ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාරයන් සියල්ලකම පාහේ මෙන්ම ලංකාවෙහිද ජනාවාස ආරම්භයත් සමග ජලය යන්න වැදගත් අවශ්‍යතාවක් වූයෙන්, ජලාශ්‍රිතව එම ශිෂ්ටාචාර බිහි විය. ඔයන්වි ශේෂයෙන් සිදුවූ මුල්ම ආර්යය සංක්‍රමණය වන විජයගේ සංක්‍රමණයේ සිට සෑම තම ජනාවාස බිහිකරගත්තේ ගංඟා නිම්න ආශ්‍රිතවය. එනම් ආර්යයන් විසින් ඇරඹූ ඉපැරණි ආර්යය ජනපද වන අනුරාධ ග්‍රාම, උපතිස්ස ග්‍රාම, විජිත ග්‍රාම, ඌරුවෙල ජනපදය, දීඝායු, කතරගම, සදුන්ගම,මාගම, රාමගොණ්ණ, කල්‍යාණි වැනි ජනපද මල්වතු ඔය, කලා ඔය, දැදුරු ඔය, මහවැලි ගඟ, ගල් ඔය, කුඹුක්කන් ඔය, මැණික් ගඟ, කිරිඳි ඔය,වලවේ ගඟ, කැළණි ගඟ යන ගංගා මිටියාවත් ආශ්‍රිතව පිහිටා තිබේ.
වියළි කලාපයේ ගංඟා මිටියාවත් ආශ්‍රිතව ජනපද පිහිටවූ ආර්යයන්ට ජනගහනයේ වර්ධනයත් සමඟ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට සිදුවීම නිසා ඔවුන් වියළි කලාපයෙන් රට තුළට සංක්‍රමණය වූහ. එසේ වියළි කලාපයෙන් රට තුළට සංක්‍රමණය වීමේදී එම ප්‍රදේශයේ පැවති තැනිතලාවන්හී භූගෝලීය ලක්ෂණය ආර්යයන්ගේ ප්‍රධාන බෝගය වූ වී ගොවිතැනට වඩාත් යෝග්‍ය විය. එහෙත් වියළි කලාපීය ප්‍රදේශයට වර්ෂාව ලැබුනේ වසරකට එක් කාලයකදී පමණි. ඒ අතර එය අඟල් 50-75ත් අතර ප්‍රමාණයේ වර්ෂාවක් විය.වියළි කලාපයට නොයෙක් කාලවල සාගත, නියඟ ආදියට මුහුණ දීමටද සිදු විය.වියළි කලාපයට වර්ෂාව ලැබුනේ වසරකට එක් කාලයකදී වූවත් කෘෂි කාර්මික කටයුතු වලට වසර පුරා ජලය අවශ්‍ය වූයෙන් එම වසරකට වරක් අතිරික්තව ලැබුණු ජලය සුරක්ෂිතව ගබඩා කරගෙන පරිහරණය කිරීමට සිදුවිය.එම අරමුණෙන් යුක්තව වැව් ඉදි කිරීම ඇරඹි බව පැහැදිලිය.
වාරි නිර්මාණයන්හි වැදගත්කම
වර්ෂය පුරාවට ලැබුනු අතිරික්ත ජලය සුරක්ෂිතව තබාගැනීමේ මූලික පරමාර්ථයෙන් වාරි කර්මාන්ත කෙරහි ශ්‍රී ලාංකිකයන් නැඹුරැ වූ බැව් අප මූලිකව අවබෝධකර ගත්තෙමු.එහිදී ජලපහරක් ස්වාභාවිකව පිහිටි උස් භූමි දෙකකට කොටු කරමින් එක් පසකින් පමණක් ලී දඬු,කොල අතු වැනි දෑ හරස් කොට පූර්ව යුගයේ වාරි නිර්මාණ සිදු කළද,ඒවායේ වූ තාවකාලික බව හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් එම නිර්මාණයන් වෙත දේශීය ඉංජිනේරැ දැනුම භාවිත කරමින් වඩා සංකීර්ණ වූ නිර්මාණ බවට ඒවා පරිවර්තනය කළේය.මෙලෙස ක්‍රමයෙන් ලාංකීය වාරි නිර්මාණ ලොව අන් කිසිඳු රටක දක්නට නොවන ආකාරයෙන් සුවිසල් හා විශ්මිත වූ නිර්මාණයන්ගේ තත්වයට වර්ධනය විය. විශේෂයෙන්ම තාක්ෂණයෙන් උසස් යැයි කියා ගන්නා වත්මන් ඉංජිනේරැ තාක්ෂණයන්ට පවා හසු නොවන්නා වූ ක්‍රමවේදයක් අපගේ අතීත වාරි නිර්මාණ ශිල්පීන් සතු වූ බැව් ඇතැම් වාරි නිර්මාණ අපට පසක් කරයි.උදාහරණ ලෙස, මින්නේරිය වැව,කලා වැව,පරාක්‍රම සමුද්‍රය ආදී වැව් යෝධ ඇළ ආදී වූ නිර්මාණ පෙන්වා දිය හැක.
ශ්‍රී ලංකාවේ අතීත වාරි නිර්මාණයන්හි වූ විශිෂ්ඨත්වය විදේශිකයන් පවා ඉහළින් අගය කොට ඇත.ඒ බැව් පහත ප්‍රකාශයෙන් පවා පැහැදිලි වේ. "යුරෝපයේ නිසි ශීලාචාරකමක් ඇතිවන්නට ශතවර්ෂ ගණනාවකට පෙර උපන් ආර්යය වර්ගයා විසින් නිපදවන ලද දේවල් බලා පුදුමයට පත් වන්නට යුරෝපීයන්ට සිදු වී තිබේ.ලක්දිව ගොවිතැනට ජලය සැපයීම කර තිබෙන වැව් කර්මාන්තය ගැන පරීක්ෂා කර බැලීමේදී පුරාණ වැව් බැදීමේ තාක්ෂණය විස්මය ජනක බැව් කිව යුතුය.සිංහල ඉංජිනේරැවන්ගේ වැඩ අප විසින් කරනු ලබන පැනමා ඇළ බැදීමේ වැඩට සංසන්දනය කර බැලීමේදී එම වැඩ පෙර සිංහල ඉංජිනේරැවන්ට ළමයකුගේ ක්‍රීඩාවක් මෙන් වැටහෙනවා ඇත."
-ඇමරිකානු දේශාටක බිගැලෝ-1910
(සිරිවර්ධන,ප්‍රසාද් ම්ලින්ද;ශ්‍රී ලංකාවේ අාර්ථික විකාශය සංක්ෂිප්ත විමසුම.2002.)
මුල් යුගයේ ඉදි වූ වාරි කර්මාන්ත ඉතා සරල වාරි කර්මාන්ත වන අතර කඳු පන්තීන් දෙකකින් වට වූ භූමි ප්‍රදේශයක් සරලව ආවරණය කරමින් වැවක් ඉදි කලේය.ඒමෙන්ම ඍජුවම වැවේ සිට කුඹුරට ජලය ලබා ගැනීම වැනි සරල වාරි කර්මාන්ත මුල් යුගයේ පැවතුණි.එසේම ඇළ පහරක් හරහා තාවකාලිකව අමුණක් බැඳ ගොවි බිම් වලට ජලය ලබා ගැනීම පැවති සම්ප්රදාය බැව් දීඝ නිකාය ටීකාවේ සදහන් වේ. මෙම මුල් යුගයේ ඉදි වූ සරල වාරි කර්මාන්ත බොහෝ විට පුද්ගලික මෙහයවීමෙන් නිර්මාණය වූ අතර ක්‍රිස්තු පූර්ව යුගයේ ඉදි වූ මේවා ගම් වැව් ලෙස හැදින්වේ.ක්‍රිස්තු පූර්ව යුගයේ ලියවී ඇති ශිලා ලේඛන වලින් පුද්ගලික වැව් හිමියන් සිටි බව වව් හමික,වපි හමික,ගමික යන තනතුරැ නාමයන්ගෙන් පැහැදිලි වේ.වංශ කතාගත තොරතුරැ වලට අනුව ලංකාවේ ඉදිකරනු ලැබූ පැරණිම ගම් වැව වශයෙන් සදහන් වන්නේ විජය හා පැමිණි අනුරාධ අමාත්‍යවරයා විසින් අනුරාධ ග්‍රාමයේ ඉදිකළ වැවයි.
වංශකතාගත තොරතුරැවලට අනුව ප්‍රථම වරට රාජ්‍ය අනුග්‍රහය තුළින් වැවක් ඉදි කිරීම පිළිබදව සදහන් වනුයේ අනුරාධ අමාත්‍යයා ඇරඹි අනුරාධ ග්‍රාමය අංග සම්පූර්ණ පුරයක් බවට පත් කළ පණ්ඩුකාභය රජු නගරය ආශ්‍රිතව ඉදි කළ අභය හෙවත් බසවක්කුලම වැවයි.එය මෙතෙක් ලක්දිව හමු වී අති පැරණිතම වාරි කර්මාන්තයයි.එතැන් පටන් ලක්දිව රජවරැ විවිධ ප්‍රමාණයන්ගෙන් වාරි කර්මාන්ත සදහා දායකත්වය සැපයූ අතර ඉතා විශාල වශයෙන් වාරි කර්මාන්ත සංවර්ධනය වූ අවධි ආර්ථික අතින්ද සමෘද්ධිමත් යුගයන් විය. විශේෂයෙන් කෘෂිකර්මාන්තය සදහා ජලය අත්‍යාවශ්‍යම සාධකයක් වූ අතර එය විශාල වශයෙන් ලැබීම තුළ කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති වී ආර්ථික සමෘද්ධිය ලඟා විය.එමෙන්ම රජතුමා ජනතාව අතර ආදර ගෞරවයට හා ජනප්‍රියත්වයට පත් වීම සඳහා ද මෙම වාරි නිර්මාණ ඉවහල් විය.ඇතම් රජවරැ වාරි නිර්මාණ නිසා ජනතාව විසින් දේවත්වයෙහිලා සලකා තිබේ.උදාහරණයක් ලෙස ක්‍රි.ව.274-301 අතර රජ කළ මහසෙන් රජු "මින්නේරිය දෙවියෝ හෙවත් හත් රජ්ජුරැ බණ්ඩාර" ලෙස ජනතාව අතර වන්දනයට පාත්රව ඇත.වාරි නිර්මාණ ඉදි කිරීම තුළින් රජු ,ජනතාව ඒවායින් ලබා ගත් ජලය වෙනුවෙන් බදු අය කළ අතර ,එය රජුගෙ අාදායම් ඉහළ යාමටද හේතු විය.
