මල් දෝතක සුවඳ...


සියවසකටත් වැඩි කලක් (වසර 128 පුරා) අධ්‍යාපන ක්ෂේත්‍රයේ පහන් ටැඹක් ව සිය දහස් ගණන් සිසුන්ගේ නුවණැස පෑදූ මාතර මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනය (අනුබද්ධ අනුර විදුහලත්) මේ වන විට කොරෝනා වසංගත තත්වය හමුවේ අධ්‍යාපන කටයුතු අඩාල ව සිටින සමස්ත ශ්‍රී ලංකාවේ ම දුවා දරුවන්ට මාර්ගගත(Online) තාක්ෂණය ඔස්සේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක කරන, සියලුම විෂයයන් නියමිත කාල සටහනක් ඔස්සේ දෛනිකව නොමිලයේ ඉගැන්වීමේ මහා මෙහෙයට මේ සටහන තබන (2021.10.15) දිනට සය මසක් පමණ ගත වේ.


තවද ඉන් පසුව 5 ශ්‍රේණියේ සිඟිත්තන්ගේ ශිෂ්‍යත්ව විභාගයට අත්වැලක් වෙමින් ආරම්භ කළ "e දිසාපා ශිෂ්‍යත්ව විභාගය අත්වැල" හා "e දිසාපා 2023 A/L" වැඩසටහන්ද මේ වන විටත් ක්‍රියාත්මක කරන්නේ දැයේ දූ පුතුන්ගේ නැණපහන් තව තවත් දල්වනු පිණිස ය.


ගිරිකුල නැගෙමින් පාමුල සිටින උනට අත්වැලක් වූ මේ මහා මෙහෙවර e - දිසාපා නම් වේ. එම වැඩසටහනට 10000 කට අධික ප්‍රමාණයක් සිසු සිසුවියන් සම්බන්ධව එක යායක මල් පිපී ඇත. e - දිසාපා වැඩසටහනට නවමු අත්දැකීමක් එක් කරමින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම ශ්‍රේණි, සියලුම විෂයයන් සදහා මධ්‍ය වාරයට අදාළව විශේෂ විභාග අත්වැලක් මාර්ගගත(Online) තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.මෙහි සමාරම්භය 2021 ඔක්තෝම්බර් මස 15 වන දින දී ඇරඹෙයි...

මාතර, මහා මන්තින්ද පිරිවෙන් විහාරාධිපති,

මාතර, කොටුව මිගදාය ධර්මායතනාධිපති,

හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ,

ගරු ශාස්ත්‍රවේදී තිස්සමහාරාමයේ ඉන්දානන්ද මාහිමිපාණන් වහන්සේ


මාතර මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනයේ නියොජ්‍ය පරිවෙණාධිපති

ශාස්ත්‍රවේදී අත්තුඩාවේ ධම්මාරාම හිමි


මාතර මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනයේ පරිවෙණාධිපති

ශාස්ත්‍රවේදී මාලිම්බඩ සමිත හිමි


මාතර මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනය හා මාර/අනුර විද්‍යාලය එක්ව සිදුකරන ලද 2021 ලෝක ළමා දින විශේෂ වැඩසටහන...

e - දිසාපා අධ්‍යාපනික අත්වැල මගින් ක්‍රියාත්මක වන පාඩම් නැවත වරක් බැලීමට අපගේ පහත YouTube නාලිකාවන් subscribe කර සම්බන්ධ වන්න...