දුටුවැව ප්‍රගති ක්‍රීඩා සමාජය 2025 වසරේ දී සිව්වන වරටත් මෙම තරගාවලිය සංවිධානය කරන අතර 2025 වසරේ තරගාවලියේ අරමුදල් මගින් දුටුවැව ප්‍රගති ක්‍රීඩා සමාජය උදෙසා ස්ථාවර විදුලි ආලෝක පද්ධතියක් සවිකිරීමට සැලසුම් කොට ඇත
දුටුවැව ප්‍රගති ක්‍රීඩා සමාජයේ සාමාජිකයන්ගේ හා දුටුවැව ප්‍රදේශයේ අනෙකුත් තරුණයන්ගේ අන්තර් සහයෝගීතාවය වැඩි දියුණු කිරීම සදහා ක්‍රීඩා සමාජයේ සිටින ක්‍රියාකාරී සාමාජිකයන් හා සෙසු තරුණ කොටස් තම තමන් පදිංචි ප්‍රදේශ/කොටස් අනුව අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ලෙස එක් වී තම ප්‍රදේශයේම වෙළඳ ව්‍යාපාරික මහත්මයෙකුගේ අනුග්‍රාහකත්වය යටතේ තම ප්‍රදේශයේ ජයග්‍රහණය උදෙසා ක්‍රීඩා කරයි.
දුටුවැව ප්‍රගති ක්‍රීඩා සමාජය 2025 වසරේ දී සිව්වන වරටත් මෙම තරගාවලිය සංවිධානය කරන අතර 2025 වසරේ තරගාවලියේ අරමුදල් මගින් දුටුවැව ප්‍රගති ක්‍රීඩා සමාජය උදෙසා ස්ථාවර විදුලි ආලෝක පද්ධතියක් සවිකිරීමට සැලසුම් කොට ඇත.
වර්තමානයේ ප්‍රදේශයේ තරුණ පිරිස් තම රැකියා කටයුතු හා වෘත්තීය හා අධ්‍යාපනික කටයුතු හේතුවෙන් දිවා කාලයේ බොහෝ කාර්යබහුල දිවිපෙවතක් ගත කිරීමට සිදුව ඇත. එබැවින් තරුණ පිරිස් ක්‍රීඩාවෙන් දුරස් වෙමින් පවතී. වර්තමානයේ අධ්‍යාපනයේ පවතින අධික තරගකාරීත්වය හේතුවෙන් විඩාවට පත්වී සිටින තරුණ පිරිස් වෙත එම පීඩාවන් පිට කිරීමට ක්‍රීඩාය සුදුසුම පිලියමක් වේ. එම නිසා ස්ථාවර විදුලි ආලෝක පද්ධතියක් සවිකර තරුණ පිරිසගේ ක්‍රීඩා ආකර්ෂණය ඇති කිරීමට හා දුටුවැව මහා විද්‍යාලයේ සියලු ක්‍රීඩා අවශ්‍යතා උදෙශා භාවිතයට ගනිමින් ක්‍රීඩා සමාජයේ හා දුටුවැව ප්‍රදේශයේ අනාගත තරුණ පරපුර හා ඔවුන්ගේ විද දරාගැනීමේ ශක්තීන් සංවර්ධනය කිරීමට අපට අනාගතය වෙනුවෙන් අද දවසේ වගකීමක් ඇත යන සංකල්පනාව ඇතිව මෙම කටයුතු සංවිධානය කරනු ලැබේ.
ප්‍රදේශයේ තරුණ පිරිස විවිධ වූ සමාජ අහිතකර තත්වයන්ගෙන් මුදාගනිමින් නිරෝගි, ජවසම්පන්න, ක්රීඩකත්වයෙන් හෙබි, අනාගත ලෝකයට දක්ෂ නායනයන් සහිත සමාජයක් බිහි කිරීමට ප්‍රගති ක්‍රීඩා සමාජයේ සමාජිකයන් අද දවසේ දරණ මෙම වෑයම සාර්ථක කර ගැනීමට උපකාරී වන කොකාවැව පොලිස් ස්ථානාධිපතිතුමා හා අනුග්‍රාහක භවතුන්ටත් මේ සදහා තම ශ්‍රමය හා මූල්‍ය දායකත්වය ලබාදෙන සහෝදර සාමාජික මහත්වරුන්ටත් ප්‍රගති ක්‍රීඩා සමාජයේ හදපිරි ස්තූතිය පුද කරමි.