මූලිකවම ලංකාවේ අනුරාධපුර යුගය හා පොළොන්නරැ යුගයන්හිදී වාරි කර්මාන්තය වේගයෙන් සංවර්ධනය වූ අතර රාජ්‍ය මැදිහත් වීමද ඒ සදහා නොමදව හිමි විය.එකී අවධීන් පහත පරිදි පෙළගැස්විය හැක.
වසභ රඡතුමා (ක්‍රි.ව.67-111)
මධ්‍යම ප්‍රමාණයේ වැව් තැනීමේ ආරම්භක පාලකයාය. වාරි නිර්මාණ සදහා මුල් වරට විශාල වශයෙන් රාජ්‍ය අනුග්‍රහය හිමි වේ. වැව් 11ක් හා ඇළ මාර්ග 12ක් නිර්මාණය කළේය. භූමිය මැනීම හා සමෝච්ඡ රේඛාකරණය දියුණු තත්වයක පැවත ඇත.
මහසෙන් රඡතුමා (ක්‍රි.ව.274-301)
විශාලම ප්‍රමාණයේ වැව් තැනීමේ ආරම්භක පාලකයාය. වැව් 16ක් හා ඇළ මාර්ගයක් නිර්මාණය කළේය. වාරි කර්මාන්තයට කළ ව්ශිෂ්ඨ සේවය නිසාම ජනතාව අතර දේවත්වයට පත්ව තිබේ.
ධාතුසේන රඡතුමා (ක්‍රි.ව.465-473)
අනුරාධපුර යුගයේ වාරි කර්මාන්ත ඉතිහාසයෙහි සංවර්ධිතම අවධියයි. මහ වැව් 18ක් හා ඇළ මාර්ග කිහිපයක් නිර්මාණය කළේය.
පළවන පරාක්‍රමබාහු රඡතුමා (ක්‍රි.ව.1153-1186)
පොළොන්නරැ යුගයේ රාජ්‍ය පාලනය කලේය. ලංකාවේ වාරි කර්මාන්ත ඉතිහාසයෙහි සංවර්ධිතම අවධියයි. "අහසින් වැටෙන ජලය මදකුදු ලෝකෝපකාරයෙන් තොරව කිසි කලෙකත් මුහුදට නෙයේවා" යන ආදර්ශයෙන් ක්‍රියා කර ඇත. අමුණු 165,මහ වැව්163,ඇළ මාර්ග3910,කුඩා වැව්2376 ක් හා සොරොව්340 ක් නිර්මාණය කළේය.
මේ අාකාරයට මූලිකවම අතීත රාජ්‍ය මැදිහත්වීම ඔස්සේ සංවර්ධනයට පත් ලක්දිව වාරි කර්මාන්තය තුළ ඉදි වූ නිර්මාණයන් මූලිකවම කොටස් කිහිපයකට වර්ග කළ හැක.
වැව්
ඇළ මාර්ග
පොකුණු
මෙකී වාරි නිර්මාණයන් ඉදි කිරීමෙන් පමණක් නොනැවතුණු රජවරැ ඒවායේ නඩත්තුව සඳහා වෙනමම නිලධාරීන් පත් කළ අතර වැව් ජලයට ලබා ගත් බදු මුදල් වලින් ඒවා නඩත්තුවට අවශ්‍ය මුදල් ප්‍රමාණයන්ද වෙන්කරන ලදී.වැව් නඩත්තුවට හා ඒවා භාරව පත් කළ නිලධාරීන් අතර , අණාණික තිශ-වාරි කර්මාන්තය හා සම්බන්ධ ඉංජිනේරැවන්(දඔල්ලෙන් ලැබුණු සෙල් ලිපියක්) අඩිතය උතර-ඇළ මාර්ග භාරව කටයුතු කළ නිලධාරී(කෑගල්ල දිස්ත්‍රික්කයේ මාපිට විහාරයේ ලෙන් ලිපියක්) වැවෑ ජෑරැම්-වැව් කර්මාන්තය හා සම්බන්ධ විධායක නිලධාරී(මිහින්තලයෙන් ලැබුණු දෙවන සේන රාජ්‍ය කාලයට අයත් ලිපියක්) යන නිලධාරීන් සිටි බව සදහන් වේ.එසේම වැවෙන් ලබාගත් ජලය සඳහා උදක භාග හෙවත් දකබක, දකපති, මතර මජිබකපති යන බදු වර්ග අය කරගත් බැව් සෙල් ලිපි සාක්ෂි දරයි.මෙය මුදලින් නැතිනම් අස්වැන්නෙන් කොටසක් ලෙස අය කරගත් බැව් සදහන් වේ.
ස්වාභාවිකව පිහිටි ජල මාර්ගයකට බාධකයක් දමමින් මූලිකවම වැව් ඉදි කිරීම ඇරඹි අතර ,පසු කාලීනව එය දියුණු හා සංකීර්ණ වූ තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ විශාල වශයෙන් වර්ධනය විය.මූලිකවම වියළිත ඉතා විශාල ජල ධාරිතාවක් රදවා තබාගත හැකි නිර්මාණයක් දක්වා වර්ධනය විය.ඒ අනුව ස්වාභාවිකව පිහිටි උස් භූමි දෙකකට ජලය මැදිවන ලෙස එක් පසෙකින් බැම්මක් ඉදිකිරීමෙන් ඇරඹි වැව සදහා නවීන අංගයන් එක් වන්නට විය. ඒ අනුව වැව් බැම්ම,සොරොව්වට අමතරව බිසෝකොටුව,සළපනාව,පිටවාන ආදී වූ නවීන අංගයන් වැවට එක් විය.
වැව් බැම්ම - වැවේ ජලය රඳවා තබා ගනී
සොරොව්ව - ජලය අවශ්‍ය ප්‍රමාණයට මුදා හරී
සළපනාව - රළ පහරින් වැව් බැම්මට විය හැකි හානි වළක්වයි
පිටවාන - අතිරික්තව ලැබුණු ජලය මුදා හරී
බිසෝ කොටුව - සොරොව්ව වෙත එන අධික පීඩනය අවම කරයි
පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි ලක්දිව වාරි කර්මාන්ත ඉතිහාසය එතැන් පටන් විවිධ රාජ්‍ය අනුග්රහයන් යටතේ සංවර්ධනය විය.එය සැකෙවින් මෙසේ පෙළගැස්විය හැක.
පණ්ඩුකාභය රජු -බසවක්කුලම වැව (අභය වැව)
දේවානම්පියතිස්ස රජු -තිසා වැව
මහානාග රජු -තිස්ස වැව, වළස් වැව
දුටුගැමුණු (දුට්ඨ ගාමිණී) රජු -සොරබොර වැව
සද්දාතිස්ස රජු -පදවිය වැව ඇතුළු වැව් 18ක්
ආමණ්දගාමිණී අභය රජු -මහා ගාමෙන්දි වැව
ඉලනාග රඡු -තිස්ස වැව, දූරතිස් වැව
සදමුහුණුතිස්ස රඡු -මනිකාලගාම වැව
වසභ රජු -නොච්චිපොතාන වැව, හිරිවඩුන්න,කාලියවධන, මාන්නන්කැටිය,මහවිලච්චිය, කලා බළලු වැව ඇතුළු වැව් 11ක්
මහසෙන් (මහා සේන) රජු -මින්නේරිය වැව, කවුඩුළු, හුරෑළු, මහගල් කඩවල, මහකණදරා, මාමිණියා වැව ඇතුළු වැව් 16ක් ඉදි කර ඇත.විශාලතම වාරි කර්මාන්තය වන්නෙ අක්කර 4670ක භූමියක් වැසී යන පරිදි සැතපුම් 1.25ක් දිග වැව් බැම්මකින් යුත් මින්නේරිය වැවයි.
පළමුවන උපතිස්ස රජු -තෝපා වැව, දුඹුතුළු වැව ඇතුළු වැව් 06ක්
ධාතුසේන රජු -කලා වැව, මානවත්තු හෙවත් යෝධ වැව ඇතුළු වැව් 18ක් ඉදි කර ඇත.විශිෂ්ඨතම නිර්මාණය වන්නේ අක්කර 6380ක භූමියක් වසා ගත් සැතපුම් 3.75ක් දිග වැව් බැම්මකින් යුත් කලා වැවයි.
යෝධ වැවේ ඇති විශිෂ්ඨත්වය වනුයේ සැතපුම් 7ක් දිග අඩි 14ක් උස වැව් බැම්ම සම්බන්ධ කිරීමට ස්වාභාවික කඳු පන්තීන් දෙකක් නොමැති වුවත් වැව් බැම්ම අර්ධ කවාකාර බැමි දෙකක් ලෙස නිමවා වැවක් ඉදි කිරීමට ලාංකීය වාරිකාර්මික ශිල්පීන් සමත්ව ඇති බැවිනි.
දෙවන මුගලන් රජු -පත්පහණ වැව, පදවිය වැව ඇතුළු වැව් 03ක්
පළමුවන අග්බෝ රජු -මාදුරෑ වැව, කුරැන්දවාපිය වැව, මිහින්තලේ වැව
දෙවන අග්බෝ රජු - කන්තලේ වැව, ගිරිතලා වැව, බලාහස්ස වැව ඉදි කර ඇත.මේ අතරින් කන්තලේ වැව ලංකාවේ ගැඹුරැතම වාරි කර්මාන්තය ලෙස සැලකේ.එහි වැව් බැම්මේ ඇතැම් ස්ථානයක උස අඩි 52.5ක් පමණ වේ.
