සීගිරිය,ආලකමන්දාව,සිංහපුර,ගිරි බලකොටුව,සිංහ බලකොටුව,සිංහගිරිය,සිංහ බලපෞර,සිංහ පර්වතයයනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිඹිස්ස ග්‍රාමය අශ්‍රිතව පිහිටා ඇති බලසම්පන්න ශක්තිමත් වීශාල සේනාවකට වුවත් දුෂ්කර ආකාරයේ ගමනකි පසුවත් තරණය කර පැමිනිය නොහැකි ලෙස පිහිටා ඇති මෙය ස්වාභාවිකව සෑදුනු අවශේෂ කන්දකි.පසුව අප පැරණි මුතුන්මිත්තන් විසින් මෙහි ස්වාභාවික ආරක්ෂිත පිහිටිම උපයොගි කරගනිමින් සැලසුම් කර අතිවිශිෂ්ඨ ආකාරයේ මුර කපොල්ලක් ලෙස නිර්මාණය කර ඇති මෙහි බලය බිද බලකොටුව පසූකර යාම තියා මේ පර්වතය අසලටවත් පැමිණිය නොහැකිය.පර්වතය ආසන්නයට පැමිණි පිරිස් නැවත එයින් පිටවීමට හෝ බේරි පලායෑමට පවා කටයුතු කරත් නැවත නැවතත් සිරවීයන ආකාරයෙන් සැකසා ඇති අපරාජිත බලසපන්න සුවිශේෂ බලකොටුවකි.මෙය නම් සදහන් වන්නේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු ස්ථානයක් වන මීටර් 200 ක (අඩි 661) පමණ උසකින් යුත් පර්වතයක දැවැන්ත ස්වාභාවික නිර්මාණයකි.
*පුරාණ ශ්‍රී ලංකාවේ රජකල චූලවංශයට අනුව දස ලෝකපාලක,දේව ලෝකය,මනුස්ස ලෝකය,පාතාල ලෝකය කරා ද තම බලය හා අණසක පැතිරු,අහස,පොලව හා දියබ ද ජයගත හැකි යානා නිපදවා වු මහා රාවණ විශ්වාධිරාජයයා විසින් ඔහුගේ අපරාජිත භාවය,අධි තාක්ෂනික භාවිතයන් හා බලපරාක්‍රමය පෙන්වීම සදහා ම රාජකීය මාලිගා බලකොටුවක් ලෙස මෙම ස්ථානය වැඩිදියුණු කර දසලෝකයන් ද මෙහි සිට පාලනය කර ඇති බලසම්පන්න ස්ථානයකි මෙය.මෙහි ඇති උගුල් ගල සතුරු සේනාවක් වුවද එකවර විනාශ කර දැමිය හැකි විශිෂ්ඨ නිර්මාණයකි.අවාසනාවනම් ලාංකිකයන් වන අප එය තිබෙන ස්ථානය නැරඔීමටවත් නොයෑමයි.
සීගිරිය, ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි. ඇල හාත්පස පිහිටි තැනිතලාවෙන් ඉහළට නැගුණු එය ඕනෑම පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. පර්වතය වටා තිබෙන තැන්නෙන් එක්වරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් මත එය පිහිටා ඇත. පර්වතය මීටර් 180 ක් උස වන අතර සෑම පැත්තකින්ම ප්‍රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙසට නෙරා ඇත. අන්ඩාකාර දිගු ආරක්ෂක හැඩයෙන් පහළට ක්‍රමිකව දිවෙන බෑවුමක් ඇත.
සීගිරිය කාශ්‍යප රජු විසින් කරවන ලද බලකොටුවක් ලෙස ජනප්රවාදයේ සඳහන් වේ. සීගිරි බලකොටුවට ඈත දිගු ඉතිහාසයක් ඇති අතර විවිධ පුද්ගලයන් විසින් විවිධාකාර මතද පල කර ඇත.
තද පැහැයෙන් යුතුව ක්ෂිතිජය සිප ගනිමින් උතුරට නෙරා යන මහා පව්ව පාමුල අතිශය ප්රතාපවත් ව වැදහොත් සිංහරාජයෙකුගේ විලාසෙන් නිමවා ඇති හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුණි. සිංහරාජ තෙම් සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟිමක් දැනවුවත් සිංහරූපය දැකීමෙන් එහි ගිය පැරැන්නන් තරම්ම නුතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වු බව 1898 දී ඒච්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂව ඇතත් සිංහයාගේ බාහු යුගලය පමණක් වුව ද කෙනකු තුළ ප්රතාපය හා බලය පිළිබද අපුරු හැඟිමක් දැන වීමට ප්‍රමාණවත් බව කැටපත් පවුරේ ලියු මේ ගීයෙන් පැහැදිලි වේ.
:කාශ්‍යප යුගය (ක්‍රි.පූ.5-ක්‍රි.පූ.3 දක්වා)
:කාශ්‍යප යුගය (ක්‍රි.පූ.497-475 දක්වා)
:පසු කාශ්‍යප යුගය (ක්‍රි.ව.6-13 දක්වා)
:අප්‍රකට යුගය (ක්‍රි.ව.13-17 දක්වා)
:මහනුවර යුගය (ක්‍රි.ව.17-19 දක්වා)
:නූතන යුගය (ක්‍රි.ව.19-අද දක්වා)
• පර්වත මස්තකයේ තිබෙන රජ මාළිගාව.
• ගඩලින් තැනූ සිංහයාගේ රූප ඇඳ තිබෙන සීගිරි ලලනාවන්.
• සීගිරි කැටපත් පවුර
• දිය අගල්.
ක්‍රි.ව. 5 වැනි සියවසේ කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාළිගයක් සීගිරියෙහි ඇත්තේය. කාශ්‍යප රජු සීගිරිය මුදුනේ මාළිගාව තනද්දී රාවණ රජුගේ මාළිගයෙහි නටඹුන් හමුවූ බවට කතාවක්ද පවතී.පර්වතයේ සමතලා මතුපිට එම මාළිගයෙහි නටඹුන් තිබේ. මැද හරියේ තිබෙන සමතලා බිමෙහි සිංහ ද්වාරයක්ද කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත. පහළ මාළිගාව පර්වතයේ පහළ බෑවුමට හේත්තු වන්නට නිර්මාණය කරන ලද දිය අගල් තාප්ප හා උද්‍යාන පර්වත පාමුල සිට මීටර් සිය ගණනක් දුරට විහිදී ඇත.මෙම භූමිය මාළිගාවකින් හා බලකොටුවකින් යුක්තය. දැනට තිබෙන ප්‍රමාණවත් නටඹුන් වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ඨ හැකියාව හා නිර්මාණශීලිත්වය පිළිබද අගනා හැගීම් එය නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි.
සීගිරි භූමි සැළැස්ම පළමු සහශ්‍රයේ නාගරික සැලසුම් කරණයේ අනර්ඝ උදාහරණයක් ලෙස සීගිරි නිර්මාණය දැකිය හැක. භූමි සැළසුම ඉතාමත් අලංකාර සහ සුක්ෂ්‍යම ලෙස සකස් කරන ලද්දක් ලෙස සැලකේ. සැලසුම් සකස් කිරීමේදි ජ්‍යාමිතික සැළසුම් සහ අවට පිහිටි ස්වාභාවික වස්තූන්ගෙන් පිහිටීම පිළිබදව ඉතා හොදින් නිරීක්ෂණය කර සංයෝග කර ගැළපීම් හා නොගැලපීම් සංකල්පය එක් කොට ඇති බව පෙනේ. පර්වතය බටහිර දෙසින් තිබෙන උද්‍යාණය රාජකීයන් උදෙසා සුදුසු ලෙස සකස්කර ඇත. උද්‍යානයෙහි ජලය රදවා තබා ගන්නා ව්‍යුහය නිර්මාණය කර ඇත. ඒවා සකස් කිරීමේදී පොලව යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදා ගෙන ඇති අතර මෙයින් සමහරක් අදද ක්‍රියාත්මක මට්මේහි තිබේ. පර්වතයට දකුණින් මිනිස් අතින් නිම කළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙහිද බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගැනුණි. සීගිරි බිමට පිවිසෙන ස්ථාන වල දොරටු පහකි. ඒවා අලංකාර ලෙස නිමවා ඇති බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක. මෙහි වාස්තු විද්යනුකුල සැලසුමක් සහිතව ඉදිකර ඇත.එමෙන්ම සීගිරිය දුර්ග බලකොටුවකි. ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග ආදියෙන් සීගිරිය සමන්විතය.ගිරි දුර්ග යනු ගිරියෙන් යට කරපු යනුවෙනී.
