ඩිජිටල් ඡායාරූපකරණය සම්පූර්ණ පාඨමාලාව
Digital Photography Complete Course
ඩිජිටල් ඡායාරූපකරණය සම්පූර්ණ පාඨමාලාව
Digital Photography Complete Course
මයික්‍රොසොෆ්ට් ඔෆිස්, ග්‍රැෆික් නිර්මාණකරණය සහ වීඩියෝ සංස්කරණය වැනි නවීන ලෝකය වැලදගත් වටිනා සහතිකපත්‍ර පාඨමාලා රැසක් දැයේ දුවා දරුවන් වෙනුවෙන් තිළිණ කළ Academy of Indelible Design ආයතනයේ මීලග හැරවුම් ලක්ෂය වන්නේ වචනවලට සීමා නොවූ හරවත් සහ ක්‍රමවත් ඡායාරූපකරණ පාඨමාලාවක් දැයේ දුවා දරුවන් වෙනුවෙන් තිළිණ කිරීමයි.
ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි ආයතනයක් වන Academy of Indelible Design ආයතනය වසර ගණනක සිට සිසුන් සිය දහස් ගණනකට CorelDRAW Graphic Suite, Adobe Photoshop, Adobe Premiere Pro, Adobe Illustrator, Adobe After Effects සහතිකපත්‍ර පාඨමාලා කිහිපයක් ම ප්‍රායෝගික උපක්‍රම සහ මාර්ගගත ක්‍රම ඔස්සේ වයස් සීමාවකින් තොර ව ශ්‍රී ලාංකික සහ විදේශීය නිර්මාණශීලී සිසු දරු දැරියන් වෙනුවෙන් තිළිණ කළ අධ්‍යාපන ආයතනයකි. මෙකී ආයතනයේ මීලග හැරවුම් ලක්ෂය වන්නේ 2023 වර්ෂයේ සිට ආරම්භ කරන ඩිජිටල් ඡායාරූපකරණය පිළිබද සහතිකපත්‍ර සම්පූර්ණ පාඨමාලාව යි.
සමාජ මාධ්‍යවල වේගවත් බවත්, තරගකාරීත්වයත්, ජනප්‍රියත්වයත් නිසා වර්තමානයේ බොහෝ දෙනා ඡායාරූප ගැනීම පිළිබද මහත් උනන්දුවක් දක්වන නමුත් ඡායාරූපකරණය පිළිබද අවබෝධය සහ දැනුම ඇත්තේ ඉන් අතලොස්සක් වූ පිරිසකට පමණි. ස්මාර්ට් ජංගම දුරකතනය හෝ වෙනත් කැමරා උපකරණයක් භාවිත කරමින් වර්තමානයේ තරුණ තරුණියන් මෙන් ම වැඩිහිටි පිරිස ද ඡායාරූපකරණයට යොමු වී ඇත. නමුත් අප ගුණාත්මක ඡායාරූපයක් ලබා ගන්නා විට එයට තාක්ෂණික ක්‍රියාවලියක් සහ නිර්මාණශීලී ඇසක් අවැසි විය යුතු ය. නිර්මාණශීලීත්වය යනු සහජයෙන් ආ යුතු දෙයකි. එය අන් කිසිවෙකුටවත් ලබා ගත නොහැකි දෙයකි. ස්වකීය අත්දැකීම් සහ ඡායාරූපකරණයට පවතින කැමැත්ත මත මෙකී නිර්මාණශීලීත්වය උද්දීපනය කර ගත හැකි වනු ඇත. ඡායාරූපකරණයේ අනෙක් කුසලතා ව වන්නේ තාක්ෂණය පිළිබද ඇති දැනුම යි. ‘ඩිජිටල් ඡායාරූපකරණය පිළිබද සම්පූර්ණ පාඨමාලාව’ නම් වූ මෙම ග්‍රන්ථයේ මූලික අරමුණ වන්නේ ද එකී තාක්ෂණික දැනුම අනාගත නිර්මාණශීලී පරපුර වෙනුවෙන් දායාද කිරීමත්, යටපත් වූ නිර්මාණශීලීත්වය ඉස්මතු කර ගුණාත්මක ඡායාරූපකරණයක යෙදෙන නිර්මාණශීලී ඡායාරූප ශිල්පියෙකු බිහි කිරීමත් ය.
ඡායාරූපකරණය පිළිබද මහත් උනන්දුවක් දක්වන ඔබ සදහා මෙම ග්‍රන්ථය සම්පාදනය කරන්නේ අනාගත නිර්මාණශීලී තරුණ පිරිසකගේ අවශ්‍යතා ව නිසැකයෙන් අවැසි වන නිසා ය. ඡායාරූපකරණයේ දී කැමරාවක් ගෙන කෙසේ හෝ ඡායාරූපයක් ලබා ගන්නා ආකාරය පිළිබද දැනුවත් කරනවා වෙනුවට ඡායාරූපකරණයේ දී වැදගත් වන සියලූ කරුණු මෙම ග්‍රන්ථය මගින් ගෙන එන්නේ අනාගතයේ ඡායාරූපකරණයෙන් ස්වයංපෝෂිත ශිල්පියෙකු බවට ඔබ ව පත් කිරීමට ය. එහි දී ඡායාරූපකරණය යනු කුමක් ද, එහි ඉතිහාසය, කැමරා වර්ග, ඔබ මිල දී ගත යුතු කැමරාව කුමක් ද යනාදියේ සිට ඡායාරූපකරණයේ සියලූ කරුණු අවධාරණය කරමින් අවසානයේ ඔබ විසින් ලබා ගත් ගුණාත්මක ඡායාරූපය සංස්කරණය කර මුද්‍රණය කිරීම හෝ අන්තර්ජාලයෙහි උඩුගත කිරීම දක්වා සියලූ කරුණු මෙම ග්‍රන්ථය මගින් ඔබ වෙත ලබා දී ඇත.
ඡායාරූපකරණය විෂය ක්ෂේත්රය පිළිබද අල්ප මාත්‍රයක දෙයක් හෝ නොදන්නා නවකයෙකු ට හෝ කුඩා වයසක පසුවන දරුවෙකුට වුව ද කියවා වටහා ගත හැකි පරිදි ප්‍රධාන මාතෘකා 60කින් සහ අනුමාතෘකා 200කට වැඩි ප්‍රමාණයකින් මෙම ග්‍රන්ථය සමන්විත වේ.
සම්පාදක -
රත්නපුරේ රතන හිමි
ගෞරව ශාස්ත්‍රවේදී,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.