පළමුවන විඡයබාහු රජු -බුදුගුණවාපිය වැව
පළමුවන පරාක්‍රමබාහු රජු - පරාක්‍රම සමුද්‍රය, තෝපා, දුඹුතුළු, එරබදු, පරාක්‍රම තටාක, මහින්ද තටාක, පරාක්‍රම සාගර, ඒකහවාපී වැව ඇතුළු මහ වැව් 163ක් හා කුඩා වැව් 2376ක් ඉදි කර ඇත.මොහුගේ විශිෂ්ඨතම නිර්මාණය වන්නෙ පරාක්‍රම සමුද්‍රයයි.අක්කර 5350ක භූමි ප්‍රදේශයක් යටවන පරිදි නිර්මිත එහි බැමමේ දිග සැතපුම් 8.5ක් පමණ බවත් උස අඩි 40ක් පමණ වන බවත් සදහන්ය.
පුරාවිද්‍යා සාක්ෂි මත තහවුරැ කරගන්නා ලද වාරි නිර්මාණයන් මෙපමණ වූවත්, ඊට වඩා විශාල ප්‍රමාණයක් වැව් ලක්දිව ඉදිවන්නට ඇත.නමුත් ඒවා පිළිබදව සඳහන් නොවන්නට ඇත්තේ ඇතැම් විට ඒවා රාජ්‍ය අනුග්‍රහය මත ඉදි නොවීම හෝ ඉදි කළ නිර්මාණයන්ගේ පුරාවිද්‍යාත්මක සාධක විනාශ වී යාම නිසාවෙනි.ලංකාවේ අතීත රාජධානි මාරැවීමේදී විශේෂයෙන් පොළොන්නරැ යුගයෙන් පසු රාජධානි ඉතා සීමිත වූ කාලයක් පැවතීම නිසා පසු යුගයන් තුළ එතරම් විශාල වාරි නිර්මාණයන් සිදු නොවුණි.
ස්වභාවිකව පිහිටි ඇළ මාර්ග හා ගංගා හරස් කරමින් වැව් තැනීම ආරම්භ කළද, ජනතාවගේ අවශ්‍යතාවය මත කෘතිමව ඉදිකළ ඇළ මාර්ගයන්ද අපගේ අතීත වාරි කර්මාන්තය තුළ දැකගත හැක. මූලිකවම වැවකට ජලය ගෙන ඒමට හෝ එකී වැවක පවතින අතිරික්ත ජලය තවත් වැවකට ගෙන යාමේ අරමුණු ඇතිව ඇළ මාර්ග ඉදි විය. එසේ ඉදි වූ ඇළ මාර්ගයන්ටද අතීත වාරි කාර්මික දැනුම එක සේ අදාල කර ගත් අතර, වත්මන් නිර්මාණයන් හා සසදද්දී ඒවා ඉතා උසස් මට්ටමක විය. ඇතැම් නිර්මාණ ගංගාවන් තරමටම විශාල වූයෙන් ඒවා ගංගා වශයෙන් ම පොදු භාවිතය තුළ හැඳින්විණි. ජය ගඟ වැනි ඇළ මාර්ග ඒවාට උදාහරණයන්ය.
වැවි ඉදිකිරීම තරම්ම අතීතයක නොවුණද ඇළ මාර්ග ඉදි කිරීමද අපගේ අතීත රජවරුන් සතුව ජනප්‍රියව පැවති බවට සාක්ෂි පවතී. මේ පිළිබඳව ප්‍රථම වරට පැහැදිලි සාක්ෂි මතු වන්නේ ක්‍රි. ව. 67 - 111 අතර කාලයේ රාජ්‍ය කළ වසභ රජුගේ කාලයෙනි. ඔහු විසින් මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන අඹන් ගඟ හරස් කරමින් සැතපුම් 30 ක් දුරට විහිදෙන පරිදි ඇලිසාර හෙවත් ඇළහාර ඇළ ඉදිකළ බැව් දැක්වේ. මේ නිර්මාණයට අමතරව ඔහුගේ රාජ්‍ය කාලයේ ඇළ මාර්ග 11 ක් ඉදි වූ බැව් දැක්වේ. මේ අනුව අනුරාධපුර යුගයේ වාරි කර්මාන්ත ඉතිහාසයේ ප්‍රධාන සංධිස්ථානයක් වන වසභ රාජ්‍ය කාලය වන විට ඇල මාර්ග තැනීමෙහි වටිනාකම හා ඒ පිළිබඳව වූ කිසියම් අවබෝධයක් අපගේ අතීත වාරි ඉංජිනේරුවන් සතු වූ බැව් පැහැදිලිය. මීට අමතරව මේ කාලයේදීම පොකුණු නිමවා ඊට පොළව යටින් ජලය ගෙන යාමේ උමං ජල මං ක්‍රමයක් පැවති බවටද සාක්ෂි වේ. එය වංශ කතාවෙහි "ජල මාතිකා ” යනුවෙන් දක්වා තිබේ. මේ අනුව අපගේ ඇළ මාර්ග ඉදිකිරීමේ තාක්ෂණය එවකටද ඉතා දියුණු මට්ටමක පැවති බවට පසක් වේ.
අමුණු ඉදි කිරීම බොහෝ විට වැව් තැනීම සඳහා යොදා ගත් අතර විශේෂයෙන් වැවකට ජලය ලබා ගැනීමේදී ගංගාවක් හරස් කිරීම සඳහා අමුණු ඉදි කළේය. ඇතැම් අවස්ථා වල අමුණක් ඉදි කරමින් ස්වභාවික ගංගාවක දිශාව වෙනස් කරමින් වෙනත් ප්‍රදේශයකට ජලය ලබා ගත් අවස්ථාද ඇත. අපගේ අවධානය මීලඟට යොමු වන්නේ අපගේ අතීත ඇළ මාර්ග හා අමුණු නිර්මාණයන් පිළිබඳව විමසා බැලීමටයි.
මහසෙන් රජු ( ක්‍රි. ව. 274 - 301 ) - අනුරාධපුර යුගයේ විශාලම ප්‍රමාණයේ වැවි ඉදි කිරීමේ ආරම්භකයා හැටියට සැලකෙන මහසෙන් රජගේ කාලයේදී ඉදිවූ කවුඩුළු වැව සඳහා පබ්බත ඇළ නම් වූ ඇළ මාර්ගයක් ඔස්සේ ජලය ලබාගත් බව දැක්වේ. මීට අමතරව තලවතු ඇළ නම් වූ විශාල ඇළ මාර්ගයක් මොහුගේ රාජ්‍ය අනුග්‍රහය මත ඉදි වූ බවත්, වසභ ඉදිකළ ඇළහැර ඇළ මින්නේරිය දක්වා දීර්ඝ කිරීමක් සිදු විය.
ධාතුසේන රජු ( ක්‍රි. ව. 455 - 473 ) - අනුරාධපුර යුගයේ වාරිකර්මාන්තයේ ස්වර්ණමය යුගය වශයෙන් සටහන්වන ධාතුසේන රාජ්‍ය කාලය තුළ ඉදි වූ ජය ගඟ හෙවත් යෝධ ඇළ අතීත වාරි ඉංජිනේරුවාගේ හැකියාව ලොවට ප්‍රදර්ශණය කළ මහඟු නිර්මාණයකි. එනම් සැතපුම් 54 ක් දිග යෝධ ඇළේ පළමු සැතපුම් 16 තුළ ඇත්තේ සැතපුමකට අඟල් 6 ක් තරම් වූ ඉතා කුඩා බෑවුමකි. මේ නිසා ඉතා විශාල ප්‍රදේශයක් ජලයෙන් පෝෂණය කිරීමේ හැකියාව යෝධ ඇළට හිමි වී ඇත. විශේෂයෙන්ම මෙය ඉදිකිරීමට හේතු වූ අනුරාධපුර නගරයේ ජනගහනය වැඩි වීමේ ගැටළුවට එමගින් විසඳුම් සපයා ගන්නට අපගේ අතීත වාරි ඉංජිනේරුවන්ට හැකිවන්නට ඇත.
ක්‍රි. ව. 5-6 ශතවර්ෂය වන විට ඇළවල් මඟින් වැව් එකිනෙකට සම්බන්ධ කිරීම නිසා මල්වතු ඔයේ ජලය මහවැලි ගංගාව දක්වා ගෙන යන පරිදි සංකීර්ණ ජල ප්‍රවාහයක් බවට සංවර්ධනය වී තිබූ බවට ඓතිහාසික සාක්ෂි පවතී. විශේෂයෙන් මෙකල ඉදි වූ මිනිපේ අමුණ, හත්තොට අමුණ ආදී වූ නිර්මාණ මහවැලි ගඟ ආශ්‍රිතව ඉදි වී තිබේ.
1 වන පරාක්‍රමබාහු රජතුමා ( ක්‍රි. ව. 1153-1186 ) - ශ්‍රී ලංකාවේ වාරි කාර්මික ඉතිහාසයෙහි ස්වර්ණමය යුගය හා අවසන් වැදගත් යුගය වශයෙන් දැක්වෙන පරාක්‍රමබාහු රාජ්‍ය කාලය තුළ ඇළවල් 3910 ක් හා අමුණු 165 ක් ඉදි වූ බවට සාක්ෂි පවතී. එය ලංකාවේ පමණක් නොව ලෝකයේ අන් කිසිඳු පාලකයෙකුට නොදෙවෙනි තරම් වූ වාරි කාර්මික සංවර්ධනයක් බැවි ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇත. විශේෂයෙන් ඔහු ඉදිකළ පරාක්‍රම සමුද්‍රය වැනි සුවිශාල වාරි නිර්මාණයන් සඳහා ජලය ලබා ගැනීම සඳහා මහවැලි ගඟ හරස් කොට අංගමැඩිල්ල නම් ස්ථානයේ අමුණක් ඉදි කරමින් අංගමැඩිල්ල ඇළ ඔස්සේද, ගිරිතලේ වැවේ සිට ඇරඹෙන ඇළ මාර්ගයක් ඔස්සේද ජලය සපයා ගත් බැවි දැක්වේ.