• ක්‍රි.ව.5 වන සියවෙස් පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම
• ඉංජිනේරු විද්යාවජල තාක්ෂණය
• ගෘහ නිර්මාණ ශිල්පය
• කලා ශිල්ප හා සාහිත්‍ය
සීගිරිය නැගී බැලීමට ඇති සිංහ ස්වාමියා සිතේ ආශාව සපුරමින් බැලීමි. ඉන් පසු පර්වතයේ රන්වන් කතුන් බැලීමේ ආශාව ද නැති විය. යන්න මෙම කවියේ අදහසයි. තව ද මෙම වාස්තු විද්‍යාත්මක කලාව සදහා පැරණි මිසර හෝ පර්සියන් උද්‍යානවල දක්නට ඇති ජ්‍යාමිතික හෝ සුසන්ගත සැලසුම් ක්‍රම මූලික සිද්ධාන්ත ලෙස භාවිත කර ඇත. මේසා විශාල පර්වතය මත මාළිගා සංකීර්ණයක් ඉදිකිරිම සදහා ගඩොල් රැගෙන ආ සැටි ද පුදුම සහගත ය. මලුපෙත් ගර්භාගාර, සන්නිපාත ශාලා, අතරින් ගෙඩාළුමය පැතිකඩ හා ගල් පොකුණු රැසකින් වට වූ ශෛලමය සිංහාසනය විස්මයෙන් සිත අලලන සුළු ය. සීගිරිය නම් වු මහා වාස්තු විද්‍යාත්මක සැලසුම්කරණ වික්‍රමයේ හදවතත්, කේන්ද්‍රස්ථානයත් වූයේ මේ මාළිගාවයි. ගල මුදුනේ අක්කර තුන හමාරක බිම් ප්‍රමාණයක් වසා ගෙන ඇති මේ සුවිසල් මාළිගය රාජ්‍ය බලයත්, මිනිස් ශ්‍රමයත් කැටි කොට පිළිබිඹු කරන කදිම ස්මාරකයකි. තව ද මාළිගයේ අගය තීව්ර කරමින් ඉදිරියට දිවෙනා ශිලා උද්‍යාන, දිය අඟල් හා බුබුළු නඟමින් පතිත වන දියමල් කැලකින් සැලසුම් ලද මේ මහා නිර්මාණය ලොවට කියා පාන්නේ සීගිරි වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ කෞෂල්‍යත් විසිතුරු චින්තනයත් ය.මේ දර්ශනීය උද්‍යාන අතීතයේ ඒක් යුගයක තුරු පෙළින්, මල් ගොමුවලින් හා පස් පියුමෙන් සැදි රාජකීය ජීවිතයේ කාන්තියෙන් හා කෙළි දොළින් ජීවමාන වුන නන්දන උද්‍යානයක් විය. සීගිරිය ලෝ පතළවන්නට එහි ඇති උද්‍යාන කලාව මෙන් ම සීගිරි බිතු සිතුවම් ද මා හැඟි උපකාරයක් ලබා දේ. අව් වැසිවලින් උවදුරුවලට පත් නොවී බිතු සිතුවම් කෝෂයේ සුරැකී ඇති මේ සිතුවම් එක් වකවානුවක පර්වතයේ බටහිර දෙසට වන්නට බිත්තිය පුරා වූයේ කස්සප රජුගේ අන්තඃපුර ලලනාවන් යැයි හැදින්වීමට ඇතැම් වියතුන් උත්සහා දරා ඇත. නමුත් මේ බිතු සිතුවම්වලට වස්තු විෂය වන්නේ අප්සරාවන් හෙවත් දිව්‍යාංගනාවන් ය. මහාචාර්ය සෙනරත් පරණවිතාණයන් පවසන අන්දමට අප්සරාවන් සංකේතාත්මකව වළාකුළු හා විදුලි කෙටීම නිරූපණය කරණ බවත් ය. නමුත් දුරාතීතයේ සීගිරිය නැරඹීමට පැමිණි විනෝදකාමීන්ට පෙනන්නේ සුන්දර වනිතා පෙළකගේ සිතුවම් ලෙසට ය. මෙම සීගිරි සිතුවම් සමකාලීන දකුණු ආසියානු චිත්‍ර සම්ප්‍රදායන්ට ආවේණික සම්භාව්‍ය චිත්‍ර කලාවේ විශිෂ්ට ශ්‍රි ලාංකික නිර්මාණ ශෛලියක් පෙන්නුම් කරයි. තව ද සීගිරියේ ඉතිරි ව ඇති විශේෂ මතක සටහන්වලින් එකක් වන්නේ බිතු සිතුවම්වලට පහළින් කැටපත් පවුර වසා සිටින ගී සමුහයා ය. මෙම ගී "සීගිරි ගී"නම් වේ. මෙම ගීවලින් පෙනී යන අන්දමට දිවයිනේ සෑම පෙදෙසකින් ම පැමිණි කලාකාමීන්ගේ විනෝද නිකේතනයක් බවට සීගිරිය පත් ව තිබූ බව පැහැදිලි වේ. ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කාශ්‍යප රජතුමා සීගිරිය ආලකමන්දාවක් කොට කුවේරයා මෙන් දේවත්වයක් ආරෝපණය කර ගෙන සිටි බව ප්‍රකාශ කරයි.
ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටි පූජනීය ඇසතු වෘක්ෂයකි. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිට දුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ දකුණු අංකුර පැලයකි. මෙය පැල කරන ලද්දේ කි.පූ 288 දීය.එය මේ දක්වා ලෝකයේ තිබෙන මිනිස් අතකින් සිටවූ සහ එසේ සිටවූ කාලය දන්නා පැරණිම වෘක්ෂය ලෙස වාර්තාගත වෙයි.
මෙම ශ්‍රී මහා බෝධිය බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණිමේදී පිට දුන් ඉන්දියාවේ බුද්ධගයාවේ තිබූ මහ බෝධියේ දකුණු ශාඛාවකි. ක්‍රි.පූ. 3 වැනි සියවසෙහි මෙම බෝධිය ලක්දිව යාපා පටුනෙහි මාදගල් හි සංඝමිත්තා තොටුපල ලෙස දැනට හදුන්වන තොටුපලට ගෙන එන ලද්දේ අශෝක අධිරාජයාගේ දියණිය වන සංඝමිත්තා මෙහෙණිය විසිනි. ඇය ශ්‍රී ලංකා භික්ෂූණී ශාසනය පිහිටුවීමේ ලා පුරෝගාමී වූවාය. කි.පූ 249 දේවානම්පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහ මෙව්නා උයනෙහි මෙම ජය සිරි මහ බෝධිය සිටුවන ලදී.
ශ්‍රී මහා බෝධිය සිටුවා ඇත්තේ සාමාන්‍යය පොළව මට්ටමේ සිට මීටර් 6.5 ක් (අඩි 21.3) පමණ උස් වූ වේදිකාවක් වැනි බිමකය. ඒ වටා වැටක් තිබේ. එය අද කාලයේ ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්රවන පූජනීය වස්තුවකි. මෙම ප්‍රාකාරය (වර්තමානයේ දක්නට ලැබෙන) ගොඩනංවන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යුගයේදීය. එසේ කරන ලද්දේ වල් අලින්ගෙන් ආරක්ෂාවීම පිණිසය.
දිවයින තුළ බෞද්ධයින් අනාදිමත් කාලයක සිට අති පූජනීය බෝධි වෘක්ෂය වැඳ පුදා ගැනීමට දුර බැහැර සිට පැමිණෙති. බෞද්ධයින් ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ වෙත පුද පූජා පැවැත්වීමෙන් ඔවුන්ගේ ජීවිතයේ සැලකිය යුතු හා ධනාත්මක වෙනස්කම් ඇතිවන බවත් ආශිර්වාද ලැබෙන බවත් විශ්වාස කරති. බොහෝ බෞද්ධයන් රෝග සුවය, දරු පළ, විභාග ජය, රැකියා ආදි විවිධ අරමුණු සාර්ථක වන ලෙස ප්‍රාර්ථනා කරමින් ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේට ඉදිරියේ දී විශේෂ පූජාවක් කිරීමට භාර හාර වෙති. එසේම වසරේ සිය පළමු වී අස්වැන්න ශ්‍රි මහා බෝධි වෘක්ෂයට පූජා කිරීම අනුරාධපුර ගොවීන් අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන සම්ප්රදායකි. එම උත්සවය "අලුත් සහල් මංගලය" නම් වේ. එම පූජාව අලින්ගෙන් හා වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි, පළිබෝධ හානි හා නියඟය ආදී උවදුරු අඩුවී තිරසාර වී නිෂ්පාදනයක් ලැබීමට හේතු බව ඔවුන් දැඩිව විශ්වාස කරති.බොහෝ ජනතාව තම ලෞකික අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික අභිවෘද්ධිය පතා බෝධීන් වහන්සේ වෙත පැමිණීම දැකගත හැකි වේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පූජනීයත්වයෙන් බබලන්නේ බුදුන් වහන්සේගේ බුද්ධත්වයට සෙවණ ලබා දුන් වෘක්ෂයක් වශයෙන් ය . අද වුවද බෝධීන් වහන්සේ නොයෙක් ජනයාගේ වන්දනාමානයට ලක් වෙමින් සංස්කෘතික උරුමයකටද හිමිකම් දරන්නෝ ය .
