අහස පොළොව මැවු සර්ව බලධාරී වූ පිතාවන දෙවියන් කෙරෙහි ද,
ඔහුගේ ඒක පුත්‍රවූ අපගේ ස්වාවු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ද ව්ශ්වාස කරම්.
මොහු ස්ප්‍රීතු සාන්තු විසින් ගැබ වැස කතා මරියතුම්යගෙත් උපත්තාහ.
පෝන්සියෝ පිලාත්තු හට යටහත්ව වඳ විඳ
කුරුසියේ ඇණ ගැසුම් කා උකුත් වී තැන්පත් කරන ලද්දාහ.
පාතාල වලට බැස තුන්වැනිදා මළවුන් කෙරෙන් උත්ථාන කර වදාරා
පරමණ්ඩල වලට නැඟී සර්ව වල්ලභ වූ දෙව් පියාණන්ගේ දකුණු පසෙහි වැඩ සිටිත්තාහ.
එහි සිටි ජීවතුන්ටත් මළවුන්ටත් නඩු වදාරත්තට වත්මය.
ස්ප්‍රීතු සාන්තු කෙරෙහි ද, සාධාරණ සාන්ත සභාව කෙරෙහි ද සාත්තුවරයන්ගේ සමෝස ධර්මලාභයෙහි පාප ක්ෂමාවෙහි ද මාංශ උත්ථානයෙහි ද අනත්ත ජීවිතය කෙරෙහි ද විශ්වාස කරම්.
ආමෙත්.
ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි,
ඔබගේ ශ්‍රි නාමය ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙත් මෙලොවෙහි ද ඉටු වේවා.
අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැතව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදි ද කමා කළ මැතව. පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගතමැතව
ආමෙන්.
නමෝ මරියනි, ප්රීය ප්‍රසාද පූර්ණවන්තියනි, ස්වාම් ඔබ කෙරෙහිය, ස්ත්‍රීන් අතුරෙන් ආශීර්වාද ලද්දාහු ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසයෙහි එලවත් ජේසුස් ආශිර්වාද ලද්දාහූ මය.
සාන්ත මරියනි දේව මෑණියති පාපි වූ අප උදේසා දැනුත් අපේ මරණයේ වේලෙහිත් යාච්ඤා කළ මැනව. ආමෙන්.
+ පිතා පුත්‍රයා ශුද්ධාත්ම නම් ත්‍රීත්ව එක දේවෝත්තමයාණන් වහන්සේට ස්තෝත්ර වේවා.
ආදි වුවාක් මෙන් දැනුත් නිතිපතාත් අනන්ත කාලයෙහිත් වේවා. ආමේත්.
අහෝ මාගේ ජේසුනි, අපගේ පාප වලට ක්ෂමාව දූත මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියළු ආත්මයන් ද ව්ශේෂ කොට ඔබගේ දයාව ඉතා උවමනා ආත්මයන් ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව.ආමෙන්.
මරියතුම්යට මංගලම් කියනු ලැබීම.
එළිසබෙත්තුම්ය බැහැ දැකීම.
බෙත්ලෙහෙමේ දී ජේසුතුමා ඉපදීම.
ජේසුතුමන් දේව මාළිගයේ ඔප්පු කරනු ලැබීම.
ජේසුතුමත් දේව මාළිගයේ තැතිවී සම්භ වී.
ජේසුතුමා ජෙත්සෙමෙනි උයතේ විඳි දුක් වේදනා
ජේසුතුමා කස පහර ව්දීම.
ජෙසුතුමාට කටුඔටුන්න පළඳවනු ලැබීම.
ජෙසුතුමා කල්වාරිය දක්වා කුරුසිය ගෙත යාම.
ජේසුතුමන් කුරුසියේ ඇණ ගසනු ලැබීම හා උකුත් වීම.
ස්වාමින් වහන්සේ මළවුන්ගෙත් උත්ථාන වීම.
ස්වාමින් වහන්සේගේ අහස් නැගීම.
මුල් කිතුණු සංඝය වෙත ශුද්ධාත්මයාණත් වැඩම කිරීම
අප ස්වාම්දුගේ ස්වර්ගාරෝපණය.
මරියතුම්ට මෝක්ෂ රාජ්‍යයේදී රාජ ඔටුණු පැළඳවීම.
ජෙසුතුමා ජොර්දාන් නදියේ බෞතිස්ම ස්නාපනය ලැබීම.
ජේසුතුමා කාතා නුවර සිදුකළ ප්රාතිහාර්යය
ජේසුතුමා දේව රාජ්‍යය ප්‍රකාශ කිරීම.
