බිම්මල් කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය -
බිම්මල් ග්‍රෑම් 300, රතුළූනු ග්‍රෑම් 100, අමු මිරිස් ග්‍රෑම් 25, අර්තාපල් ග්‍රෑම් 20, පාන් පිටි ස්වල්පයක්, බිස්කට් කුඩු ග්‍රෑම් 100. උම්බලකඩ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, පොල්තෙල් අවශ්‍ය පමණට
සාදන ක්‍රමය -
බිම්මල් කුඩා කැබලි වලට කපා වැඩි ජලය මිරිකා හැර සිහින්ව කපා ගත් රතු ළුණු, අමුමිරිස්, කරපිංචා සහ උම්මලකඩ සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු එක්කර තෙම්පරාදු කර තරමක් පොඩිකර ගත් අර්තාපල් ද එක්කර හොදින් මිශ්‍ර කර ලිපෙන් බා දෙහි ඇඹුල් ස්වල්පයක් එක් කර ගන්න. පසුව ගුලි සාදා පාන් පිටි වලින් සාදාගත් බැටර් එකේ ගිල්වා බිස්කට් කුඩුවට දවටා රන්වන් පැහැ වනතුරු ගැඹුරු තෙලන් බැදගන්න.
Mushroom cutlets
Required Materials -
300 g of mushrooms, 100 g of red onion, 25 g of raw chillies, 20 g of potatoes, a little bread flour, 100 g of biscuit powder.
Method of creation -
Cut the mushrooms into small pieces, squeeze out more water, add the finely chopped red onion, green chillies, curry leaves and ummalakada, add the required amount of salt and bring to a boil, add the mashed potatoes and mix well. Then knead the dough, dip in butter, wrap in biscuit powder and deep fry in oil until golden.
බිම්මල් පෙති බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය -
මධ්‍යම ප්‍රමාණයේ බිම්මල් ග්‍රෑම් 100
පාන් පිටි
පොල්තෙල්
කෝන් පිටි
ලුණු කුඩු
ගම්මිරිස් කුඩු ස්වල්පය බැගින්
සාදන ක්‍රමය -
නැටි කපා කඩදාසික තවරා තෙත ඉවත් කරන ගත් බිම්මල් වලට අවශ්‍ය තරමට ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එක්කර කෝන් පිටි වල තවරා ගන්න . පාන්පිටි වලට අවශ්‍ය පමණට ලුණු එක්කර බැටර් එක සාදා ගන්න . මෙයට ඇබරු සුදුළුණු සහ ඉගුරු එක්කර ගත හැකිය. සකස් කල බිම්මල් බැටර් එකේ ගිල්වා බිස්කට් කුඩුවල තවරා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගන්න.
Mushroom slices
Required Materials -
100 g of medium sized mushrooms
Bread flour
Coconut oil
Corn flour
Salt powder
Add a little pepper powder each
Method of creation -
Peel a squash, grate it and add salt and pepper to taste. Add enough salt to the flour and make the butter. You can add minced garlic and ginger to this. Dip mushrooms in butter, biscuit powder and deep fry until golden brown.
අවශ්‍ය ද්‍රව්‍ය -
බිම්මල් ග්‍රෑම් 500. උම්මලකඩ තක්කාලි. මාගරින්, අමු මිරිස්, ලුණු කුඩු තුනපහ, මිරිස් කුඩු, පොල් කිරි අවශ්‍ය පමණට.
සාදන ක්‍රමය -
බිම්මල් කුඩා කැබලි වල කපා මාගරින් ස්වල්පයක් රත් වූ පසු එයට එක් කර බැදුන පසු උම්මලකඩ තක්කාලි, අමුමිරිස්, ලුණු කුඩු, තුනපහ මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට එක්කර මිශ්‍ර කර ගන්න. පසුව එයට පොල්කිරි එක්කර රත්කර ගන්න.
