HNDT AGRICULTURE
LABUDUWA
New intake 2022/23
LABUDUWA
උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය මගින් මෙහෙයවන පාඨමාලා මේ යටතට අයත් වේ...
මෙමගින් විශ්ව විද්‍යාල වරම් අහිමි වූ ඔබට උපාධියට නොදෙවනි උසස් තාක්ෂණ ඩිප්ලෝමාව ලබා දෙනු ලබයි..
👉මොකද්ද මේ උසස් ජාතික කෘෂිකර්ම තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව HNDT ( Agri) කියන්නේ ?
ගාල්ල , ලබුදූව උසස් තාක්ෂණික ආයතනයේ මේ වන විට පාඨමාලාවන් 11 ක් ක්‍රියාත්මක වෙනවා...ඒ පාඨමාලාවන් 11 අතරින් විශේෂ තැනක් ගන්න පාඨමාලාවක් තමයි HNDT ( Agri ) පාඨමාලාව....
මේ පාඨමාලාව උසස් පෙල කෘෂි විද්‍යා අංශයෙන් හා ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම් කටයුතු සිදු කල සිසුන් වෙනුවෙන් විශේෂයෙන් සැකසූ පාඨමාලාවක්...
මේ පාඨමාලාවේ සම්පූර්ණ කාලය අවුරුදු තුනක්.. එයට අධ්‍යන වර්ෂ දෙකක් හා එක් අවුරුදු පුහුණුවීම් කාලයක් ඇතුලත් වෙනවා.
👉ඉතින් ඇයි මේ ඩිප්ලෝමාව , සාමාන්‍ය ඩිප්ලෝමා වලින් වෙනස් වෙන්නේ ?
මේ පාඨමාලාව කලින් කිව්වා වගේම විශ්ව විද්‍යාලයක වගේම අධ්‍යාපන ක්‍රමයක් තියෙන පාඨමාලාවක්..
මේ පාඨමාලාවේ ,
➡සියලුම දේශන පවත්වන්නේ ඉංග්‍රිසි මාධ්‍යයෙන්
➡විභාග ලකුණු විශ්ලේෂනය කර ලබා දෙන්නේ GPA ක්‍රමයට
➡Semester අනුව පවතින විභාග කාල සටහනක් පවති..
➡විශ්ව විද්‍යාල සිසුන්ට ලැබෙන මහපොල ශිෂ්‍යාධාරය HND සිසුන්ට ලැබෙනවා...
👉මේ පාඨමාලාව කලොත් ජොබ් එකකට යන්න පුලුවන්ද ?
ඔව් අනිවාර්යෙන් පුලුවන්...මේ පාඨමාලාව ජාතික වෘත්තිය නිපුනතා මට්ටමේ ( NVQ Level) 06 වන මට්ටමේ පාඨමාලාවක්..මේ පාඨමාලාව සාර්ථකව නිම කල විට ඔබ එම ආයතනයන්හි කළමනාකරු ( Manager) මට්ටම දක්වා සුදුසුකම් ලබනවා.
👉මොනවද තියෙන රැකියා අවස්ථා ?
පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට රජයේ වගේම පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා බොහෝමයක් තියෙනවා..
➡කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
➡අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
➡උසස් තාක්ෂණික ආයතන
➡සත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
➡බැංකු
➡කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරින්
➡වතු කලමනාකරුවන්
➡ගොවිපල කලමණාකරුවන්
➡පර්යේෂණ ආයතන
➡රාජ්‍ය නොවන සංවිධාන
➡ගොවිපල යන්ත්‍ර පර්යේෂන ආයතනය
➡ගොවිපල යන්ත්‍ර පුහුණු කිරීමේ ආයතනය
➡ශිල්ප ප්‍රදර්ශකකරුවන්
➡රේගු දෙපාර්තමේන්තුව ( නිරෝධායක )
මේ හැම දෙපාර්තමේන්තුවෙම රැකියා අවස්ථා විවෘත වෙලා තියෙනවා...
👉මෙච්චර රැකියා අවස්ථා තියෙනවද ??
ඔය ප්‍රමාණය විතරක් නෙවෙයි , අපේ රටේ පෞද්ගලික අංශයේ ප්‍රසිද්ධ සමාගම්හි රැකියා අවස්ථා බොහෝමයක් තියෙනවා...
උදාහරණ විදිහට
➡මිල්කෝ , ප්‍රීමා , හයිලන්ඩ් , CIC , බවර් , කාගීල්ස් , ලංකෙම්..............