මෙසේ විවිධ රාජ්‍ය අනුග්රහයන් යටතේ ලංකාවේ ඇළ මාර්ග හා අමුණු සංවර්ධනය සිදු වූ අතර වාරිකර්මාන්තයේ ස්වර්ණමය අවධිය වූ පරාක්‍රමබාහු රජුගේ කාලය වන විට ඇළ මාර්ගයන් ඔස්සේ සියළු වැව් හා ගංගා මකුළු දැලක ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ වූ ඉතා සංකීර්ණ ජල ප්‍රවාහන ක්‍රමයක් දක්වා වර්ධනය වී තිබූ බැවි පැහැදිලිය.
ශ්‍රී ලංකාවේ වාරිකර්මාන්ත නිර්මාණයන් අතර කලාත්මක ගුණයෙන් ඉතා ඉහළ නිර්මාණයක් වශයෙන් පොකුණු පෙන්වා දිය හැක. විශේෂයෙන් රාජ මාළිගා, පූජ්‍ය ස්ථාන ආදියෙහි පොකුණු නිර්මාණය වී ඇති අතර, රාජ අමාත්‍යාදීන්ගේ මෙන්ම බිසෝවරුන්ගේ පරිභෝජනයටද, සංඝයා වහන්සේලාගේ පරිභෝජනය සඳහා ද මෙම පොකුණු නිර්මාණය කර ඇත. මේ නිසා පොකුණු නිර්මාණයේදී කලාත්මක ලක්ෂණ ඊට ආරෝපණය කර ගන්නට ඇත. අනුරාධපුර යුගයේ මෙන්ම, පොළොන්නරු යුගයේ දැක ගත හැකි රාජ මාළිගා, පිරිවෙන් ආදී වූ සෑම ස්ථානයකම පාහේ පොකුණු නිර්මාණ දැකගත හැක. උදාහරණයක් ලෙස අභයගිරිය, ජේතවනාරාමය ආදියේද, පොළොන්නරුව ආලාහන පිරිවෙන් භූමියේද විශාල පොකුණු ප්‍රමාණයක් දැකගත හැක. කුට්ටම් පොකුණ, ඇත් පොකුණ, පොළොන්නරුවේ නෙළුම් පොකුණ ආදී වූ නිර්මාණ පොකුණු අතර උසස් ගණයේ නිර්මාණ කිහිපයකි.
කුට්ටම් පොකුණ
ක්‍රි. ව. පස්වන සියවසේදී අනුරාධපුර යුගයේ රාජ්‍ය පාලනය කළ කාශ්‍යප රජු විසින් තම අග නගරය වශයෙන් සීගිරිය නම් වූ හුදකලා පර්වතය තෝරාගෙන එය සියළු නගරාංගයන්ගෙන් යුත් පුරවරයක් බවට සංවර්ධනය කළේය. හෙක්ටයාර 1.5 ක පමණ භූමි භාගයක් පුරා දිය අගල්, පවුරු, පොකුණු, මාළිග, මං පෙත් ආදී වූ සියළු අංගයන්ගෙන් සමන්විත ඉතා දියුණු නාගරික ලක්ෂණයන්ගෙන් යුත් පුරවරයක් වශයෙන් සීගිරිය ගොඩනගා ඇති බැවි දැනට ඉතිරිව ඇති නටඹුන් තුළින් විද්‍යාමාන වෙයි.
මෙහිදී අප විසි න් විමසා බැලෙන වාරි තාක්ෂණයට අදාලව සීගිරි රාජධානියේ ඇති වැදගත්කම නම් ඉතා සංකීර්ණ වූ ජලවහන පද්ධතියක් ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක වීමයි. විශේෂයෙන් අදටද රහසක්ව පවතින සීගිරි පර්වතය මුදුනට ජලය ගෙන යාමේ සිට, දිය අගල්, පොකුණු, දිය මල් ආදී වූ නිර්මාණ රාශියක් සීගිරිය ආශ්‍රිතව දැක ගත හැක. විශේෂයෙන් සීගිරිය ආරක්ෂිත බලකොටුවක් වශයෙන් සංවර්ධනය කළ නිසාවෙන් විශාල වශයෙන් සීගිරිය අවට දිය අගල් වලින් ආවරණය කර තිබේ. ඒ හැරුණු විට උද්‍යාන නිර්මාණයේදී වෙනමම ජලෝද්‍යානයක් සීගිරිය තුළ දැකගත හැක. මේ ප්‍රදේශය තුළ ස්වභාවිකව පිහිටි ගල් හාරා නිර්මාණය කළ පොකුණු මෙන්ම කෘතිමව නිර්මාණය කළ පොකුණුද දැකගත හැක. එය අදටද පවා යෝග්‍ය වූ උසස් නගර සැලසුම් ශිල්පයන් මත ඉදි වී ඇති බැව් නූතන ඉංජිනේරුවන්ගේ මතයයි.
මීට අමතරව සීගිරිය තුළ අදටද වර්ෂා කාලයේදී ක්‍රියාත්මක වන දිය මල් දැක ගත හැක. විශේෂයෙන් පර්වතය මුදුනේ සිට පහලට ගලා එන ජලය පීඩනයට ලක් කරමින් එම ශක්තිය තුළින් ක්‍රියාත්මක වන ආකාරයෙන් මෙම දිය මල් නිර්මාණය කර ඇත. මේ ආදී වූ සෑම නිර්මාණයක් තුළින්ම කියා පාන්නේ අතීත වාරි නිර්මාණ ශිල්පියා සතුව තිබූ හැකියාව කොතරමිද යන්න පිළිබඳවයි.
Bandarage,Asoka;Colonialism in Sri Lanka. 1963.
ඊරියගම, තිස්ස; ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය. ජාතික අධ්‍යාපන පදනම. 1977.
සිරිවර්ධන, ප්‍රසාද් මිලින්ද ; ශ්‍රී ලංකාවේ ආර්ථික විකාශය සංක්ෂිප්ත විමසුම. දීපානි ප්‍රකාශණ, නුගේගොඩ. 2002.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 1 කොටස, අනුරාධපුර යුගය. අධ්‍යාපන ප්‍රකාශණ දෙපාර්තමේන්තුව. 1994.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 11 කොටස, පොළොන්නරු යුගය - කෝට්ටේ යුගය. අධ්‍යාපන ප්‍රකාශණ දෙපාර්තමේන්තුව. 2003.
සිල්වා, රෝලන්ඩි. ගුරුගේ, ආනන්ද ඩබ්. ජී. ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ ස්මාරක සුරැකීමේ වැඩපිළිවෙල. යුනෙස්කෝ ශ්‍රී ලංකා. 1990.
බස්නායක, එච්. ටී; පුරාණ ශ්‍රී ලංකාවේ ජල ශිෂ්ටාචාරය. ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ 11. 1997.
සෙනෙවිරත්න, අනුරාධ ; පුරාණ සිංහල වාරි සංස්කෘතිය, පියසිරි ප්‍රින්ට්න් සිස්ටම්, නුගේගොඩ. 2001.