පැරණි රජවරු කිහිපයක් මේ ආගමික අඩවිය සංවර්ධනයට දායක වී ඇත. වසභ රජු (ක්‍රි.ව. 65 - ක්‍රි.ව. 107) පූජනීය වෘක්ෂය හතර පැත්තේ බුද්ධ ප්‍රතිමා හතරක් තබා ඇත. වෝහාරික තිස්ස රජු (ක්‍රි.ව.214 - ක්‍රි.ව. 236) ලෝහමය පිළිමයක් තැන්පත් කලේය. මහානාග රජු (ක්‍රි.ව.569 - ක්‍රි.ව. 571) පූජනීය ගස වටා ජල ඇලක් ඉදිකළ අතර II සේන රජු (ක්‍රි.ව.846 - ක්‍රි.ව.866) එය ප්‍රතිසංස්කරණය කලේය.
වර්තමාන පවුර, වල් අලින්ගෙන් ගසට ඇතිවිය හැකි හානි වලින් එය ආරක්ෂා කිරීම සඳහා කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ පාලන සමයේදී ඉල්ලුප්පන්දෙනියේ අත්තදස්සි හිමියන් විසින් ඉදි කරන ලදී. පවුරේ උස 10 අඩි (මීටර් 3.0) ක් හා පළල අඩි 5 (මීටර් 1.5) කි. උතුරේ සිට දකුණ දක්වා එහි දිග අඩි 388 ක් (මීටර 118.3) සහ නැගෙනහිර සිට බටහිර අඩි 274 (මීටර් 83.5) ක් වේ.
පූජනීය ගස වටා පළමු රන් වැට යටිරවන නාරද ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ මහනුවර යුගයේ දී බෞද්ධ අනුගාමිකයන් විසින් 1969 දී ඉදි කරන ලදී. ඉහත රන් වැටට පහළින් ඇති ලෝහ වැට යගිරල පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ ගෝනගල ජනතාව විසින් නිර්මිතය.
බුදු රජාණන් වහන්සේ ගේ ප්‍රතිමා දෙකක් ප්රතිමාඝරයෙහි දැක ගත හැකි ය. සෙල්මුවා හිටි පිළිමය ගල් බිත්තිය ගල් දකුණු පැත්තේ වේ. නාගයෙකු පිටතට නෙරා ගියසේ නිර්මාණය කරන ලද නාග මුරගල් මෙහි දැකිය හැකි ඉතා දුර්ලභ ගණයේ මූර්ති විශේෂයකි. තවද චාම් කැටයමින් යුත් ටැම් හිස් සහිත ගල් කණු කීපයක් ද මෙහිදී දැකිය හැකි අතර ඒවා තනි කළු ගලින් නිමවා ඇත.
මයුර පිරිවෙන (මයුර අසපුව) නමැති පෞරාණික ගොඩනැගිල්ලේ නටබුන් ජය ශ්‍රි මහා බෝධියට නිරිත දෙසින් සොයාගෙන ඇති අතර දක්ඛිණ ථූප (දකුණු අසපුව) නමින් ස්තූපයක නටඹුන් ශ්‍රි මහ බෝධියට දකුණු දෙසින් හමු වී ඇත.
ශ්‍රි ලංකාවේ පුරාණ වංශ කතා වලට අනුව ශ්‍රි මහා බෝධිය වටා ඇති ප්‍රාකරය හා ගල් වැටි අතීතයේ විවිධ අවස්ථා වලදී වරින් වර ඉදි කර ඇත. මහාවංශය සඳහන් කරන පරිදි ගෝඨාභය රජු (ක්‍රි.ව. 262 - 249) පවුරක් ගොඩනගා ඇත. කීර්ති ශ්‍රි මේඝවර්ණ රජු (ක්‍රි.ව. 330 - 302) ගල්-තැබූ ටෙරස් හා දැලිස් පවුරක් ඉදිකරන ලද බව වන දීපවංශය වාර්තා කරයි.
වර්තමාන පවුර යළි ප්‍රතිසංස්කරණය සඳහා කළ කැණීම් වලදී එවකට කීර්ති ශ්‍රි මේඝවර්ණ රජු විසින් ඉදිකරන ලද දැලිස් බිත්ති, ගෝඨාභය රජු විසින් නිර්මාණය කරන ලද පවුරේ අත්තිවාරම, ගල්-තැබූ ටෙරස් ඇතුළු සුන්බුන් පවුර හමුවී තිබේ.
ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී දළදා මාලිගාව පෘතුගීසි ආක්රමණිකයෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්රම නරේන්ද්‍රසිංහ (1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
සංස්ථාපනය
1595
නිර්මාතෘ
පළමුවන විමලධර්මසූරිය රජු
භික්ෂූන් වහන්සේලා
අස්ගිරිය පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ,
මල්වතු පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ,
දියවඩන නිලමේ,
මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖෂධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.
දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.
අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම වූයේ රටේ රජතුමාට දන්ත ධාතූන් වහන්සේගේ සහ පාත්‍රා ධාතූන් වහන්සේගේ භාරකාරීත්ව හිමි විය යුතු බවය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්ෂා කළහ. මධ්‍යකාලීන යුගයයෙන් පසු පාත්‍රා ධාතූන් වහන්සේට සිදුවූදේ අභිරහසක්ව පවතී, එනමුත් දළදා වහන්සේ නිරුපද්‍රිතය.
සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල දළදා මාළිගාව පිහිටා ඇත. මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය. ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය. අලුත් නුවර, මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංකඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.
මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය. දඹදෙනි රාජධානියේ හතරවන පරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326) රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව. 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය" නමින් නගරයක් ආරම්භකොට ඇත. තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්, තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්, මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්රවාදයේ සඳහන් වේ. ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය. යස්ගිරි තල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි වේ. ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක්, සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු, ජයවීර(ක්‍රි.ව 1511-1552), කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582) පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604) සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815) දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය. දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර, මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.
•වැඩසිටින මාළිගය
•අලුත් මාළිගය
•පත්තිරිප්පුව
ක්‍රි.ව. 1805 ති 1812ත් අතර ඉදිකර ඇත. ගෘහ නිර්මාණ සැලසුම අලකේෂශ්වර ඩිංගිරිඅප්පු හෙවත් දේවේන්ද්‍ර මූලාචාරී විසින් සිදුකර ඇත.
දළඳා මාළිගාව ආශ්රිත ප්‍රධාන දේවාල හතර සතර මහා දේවාල ලෙස හැදින්වේ. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල පිහිටා ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි.
•නාථ දේවාලය
•විෂ්ණු දේවාලය
•කතරගම දේවාලය
•පත්තිනි දේවාල
සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.
1. අලුත් සහල් මංගල්ලය
2. අලුත් අවුරුදු මංගල්ලය
3. ඇසල මංගල්ලය
4. කාර්තික මංගල්ලය
•සිංහ රාජා
•ඒකදන්තයා
•ඉන්දි රාජා
•සුමන
•විජය රාජා
•ජය රාජා
•කදිරා
•නාලක
•මියන් රාජා
•බුරුම රාජා
•මිගාර
•කාවේරි
•නවම් රාජා
•කණ්ඩුල
දළඳා මාළිගයේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබේ. එහි පහත කෞතුක වස්තු තැන්පත් කර ඇත.