Mushroom curry
Required Materials -
500 g of mushrooms. Margarine, raw chillies, 3 tbsp salt, chilli powder, coconut milk as needed.
Method of creation -
Cut the mushrooms into small pieces, heat a little margarine and fry it. Add the chopped tomatoes, green chillies, salt and chilli powder and mix well. Then add coconut milk and heat.
බැදගත් බිම්මල් සම්බෝලය
අවශ් ද්‍රව්‍යය -
වියලි බිම්මල්, රතුළූණු/ බී ළූණු, අමුමිරිස් ග්‍රෑම් 100 බැගින්,
විනාකිරි කෝප්ප 1,
පොල්තෙල් බෝතල් 1,
මිරිස් කුඩු ග්‍රෑම් 20,
උම්මලකඩ ග්‍රෑම් 50,
තක්කාලි සෝස් හෝ දෙහි යුෂ, කහ කුඩු, ලුණු රස තරමට
සාදන ක්‍රමය -
වියලි බිම්මල් විනාඩි 20 ක් උතුරන වතුරේ පොගවා මිරිකා සහ, විනාකිරි හා ලුණු කුඩු එක්කර රන්වන් පැහැ වන තුරු ගැඹුරු තෙල් බැද ගන්න. අමු මිරිස්, රතු ළුණු/ බිළුණු සිහින්ව කපා උම්මලකඩද එක් කර රස පමණට ලුණු හා දෙහි එක්කර හොඳින් කලවම් කර එයට බැදගත් බිම්මල්ද එක්කර ගන්න. දෙහි යුෂ වෙනුවට බිම්මල් වලට තක්කාලි සෝස් එක්කර සම්බෝලය සාදා ගත හැකිය. මෙය අමු බිම්මල් වලින්ද සාදා ගත හැකිය.
Fried mushroom sambol
Required Material -
Dried mushrooms, red onion / bean onion, 100 grams each of green chillies,
1 cup of vinegar,
1 bottle of coconut oil,
20 g of chilli powder,
Ummalakada 50 g,
Tomato sauce or lime juice, turmeric powder, salt to taste
Method of creation -
Dry mushrooms soak in boiling water for 20 minutes, then add vinegar and salt and deep fry in oil until golden brown. Finely chop the green chillies, red onion / garlic and add the ummalakada. Add enough salt and lime to taste, mix well and add the fried mushrooms. Instead of lime juice, you can make sambol by adding tomato sauce to the mushrooms. This can also be made from raw mushrooms.
බිම්මල් මෝජු
අවශ්‍ය ද්‍රව්‍යය -
වියලි උම්මලකඩ, රට ඉදි, රතු ළූණු, අමු මිරිස් ග්‍රෑම් 100 බැගින්,
අබ තේ හැදි 1,
කරදමුංගු කරල් 3.
කුරුදු පොතු කැබලි 2, විනාකිරි කෝප්ප 1/4, තක්කාලි සෝස් මේස හැඳි 2-3 පමණ,
කහකුඩු, ලුණු, සීනි, ඉඟුරු හා සුදුළූණු රස තරමට
සාදන ක්‍රමය -
වියලි බිම්මල් විනාඩි උතුරන වතුරේ පොඟවා මිරිකා කහ, විනාකිරි හා ලුණු කුඩු එක්කර රන්වන් පැහැ වන තුරු ගැඹුරු තෙලේ බැද ගන්න. සිහින්ව කපාගත් රතු ළූණු, අමු මිරිස්, කරපිංචා, උම්මලකඩ, හා හාල්මැස්සන් සියල්ල ගැඹුරු තෙලේ බැද රස තරමට ලුණු එක්කර ගන්න. වෙනවෙනම අඹරාගත් රට ඉදි, අබ, සුදුළූණු හා ඉගුරු විනාකිරි වල දියකර එයට මිරිස් කුඩු, ලුණු, සීනි, කරදමුංගු, හා කුරුදුපොතු රස තරමට එක්කර එයට තක්කාලි සෝස්ද එක්කර උතුරවා එයටම බැදගත් ඉහත සියල්ල එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න. හොඳින් නිවුනු පසු පොලිතීන් හෝ වියලි බෝතල්වල අසුරා ගන්න. මෙය මාස 02 ක් පමණ කල්තබා ගත හැකිය.