ජේසුතුමත් තාබෝර් කඳු මුදුනේ අත්යරූප විලාශ වීම.
ජෙසුතුමා දිව්‍ය සත්ප්‍රසාද භෝජනය ස්ථාපිත කිරීම.
සකල ගුණ සම්පත්ත කරුණාභරිත වූ දේවාමාතාවෙති. ඔබගේ ශ්‍රී පාද පද්මයට වැඳ නමස්කාර කර මේ ජපමාල ධ්යාතය ඔබට ඔප්පු කරමු. මෙහිදී අප භාග කළ කාරණාවල් අපට සිද්ධ කොට දී මෙලොවින් මිදී ගිය කල්හි ඔබ හා ඔබගේ ශ්‍රී කුමාරයාණත් දැක මෝක්ෂ සම්පූර්ණකම ලබත්තට කරුණා කර වදාළ මැනව. ආමෙන්.
මංගල්‍යස්තු රාජේස්වරියනි, ක්‍රපදයා මාතාවෙනි. අපේ ජීව්තයෙනි, අපේ අමෘතයෙනි, අපේ ආධාරයෙනි, මංගල්යස්ත, පරදේසවාසී වූ අපි ඒව අම්මාගේ පුත්‍රයෝ ඔබටම අඬ ගසම්හ. මේ කඳුළු ලෙහි අඬා වැළපී ඔබටම සුසුම්ලම්හ. එසේ හෙයින් අපගේ මධ්යස්ථයෙහි මේ ඔබගේ දයාබර තේත්රවල් අප දෙස යොමු කළ මැනව. තවද පරදේශය පසුවූ ඉක්බිති ඔබගේ ශ්‍රී කුසෙහි ආශිර්වාදලත් ඵලවත් ජේසුතුමන්ගේ දර්ශනය අපට ලබා දූත මැතව. දයාවන්තියෙහි, පරදුක්ඛ දුක්ඛිතිති, මධුරවූ නිත්‍යා කත්‍ය මරියනි, සාත්ත වූ දේව මෑණියෙනි, ක්‍රිස්තු වාක්දාත වලට අප හේතු වන්ත වන පිණිස. කන්‍යා ශුද්ධවූ දේව මාතාවෙනි අප නිසා යාච්ඤා කළ මැනව.
අහෝ දයාබර සෙනෙහවත්ත මෑණියති/ශ්‍රී ලංකා රාජේෂ්වරිය හා / අප ආරක්ෂිකාවෙනි / මේ තීරණාත්මක මොහොතේදී / අප නිහතමානිව / බැගෑපත්ව / අයැද සිටින මේ ඉල්ලීමට / සවත් දුත මැතව. / දයාබර මෑණියෙනි / යුද්ධ සංග්රාමවලදී හා අනේකාකාර අනතුරුවලදී / ඔබ අප සහයට වැඩි නොවේද? ඔබගේ ඒ තොවෙනස් ප්‍රේමයෙන් / අප අතර මුල් බැස ඇති බද්ධ වෛරය හා ප්රචන්ඩ ක්‍රියා පලවා හැරිය මැනව. / අප රටේ ප්‍රේමය හා ධර්මිෂ්ඨකම / රජකරන රාජ්‍යයක් ගොඩ නැඟීමට / අපට සහය වුව මැනව. පෙම්බර මෑණියෙහි / ඔබ අප කෙරෙහි ඇති / නොවෙනස් අචල ප්‍රේමය හා දයානුකම්පාව / නිතර සිහිකරම්න් / ඔබේ සෙතේහෙබර ආරක්ෂාවට / අප රට වැසි සියලු ජාතීන් / ඔබට බාර කරමු / අප සමාජය තුළ සහෝදරත්වය / මය හා එකමුතුකම / ගොඩ නැඟීමට අපට සහය වුව මැනව. අප රටේ සියලු දෙනා / එක පවුලක සහෝදර සහෝදරියන් මෙන් ජීවත් වීමේ භාග්‍යය / අපට ලබා දුන මැනව. අමෙන්.