👉රැකියා තෝරගනිද්දි අපිට කැමති අංශයක් තෝරගන්න පුලුවන්ද ?
ඔව්..Crop Field එකට කැමති අයට ඒ අංශෙන් ඉදිරියට යන්න පුලුවන්..
🌱Tea small holdings and development 🌱authority
🌱Rubber development
🌱Coconut development
🌱Coconut, Tea, Rubber research Institute
🌱Horticulture, Botanical gardens
🌱Export Agriculture Department........... etc....
ඒවගේම තමයි Animal Science Field එකට කැමති අයට ඒ අංශයෙන් ඉදිරියට යන්න පුලුවන්..
🐣Veterinary Research Institute
🐣Livestock Development Officer
🐣NLDB farms
🐣හයිලන්ඩ් , අඹේවෙල farms............ Etc.....
මේ වගේ රැකියා අවස්ථා තව බොහෝමයක් තියෙනවා..
ඒවගේම තමයි ඇවිදලා වැඩ කරන්න කැමති අයට
🌾Agriculture instruction
🌾Technical Assistant
🌾Field officer
🌾Extension office
🌾Research assistant
🌾Technical officer......... etc..... මේ හැම රැකියා අවස්ථාවක්ම තියෙනවා .
👉මේ ඩිප්ලෝමාව හදාරන අයට වෙනත් රටවල්වල රැකියා අවස්ථා නැද්ද ?
✈ ඔබ දන්නවද නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, අයර්ලන්තය වගේ තවත් රටවල් බොහෝමයක NVQ Level 06 / HND Diploma පැවතීම වෘත්තිමය සුදුසුකමක් ලෙස සලකන බව... මොකද මේ වෙද්දි වෘත්තිමය සුදුසුකම රැකියාවට අනිවාර්ය අංගයක් වී අවසාන නිසා...
👉මේ පාඨමාලාව හැදෑරීමේදි ලැබෙන ප්රතිලාභ මොනවද ?
👍කලින් කිව්වා වගේම මහපොල ශිෂ්‍යාධාරය
👍බස් හා දුම්රිය ප්‍රවේශපත්‍ර
👍නවීන පුස්ථකාල පහසුකම්
👍නවීන පරිගණක සහිත විද්‍යාගාර
👍නවීන විද්‍යාගාර පහසුකම්
👍පහසු මිලට ආහාරපාන
👉මේ පාඨමාලාව මගින් උපාධි සිහිනයට යන්න පුලුවන්ද ?
▶️ වයඹ විශ්ව විද්‍යාලය
▶️ විවෘත විශ්ව විද්‍යාලය
▶️ පේරාදෙණිය විශ්ව විද්‍යාලය
ප්‍රධාන වශයෙන් උපාධිය හදාරන්න පුලුවන් ආයතන..
මේ පාඨමාලාව මගින් උපාධිය කවදාවත්ම හීනයක් නොවී සැබෑම කරගන්න පුලුවන්.
A/L
⬇
HNDT ( Agriculture ) Diploma
⬇
BSC
⬇
MSC
⬇
PHD
✔ අ.පො.ස උසස් පෙල විශයන් තුනම ජීව විද්‍යා හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන අංශ වලින් එකවර සමත් වී තිබිය යුතුය.
( Biology, Chemistry, AgriScience / physics)
හෝ
(Bio System Technology , Science for Technology and Agriculture )
✔ සාමාන්‍ය පොදු පරීක්ෂනය සමත් වී තිබිය යුතුය
✔ ඉංග්‍රිසි , ගණිතය ඇතුලුව සාමාන්‍ය පෙල විශයන් සියල්ල සමත් වී තිබිය යුතුය..
Galle HNDT Agriculture Department එක කියන්නේ, නවීනතම ව්ද්යාගාර උපකරණ වලින් සමන්විත වන හා සිසුන්හට උපරිම පහසුකම් සලසන උසස් අධ්‍යාපන ආයතනයක්..ශිෂ්‍යන් හට උපරිම නිදහසකින් යුතුව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මෙම ආයතනය වටා ඇති හරිත පරිසරයද ලොකු කර්තව්‍යක් ඉටු කරනවා..
New gazette
ABHINIKMANA 21'
SOBA THILINA
මෙම පාඨමාලාව ඇතුලත විශයන්ට අදාලව අධ්‍යාපනික චාරිකා වලද නිරත වීමට මෙම පාඨමාලාව තුලින් සිසුන්ට අවස්ථාව සලසාදී තිබෙනවා.
Aquaculture Extension office field visit