Mushroom moju
Required Material -
Dried Ummalakada, Rata Idi, Red Onion, 100 grams each of raw chillies,
Mustard 1 tbsp,
Cardamom spikes3.
2 pieces of cinnamon, 1/4 cup of vinegar, 2-3 tablespoons of tomato sauce,
Add turmeric, salt, sugar, ginger and garlic to taste
Method of creation -
Soak dried mushrooms in boiling water for a minute, add turmeric, vinegar and salt and deep fry in oil until golden brown. Finely chop the red onion, green chillies, curry, ummalakada and sprats and add salt to taste. Dissolve separately ground mustard seeds, mustard, garlic and ginger in vinegar, add chilli powder, salt, sugar, cardamom and cinnamon to taste. Add tomato sauce, stir fry and mix well. After drying, pack in polythene or dry bottles. This can take up to 2 months.
වියලි බිම්මල් වලින් සීනි සම්බෝලය
අවශ්‍ය ද්‍රව්‍ය -
වියලි බිම්මල්, අමු මිරිස් ග්‍රෑම් 100 බැගින්,
කුඩු කරගත් උම්මලකඩ, රතුළූණු. කැළි මිරිස් ග්‍රෑම් 50 බැගින්,
විනාකිරි සහ පොල්තෙල්,
එනසල්,
කුරුදු පොතු කැබලි 2,
කරපිංචා අවශ්‍ය පමණ,
කහකුඩු, ලුණු, සීනි හා සුදුළුණු රස තරමට
සාදන ක්‍රමය -
වියලි බිම්මල් විනාඩි 20 ක් උතුරන චතුරේ පොඟවා මිරිකා කහ, විනාකිරි හා ලුණු කුඩු එක් කර රන්වන් පැහැ වන තුරු ගැඹුරු තෙලේ බැද ගන්න, සිහින්ව කපා ගත් රතුළූණු, අමුමිරිස්, කරපිංචා, උම්මලකඩ, ගැඹුරු තෙලේ බැද එයට බැදගත් බිම්මල් හා කැලි මිරිස් එකතු කර රස තරමට ලුණු හා සීනි එක්කර ගන්න. තාච්ච්යක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා සිහින්ව කපාගත් සුදු ළූණු රන්වන් පැහැ වන තුරු බැඳ එයට ඉහත මිශ්‍රණය එක්කර මද ගින්නේ විනාඩි 05 පමණ රත්කර මිශ්‍රකර ගන්න. හොඳින් නිවුනු පසු පොලිතීන් හෝ වියලි බෝතල් වල නිසි පරිදි අසුරා ගන්න. මෙය මාස 02 ක් 03 පමණ කල්තබා ගත හැකිය.
Sugar sambol from dried mushrooms
Required Materials -
Dried mushrooms, 100 g each of raw chillies,
Powdered ummalakada, red onion. 50 grams each of chilli,
Vinegar and coconut oil,
Cardamom,
2 pieces of cinnamon bark,
Karapincha as needed,
Add turmeric, salt, sugar and garlic to taste
Method of creation -
Dry mushrooms Soak in boiling water for 20 minutes, add turmeric, vinegar and salt, deep fry in oil until golden brown, add finely chopped red onion, green chillies, curry powder, ummalakada, deep fried mushrooms and chillies to taste. Add salt and sugar. Heat a frying pan, add a little oil, add finely chopped garlic and cook until golden brown. Add the above mixture and cook on low heat for about 5 minutes. Once properly sealed, pack properly in polythene or dry bottles. This can take up to 2 to 3 months.
copied