•සමාධි පිළිමය
•පැරණි ධාතු කරඩුව
•සිරි පතුල
•රිදී කලය
•කැටයම් කරන ලද •ඇත්දත් දෙක
•මාළිගා සංකීර්ණයේ බිම් සැකස්ම
•කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ ඇඳුම් කට්ටලය
•ලේන්සු
•හේමකඳ
ශ්‍රී ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ යන දේවාල හා කිරි මූද හෙවත් බෝගම්බර වැව ඇතුළුව මෙම නගරය ලෝක උරුම නගරයක් බවට පත්ව ඇත.දළදා මාළිගාවට එක් කළ නවතම ආයතනය ශ්‍රී දළදා කෞතුකාගාරයයි. ශ්‍රී දළදා මාළිගාව මහනුවර පිහිටෙවු තැන් සිට මේ දක්වා කාලය තුල විවිධාකාර ශ්‍රේණි වල සංචාරකයන්, බැතිමතුන්, රාජකීය අමුත්තන්, විවිධ රාජ්‍ය නායකයින්, සහ සාමාන්‍ය පොදු මහජනයාද ශ්‍රී දළදාව වෙත විවිධාකාරයේ ත්‍යාග, පුද පඬුරු, පූජා කොට තිබෙන අතර ඒවා සියල්ල ඒ වෙනුවෙන් තනවන ලද විශේෂ ගබඩා කාමර වල, කලින් කලට පත් වූ දියවඩන නිලමේතුමන්ලා විසින් ආරක්ෂා සහිතව තැන්පත් කර තිබේ.මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ ධුරය දැරැ නෙරංජන් විජයරත්න ගේ අදහසක් අනුව මෙම වටිනා වස්තූන් මහජන ප්‍රදර්ශණයට තැබිය යුතු යයි තීරණය කර ඔහුගේ ඇරයුමක් අනුව මෙම කෞතුකාගාරය ඉතා අලංකාර ලෙස සැළසුම් කර තිබේ. සංස්කෘතික ත්‍රිකෝණයේ යුනෙස්කෝ - ශ්‍රි ලංකා ව්‍යපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයෙකු වූ මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් එම සැළසුම් සකස් කරන ලදී.ටී.බි.නුගවෙල නම් හිටපු දියවඩන නිලමේ කෙනෙකු විසින් පිහිටවනු ලැබූ අලුත් මාළිගාව නම් නව ගොඩනැගිල්ලේ පළමු සහ දෙවැනි මහල් වල මෙම දළදා කෞතුකාගාරය පිහිටා ඇත. පළමු මහලෙහි ප්‍රදර්ශන භාණ්ඩ අතර දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ තැන් සිට බ්‍රිතාන්‍ය පාලන කාලය දක්වා ඓතිහාසික වාර්තා, 1765 වර්ෂයේ මාළිගා සංකීර්ණයේ ලන්දේසි සැලැස්මක්, ශ්‍රී දළදා වෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් වගබලා ගන්නා මල්වතු - අස්ගිරි පාර්ශව වල මහනායක හිමි වරුන්ගේ නාම ලේඛණ, මහනුවර රාජධානියේ රජවරුන්ගේ නාම ලේඛණ, සහ දියවඩන නිලමෙවරුන් රාශියකගේ උඩුකය පින්තූර, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ වස්ත්රාභරණ, බුද්ධ පූජා චාරිත්‍ර වලදි රජවරු විසින් පාවිච්චියට ගනු ලැබු උපකරණ සහ 1998 ජනවාරි මස දෙමළ කොටි විසින් දළදා මාළිගා පරිශ්‍රයෙහි බොම්බයක් පිපිරවු අවස්ථාවේ නිරාවරණය වූ බිත්ති සැරසිලි කැටයම් යනාදියෙහි කොටස් ආදිය දක්නට ලැබේ. මෙහි ප්‍රදර්ශනය වන ඡායාරූප අතර සියවස් ගණනාවක් මුලුල්ලේ ශ්‍රී දන්ත ධාතුව තැන්පත් කර තිබු විවිධ වැදගත් ස්ථාන වල ඡායාරූප සහ බෝම්බ පිපිරීමෙන් දළදා මාළිගාවට වූ බරපතල හානි විදහා දැක්වෙන විශාල ඡායාරූප එකතුවක්ද ඇතුළත්වේ.
දෙවැනි මහලේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති භාණ්ඩ අතර ශ්‍රි දළදාව සම්බන්ධ දිනපතා තේවාවන්හිදි ප්‍රයෝජනයට ගත් ඓතිහාසික භාණ්ඩ, හෙප්පු, බුද්ධ ප්‍රතිමා සහ ඉතා වටිනා මැණික් එබ්බවූ සාම්ප්‍රදායික උඩරට රන් රිදි ආභරණ යනාදි බැතිමතුන් විසින් පූජා කරන ලද භාණ්ඩ දක්නට ලැබේ. මීට අමතරව ආගමික හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වටිනා භාණ්ඩද මෙම මහලෙහි ප්‍රදර්ශනය වේ. ඒවා අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පූජා කරන ලද රිදි වතුර භාජනයක් (කලයක්) රාජසිංහ රජතුමා පූජා කළ එල්ලෙන රිදි පහනක්, තායිලන්තයේ බොරොම් කොත් රජු විසින් එවන ලද බුදුන්ගේ ශ්‍රී පතුලෙහි ආදර්ශයක් ගත් සිතුවමක් (මෙය එම රජතුමා විසින් ශ්‍රී ලංකාවේ සංඝරාජ බවට පත් වූ වැලිවිට සරණංකර හිමියන් සමග තායිලන්ත භික්ෂුණ් පිරිසක් එවූ අවස්ථාවේදි ඒ සමග එවන ලද්දකි) සහ අශෝක රජතුමාගේ කාලයේදි (කි.පු.3 සියවස) තුන්වෙනි ධර්ම සංඝායනාව පැවැත්වීමට මූලිකව කටයුතු කළ මොග්ගලි පුත්ත තෙරුන්ගේ ධාතු අඩංගු සුවිශේෂි ධාතු කරඬුවක් යනාදියද වෙයි. වෙනත් ඉතා වැදගත් ප්‍රදර්ශණ භාණ්ඩ නම් පුරාණ කොඩි, කාසි, බුරුමයෙන් ප්රදානය කරන ලද කැටයම් කළ ඇත් දත්, අනුස්මරණ ඵලක යනාදියයි. මෙම ස්ථානය බැලීමට යාමෙන් මහනුවර උරුමය, එහි සංස්කෘතික හා කලා ශිල්ප යනාදිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබිය හැක.1814 වර්ෂයේදී ශ්‍රී වික්රමරාජසිංහ නම් අන්තිම රජු අල්ලා ගැනිමෙන් පසු සහ ශ්‍රි දළදාවේ ආරක්ෂකයින් ලෙස මහ නා හිමි දෙපළ සමග ගිහි භාරකරුවෙකු පත් කිරීමේ සිට දියවඩන නිලමේ තනතුරෙහි බොහෝ දෙනෙකු සේවය කර ඇත.
වසර 145ක් සපිරෙන අපේ ජාතික කෞතුකාගාරය කොළඹ 07 මාකස් ප්‍රනාන්දු මාවතේ ගමන් කරන විට ඇල්බට් චන්ද්‍රවංකයට මුහුණුලා පිහිටා තිබේ. එහි ආදි කර්තෘ වූයේ එවකට ආණ්ඩුකාරවරයාව සිටි ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරී මහතා ය.
කෞතුකාගාරයක අවශ්‍යතාවය ආණ්ඩුකාරවරයාට ඉදිරිපත් කළේ රාජකීය ආසියාතික
සමිතිය (ලංකා ශාඛාව) විසිනි. ඒ අනුව මෙහි සැලසුම ප්‍රසිද්ධ වැඩ
දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යාඥයා වශයෙන් කටයුතු කළ ජේ.පී. ස්මිදර් මහතාය.
කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු වර්ෂ 1873දී ආරම්භ කළ අතර, මෙහි ඉදිකිරීම්
කටයුතු 1876දී නිමා විය. 1877 ජනවාරි 01 දා මහජනතාව සඳහා ශ්‍රී ලංකාවේ නිල
වශයෙන් ප්‍රථම කෞතුකාගාරය විවෘත විය. මෙම ගොඩනැගිල්ල විටෝරියානු හා
පැරැණි රෝම ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය සහිතව නිර්මාණය කරන ලද්දකි.
1907දී මෙම ප්‍රධාන ගොඩනැගිල්ලට යා කර බටහිර හා නැගෙනහිර දෙසින් කොටස් දෙකක් එකතු කරන ලදි. ආරම්භයේදී පුරාවිද්‍යාත්මක අගයෙන් යුතු භාණ්ඩ සහ ශ්‍රී
ලංකාවේ අත්කම් හා ස්වර්ණාභරණ වැනි භාණ්ඩ 1192ක් ප්‍රදර්ශනය සඳහා එහි
තැන්පත් කර තිබිණි. ක්‍රි.ව. 1912දී සත්ව විද්‍යා අංශයත්, 1939දී මානව හා
මානවංශ විද්‍යා අංශයත් මෙහි පිහිටුවන ලදි.
වර්තමානය වන විට කොළඹ ජාතික කෞතුකාගාරයේ පුරාණ කෞතුක වස්තු 5000කට අධික ප්‍රමාණයක් දක්නට ලැබේ.
ග්‍රීක රෝම වාස්තු විද්‍යාත්මක ශෛලීන්ගේ එකතුවකට අනුව නිර්මාණය කළ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා යෝජනා කර ඇත්තේ ශ්‍රීමත් හෙන්රි මැක්ලම් ආණ්ඩුකාරවරයා ය. මෙම ගොඩනැඟිල්ලසැලසුම් කිරීම සඳහා භාර දී ඇත්තේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ශaහ නිර්මාණ ශිල්පි ඔස්ටින්වුඩ්සන් මහතාට ය. මෙම නිර්මාණය ග්‍රීසියේ පානීයන් දේවස්ථානයේ සැලැස්මට සමාන බව පැවසේ.වගුරුබිමක් ගොඩකර මෙම ගොඩනැඟිල්ල මහල් තුනකට ඉදිකර ඇත. ගාලු මුවදොරට මුහුණලා ඉදි කළමෙම ගාමිභීර ගොඩනැගිල්ල 1930 ජනවාරි මස 29 වැනි දින ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා මන්දිරයවශයෙන් ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරතුමා විසින් විවෘත කළේ ය. මෙම ගොඩනැගිල්ල කාරවලටඔරොත්තු දෙන ආකාරයටත්, ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන අයුරිනුත් නිර්මාණය කොට තිබේ. මෙහිපියගැට පෙළෙහි පඩි 30කි. එහි දිග අඩි 50කි. මෙහි සභා ගර්ෂයේ මුලින් ම මන්ත්‍රී ආසන 49 වෙන්කරතිබූ අතර, පසු කාලයේ සිදු වූ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වූ වෙනස්කම් නිසා ආසන වැඩි කිරීමටසිදු විය. 1982 අප්‍රේල් මාසය වන තුරු මෙම පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල භාවිත කළේ ය. පසුව පැරැණිපාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ජස්නාධිපති ලේකම් කාර්යාලය සඳහා භාවිතයට ගැනුණි.
