අසාත්මික නොවන 100% ස්වභාවික හිසකෙස් වර්නකාරකය
ඉන්ඩිගෝ (නිල් අවරිය) හිසකෙස් වර්ණ ආලේපන උපදෙස් පත්‍රිකාව
ඉන්ඩිගෝ (නිල් අවරිය) හිසකෙස් වර්ණ ආලේපනය යනු රසායනික හිසකෙස් වර්ණයන්ට සංවේදී හා ආසාත්මිකතා ඇති පුද්ගලයන් සඳහා විකල්පයක් ලෙස බාවිතා කර හැකි ස්වාභාවික හිසකෙස් වර්ණ අලෙපනයකි. හෙනා ස්වභාවික හිසකෙස් වර්ණ ආලේපනය, ඇමෝනියා හෝ PPD අඩංගු නොවන වර්නකාරකයක් වුවද එය භාවිතා කිරීමෙන් හිසකෙස් සඳහා කළු නොවන ගැඹුරු තැඹිලි හෝ දුඹුරු පැහැයක් පමණක් ලබා දෙනු ඇත. එසේම ඉන්ඩිගෝ හිසකෙස් වර්ණ ආලේපනය පමණක් භාවිතා කර විට හිසකෙස් සඳහා කළු නොවන ගැඹුරු නිල් පැහැයක් පමණක් ලබා දෙනු ඇත. කෙසේනමුත් පහත දක්වා ඇති උපදෙස් අනුව පළමුව ස්වභාවික හෙනා වර්නකාරකය ආලේප කර දෙවනුව ස්වභාවික ඉන්ඩිගෝ වර්නකාරකය ආලේප කිරීමෙන් ස්වාභාවික කළු හිසකෙස් වර්ණයට සමීප වර්ණයක් ලබා ගත හැකිය.
ස්වාභාවික ඉන්ඩිගෝ හිසකෙස් වර්ණකරකයේ ප්රතිලාභ:
100% පිරිසිදු හා ස්වභාවික බව.
ස්වාභාවික කළු හිසකෙස් වර්ණයට සමීප වර්ණයක් ලබා ගත හැකි බව.
කෘතිම රසායන ද්‍රව්‍ය අඩංගු නොවීම.
හිසේ තාපය විසුරුවා හැරීමේ සහ හිසට සහනයක් ලබාදීමේ හැකියාව.
හිසකෙස් යළි පණගන්වයි.
සාමාන්‍යයෙන් සමට හානියක් ඇති නොකරයි.
නිසි පරිදි භාවිතා කිරීමට උපදෙස්
පළමු පියවර: ස්වභාවික හෙනා හිසකෙස් වර්ණය ආලේපනය - (මෙම නිෂ්පාදනය වෙනම මිල දී ගත යුතුය)
මෙම පියවරේදී ස්වභාවික හෙනා වර්නකාරකය පමණක් හිසකෙස් මුල සිට අග දක්වා ආලේප කරයුතුය.
මෙම ආලේපනය පිළියෙල කරන විට උණුසුම් ජලය සමග ස්වභාවික හෙනා හිසකෙස් වර්ණය මිශ්‍ර කර අවම වශයෙන් පැය එකක හෝ දෙකක කාලයක් පැසීමට ඉඩ සැලැස්විය යුතුය.
දිගු වෙලාවක් පැසීමට ඉඩ හැරීමෙන් වඩා ගැඹුරු දුඹුරු පැහැයක් ලබා ගත හැකිය.
පැසීමට තැබීමෙන් පසු මෙම ආලේපනය හිසකෙස් මුල සිට අග දක්වා නිසි ලෙස ආලේප කරයුතුය.
හොදින් ආලේප කරගැනීමෙන් පසු මෙම ආලේපනය හිසකෙස්හි අවම වශයෙන් පැය එකක හෝ දෙකක කාලයක් අවෙශෝෂණය වීමට ඉඩ හැරිය යුතුය.
ඉන්පසු සබන් හෝ ෂැම්පු නොමැතිව ජලය පමණක් යොදා හොඳින් හිසකෙස් සෝදා ගෙන වියළා ගන්න.
නිසි පරිදි උපදෙස් අනුගමනය කර ඇත්තේ නම්, සුදු කොණ්ඩය දුඹුරු පැහැයකට හැරෙනු දකින්නට ඇත.
ආලේපනය හිස මත දිගු කාලයක් අවෙශෝෂණය වීමට ඉඩ හැරීමෙන් ගැඹුරු දුඹුරු පැහැයක් ලබා ගත හැක.
හොද ගුණාත්මක ස්වභාවික හෙනා හිසකෙස් වර්ණ නිෂ්පාදනයක් භාවිතා කිරීමෙන් පමණක් හොඳ ප්‍රතිපලයක් ලබා ගත හැක.
දෙවන පියවර: ස්වභාවික ඉන්ඩිගෝ (නිල් අවරිය) හිසකෙස් වර්ණය ආලේපනය
ඉහත සදහන් පළමු පියවර නිසි පරිදි අනුගමනය කිරීමෙන් පසු, පහත සදහන් උපදෙස් අනුගමනය කර ඉන්ඩිගෝ හිසකෙස් වර්ණ ආලේපනය නිසි ලෙස සකස් කර, හෙනා මිශ්‍රණය ආලේප කර වියලා ගත් හිසකෙස් මත හොදින් ආලේප කරයුතුය.