ස්වාම්ත කරුණා කළ මැනව //
ක්රිස්තුතී කරුණා කළ මැතව //
ස්වාමිනී කරුණා කළ මැනව //
ක්රිස්තුතී අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැතව //
ක්‍රිස්තුනී අපේ ප්‍රාර්ථනා ගිව්ස වදාළ මැනව //
පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙව්යනී
- අපට දයා කළ මැනව
ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- අපට දයා කළ මැනව
ස්ප්‍රීතු සාත්තු වත දෙව්යනි
- අපට දයා කළ මැනව
සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියතී
- අපට දයා කළ මැනව
ශුද්ධවූ මරියතී - අප නිසා යාච්ඤා කළ මැනව
ශුද්ධ වූ දේව මෑණියති
කන්‍යාති කත්යාවෙනී
ක්රිස්තෝත්තමයාගේ මාතාවෙතී
දේව ප්‍රසාද මාතාවෙති
අතී සුශුද්ධ වූ මාතාවෙති
අතී වෘථවූ මාතාවෙනි
කත්යාවෘත අභිනවූ මාතාවෙනි
ප්රේමතීය වූ මාතාවෙනි
ආශ්චර්ය යුක්තවූ මාතාවෙනි
යහපත් අනුශාසනා දායකවූ මාතාවෙනි
ශ්‍රේෂ්ඨි ඇදුරාගේ මාතාවෙති
රක්ෂාධිකාරහුගේ මාතාවෙති
ව්සාරද බුධ්යාග්රවූ කත්යාවෙති
වන්දනීයවූ කත්යාවෙති
ප්‍රශංසනීයවූ කත්යාවෙති
ශක්තිධාරීවූ කත්යාවෙති
දයාබරිතවූ කත්යාවෙනි
ව්ශ්වාසපක්ෂ වූ කන්‍යාවෙනි
ධර්මනීති දර්පණෙතී
පරමඥාන ආසනෙති
අපේ ආනන්ද කාරණාවෙති
ඥාන පාත්රෙති
අග්රාචාර යුක්තවූ පාත්රෙනි
අනර්ඝවූ භක්ති පාත්රෙති
දිව්‍යා අභිරහස් ව්ෂයක පද්මයෙනි
දාවිත් රාජේන්ද්‍ර කලෙති
දත්තමය ගෝපුරෙති
ස්වර්ණමය මන්දිරෙනි
වාත්ප්රසාද ගැබයෙති
පරමණ්ඩල වාසලෙනි
උදය තාරකාවෙති
රෝගීන්ගේ ආරෝග්‍යයෙනි
පව්කාරයන්ගේ අඩක්කලමෙනි
ක්ෂිප්තයින්ගේ සැනසීමෙනි
ක්රිස්තියානිත්ගේ පිහිටෙති
සුරතාවයින්ගේ රාජේශ්වරිති
ආදිපිතුරුවන්ගේ රාජේශ්වරිති
දිවස්ප්රසාදිත්ගේ රාජේශ්වරිති
වේද සාක්ෂිවරයන්ගේ රාජෙශ්වරිති
අපෝස්තුළුවරයන්ගේ රාජේශ්වරිනි
වන්දනාවාදීන්ගේ රාජේශ්වරිති
කන්‍යාවන්ගේ රාජේශ්වරිති
සමස්ත ශුද්ධවන්තයින්ගේ රාජේශ්වරිති
ජන්ම දෝෂ රහිතව පිළිසිඳුනාවූ රාජෙශ්වරිති
ස්වර්ගාරෝපිත රාජේශ්වරිනි
ශුද්ධවූ ජපමාල රාජෙශ්වරිනි
සමාදානයේ රාජේශ්වරිති
ලෝක පාපවල් හරිත දේවාජබාලකවූ ජෙසුති
- අපට ක්ෂමා කළ මැනව
ස්වාම්න ලෝක පාපවල් හරිත දේවාජබාලකවූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාම්ති
ලෝක පාපවල් හරිත දේවාජබාලකවූ ජෙසුනි
- අපට දයා කළ මැනව ස්වාම්නි
ක්‍රිස්තුතුමන්ගේ වාක්යාත වලට අප හේතුවත්ත වන ලෙස
- කත්යා ශුද්ධවූ දේවමාතාවෙනි අප නිසා යාච්ඤා කළ මැනව.
යාච්ඥා කරම්හ
සර්ව බලධාරීවූ අනාදි අනත්ත වූ දෙවියති. මෝක්ෂම්පත්ත මාතාවන කත්යා මරියතුමන්ගේ ගත හා ප්‍රාණය ඔබගේ ශ්‍රී කුමාරයාට ඔත වාසස්ථානය වන ලෙස ස්ප්‍රීතු සාන්තු වරත් හේතු යුක්ත කර දී වදාළ වේද, අප සතුටුව සිහි කරන ඕතුමන්ගේ දයාබර යාච්ඤාව බලා අපට යෙදෙන්නාවූ නපුරු වලින් හා අතවර්ථ මරණයෙන් ගැළවී සැලසුව මැනව. මේ කීදේ අපගේ ස්වාම් වූ ජේසුස් ක්‍රිස්තු උදෙසාම ලැබේවා. ආමෙත්.