ගෑස්පහ හන්දියේ සිට පිටකොටුව මහා වීදිය දෙසට ගමන් කරන විට පස්වනි හරස් වන්දියේ ආරම්භ වන ස්ථානයේ කයිමන් දොරකඩ පිහිටා ඇත.මෙහි ඉතිහාසය පෘතුගීසි යුගය දක්වා දිවයයි. පෘතුගීසි යුගයේදී කොළඹ පුරය ආරක්ෂා කිරීම සඳහා ඉදිකළ බලකොටුවේ ප්‍රධාන දොරටුව පිහිටා තිබුණේ මෙම ස්ථානයේ ය. පෘතුගීසි අවධියේදී ශාන්ත ජෝන් නම් වූ ඇළක් කපා එයින් පිටකොටුවත් ඉන් නැගෙනහිර භූමියත් වෙන් කොට තිබිණි. මෙම දොරටුව පෘතුගීසීන් විසින් පූරේට රෙයිනා හෙවත් බිසෝ ගේට්ටුව වශයෙන් හඳුන්වන ලදී. ලන්දේසීන් එය කයිමන් දොරකඩ වශයෙන් හැඳින්විය. කොළඹ බේරේ වැවේ සිට ජෝන් ගඟ හරහා නිතරම පැමිණෙන කිඹුලන් නිසා කිඹුලන් හැඳින්වීමට යෙදු “ කයිමන්" යන වදන හේතුවෙන් කයිමන් දොරකඩ ලෙස මෙම ස්ථානය හැඳින් වූ බව කියැවේ. මෙම කුලුන ඉදිකළ වර්ෂය ගැන සඳහනක් නොමැත. ආරුක්කුවක හැඩය ගත් මෙම කුලුන මීටර් හතක් පමණ උස ය.කුලුන මුදුනේ ඝාණ්ඨාරයක්සවිකොට ඇත
1948 පෙබරවාරි 04 දා අප රටට ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබිමෙන් පසු එය සංකේතවත් කිරීම උදෙසා ඉදි කළ ස්මාරකය නිදහස් මන්දිරය නම් වේ.නිදහස් ශ්‍රී ලංකාවේප්රථම අගමැති ඩී.එස්. ස්නානායක මහතා විසින් 1949 පෙරවාරි 04 දාට යෙදුණු නිදහස් සැමරුම් දින දා මෙම ස්මාරකය ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදි. නිදහස් මන්දිරය සෑදීම සඳහා සුදුසු සැලැස්මක් සකස් කිරීමට ගෘහනිර්මාණ ශිල්පීන් අටදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කරන ලදි. මෙම නිර්මාණයට මහනුවර මඟුල් මඩුවේ කලාත්මක අංග අන්තර්ගත කොට ඇත.1957 පෙබරවාරි 04 දා නිදහස් මන්දිරය විවෘත කරන ලද්දේ අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසිනි. චීන අගමැති වෞ එන් ලායි මහතා ද මෙයට එක්විය. නිදහස් මන්දිරය මැදින් ඉඩ තබා දෙපසට කුලුනු පේළි දෙක බැගින් ජේළි 4ක් වන අන්දමට සම්පූර්ණ කුලුනු 60ක් මෙහිදක්නට ලැබේ. මෙහි වූ කුලුනුවල සතරැස් කැටයම් මුහුණු240ක් දක්නට ලැබේ. ගොඩනැගිල්ලට පිවිසීමට දෙපසින් ප්‍රවේශ දෙකක් වේ. එම ස්ථානයන් හි කොරවක් ගලින් යුක්තපියගැට පේළි යුගලයක් තනා ඇත. නිදහස් මන්දිරයේ සතර පැත්තට සිංහ රූප 60ක් දක්නට ලැබේ.නිදහස් මන්දිරයේ බිම් මහලේ නිදහස් අනුස්මරණ කෞතුකාගාරයක් වේ. එහි නිදහස ලබා ගැනීම සඳහාදිවිහිමියෙන් කැප වූ ජාතික වීරයන්ගේ ජීවමාන රුප මෙහි ප්‍රදර්ශනය කෙරේ.නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිතුමා වන ඩී. එස්. ස්නානායක මහතාගේ ප්‍රතිමාවක් නිදහස් මන්දිරයේ අබියස දක්නට ලැබේ.
කොළඹ නගරයේ පිහිටා ඇති පැරැණි ම ඔරලෝසු කණුව මෙය වේ. මෙය ජනාධිපති මාවත හා චැතම් වීදිය හමුවන සිව්මංසලේ පිහිටා ඇත. මෙම ඔරලෝසු කණුව ශ්‍රීමත් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයාගේ භාර්යාව වූ සන්බර්ග් වෝඩි විසින් නිර්මාණය කරන ලද සැලැස්මකට අනුව ගොඩනංවන ලදි. ලංකාවේ දුර මැනීමේ ආරම්භක සැතපුම් කණුව ද මෙම ස්ථානයෙන් ආරම්භ වේ.857දී ප්‍රථමයෙන් ඔරලෝසු කණුව ද 186දී ඈත මුහුදේ නැව්වලට රාත්‍රී කාලයේ කොළඹ වරාය හඳුනා ගැනීම සඳහා ඔරලෝසු කණුව මුදුනේ පහනක් සවි කරන ලදි. මුලින් ම භූමිතෙල්වලින් ද 1907 සිට ගස්වලින් ද ක්‍රියා කරන ලදි.විදුලියෙන් දැවූයේ 1932 සිට ය.1952 දී මෙය ක්‍රියාවිරහිත විය. පහන ක්‍රියාත්මක වූ කාලයේදී එහි ආලෝකය නාවික සැතපුම් 17ක් දුරට විහිදුණු බව පැවසේ. ඔරලෝසු කණුව මුදුනේ සුළං දිගා දර්ශකයක්ද දක්නට ලැබේ.
දඹුල්ල රජමහා විහාරය , ශ්‍රී ලංකාවේ මධ්‍යම පෙදෙසෙහි මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජමහ විහාරයකි. මෙම අඩවිය කොළඹට කි.මී 148ක් ඊසාන දෙසින් හා මහනුවරට කී.මී 72ක් උතුරු දෙසින්, පිහිටා ඇත. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණයයි. හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය මී160 ක් අහස උසට පැන නගියි. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80 කට වැඩිගණනක් ඇත. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවා වෙති. මුළුමනින් බුදු පිළිම වහන්සේ 153 ක්ද, ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්ද මෙහි වෙති. පසුව සඳහන්වූ 4 අතර, විෂ්ණු හා ගණ දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද වෙති. බිතු සිතුවම් 2,100 මී² ක වර්ග ඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී. බිත්ති වල දක්නට ඇති සංවර්ණන අතර මාර යකු විසින් බුදු රදුන් පෙලඹවීමට ගත්තැත හා බුදු රජාණන්ගේ පළමු ධර්ම දේශනාව දැක්වේ.දඹුල්ල ලෙන් සංකීර්ණය අසබඩ ඉබ්බන්කටුව ප්‍රදේශයෙහි වසර 2700 නට වඩා පැරැණි (ක්‍රි.පූ 700) මානව ඇටසැකිලි සහිත සුසාන භූමි සොයාගෙන ඇති බැවින්, බුදුසහම ලංකාවට අවතීර්ණ වීමට පෙරාතුව, මෙම ලෙන් සංකීර්ණ තුල, ප්රාග්-ඓතිහාසික ශ්‍රී ලාංකිකයන් දිවි ගෙවූ බව අනුමාන කල හැක.
ක්‍රි.පූ 7 වන සියවස තරම් ඈත අතීතයකට හිමි කම් කියන මෙය, ශ්‍රී ලංකාවේ අතිශයින් චමත්කාරජනක ලෙන් විහාරයයි. අති විසල් පර්වත තලයකින් ආවරණයවූ ලෙන් පහ ඇතුළත වියලිව තබා ගනු රිසියෙන් ගලෙහි බිටත ඉහල මායිමෙහි කටාරම් කොටා ඇත. 1938දී මෙම ගෘහ නිර්මාණය ආරුක්කුමය කුළුණු පෙලකින් හා දෙපල වහලින් සැදි ඇතුළුවීම් දොරටු වලින් සරසන ලදි. ලෙන අභ්‍යන්තරයෙහි, සිවිලිම් (වියන) සංකීර්ණ ආගමික රටාවන් උපයෝගී කොට ගනිමින් සිත්තම් කර ඇත්තේ පර්වත ශිඛරයෙහි හැඩය හා සමෝච්චය අනුව යමිනි. මෙහි බුදු රජාණන් වහන්සේගේ සහ බෝධිසත්ත්වයන් වහන්සේලාගේ මෙන්ම බොහෝ දේවතාවුන් හා දේවතාවියන්ගේද රූප ඇත.
