courier සේවාව.
ඔබට ඉතා ඉක්මනින් භාණ්ඩ ලබා ගැනීමට අවශ්‍ය විට හා ඔබට බැංකු තැන්පතුවක් කල හැකිනම් Prompt Express සේවාව හරහා භාණ්ඩ ගෙන්වා ගත හැක. සතියේ දින වල භාණ්ඩ එකතු කරන අතර සිකුරාදා දින ලබාදෙන ඇනවුම් හැර අනෙකුත් දින වල ඇණවුම් බොහෝ විට ඊලග දිනම ඔබ වෙත ලැබෙනු ඇත. සිකුරාදා දින ලැබෙන ඇණවුම් බොහෝවිට සඳුදා දින ඔබවෙත ලැබෙනු ඇත. (ඇණවුම් හා මුදල් තැන්පතු එම දින පස්වරු 12.30 පෙර සිදුකරන ඇනවුම් පමණක් එම දින භාර දිය හැක.)
Courier ගාස්තු - පළමු කිලෝ එකකට 400/- / වැඩි වන කිලෝ එකක් සඳහා 130/-
Cash On Delivery සේවාව
ඔබ භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීමට බලාපොරොත්තු වේනම් මෙම සේවාව ලබාගත හැක. ඇණවුම අප විසින් බාර දී දින තුනක් ඇතුලත ඔබ වෙත ලැබෙනු ඇත. සතියේ දින වල භාණ්ඩ එකතු කරනු ලැබේ. සති අන්තයේ ලැබෙන ඇණවුම් අප විසින් භාර දෙන්නේ සඳුදා දිනදීය. (පස්වරු 12.30 ට පෙර ලැබෙන ඇණවුම් පමණක් එම දිනම භාර දෙනු ලැබේ.)
Courier ගාස්තු - පළමු කිලෝ එකකට 500/- / වැඩි වන කිලෝ එකක් සඳහා 100/-
තැපැල් මගින්
කුඩා පාර්සල් පමණක් තැපැල් මගින් යැවිය හැකි අතර කලින් මුදල් තැන්පත් කල යුතු වේ. කලින් දින ලැබෙන හා මුදල් තැන්පත් කල ඇණවුම් ඊළඟ දින තැපැල් කරනු ලැබේ. ඔබගේ ඇණවුමේ බර අනුව තැපැල් ගාස්තු වෙනස් වේ.
කලින් සිදුකල යුතු තැන්පතු සඳහා තැන්පතුවට අදාළ චායාරුපයක් අපවෙත WhatsApp කල යුතු වේ. බැංකු ගිණුම් විස්තර පහත දැක්වේ.