රජු / රැජිණ පාලන කාලය වර්ෂ රාජධානිය
විජය අවුරුදු 38 ක්‍රි.පු 543 – 505 තමිමැන්නා නුවර
උපතිස්ස අවුරුදු 01 ක්‍රි.පු 505 – 504 උපතිස්ස නුවර
පණ්ඩුවාසදේව අවුරුදු 30 ක්‍රි.පු 504 -474 උපතිස්ස නුවර
අභය අවුරුදු 20 ක්‍රි.පු 474 – 454 උපතිස්ස නුවර
පණ්ඩුකාභය අවුරුදු 70 ක්‍රි.පු 437 – 367 අනුරාධපුරය
මුටසීව අවුරුදු 60 ක්‍රි.පු 367 – 307 අනුරාධපුරය
දේවානමිපියතිස්ස අවුරුදු 40 ක්‍රි.පු 307 – 267 අනුරාධපුරය
උත්තිය අවුරුදු 10 ක්‍රි.පු 267 – 257 අනුරාධපුරය
මහාසීව අවුරුදු 10 ක්‍රි.පු 257 – 247 අනුරාධපුරය
සූරතිස්ස අවුරුදු 10 ක්‍රි.පු 247 – 237 අනුරාධපුරය
සේන සහ ගුත්තික අවුරුදු 10 ක්‍රි.පු 237 – 215 අනුරාධපුරය
අසේල අවුරුදු 10 ක්‍රි.පු 215 – 205 අනුරාධපුරය
එලාර අවුරුදු 44 ක්‍රි.පු 205 – 161 අනුරාධපුරය
දුටුගැමුණු අවුරුදු 24 ක්‍රි.පු 161 – 137 අනුරාධපුරය
සද්ධාතිස්ස අවුරුදු 18 ක්‍රි.පු 137 – 119 අනුරාධපුරය
තුල්ලත්තන අවුරුදු 01 ක්‍රි.පු 119– අනුරාධපුරය
ලන්ජිතිස්ස අවුරුදු 09 මාස 08 ක්‍රි.පු 119 – 109 අනුරාධපුරය
කල්ලතනාග අවුරුදු 06 ක්‍රි.පු 109 – 103 අනුරාධපුරය
වටිට ගාමිණී මාස 05 ක්‍රි.පු 103 අනුරාධපුරය
වලගමිබා අවුරුදු 12- ක්‍රි.පු 89 – 76 අනුරාධපුරය
පුලහත්ත අවුරුදු 03 ක්‍රි.පු 103 – 100 අනුරාධපුරය
භාහිය අවුරුදු 02 ක්‍රි.පු 100 – 98 අනුරාධපුරය
පනයාමර අවුරුදු 07 ක්‍රි.පු 98 – 91 අනුරාධපුරය
පිලියාමර අවුරුදු 07 ක්‍රි.පු 91 – 90 අනුරාධපුරය
ධාතිය අවුරුදු 02 ක්‍රි.පු 90 – 89 අනුරාධපුරය
මහසිලු මහතිස්ස අවුරුදු 14 ක්‍රි.පු 76 — 62 අනුරාධපුරය
චෝරනාග අවුරුදු 12 ක්‍රි.පු 62 – 50 අනුරාධපුරය
තිස්ස (කුඩා තිස්ස) අවුරුදු 03 ක්‍රි.පු 50 – 47 අනුරාධපුරය
අනුලා හා ඇගේ සැමියා අවුරුදු 04 මාස 03 ක්‍රි.පු 47 – 42 අනුරාධපුරය
කූට කන්නතිස්ස අවුරුදු 22 ක්‍රි.පු 42 – 20 අනුරාධපුරය
භාතිය තිස්ස අවුරුදු 28 ක්‍රි.පු 20 ක්‍රි.ව 09 අනුරාධපුරය
මහභාතිය මහානාග අවුරුදු 12 ක්‍රි.ව 09 – 21 අනුරාධපුරය
අමන්ද ගාමිණී අවුරුදු 09 ක්‍රි.ව 21 – 30 අනුරාධපුරය
කණිරාජනුතිස්ස අවුරුදු 03 ක්‍රි.ව 30 – 33 අනුරාධපුරය
චූල අභය අවුරුදු 02 ක්‍රි.ව 33 – 35 අනුරාධපුරය
සීවලී රැජිණ මාස 04 ක්‍රි.ව 35 අනුරාධපුරය
එලනාග අවුරුදු 09- ක්‍රි.ව 35 – 44 අනුරාධපුරය
චන්ද්‍ර මුක්හ සීව අවුරුදු 08 ක්‍රි.ව 44 – 52 අනුරාධපුරය
යසලාලක තිස්ස අවුරුදු 07 මාස 08 ක්‍රි.ව 52 – 60 අනුරාධපුරය
සුභරාජ අවුරුදු 06 ක්‍රි.ව 60 – 66 අනුරාධපුරය
වසභ අවුරුදු 44 ක්‍රි.ව 66 – 110 අනුරාධපුරය
වන්කනාසික තිස්ස අවුරුදු 03 ක්‍රි.ව 110 – 113 අනුරාධපුරය
පළමු ගජබා අවුරුදු 22 ක්‍රි.ව 113 – 135 අනුරාධපුරය
මහා ලන්හනාග අවුරුදු 06 ක්‍රි.ව 135 – 141 අනුරාධපුරය
දෙවන භාතිය තිස්ස අවුරුදු 24 ක්‍රි.ව 141 – 165 අනුරාධපුරය
කනිට්ඨ තිස්ස අවුරුදු 28 ක්‍රි.ව 165 – 193 අනුරාධපුරය
චූලනාග අවුරුදු 02 ක්‍රි.ව 193 – 195 අනුරාධපුරය
කුන්චනාග අවුරුදු 01 ක්‍රි.ව 195 – 196 අනුරාධපුරය
සිරිනාග අවුරුදු 19 ක්‍රි.ව 196 – 215 අනුරාධපුරය
වෝහරික තිස්ස අවුරුදු 22 ක්‍රි.ව 215 – 236 අනුරාධපුරය
අභයනාග අවුරුදු 08 ක්‍රි.ව 236 – 244 අනුරාධපුරය
දෙවන සිරිනාග අවුරුදු 08 ක්‍රි.ව 244 – 246 අනුරාධපුරය
විජය කුමාර අවුරුදු 01 ක්‍රි.ව 246 – 247 අනුරාධපුරය
සන්ග තිස්ස අවුරුදු 04 ක්‍රි.ව 247 – 251 අනුරාධපුරය
සිරිසගබෝ අවුරුදු 02 ක්‍රි.ව 251 – 253 අනුරාධපුරය
ගෝඨාබය අවුරුදු 13 ක්‍රි.ව 253 – 266 අනුරාධපුරය
පළමු දෙටුතිස් අවුරුදු 10 ක්‍රි.ව 266 – 276 අනුරාධපුරය
මහසෙන් අවුරුදු 27 ක්‍රි.ව 276 – 303 අනුරාධපුරය
සිරිමෙවන් අවුරුදු 28 ක්‍රි.ව 303 – 331 අනුරාධපුරය
දෙවන දෙටුතිස් අවුරුදු 09 ක්‍රි.ව 331 – 340 අනුරාධපුරය
බුද්ධදාස අවුරුදු 29 ක්‍රි.ව 340 – 369 අනුරාධපුරය
පළමු උපතිස්ස අවුරුදු 42 ක්‍රි.ව 369 – 410 අනුරාධපුරය
මහානාම අවුරුදු 22 ක්‍රි.ව 410 – 432 අනුරාධපුරය
සොත්තිසේන දවස් 01 ක්‍රි.ව 432 අනුරාධපුරය
චත්තග්රාහක අවුරුදු 01 ක්‍රි.ව 432 – 433 අනුරාධපුරය
මිත්තසේන අවුරුදු 01 ක්‍රි.ව 433 – 434 අනුරාධපුරය
පණ්ඩු අවුරුදු 25 ක්‍රි.ව 434 – 459 අනුරාධපුරය
ධාතුසේන අවුරුදු 18 ක්‍රි.ව 459 – 477 අනුරාධපුරය
කාෂ්‍යප අවුරුදු 18 ක්‍රි.ව 477 – 495 අනුරාධපුරය
පළමු මුගලන් අවුරුදු 18 ක්‍රි.ව 495 – 512 අනුරාධපුරය
ධාතුසේන අවුරුදු 09 ක්‍රි.ව 512 – 521 අනුරාධපුර
කීර්තිසේන අවුරුදු 09 ක්‍රි.ව 521 අනුරාධපුරය
සිවා දවස් 25 ක්‍රි.ව 521 අනුරාධපුරය
සෙවන උපතිස්ස අවුරුදු 01 ක්‍රි.ව 521 – 522 අනුරාධපුරය
සිලකාල අවුරුදු 13 ක්‍රි.ව 522 – 535 අනුරාධපුරය
ධතප්පභූති මාස 06 ක්‍රි.ව 535 අනුරාධපුරය
දෙවන මුගලන් අවුරුදු 20 ක්‍රි.ව 535 – 555 අනුරාධපුරය
කිත්සිරිමෙවන් අවුරුදු 19 ක්‍රි.ව 555 – 573 අනුරාධපුරය
මහානාග අවුරුදු 03 ක්‍රි.ව 573- -575 අනුරාධපුරය
පළමු අග්බෝ අවුරුදු 34 ක්‍රි.ව 575 – 608 අනුරාධපුරය
දෙවන අග්බෝ අවුරුදු 10 ක්‍රි.ව 608 – 618 අනුරාධපුරය
සන්ගතිස්ස මාස 02 ක්‍රි.ව 618 අනුරාධපුරය
තුන්වන මුගලන් අවුරුදු 05 ක්‍රි.ව 618 – 623 අනුරාධපුරය
සිලමේඝවන්න අවුරුදු 09 ක්‍රි.ව 623 – 632 අනුරාධපුරය
තුන්වන අග්බෝ මාස 06 ක්‍රි.ව 632 අනුරාධපුරය
තුන්වන දෙටුතිස් මාස 05 ක්‍රි.ව 632 අනුරාධපුරය
තුන්වන අග්බෝ අවුරුදු 16 ක්‍රි.ව 632 – 648 අනුරාධපුරය
පලමු දතසීව අවුරුදු 02 ක්‍රි.ව 648 – 650 අනුරාධපුරය
දෙවන කාෂ්‍යප අවුරුදු 09 ක්‍රි.ව 650 – 659 අනුරාධපුරය
පළමු දප්පුල අවුරුදු 03 ක්‍රි.ව 659 – 662 අනුරාධපුරය
දෙවන හත්තදාස අවුරුදු 09 ක්‍රි.ව 659 – 667 අනුරාධපුරය
සිවිවන අග්බෝ අවුරුදු 16 ක්‍රි.ව 667 – 683 අනුරාධපුරය
දත්තා අවුරුදු 02 ක්‍රි.ව 683 – 684 අනුරාධපුරය
හත්තදාත මාස 06 ක්‍රි.ව 684 අනුරාධපුරය
මානවමිම අවුරුදු 35 ක්‍රි.ව 684 – 719 අනුරාධපුරය