දඹුල්ල ලෙන් සංඝාවාසය අදටත් කෘත්‍යාත්මකව පවතින අතර, ශ්‍රී ලංකාවේ ඉතාමත් හොඳින් සංරක්ෂිත පුරාතන ප්‍රාසාදය වෙයි. මෙම සංකීර්ණය ක්‍රි.පූ 3වන හා 2වන සියවස් පමණ ඈත අතීතයෙහිදී අති දැවැන්ත හා ඉතා වැදගත් සංඝාවාසයක් ලෙස ස්ථාපනය කරන ලදි. වළගම්බා රජු විසින් ක්‍රි.පූ 1වන සියවසෙහිදී ලෙන් සමූහය විහාරයක් බවට පරිවර්තනය කල බව සාම්ප්‍රදායික විශ්වාසයයි. අනුරාධපුරයෙන් පිටුවහල්ව සිටි ඔහුට, වසර 15ක් තිස්සේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් ගැලවුම සඳහා ආරක්ෂා සැපයුනේ මෙහිදීය. නැවත ඔහුගේ අගනුවර දිග්විජය කල රජතුමා, කෘතඥ ගෞරවසම්ප්‍රයුක්තව මෙහි විහාරයක් කරවීය. පසුකාලීන රජුන්ද මෙහි සංවර්ධනයට දායකව නවාංග එකතු කල අතර 11වන සියවස වන විට ලෙන් සමූහය ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් ව වත්මන් තත්ත්වයට පත් වුනි. නිශ්ශංක මල්ල රජ වසර 1190 දී ලෙන් හි රන් ආලේපිත කොට බුදු පිළිම වහන්සේලා 70 නමක් පමණ එකතු කලේය. 18වන සියවසෙහිදී, උඩරට රජවරුන් විසින් මෙම ලෙන් අළුත්වැඩියා කොට පින්තාරු කරවන ලදි.
දඹුල්ල රජමහා විහාරයේ භාරකාරීත්වය පහත සඳහන් පන්සල් 4ට හිමිය.
•පළමු උයන්වත්ත පන්සල
•දෙවන උයන්වත්ත පන්සල
•දඹුල්ල මැද පන්සල
•දඹුල්ල ඉහල පන්සල
පිළිම ගෙවල් බවට පරිවර්තනය කරන ලද ලෙන් පහකින්, විහාරය සමන්විත වේ. අනුරාධපුරය (ක්‍රි.පූ1වන සියවස සිට ක්‍රි.ව 993 දක්වා) සහ පොළොන්නරුව අවදීන්හීදී (1073 සිට 1250), මී150 උසැති පර්වතයෙහි පාදමෙහි තනවා ඇති ලෙන්, ශ්‍රී ලංකාව තුල දක්නට ලැබෙන බොහෝ ලෙන් විහාර අතුරින් අතිශය චමත්කාර ජනක වැන්නය. කිමී 19 ඔබ්බෙහි පිහිටි සීගිරිය පර්වත බලකොටුවෙහි හා, අවට තැනිතලා භූමින් හීද සිරි නරඹමින්, දඹුල්ල පර්වතයෙහි මඳ බෑවුම කරණය කිරීමෙන්, මෙයට ප්‍රවිෂ්ඨ විය හැක්කේය. ගොම්මං වේලාව එළඹෙත්ම, සියගණනින් හෙබි, වැහි ලිහිණි කඩා පනින හමුදාව ලෙන් පිවිසුම් දොරටුව වෙත සැපත් වනු දැකිය හැක. විශාලතම ලෙන නැගෙනහිර සිට බටහිරට මී52ක්ද, පිවිසුමෙහි සිට පසුපසට මී23ක්ද ලෙස විශාලත්වයක් දක්වන අතර මෙම මනස්කාන්ත ලෙන එහි මුදුන් තැනෙහිදී මී7ක් උසක් දරයි. වළගම්බා රජු සහ නිශ්ශංක මල්ල රජ යන රජුන්, සහ බුදුන්වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද තෙරණුවන්ට අමතරව, හින්දු දෙවිවරුන්ද මෙහි පෙන්නුම් කර ඇත.රංගිරි දඹුල්ල රජමහ විහාරයේ ලෙන් විහාර කොටස 1991 වසරේ මෙය ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශට පත්කෙරිනි.
පළමු ලෙන හැඳින්වෙන්නේ දේවරාජ ලෙන හෙවත්, "දිව්‍යමය රජුගේ ලෙන" ලෙසටය. සංඝාවාසය ස්ථාපනය කිරීම පිළිබඳ විස්තරයක්, පළමු-සියවස් බ්රාහ්මී අක්ෂර උපයෝගී කොටගෙන, පළමු ලෙනෙහි පිවිසුමට ඉහලින් කොටා දක්වා ඇත. පිහිටි ගලෙහි අඹා ඇති, මීටර-14 බුද්ධ ප්‍රතිමාව අනෙකුත් සියල්ල අභිබවමින් චිත්තාකර්ෂණීය අයුරින් ලෙන තුල වැජඹෙයි. එහි ඉතිහාසයෙහි නොයෙකුත් අවදීන්හිදී, නොගිනිය හැකි වාර ගණනකදී, මෙය යළි යළිත් පින්තාරැ කොට ඇති බවත්, අවසන් පින්තාරුව බොහෝ විට 20වන සියවසෙහිදී ලබන්නට ඇති බවද පෙනේ. බුදු පිළිමවහන්සේගේ පා මුල වැඩ වසන්නේ, බුදුන් වහන්සේගේ ප්‍රියතම ශිෂ්‍ය, ආනන්ද තෙරණුවන්ය; ශීර්ෂයෙහි දක්වා ඇත්තේ, මෙම ලෙන් තැනවීමෙහිදී සිය දිව්‍යමය බල නොමසුරුව යොදවූ බවට සැලකෙන විෂ්ණු දෙවියන්ය.
දෙවන හා විශාලතම ලෙනෙහි, හිටි බුදු පිළිම වහන්සේලා 16 නමක් සහ හිඳි බුදු පිළිම වහන්සේලා 40 නමකට අමතරව, මල් මාලා පූජා වලින් වන්දනාකරුවන්ගේ නිරන්තර ප්රණාමයට බඳුන් වන සමන් හා විෂ්ණු දෙවිවරුන්ගේ පිළිමද, අවසන, ක්‍රි.පූ පළමු සියවසෙහිදී මෙම විහාරය පූජා කල වළගම්බා රජුගේ හා, විහාර ප්‍රවිෂ්ඨය අබියස පිහිටුවා ඇති ශිලා ලේඛනයෙහිදී දැක්වෙන අයුරු, 12වන සියවසෙහිදී පිළිම වහන්සේලා 50 නමක් රනින් ආලේප කොට පූජා පැවැත්වූ නිශ්ශංක මල්ල රජුගේ පිළිමද පිහිටුවා ඇත. මේ අනුව යමින්, මෙම ලෙන මහාරාජ ලෙන, "මහා රජුන්ගේ ලෙන" යන නම් වලින් හැඳින්වේ. කුටියෙහි වම් පස පිහිටි ගලින් අඹා ඇති බුද්ධ ප්‍රතිමාවට පරිවාර වශයෙන්, මෛත්‍රීය බෝධිසත්ත්වයාණන් වහන්සේ සහ අවලෝකිතේශ්වර හෝ නාථ දැවමුවා පිළිම දක්නට ඇත. මෙහි දාගැබක් හා ශෛලමය පියස්සෙහි පැල්මකින්, රෝ සුවකිරීමේ බල ඇති බවට විශ්වාස කෙරෙන ජල බින්දු වස්සවන ජල බුබුලක්ද පිහිටයි. මෙම ජල බුබුලෙහි දිය, පියස්සෙහි බෑවුම ඉහළට ගමන් කර (සොබා දහමට පටහැනිව), ඉන් පසු පහළට පතිත වන බවක් බැලූ බැල්මට පෙනෙන බැව් දුටු පැරැන්නෝ එදෙසට මසුන්ගේ රූ පින්තාරු කොට එබව හුවා දක්වා ඇති බව පෙනේ. මහමායා දේවියගේ සිහිනයෙහි සිට ‘‘මාර දිව්‍ය පුත්‍රයා විසින් බුදුන් වහන්සේ පෙළඹවීමට තැත් කිරීම දක්වා බුදු සිරිතෙහි විවිධ දර්ශන, 18වන සියවස දක්වා කාල නිර්ණය කරැති සායම් සිතුවම් භාවිතා කරමින්, මනස්කාන්ත අයුරින් මුළු පියස්ස සිසාරා වර්ණවත් කර ඇති අයුරු පෙනේ. රටෙහි ඉතිහාසයෙහි වැදගත් අවස්ථා පිළිඹිබු කෙරෙන් තවද සිතුවම්ද දක්නට ඇත.
තෙවන ලෙන වන, එනම් මහා අළුත් විහාරය, සමන්විත වන්නේ, බුදු දහමේ පුනරුදයකට පණ පෙවූ වකු ලෙස කීර්තියට පත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ (1747-1782) රාජප්‍රාප්තිය අතරතුර, එකතුවූ සිවිලිම (පියස්ස) හා මහනුවර මාදිලියට අයත් බිතු සිතුවම් වලිනි. බුද්ධ ප්‍රතිමා වහන්සේලා 50 නමට අමතරව රජුගේ පිළිමයක්ද මෙහි දක්නට ඇත.