ස්වභාවික ඉන්ඩිගෝ (නිල් අවරිය) හිසකෙස් වර්ණය ආලේපනය පිළියෙල කිරීම:
ස්වභාවික ඉන්ඩිගෝ හිසකෙස් වර්ණය ආලේපනය මදක් උණුසුම් ජලය හෝ තේ කහට සමඟ හොදින් මිශ්‍ර කර ඝන ක්‍රීම් වැනි අලෙපනයක් පිළියෙළ කළ විගස හිසකෙස් මත ආලේප කරයුතුය.
ඉන්ඩිගෝ හිසකෙස් වර්ණය ආලේපනය මිශ්‍ර කිරීමෙන් පසු වහාම භාවිතා කළ යුතුය.
හෙනා මිශ්‍රණය මෙන් පැසීමට නොතබන්න.
උවමනානම් මෙම ඉන්ඩිගෝ මිශ්‍රණයට ලුණු ස්වල්පයක් එකතු කළ හැකිය. ඉන්ඩිගෝ මිශ්‍රණයට හෙනා මිශ්‍රණයට මෙන් ලෙමන් යුෂ හෝ වෙනත් යෙදවුම් එකතු නොකරන්න.
වර්ණ මනාපය සහ හිසකෙස් පරිමාව අනුව මිශ්‍රණයට දමා යුතු ඉන්ඩිගෝ කුඩු ප්‍රමාණය වෙනස් විය යුතුය.
බුරුසුවකින් හිසකෙස් මත මෙම මිශ්‍රණය මුල සිට අග දක්වා සියලු හිසකෙස් ආවරණ වන සේ තලපයක් මෙන් ආලේප කරන්න.
විනාඩි දහයක් පමණ ගත වු විට හිසකෙස් මූලයන් තෙක් ගැවෙන පරිදි හොදින් පීරා ගත යුතුය.
ආලේප ආලේප කිරීමෙන් පසු මෙම ආලේපනය හිසකෙස්හි අවම වශයෙන් පැය එකක හෝ දෙකක කාලයක් අවෙශෝෂණය වීමට ඉඩ හැරිය යුතුය.
ඉන්පසු සබන් හෝ ෂැම්පු නොමැතිව ජලය පමණක් යොදා හොඳින් හිසකෙස් සෝදා ගෙන වියළා ගන්න.
ආලේපනය හිස මත දිගු කාලයක් අවෙශෝෂණය වීමට ඉඩ හැරීමෙන් ගැඹුරු පැහැයක් ලබා ගත හැක.
නිසි පරිදි උපදෙස් අනුගමනය කර ඇත්තේ නම් දුඹුරු හිසකෙස් ඊළඟ පැය කිහිපය තුළ ක්‍රමයෙන් ස්වාභාවික කළු හිසකෙස් වර්ණයට සමීප පැහැයට හැරෙනු ඇත.
හොද ගුණාත්මක ස්වභාවික හෙනා හිසකෙස් වර්ණ නිෂ්පාදනයක් භාවිතා කිරීමෙන් පමණක් හොඳ ප්‍රතිපලයක් ලබා ගත හැක.
රසායනික වර්ණය ආලේපන සහ හිසකෙස් තෙල් කලින් භාවිතා කර තිබේ නම් හිසකෙස් කළු වීමේ ක්‍රියාවලිය අඩපන වනු ඇත.
එබැවින් පැහැය ගැඹුරු කිරීමට එක් දිනකට පසුව ඉන්ඩිගෝ මිශ්‍රණය පමණක් ඉහත සදහන් පරිදි නැවතත් ආලේප කරයුතුය.
අඛණ්ඩ භාවිතය හා තමන්ගේ අත්දැකීම් මත දිගු කාලීනව විශිෂ්ට ප්‍රතිපලයක් ලබා ගත හැක.
විශේෂ උපදෙස් සහ කොන්දේසි
* අවම වශයෙන් දින දෙකක් යන තුරු හිසකෙස් සේදීමට සබන් හෝ ෂැම්පු භාවිතා කිරීමෙන් වලකින්න.
*රසායනික ෂැම්පු සහ හිසකෙස් තෙල් භාවිත කිරීමෙන් වර්ණයේ ගුණාත්මකභාවය අඩු වනු ඇත, එබැවින් ස්වභාවික ශාඛ සාරයෙන් යුත් ෂැම්පු සහ හිසකෙස් තෙල් වර්ග භාවිතා කිරීමෙන් දිගු කාලීනව විශිෂ්ට ප්‍රතිපලයක් ලබා ගත හැක.
*මෙය ස්වභාවික නිෂ්පාදනයක් වුවද, මෙම නිෂ්පාදනය භාවිතා කිරීමට පෙර ආසාත්මිකතා අවදානම් වැළැක්වීම සඳහා අසාත්මිකතා පැච් පරීක්ෂණයන් සිදු කිරීමට සැලකිලිමත් වන්න.
*මෙම නිෂ්පාදනය ඔබට නො ගැලපෙන්නේනම් කරුණාකර නිශ්පාදනය වහා සෝදා නැවත භාවිතා කිරීමෙන් වලකින්න.
*මෙය 100% ස්වාභාවික ශාක ආශ්රිත නිශ්පාදනයකි එබැවින් මෙහි කාර්යක්ෂමතාවය පදනම් වන්නේ නිසි උපදෙස් අනුගමනය හා පූර්ව කොන්දේසි මතය, එබැවින් මෙම නිෂ්පාදනය විවෘත කිරීමෙන් පසු භාර ගනු නොලැබේ.