පස්වන අග්බෝ අවුරුදු 06 ක්‍රි.ව 719 – 725 අනුරාධපුරය
තුනවන කාෂ්‍යප අවුරුදු 06 ක්‍රි.ව 725 – 731 අනුරාධපුරය
පළමු මහින්ද අවුරුදු 03 ක්‍රි.ව 731- 733 අනුරාධපුරය
හයවන අග්බෝ අවුරුදු 40 ක්‍රි.ව 733 – 722 අනුරාධපුරය
හත්වන අග්බෝ අවුරුදු 06 ක්‍රි.ව 772 – 718 අනුරාධපුරය
දෙවන මහින්ද අවුරුදු 20 අනුරාධපුරය
දෙවන උදය අවුරුදු 05 ක්‍රි.ව 797 – 802 අනුරාධපුරය
තුන්වන මිහිදු අවුරුදු 03 ක්‍රි.ව 802 – 805 අනුරාධපුරය
අටවන අග්බෝ අවුරුදු 11 ක්‍රි.ව 805 – 816 අනුරාධපුරය
තුන්වන දුප්පුල අවුරුදු 16 ක්‍රි.ව 816 – 831 අනුරාධපුරය
නවවන අග්බෝ අවුරුදු 02 ක්‍රි.ව 831 – 833 අනුරාධපුරය
පළමු සේන අවුරුදු 20 ක්‍රි.ව 833 – 853 අනුරාධපුරය
දෙවන සේන අවුරුදු 35 ක්‍රි.ව 853 – 887 අනුරාධපුරය
දෙවන උදය අවුරුදු 11 ක්‍රි.ව 887 – 898 අනුරාධපුරය
හතරවන කාෂ්‍යප අවුරුදු 17 ක්‍රි.ව 898 – 915 අනුරාධපුරය
පස්වන කාෂ්‍යප අවුරුදු 09 ක්‍රි.ව 915 – 924 අනුරාධපුරය
සිවිවන දප්පුල මාස 07 ක්‍රි.ව 924 අනුරාධපුරය
පස්වන දප්පුල අවුරුදු 12 ක්‍රි.ව 924 – 935 අනුරාධපුරය
තුන්වන උදය අවුරුදු 03 ක්‍රි.ව 935 – 938 අනුරාධපුරය
තුන්වන සේන අවුරුදු 08 ක්‍රි.ව 938 – 946 අනුරාධපුරය
හතරවන උදය අවුරුදු 06 ක්‍රි.ව 946 – 952 අනුරාධපුරය
සිවිවන සේන අවුරුදු 03 ක්‍රි.ව 952 – 955 අනුරාධපුරය
හතරවන මිහිදු අවුරුදු 16 ක්‍රි.ව 955 – 972 අනුරාධපුරය
පස්වන සේන අවුරුදු 10 ක්‍රි.ව 972 – 982 අනුරාධපුරය
පස්වන මිහිදු අවුරුදු 36 ක්‍රි.ව 982 – 1018 අනුරාධපුරය
පළමු විජයබාහු අවුරුදු 55 ක්‍රි.ව 1055 – 1110 පොලොන්නරුව
පළමු ජයබාහු අවුරුදු 01 ක්‍රි.ව 1110 පොලොන්නරුව
වික්‍රමබාහු අවුරුදු 21 ක්‍රි.ව 1110 – 1131 පොලොන්නරුව
දෙවන ගජබා අවුරුදු 22 ක්‍රි.ව 1131 – 1153 පොලොන්නරුව
පළමු මහා පරාක්‍රමබාහු අවුරුදු 33 ක්‍රි.ව 1153 – 1186 පොලොන්නරුව
දෙවන විජයබහු අවුරුදු 01 ක්‍රි.ව 1186 – 1187 පොලොන්නරුව
සිවිවන මිහිදු මාස 05 ක්‍රි.ව 117 පොලොන්නරුව
නිෂ්ශන්කමල්ල අවුරුදු 09 ක්‍රි.ව 1187 – 1196 පොලොන්නරුව
පළමු වීරබාහු දින 01 ක්‍රි.ව 1196 පොලොන්නරුව
දෙවන වික්‍රමබාහු මාස 03 ක්‍රි.ව 1196 පොලොන්නරුව
චිදගන්ගා මාස 09 ක්‍රි.ව 1196 – 1197 පොලොන්නරුව
ලීලාවතී රුජිණ අවුරුදු 03 ( පළමු වර ) ක්‍රි.ව 1197 – 1200 පොලොන්නරුව
ලීලාවතී රුජිණ අවුරුදු 01 ( දෙවන වර ) ක්‍රි.ව 1210 පොලොන්නරුව
ලීලාවතී රුජිණ අවුරුදු 07 ( තෙවන වර ) ක්‍රි.ව 1212 පොලොන්නරුව
සහසමල්ල අවුරුදු 02 ක්‍රි.ව 1200- – 1202 පොලොන්නරුව
කල්යාණිවතී රුජිණ අවුරුදු 08 ක්‍රි.ව 1202 – 1210 පොලොන්නරුව
ධර්මාශෝක අවුරුදු 01 ක්‍රි.ව 1210 පොලොන්නරුව
අනිකන්ග දින 17 ක්‍රි.ව 1210 පොලොන්නරුව
ලෝකේෂවර මාස 09 ක්‍රි.ව 1211 පොලොන්නරුව
පරාක්‍රමපණ්ඩු අවුරුදු 03 ක්‍රි.ව 1212 – 1215 පොලොන්නරුව
කාලින්ග මාග අවුරුදු 21 ක්‍රි.ව 1215 – 1236 පොලොන්නරුව
තුන්වන විජයබාහු අවුරුදු 04 ක්‍රි.ව 1220- 1224 දඹදෙනිය
දෙවන පරාකමබාහු අවුරුදු 35 ක්‍රි.ව 1234 -1269 දඹදෙනිය
සිවිවන විජයබාහු අවුරුදු 03 ක්‍රි.ව 1267 – 1270 දඹදෙනිය
පළමු බුවනෙකබාහු අවුරුදු 12 ක්‍රි.ව 1270 -1283 දඹදෙනිය සහ යාපහුව
තුන්වන පරාකමබාහු අවුරුදු 06 ක්‍රි.ව 1287 – 1293 පොලොන්නරුව
දෙවන බුවනෙකබාහු අවුරුදු 09 ක්‍රි.ව 1293 – 1302 කුරුණෑගල
පණ්ඩිත පරාක්‍රමබාහු අවුරුදු 24 ක්‍රි.ව 1302 – 1326 කුරුණෑගල
තුන්වන බුවනෙකබාහු කුරුණෑගල
සිවිවන විජයබාහු කුරුණෑගල
සිවිවන බුවනෙකබාහු අවුරුදු 12 ක්‍රි.ව 1341 – 1353 ගමිපොල
පස්වන පරාක්‍රමබාහු අවුරුදු 15 ක්‍රි.ව 1344 – 1359 දැඩිගම සහ ගමිපොල
තුන්වන වික්‍රමබාහු අවුරුදු 17 ක්‍රි.ව 1357 – 1374 ගමිපොල
පස්වන බුවනෙකබාහු අවුරුදු 37 ක්‍රි.ව 1372 – 1408 ගමිපොල
දෙවන වීරබාහු අවුරුදු 05 ක්‍රි.ව 1392 – 1397 රයිගම
වීරලකේෂ්වර අවුරුදු 12 ක්‍රි.ව 1397 – 1410 රයිගම
හයවන පරාක්‍රමබාහු අවුරුදු 55 ක්‍රි.ව 1412 – 1467 කෝටිටේ
දෙවන ජයබාහු අවුරුදු 05 ක්‍රි.ව 1467 – 1472 කෝටිටේ
හයවන බුවනෙකබාහු අවුරුදු 09 ක්‍රි.ව 1472 – 1480 කෝටිටේ
හත්වන පරාක්‍රමබාහු අවුරුදු 04 ක්‍රි.ව 1480 – 1484 කෝටිටේ
අටවන වීරපරාක්‍රමබාහු අවුරුදු 24 ක්‍රි.ව 1484- 1508 කෝටිටේ
නවවන ධර්ම පරාක්‍රමබාහු අවුරුදු 20 ක්‍රි.ව 1508 – 1528 කෝටිටේ සහ කැලණිය
හත්්වන විජයබාහු අවුරුදු 12 ක්‍රි.ව 1510 – 1522 කෝටිටේ
හත්වන බුවනෙකබාහු අවුරුදු 30 ක්‍රි.ව 1522 – 1551 කෝටිටේ
ධර්මපාල අවුරුදු 46 ක්‍රි.ව 1551 – 1597 කෝටිටේ
මායාදුන්න අවුරුදු 60 ක්‍රි.ව 1521 – 1581 සීතාවක
පළමු රාජසිංහ අවුරුදු 39 ක්‍රි.ව 1554 – 1593 සීතාවක
දොන් පිලිප් අවුරුදු 01 ක්‍රි.ව 1591 මහනුවර
පළමු විමලධර්්මසූරිය අවුරුදු 1 මහනුවර
සෙනරත් අවුරුදු 31 ක්‍රි.ව 1604 1635 මහනුවර සෙන්කඩගල
දෙවන රාජසිංහ අවුරුදු 52 ක්‍රි.ව 1635 – 1687 මහනුවර සෙන්කඩගල
දෙවන විමලධර්්මසූරිය අවුරුදු 20 ක්‍රි.ව 1687 – 1707 මහනුවර සෙන්කඩගල
නරේන්ද්‍රසිංහ අවුරුදු 32 ක්‍රි.ව 1707 – 1739 මහනුවර සෙන්කඩගල
විජය රාජසිංහ අවුරුදු 08 ක්‍රි.ව 1739 – 1747 මහනුවර සෙන්කඩගල
කීර්ති ශ්‍රී රාජසිංහ අවුරුදු 35 ක්‍රි.ව 1747 – 1782 මහනුවර සෙන්කඩගල
රජිරාජසිංහ අවුරුදු 16 ක්‍රි.ව 1782 – 1798 මහනුවර සෙන්කඩගල
ශ්‍රී වික්‍රම රාජසිංහ අවුරුදු 17 ක්‍රි.ව 1798 – 1815 මහනුවර සෙන්කඩගල
ශ්‍රී ලංකාවේ පැවති රාජධානි
තම්බපණ්ණි රාජධානිය (ක්‍රිපූ 543– ක්‍රිපූ 505)
තම්බපණ්ණි රාජධානිය යනු වත්මන් ලංකාද්වීපය තුල අතීතයේ පිහිටි රාජධානියකි විය. ආක්රමණික විජය රජු විසින් ක්‍රීපූ 543 සිට ක්‍රිපූ 505 දක්වා මෙහි රාජ්‍යත්වය දැරීය. පාලන ප්‍රදේශය කුඩා වූ මෙම රාජධානියේ මුල්ම අගනගරයද තම්බපණ්ණි නම් විය. මෙහි දෙවන රජතුමා වූ උපතිස්ස රජ විසින් රටේ අගනගරය වෙනත් ස්ථානයකොට ගෙනගොස් එම නගරය තම නම්න් නම්කරගන්නා ලදී.