සතරවන හා පස්වන ලෙන් කුඩාය; පසු කාලයකට අයත් බවට කාල නිර්ණය කර ඇති මේවා එතරම් උසස් තත්ත්වයක් නොදරයි. පළමු හා දෙවන ලෙන් අතර පිහිටි කුඩා විෂ්ණු දේවාලයක් බොහෝ වන්දනාකරුවන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇත
මේ සියළු පිළිම ගෙවල් සිසාරා, බුදු සසුන හා රටේ ඉතිහාසය පිළිඹිබු කෙරෙන පිළිම එකසිය පනහක් පමණ පිහිටුවා තිබෙනු දැකිය හැක. මෙම පිළිම හා සිතුවම් සිංහල මූර්ති ශිල්පයේ හා සිංහල කලාවේ බොහෝ යුග පරිච්ඡේද නිරූපණය කරයි. බුදු පිළිම වහන්සේලා පමණින් හා ඉරියව් අතින් විවිධාකාරය - විශාලතමය මීටර 15ක් දිගුය. එක් ලෙනක ශෛලමය පියස්ස (සිවිලම) සිසාරා බුදු සිරිත දැක්වෙන සිත්තම් 1,500 කට වඩා දක්නට ඇත.
•රංගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
•අළුත් විහාරගෙය
පැරණි ශ්‍රී ලංකාවේ අනුරාධපුර නම් අග නගරයේ රජ කළ දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉසුරුමුණි විහාරය ගොඩ නංවන ලදී. උසස් කුලදරුවන් 500ක් මහණ කොට ඔවුනට වැඩ වාසය කිරීම පිණිස එය තනවන ලදී. කාශ්‍යප රජු විසින් (473 - 491) මෙම විහාරය පිළිසකර කොට "බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් නම් කළේය. ඔහුගේ දියණියන් දෙදෙනාගේ නම් සහ ඔහුගේ නම් එක් කොට එම නම නිර්මාණය කර ඇත. ගල් ලෙනකට සම්බන්ධ වූ විහාරයක් එහි තිබෙන අතර, උඩින් ඇත්තේ ගල් පර්වතයකි. එහි කුඩා ස්ථූපයක් තනා ඇත. එම ස්ථූපය ගොඩනගන්නට ඇත්තේ වර්තමානයේ බව පෙනෙන්නට තිබේ. වඩාත් පහළින් විවරයක දෙපැත්තෙන්ම පොකුණක සිට මතු වන ආකාරයක් නිරූපණය වන ඇත් රූප නෙළා ඇත. ගල් පර්වතය මත අශ්වයෙකුගේ රූපයක්ද නෙළා ඇත. ගල් පුවරුවක නෙළන ලද ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම වෙනත් තැනක නෙළා පසුව එම ස්ථානයේ සවි කරන්නට ඇත. විහාරයට නුදුරෙන් මගුල් උයන දක්නට ඇත.
6 වැනි සියවසෙහි ගුප්ත කලාවට අයිති කැටයමකි. කාන්තාවක් පුරුෂයාගේ උකුලෙහි වාඩි වී සිටී. ඇය ඇඟිල්ලක් ඔසවා සිටින්නීය. ඒ ඇගේ කෝල බව ප්‍රකාශ කරන්නට විය හැක. එහෙත් පුරුෂයා අනවධානයෙන් සිටී. මෙම කැටයමෙහි නිරූපණය වන්නේ දුටු ගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයි සිතිය හැකිය. ඇය නිසා තමනට උරුම වන්නට තිබූ රජකම සාලිය විසින් අත්හරින ලදැයි කියැවේ.
මිනිසෙක් හා අශ්ව හිසක කැටයමක් වන මෙය අග්නි (ගින්න) හා පාර්ජන්‍ය (වළාකුළු) යනුවෙන් හදුන්වති. එම නිසා ඓතිහාසික ස්ථාන අතරින් ඉසුරුමුණිය නැරඹිය යුතු ම ස්ථානයකි.
ස්වභාවික පරිසරයේ අපූර්වත්වය තීව්ර කරමින් තම නිර්මාණ කුසලතාවය හා තාක්ෂණික ඥානය මෙහෙයවා පුරාණ හෙළයන් විසින් කරන ලද මාහැඟි උද්‍යාන අලංකරණයක් අනුරාධපුර ඉසුරුමුණියේ සිට මීටර් 200ක් පමණ උතුරු දෙසට පිය නැගූ විට හමුවේ.එය රන්මසු උයනයි.මෙය රජවරුන්ගේ පරිහරණය සඳහා තැනූ බව පෙනේ.වසභ රජතුමාගේ කාලයේ අනුරාධපුර නගරයේ වන උයන් හා පොකුණු කරවා ඒවා පස් පියුමින් අලංකරණය කොට මසුන් හා හංසයන්ද ඇතිකළ බව මහාවංශ ගත්කරුවරුන් පවසයි.ස්ථානයේ බෑවුම් සහිත තත්ත්වය හා තිසා වැවේ ඉවුරේ ශාන්ත පරිසර තත්ත්වය සැලකිල්ලට ගෙන උයන සැලසුම් කර ඇත.තිසා වැවෙන් ලබා ගත් ජලය උයන ඔස්සේ ක්‍රමානුකූලව ගලා යාමට නළ පද්ධතියක් ඉදි කර පොකුණු කිහිපයක්ද තනවා තිබේ.ග්‍රීෂ්ම කාලයට ගැලපෙන කුඩා එළිමහන් ගෙවල්, මණ්ඩප,ස්නානාගාර හා වැතිර සිටීම සඳහා ගල් යහන් ආදිය තනවා උයන ඉතා අලංකාරව පවත්වාගෙන ගොස් ඇත.රන්මසු උයන (හෝ මගුල් උයන) ශ්‍රී ලංකාවේ ඉසුරුමුණි විහාරයට ආසන්නව ඇති පෞරාණික ජල උයනකි. අක්කර 40 ක පමණ භූමි භාගයක පැතිරී ඇති මෙම උද්‍යානය, ලක්දිව අතීත උද්‍යාන කලාව සහ සියුම් ජල කළමණාකරණ තාක්ෂණය විදහා දක්වන අද්විතීය නිර්මාණයක් ලෙස සැළකේ.පිහිටි ගල් පර්වත හා ගල් පුවරු යොදාගනිමින් ඉදිකිරීම් සිදු කොට ඇති මෙහි අලංකාර පොකුණු, ස්නානාගාර යනාදී උද්‍යානයක දැකගත හැකි සියළුම අංගෝපාංගයන් දැකගත හැකි වේ. මෙම උයනේ පොකුණු වලට ජලය ගෙන යන ගඩොලින් තැනූ ඇල මාර්ග අදටත් නොනැසී පවතී.
මහමෙවුනා උයන සාංඝික කල පසු වෙනත් රාජකීය උයනක අනිවාර්ය වුවමනාව පැන නැගුණු බැවින් මහා විහාර භූමියට දකුණු දෙසින් රන්මසු උයන ඉදිකල බව බැවසෙයි. ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේදී දේවානම්පියතිස්ස රජතුමා විසින් මෙම උද්‍යානය ඉදිකරන ලදී. ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසට අයත් සිව්වන මිහිදු රජුගේ වෙස්සගිරි සෙල්ලිපියේ රන්මසු උයන් ලෙස මෙම උද්‍යානය විස්තර කොට තිබේ.වෙස්සගිරි සෙල්ලිපියෙහි විස්තර වන අන්දමට තිසා වැවේ ජලය ප්‍රධාන සොරොව්ව හරහා පළමුව රන්මසු උයන වෙත ගෙන එන අතර, එතැන සිට කෙළ ගෙයට (කදලී ගෘහ) උද්‍යානයේ පොකුණට (උයන් ගෙය) සහ මහනෙල් පොකුණට (මහනෙල් ගෙය) ටද ගෙනගොස් අවසානයේ ඉසුරුමුණි විහාරය අවට ඇති කුඹුරු වලට ගලා බසින බැව් කියවේ.එ මෙන්ම දේවානම්පියතිස්ස රජ සමයේ සිට අනුරාධපුරයේ රජකළ රජවරුන්ගේ විනෝද උයන වූයේ රන්මුසු උයනයි. ලංකා ඉතිහාසයේ ප්‍රේම වෘතාන්තයක් වන්නේ සාලිය හා අශෝකමාලා පෙම් පුවතයි. දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමරු හට අශොකමාලාවන් හමුවූයේද මෙම උයනේ දී බව පැවසේ.
