ජීවිතයේ සමහර අවස්ථාවලදී අපට අවශ්‍ය වන්නේ විනිශ්චයකින් තොරව අපගේ සිතුවිලි සහ හැඟීම් පිළිබඳව කතා කිරීමට ආරක්ෂිත අවකාශයක් සහ වෘත්තීය මඟපෙන්වීමක් ලබාගැනීමයි.
Sandun Dias Counselling Services තුළින්, පුද්ගලයන්ට තමන් මුහුණ දෙන පෞද්ගලික, සබඳතා සහ ජීවන අභියෝග පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීමට supportive සහ confidential environment එකක් ලබාදීම අරමුණයි.
මෙහි ප්‍රධාන අවධානය වන්නේ ඔබ වෙනුවෙන් තීරණ ගැනීම නොව, ඔබේ තත්ත්වය වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට, ඔබේ හැඟීම් සහ සිතුවිලි සමඟ කටයුතු කිරීමට සහ ඉදිරි පියවර පිළිබඳව පැහැදිලිත්වයක් ලබාගැනීමට මඟපෙන්වීමයි.
Counselling ඔබට ප්‍රයෝජනවත් විය හැක, ඔබ:
පෞද්ගලික ගැටලුවක් සමඟ කටයුතු කරන්නේ නම්
ජීවිතයේ විශාල වෙනසක් හෝ අභියෝගයක් හමුවේ සිටී නම්
වැඩි stress හෝ emotional pressure අත්විඳින්නේ නම්
සබඳතාවයක communication difficulties තිබේ නම්
විවාහ ජීවිතයේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය නම්
තීරණයක් ගැනීම පිළිබඳව පැහැදිලිත්වයක් අවශ්‍ය නම්
self-confidence හෝ self-esteem පිළිබඳ අභියෝග තිබේ නම්
නැවත නැවත ඇතිවන negative thinking patterns සමඟ කටයුතු කරන්නේ නම්
තමන්ගේ හැඟීම් සහ ප්‍රතිචාර වඩා හොඳින් අවබෝධ කරගැනීමට අවශ්‍ය නම්
ජීවිතයේ ඉදිරි පියවර පිළිබඳව මඟපෙන්වීමක් අවශ්‍ය නම්
පුද්ගලික ජීවිතයේ ඇතිවන විවිධ challenges පිළිබඳව one-to-one counselling.
අවධානය යොමු කළ හැකි ක්ෂේත්‍ර:
Personal Challenges
Self-Confidence
Self-Awareness
Emotional Difficulties
Life Transitions
Decision Making
Stress Management
Relationship with Self
Personal Growth
සබඳතාවයක ගැටලු ඇති වූ විට එකිනෙකාට දොස් පැවරීම වෙනුවට, එකිනෙකාගේ perspective එක අවබෝධ කරගැනීම සහ constructive communication වර්ධනය කරගැනීම වැදගත් වේ.
Counselling තුළ:
Communication Difficulties
Trust Issues
Frequent Conflicts
Emotional Distance
Misunderstandings
Relationship Expectations
Conflict Resolution
Healthy Communication
වැනි කරුණු පිළිබඳව සාකච්ඡා කළ හැක.
සබඳතාවයක හෝ පවුලක බොහෝ ගැටලු ඇතිවන්නේ කියන දේට වඩා කියන ආකාරය සහ එකිනෙකාට සවන් දෙන ආකාරය නිසාය.
Counselling process එක තුළ:
Listen → Understand → Communicate → Resolve
යන approach එක හරහා healthier communication patterns ගොඩනගා ගැනීමට මඟපෙන්වීම ලබාදිය හැක.
සෑම පුද්ගලයෙකුගේම ජීවිත අත්දැකීම් වෙනස්ය.
ඒ නිසා counselling එකේදී one-size-fits-all approach එකක් වෙනුවට, පුද්ගලයාගේ අවශ්‍යතාවය, තත්ත්වය සහ goals අනුව session එක මෙහෙයවීමට අවධානය යොමු කරමි.
ඔබේ කතාව විනිශ්චයකින් තොරව සවන් දීම.
ඔබ මුහුණ දෙන තත්ත්වය සහ ඔබේ perspective එක අවබෝධ කරගැනීම.
ගැටලුවට සම්බන්ධ thoughts, emotions, behaviours සහ relationship patterns පිළිබඳව සොයා බැලීම.
ප්‍රායෝගික coping strategies සහ healthier approaches ගොඩනගා ගැනීම.
ඔබට සුදුසු ඉදිරි පියවර පිළිබඳව පැහැදිලිත්වයක් ලබාගැනීමට සහාය වීම.
ඔබේ පෞද්ගලික තොරතුරු සහ session තුළ සාකච්ඡා කරන කරුණු ගෞරවයෙන් සහ රහස්‍යභාවය පිළිබඳ වෘත්තීය මූලධර්මවලට අනුකූලව හැසිරවීමට මම කැපවෙමි.
ඔබට ඔබේ කතාව ආරක්ෂිත අවකාශයකදී කතා කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම counselling process එකේ වැදගත් කොටසකි.
Counselling යනු පුද්ගලික සහ ජීවන අභියෝග සමඟ කටයුතු කිරීමට ලබාදෙන professional support එකකි.
දැඩි මානසික සෞඛ්‍ය තත්ත්වයක්, හදිසි අවදානමක් හෝ medical/psychiatric intervention අවශ්‍ය තත්ත්වයක් පවතින විට, සුදුසු qualified mental-health or medical professional වෙත referral එකක් අවශ්‍ය විය හැක.
හදිසි අවදානමක් පවතින අවස්ථාවක online booking එකක් බලා නොසිට, ඔබේ ප්‍රදේශයේ හදිසි වෛද්‍ය හෝ ආරක්ෂක සේවාවක් වෙත වහාම සම්බන්ධ වන්න.
ඔබේ කතාව කතා කරන්න.
ඔබේ සිතුවිලි තේරුම් ගන්න.
ඔබේ හැඟීම් සමඟ සෞඛ්‍ය සම්පන්නව කටයුතු කිරීමට ඉගෙනගන්න.
ඉදිරියට යාම සඳහා ඔබට සුදුසු පියවර සොයාගන්න.
Counsellor | Transformational Mindset & Performance Coach