උපතිස්ස නුවර රාජධානිය (ක්‍රිපූ 505– ක්‍රිපූ 377)
උපතිස්ස නුවර යනු පුරාතන රජරට රාජධානියේ දෙවන පරිපාලන කේන්ද්‍රය විය. විජය රජුගේ මරණයත් සමග, විජය රජුගේ සිහසුනට හිමි කම් කී ඔහුගේ බෑනා කෙනෙකු වූ පඞුවස්දෙව් රජ උතුරු ඉන්දියාවේ සිට රාජධානිය වෙත පැමිණෙන තෙක් උපරාජ බවට පත් ඔහුගේ අගමැති උපතිස්ස රජ විසින් මෙම අගනගරය ස්ථාපනය කෙරිණි.
අනුරාධපුර රාජධානිය (ක්‍රිපූ 377 BC – ක්‍රිව 1017)
අනුරාධපුර රාජධානිය ශ්‍රී ලංකාව තුළ පළමුවන රාජධානිය යි.මෙය අතීත සිංහල රජදරුවන් විසින් ගොඩනගන ලදි. පණ්ඩුකාභය රජ විසින් රාජධානියක් ලෙස ක්‍රි.පු. 377 ගොඩනඟන ලදි. අනුරාධපුර රාජධානිය ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම යුගයකි. බුදු දහම මඟින් අනුරාධපුර රාජධානිය කාලාව, සංස්කෘතික, දේශපාලන පෞඩ ඉතිහාසය කරා ලඟා කරන ලදි. බුදු දහම අනුරාධපුර රාජධානිය තුළ ආරම්භ වන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි. අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨ රජු ලෙස දුටුගැමුණු රජතුමා නම් කළ හැක. මිට අමතරව වළඟම්භා රජතුමා, ධාතුසේන රජතුමා ද ශ්‍රේෂ්ඨ රජවරු වේ. මෙම රජවරු රට පාලනය කරන සමය අනුරාධපුර රාජධානියේ ශ්‍රේෂ්ඨතම යුගයයි. රාජධානිය මුලික වශයෙන් කෘෂිකර්මය මත පදනම් විය.මල්වතු ඔය ආශ්‍රිතව බිහිවි පසුව වැව් තැනිම මඟින් වියලි කලාපය පුරා ව්‍යාප්ත විය.වසභ සහ මහසෙන් රජවරු විසින් කෘෂිකර්ම කටයුතු සඳහා සමඟ මෙහෙවරක් ඉටු කරන ලදි. වර්තමාන වන විටද නඩත්තු රහිතව වී ගොවිතැන සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන්නේ එකල තනන ලද වැව් විසිනි. ලංකාව තුල ඇති වැව් වැඩි ප්‍රමාණයක් පිහිටන්නේ ද අනුරාධපුර රාජධානිය පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව ය."රජරට" ලෙස ව්‍යවහාර කරන්නේ ද මේ නිසා ය. කෘෂිකර්මයට අමතර ගෘහ නිර්මාණ ශිල්පයේ ශ්‍රේෂ්ඨත්වය විඳහා පාමින් වර්තමාන තුළ රටේ සංචාරක කර්මාන්තයට මහඟු ආශීර්වාද වෙමින් සිගිරිය, රුවන්වැලි මහා සෑය, චෙතවනාරාමය අග්‍රගන්‍ය නිර්මාණ බිහි කළේ ද මෙම යුගය තුළ යි. එකල පැරණි ලෝකයේ විශාලතම ගොඩනැගිල්ලක් ලෙස පිළිගැනෙන ලොවාමහාපය අනුරාධපුර යුගයේ ඉංජිනේරු ශිල්පයේ ශ්‍රේෂ්ඨත්වය විඳහාපායි. වර්තමානය වන විට මෙම නිර්මාණ බොහොමයක් ගල්කණු වලට සීමා වී ඇත. දකුණු ඉන්දීය ආක්‍රමණ සහ රටේ දේශපාලන අස්ථාවරත්වය වැනි හේතු මත අනුරාධපුර රාජධානිය ක්‍රි.ව. 11වන සියවස වනවිට පරිහානියට පත් විය.
පොළොන්නරුව රාජධානිය (1056–1236)
රජරට රාජධානියේ අගනගරය ලෙස පොළොන්නරුව නගරය පැවති කාල පරාසය වන 8 වන සියවසෙහි සිට ක්‍රියු 1310 දක්වා කාලය පොළොන්නරු යුගය නම්වේ. මෙම නගරය පිහිටා ඇත්තේ මහවැලි නදියෙහි වම් ඉවුර මතය. පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ඓතිහාසික ලේඛන දක්වා සිටින ආකාරයට මෙම නගරය අනුරාධපුරය තරම් පැරණිය. ක්‍රිපූ 400 දී විජිත විසින් මූලිකත්වය ගෙන පිහිටවූ විජිතගම ජනපදය මෙම නගරය අසබඩ පිහිටියේ යැයි විශ්වාස කෙරෙයි.
දඹදෙණිය රාජධානිය (1236–1272)
දඹදෙණිය අගනගරය බවට පත් වූයේ ක්‍රිස්තු වර්ෂ 1232 දී තුන්වන විජයබාහු රජතුමාගෙනි. එතැනින් ඇරඹි දඹදෙණි යුගය ස්වර්ණවත් සාහිත්‍යයක් බිහි කරමින් පාළමුවන බුවනෙකබාහු රජතුමා යාපහුව තම රාජධානිය ලෙස තෝරා ගැනීමත් සමඟම අවසන් විය.
ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් රාජාණ්ඩු පාලනය පැවති රාජ්‍යයකි . මෙරට බිහිවූ තෙවන රාජධානිය වූයේ දඹදෙණි රාජධානියයි.
පැරණි ප්‍රාදේශීය බෙදීම් වලට අනුව දඹදෙණිය " මායා " රටට අයත්වේ.
එය කුරුණෑගලට සැතපුම් 18ක් නිරිත දෙසින් පිහිටියා වූ සුන්දර වන ලැහැබකින් සපිරුණු මනස්කාන්ත පර්වතයකි.
ක්‍රි .ව.1215 දී කාලිංග මාඝ පොළොන්නරු රාජධානිය ආක්‍රමණය කිරීමත් සමග රජරට ශිෂ්ටාචාරය බිඳවැටුණි. දරුණු ආක්රමණිකයෙකු වූ මාඝගේ ක්‍රියා කලාපයට බියෙන් රජරට සිටි ජනතාව තෙත් කලාපය වෙත වැඩි වශයෙන් සංක්‍රමණය වන්නට විය.
කාලිංග මාඝගේ සේනා රට තුළට ඒම නවතාලීම පිණිස වනදුර්ග, ගිරිදුර්ග ආදී ස්වාභාවික ආරක්ෂක ස්ථානවල බලකොටු ඉදිකරගෙන ඒවා පාලනය කළ නායකයින් කිහිප දෙනෙක් විය.
* සංඛ සෙනෙවියා - මිණිපේ ගංදෙනිය පර්වතය.
* සුභ සෙනෙවියා - යාපහුව.
*බුවනෙකබාහු ආදිපාද - රුහුණේ ගෝවින්ද පර්වතය.
තුන්වන විජයබාහු රජු. (1232-1236)
දඹදෙණි රාජධානියේ ආරම්භක පාලකයා වූයේ මෙතුමාය. හෙතෙම කලක් වන්නිනායකයෙකු ලෙස කටයුතු කළ අයෙකි. වයෝවෘද්ධ අවදියේ දී රාජ්‍යත්වයට පත්වූ මෙරජුට රජකම් කළ හැකිවූයේ වසර 4ක කාලයක් පමණි .
තුන්වන විජයබාහු රජුගේ සේවාවන් .
* කාලිංග මාඝගේ ආක්‍රමණයට බියෙන් භික්ෂූන් වහන්සේලා විසින් කොත්මලේ සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේ දඹදෙණියට වැඩමවා බෙලිගල කඳු මුඳුනේ දළදා මාළිගාවක් ඉදිකොට එහි තැම්පත් කිරීම.
* දඹදෙණියේ විජයසුන්දරාරාමය ඉදිකිරීම.
* කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කිරීම .
* බෞද්ධ පොත්පත් රචනා කිරිමට අධාර කිරීම .
* උපසම්පදා මංගල්‍ය යලි පවත්වා සංඝ සංශෝධනයක් කරවීම .
තුන්වන විජයබාහු රජුගේ ජ්‍යේෂ්ඨ පුත්‍රයා වූ මෙතුමා දඹදෙණි රාජධානියේ සිටි ප්රබලතම පාලකයාය.කුඩා කාලයේදී රජ මාලිගාවේ ඇතිවූ කුමන්ත්‍රණයක් නිසා අගනුවරින් බැහැරව පිටිසර ගමක සැගවී සිටීමට මොහුට සිදුවූ බව ජනප්රවාදයේ දැක්වේ .
සංඝරක්ඛිත මාහිමියන්ගෙන් අධ්‍යාපනය හැදෑරූ පරාක්‍රමබාහු කුමරු ,
" කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත " යන උපාධි නාමයෙන් පිදුම් ලැබීය . සිංහලයේ පළමු මහා කාව්‍ය ලෙස සැලකෙන කව්සිළුමිණ මෙතුමාගේ කෘතියකි.
රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීම උදෙසා දිවිහිමියෙන් කටයුතු කළ මෙතුමා සතුරු උවදුරු කිහිපයකින් මෙරට මුදවාගනු ලැබීය.
* වසර 40ක් පුරා මෙරට දැඩි අමානුෂික පාලනයක් ගෙනගිය කාලිංග මාඝ ක්‍රි.ව.1255 දී පලවා හැරීම.
* චන්ද්‍රභානු නම් ජාවක ආක්රමණිකයා අවස්ථා දෙකකදී පරාජය කිරීම.
බුදු දහමේ අභිවෘද්ධිය උදෙසා විශාල සේවාවක් දෙවන පරාක්‍රමබාහු රජු විසින් සිදු කළේය .
* දඹදෙණියේ දළදා මන්දිරයක් ඉදිකොට දළදා වහන්සේ එහි තැම්පත් කිරීම.