රන්මසු උයනට අයත් අංක 34 නම් ලෙනෙහි විශ්ව චක්‍රය ලෙස හඳුන්වනු ලබන රූප සහිත විශේෂ සංඛේත චක්‍රයක් දැකගත හැකිවේ. මීටර 1.8 ක පමණ විශ්කම්භයක වෘත්තයකින් යුතු මෙහි විවිධ ජ්‍යාමිතික හැඩතල හා සත්ව රූප දක්නට ලැබේ. වෘත්තයේ පිටත කොටසේ ජලජ සත්ව රූප පිහිනා යන අයුරින් දක්වා ඇත. එම සත්වයින් අතර මතස්‍යයින්, හක් බෙල්ලන්, කැස්බෑවන් හෝ ඉබ්බන්, කකුළුවා, මුහුදු අශ්වයා, මුහුදු සිංහයා හා දැල්ලෙකු යැයි සිතිය හැකි ජලජ ජීවීන් වේ.මෙහි සටහන් වෘත්තය මධ්‍යයේ සම සතරැස් කොටුවක් තුළ වෘත්ත හතක් වේ. ඒ වටා විවිධ පරිමාවෙන් යුතු කොටු දක්වා තිබෙන අතර සෑම කොටුවක් මැද කිසියම් ජ්‍යාමිතික හැඩතලයක් බැගින් දැක්වේ. එම හැඩතල අතර කොටස් හතරකට බෙදන ලද කුඩා වෘත්ත කිහිපයක්ද, ඡත්‍රයකට සමාන සංඛේතද, හඳුනාගත නොහැකි හැඩතලද වේ.මෙම චක්‍රයේ ඉහල කොටසේ පූර්ව බ්රාහ්මී අක්ෂරයෙන් සටහන්, පනති පනශ යනුවෙන් පාඨයක් වේ. එහි තේරුම පනස් තුනක් යන්න වේ. මේ චක්‍රයේ ඇති සත්ව රූප හා ජ්‍යාමිතික හැඩතල වල එකතුව එක සමාන වන අතර සත්ව රූප විස්ස හා ජ්‍යාමිතික හැඩතල තිස්තුනක එකතුවද පනස් තුනක් වේ. ඒ අනූව සෙල්ලිපියේ අන්තර්ගතය හා චක්‍ර සටහනේ එකතුවද එකිනෙක ගැලපෙයි
•එච්.සී.පී. බෙල්
“මෙමගින් ලෝක ධර්මතාවය පිළිබඳ බෞද්ධ අර්ථයක් ඉස්මතු කෙරේ. මධ්‍යයේ දැකගත හැකි චතුරස්‍රය මැද පිහිටි වෘත්ත හත සප්ත මහා සාගරය ලෙසද, එහි ඇතුලත පිහිටි තිත මහාමේරුවද, අනෙකුත් සංඛේත මගින් හිරු හා සඳුද, ජලජ සත්වයන් මගින් ජලජ ලෝකයද නිරූපණය කරන බැව් පවසයි.ඇතැම් විට මෙය ලෝකයේ පැරණිතම සිතියමක් බවටද අනුමාන කෙරේ”
•සෙනරත් පරණවිතාන
(එච්.සී.පී. බෙල් මහතාගේ අදහස අනුමත කරයි)
•මාර්ටින් වික්‍රමසිංහ
මහායාන තාන්ත්‍රයානිකයින්ගේ යන්ත්‍රයක් බව පවසයි.
•සෙනරත් දිසානායක
මෙම ලෙන ඉදිරිපිට කොටා ඇති ආසන හා සම්බන්ධ කර ගනිමින් චක්‍රය දෙස බලා එක්තරා අකාරයක භාවනාවක් සිදුවන්නට ඇති බව ප්‍රකාශ කරයි. සත්ව රූප හා ජ්‍යාමිතික රූප පනස් තුන ගණන් කරමින් මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීම වෙනුවෙන් වූ මානසික අභ්‍යාසයක යෙදීම මහි අදහස බැව් තව දුරටත් ප්‍රකාශ කරයි.
කාලාන්තරයක් මුළුල්ලෙහි වනාන්තරයෙන් වැසී පැවති මෙම භූමිය ක්‍රිස්තු වර්ෂ 1901 දී එච්.සී.පී. බෙල් මහතා විසින් සොයාගන්නා ලදුව ක්‍රිස්තු වර්ෂ 1940දී එහි සංරක්ෂණ කටයුතු සිදු කරන ලදී. වර්ථමානයේ මෙය පුරාවිද්‍යා රක්ෂිත භූමියක් ලෙස ප්රකාශිතය.
පඬුවස්නුවර යනු ශ්‍රී ලංකාවේ කුරුණෑගල පිහිටි නටඹුන් සහිත ඓතිහාසික අගනුවරක් වේ. ප්‍රාදේශීය පාලකයෙකු ලෙස 12 වන සියවසේදී පරාක්‍රමබාහු විසින් දක්ෂිණ දේශය පාලනය කල සමයේ එහි පාලන මධ්‍යස්ථානය වශයෙන් යොදාගත් පරාක්රමපුර නම් අගනගරය මෙම ස්ථානය වන්නට ඇතැයි සැළකේ. වත්මන් වාරියපොල-හලාවත මාර්ගයේ වාරියපොල නගරයේ සිට සැතපුම් 12 ක් පමණ දුරින් පිහිටි කොටම්පිටිය ප්‍රදේශය ආශ්‍රිතව මෙම පුරාණ නගරයෙහි අවශේෂ දැකගත හැකිවේ.
පළමුවන පරාක්‍රමබාහු රජු ආදිපාද තනතුර දැරූ අවධියේ ඔහු විසින් දක්ඛිණ දේශයේ ඉදිකල අගනුවර වන පරාක්‍රමපුරය, මෙම ස්ථානය ලෙස හඳුනාගෙන තිබෙන අතර වර්ථමානයේ එය පඬුවස්නුවර ලෙස ව්‍යවහාර කෙරේ.මෙහි වූ පුරාවිද්‍යා සාධක අනූව මෙම ස්ථානයේ පවතින නටඹුන් ක්‍රි.ව. 12වන සියවසට පමණ අයත් යැයි තහවුරු කොට තිබේ.මෙම පුරාවිද්‍යා ස්ථානය පඬුවස්නුවර ලෙස ව්‍යවහාරවීම හේතුවෙන් ප්‍රාදේශීය ජනයා මෙම ස්ථානයේ වූ ගොඩනැගිලි අවශේෂ පඬුවස්දෙව් රජතුමා විසින් ගොඩනැංවූ පුරාණ අගනගරයක සාධක ලෙස වරදවා වටහාගෙන තිබේ. ඒ බැව් සනාථ කිරීමට ඔවුහු මෙම පුරාවිද්‍යා භූමියට නුදුරින් පිහිටා ඇති පඬුවස්නුවර රජ මහා විහාර පරිශ්‍රයෙහි වූ චක්‍රාවාලය, උන්මාද චිත්‍රාව සිරකර තිබූ එක්ටැම් ගෙය ලෙසත්,පඬුවස්නුවරට ආසන්නව පිහිටි දොරබාව නැමැති ග්‍රාමය, පණ්ඩුකාභය කුමරු සඟවා සිටි දොරමඬලාව ග්‍රාමය ලෙසත් හුවාදක්වති.කෙසේනමුදු පඬුවස්නුවර යන නාමය කුරුණෑගල රාජධානි සමයේ තරම් මෑත සමයේදී පැමිනෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. තවත් මතයකට අනූව මෙම ස්ථානය ආසන්නයේ පිහිටි පුරාණ වැවක් වූ පඬා වැව හේතුවෙන් මෙම ස්ථානයට පඬුවස්නුවර යන නාමය ලැබෙන්නට ඇතැයි සැළකේ.
වර්ෂ 1140දී පමණ තම මාමා වූ කීර්ති ශ්‍රී මේඝ රජුගේ අනුප්‍රාප්තිකයා ලෙසින් දක්ඛිණදේශයේ පාලකයා බවට පත්වූ පරාක්‍රමබාහු රජු, පරාක්‍රමපුරය සිය පාලන මධ්‍යස්ථානය වශයෙන් යොදාගනිමින් දක්ඛිණදේශයෙහි යටිතල ව්‍යුහය වැඩි දියුණු කිරීමට පියවර ගත් බව සඳහන් වෙයි. එසේම ඉන්දියාවට පැහැරගෙන ගොස් තුබූ දළදා වහන්සේ නැවතත් ලක්දිවට වැඩමවූ පසු පරාක්‍රමබාහු රජු විසින් පරාක්රමපුර පිහිටි පඬුවස්නුවර රජ මහා විහාර පරිශ්‍රයේ වූ දළදා මැදුරෙහි කෙටිකලක් තැම්පත්කොට වැඳුම්පිදුම් සිදුකෙරූ බව තොරතුරු ප්‍රකාශ වේ.පසුකාලීනව සිදුකල යුද්ධමාලාවකින් අනතුරුව වර්ෂ 1153දී මුළු දිවයිනෙහි රාජ්‍යත්වය හිමිකරගත් පරාක්‍රමබාහු රජු සිය අගනගරය පරාක්‍රමපුරය සිට පොළොන්නරුව (චූල වංශයෙහි සඳහන් පරිදි පුලත්තිනගර) වෙත ගෙනගිය බැව් සඳහන් වේ.
මෙහි දැකගත හැකි නටඹුන් ක්‍රි.ව. 12වන සියවසට අයත් වේ. හෙක්ට්යාර 20ක පමණ භූමි ප්‍රමාණයක නටඹුන් ගොඩනැගිලි විසර පවතී. ඒ අතර පංචායතන ගොඩනැගිලි, රජමාළිගයක නටඹුන් හා ශිලා ලේඛන වේ.