තමන්ට කුඩාකල සිටම උදව් උපකාර කළ
දේව පතිරාජ සෙනෙවියා ලවා රට සශ්‍රීක කරලීමටද දෙවන පරාක්‍රමබාහු රජු අමතක නොකළේය .
පහත දැක්වෙන්නේ දඹදෙණි යුගයේ රජ කළ එක් එක් රජකුගේ රාජ්‍ය කාලයයි.
තුන්වන විජයබාහු රජ - ක්‍රිස්තු වර්ෂ 1232 සිට ක්‍රිස්තු වර්ෂ 1236 දක්වා
දෙවන පරාක්‍රමබාහු රජ - ක්‍රිස්තු වර්ෂ 1236 සිට ක්‍රිස්තු වර්ෂ 1270 දක්වා
හතරවන විජයබාහු රජ - ක්‍රිස්තු වර්ෂ 1270 සිට ක්‍රිස්තු වර්ෂ 1272 දක්වා
පළමු බුවනෙකබාහු රජ - ක්‍රිස්තු වර්ෂ 1272 සිට යාපහුවට රාජධානිය ගෙන යන තෙක්
ගම්පොළ රාජධානිය (1345–1408)
මධ්යතනයේදී කෙටිකාල පරිච්ඡේදයකට ලක්දිව බහිවතිබූ රාජධානියකි.ගංගා ශ්‍රි පුර ,ගග සිරි පුර ලෙසද හදුන්වයි.
ගම්පොළ යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර අසල පිහිටි නගරයකි. දහහතරවන සියවසේ මැද භාගයේ වසර හතරක් පාලනය කළ හතරවන බුවනෙකබාහු රජු විසින් එය දිවයිනේ අගනුවර බවට පත් කරන ලදී. හතරවන බුවනේකාබාහු රජු (සිව්වන විජයබාහු රජුගේ පුත්‍රයා) සිය පියාගෙන් පසු සිංහාසනයට නැඟී අගනුවර කුරුණෑගල සිට ගම්පොළ දක්වා මාරු කළේය. ගම්පොල යුගයේ මෙරට කැපී පෙනෙන දේශපාලනික හා ආර්ථික ප්රගමනයක් ඇති විය.එමෙන්ම සාහිත්‍යට සිදුවූ සේවාවද අමතක කල නොහැක. මෙරට ප්‍රථම සංදේශ කාව්‍ය ලියවී ඇත්තේද ගම්පොල යුගයේය.ඉබන් බතූතා නම් සංචාරකයා පැමින තැබූ දේශාටන වාර්තා ඉතිහාසය හැදැරීමට වැදගත් වේ.
ගම්පොල රාජධානිය උප කලාප 5කට බෙදී තිබූ අතර ඒවා පස් රට ලෙස හැඳින්විනි.
ගම්පොල (Gampola)
සිදුරුවාන (Sithuruwana)
දෙනුවර බලවිට (Thenuwara Balawita)
මාතලය පන්සිය පත්තුව (Manathalaya Pansiya Pahuwa)
ඌව (Uwa)
කෝට්ටේ රාජධානිය (1408–1535)
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (වර්තමාන කොළඹට මදක් බැහැරින් පිහිටි) කේන්ද්‍රගතව පැවැති කෝට්ටේ රාජධානිය (ඉංග්‍රීසි: Kingdom of Kotte) යනු, 15වන සියවසෙහිදී ශ්‍රී ලංකාවේ සමෘධිමත්ව වැජඹුනු රාජධානියකි. එහි රජු ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට සමත්වූ අවසන් දේශීය රජු විය. සිංහල භාෂාවෙන් කෝට්ටේ යන පදයෙහි අරුත (බල)කොටුව යන්නයි. එබැවින් මෙයින් හැඳින්වෙන්නේ අලකේශ්වර විසින් තැනුනු බලකොටුව බව පිළිගැනෙයි. බටහිර වෙරළ තීරය ඔස්සේ එල්ල වුනු උතුරු ආක්රමණකාරීන්ගේ ප්රහාරයන් නිෂ්ක්‍රීය කිරීමට තුන්වන වික්‍රමබාහු රජුගේ රාජ්‍ය සමයෙහිදී ගම්පොළ රාජධානියෙහි අමාත්‍ය අලකේශ්වර (1370–1385) විසින් ස්ථාපිත මෙම බලකොටුව, පසුකාලීනව, එනම් 1412දී සයවන පරාක්‍රමබාහු රජු විසින් ඔහුගේ අගනගරය බවට තෝරා ගන්නා ලදි. ප්‍රදේශය වටකොට ඇති මහත් වගුරු බිම නිසාවෙන් එය ඉතා හොඳින් ආරක්ෂිතව පැවතිණි.
සීතාවක රාජධානිය (1521–1593)
සීතාවක රාජධානිය (ඉංග්‍රීසි: Kingdom of Sitawaka) (දෙමළ : சீீீதாவாக்கை இராசதானி ) යනු ශ්‍රී ලංකාවෙහි දකුණු දිග සහ මධ්‍යම ප්‍රදේශයන් අතර පිහිටා තිබුණු රාජධානියකි. 1521 සිදුවූ විජයබා කොල්ලයෙන් පසුව කෝට්ටේ රාජධානිය බෙදා වෙන් කිරීමත් සමගම සීතාවක රාජධානිය ආරම්භ වූයේය. මෙම රාජධානියේ ප්‍රථම පාලකයා වූයේ මායාදුන්නේ රජුය. මොහු දක්ෂ රණශූර පාලකයෙකි. මොහුගේ පුතු පළමුවන රාජසිංහ රජු විය. ඉදිරි වසර සැත්තෑව තුලදී දිවයිනෙහි මහත් ප්‍රදේශයක් තුල සිය ආධිපත්‍යය පැතිරවීමට එය සමත් විය. 1505 වසරෙහිදී දිවයින වෙත පැමිණි පෘතුගීසින්හට දරුණු විරුද්ධත්වයක් එල්ල කිරීමට සීතාවක සමත් විය. හමුදාමය වශයෙන් එය සාර්ථක වුවද, සීතාවක අස්ථායි ලෙසින් පැවතියේ, එහි උඩරට ප්‍රදේශයන් වෙතින් දිගටම පැනනැගුණු කැරළි සහ පෘතුගීසින් හා සමගින් වූ පුළුල් ලෙසින් පැතිර පැවති සහ බොහෝ විට ව්‍යසනකාරී වූ ගැටුම් මැඩ පැවැත්වීමට සිදුවීම නිසාය. එහි අවසන් රජු පළමුවන රාජසිංහ රජ 1593 වසරෙහිදී මිය යාම සමගම සීතාවක රාජධානිය කොටස් වලට කැඩී වෙන් විය.
15 වන සියවසෙහි මුල් කාලයෙහිදී එය ප්‍රතිෂ්ඨාපනය වීමත් හා සමගම කෝට්ටේ රාජධානිය, බස්නාහිර ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන බලයක්ව පැවතුණේ හයවන පරාක්‍රමබාහු රජු යටතේ වූ අතර, එක් කිරුළක් යටතේ ශ්‍රී ලංකාවෙහි මුළු දිවයින එක් සේසත් කිරීමට හැකිවූ අවසන් බලමූලය එය විය. 1467 වසරෙහිදී කෙසේ වෙතත් උතුරෙහි යාපනය රාජධානිය එහි නිදහස ප්‍රකාශ කලේය. 1505 වසරෙහිදී පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණියහ; 1518 වසර වන විට පෘතුගීසී නැව් වෙතින් සමන්විත විශාල හමුදාවක් කොළඹ වෙත ගොඩ බැස සැන්ටා බාර්බරා නම්වූ බලකොටුවක් තැනීම ඇරඹූහ. මෙම කාලසීමාව වන විට නැගෙනහිර පසින් වූ මහනුවර සේවාග්‍රාහක රාජධානියද සැලකිය යුතු ප්‍රමාණයක නිදහසක් සහිතව ක්‍රියාත්මක විය.
විජයබාහුගේ සතරවන පුත් කුමරාවූ දේවරාජා හට සිහසුන ලබා දීම සඳහා කිරුළ වෙත ඔවුන්ගේ අයිතිවාසිකම නොසලකා හැරීම නියත බවට බියවූ ඔහුගේ පුතුන් තිදෙනා විසින් 1521 වසරෙහි දියත් කෙරුණු මාළිගා කුමන්ත්‍රණයක් වූ විජයබා කොල්ලය තුලදී කෝට්ටේ හත්වන විජයබාහු රජු (1509–1521) බලයෙන් පහ කෙරිණි. වැඩිමහල්ලා සත්වන බුවනෙකබාහු ලෙසින් සිංහාසනාරූඨ වූ අතර, අනෙකුත් දෙදෙනා කෝට්ටේ රාජධානියෙහිකෝට්ටේ අත්පත් කරගැනුමට තවද උත්සාහයයක් 1537 වසරෙහිදී ව්‍යර්ථ වූයේ, අෆෝන්සො ඩි සූසා නමැති කොළඹ පෘතුගීසි කපිතාන්-ජනරාල්ගේ නායකත්වය යටතේ වූ හමුදාවන් විසින් මායාදුන්නේගේ හමුදා පරාජය කිරීම සමගිනි; මායාදුන්නේගේ සහාය සඳහා කැලිකට් වෙතින් එවුණු නැව් හමුදාව පෘතුගීසින් විසින් වෙඩාලායි හිදී පරාජය කෙරිණි. කොටස් සඳහා අයිතිවාසිකම් පාමින්, මායාදුන්නේ සීතාවක පාලනය කිරීම සහ පරරාජසිංහ රයිගම රාජධානිය පාලනය කිරීම ඇරඹූහ. මෙසේ බිහිවූ අනුප්‍රාප්තික රාජ්‍ය්‍යන් වෙතින්, මහනුවර රාජධානිය කාර්යසාධක ලෙසින් පරිබාහිරව ක්‍රියාත්මක විය.
සීතාවක රාජධානිය වෙත මුලදී අයත් වූයේ කොස්ගම, රුවන්වැල්ල, යටියන්තොට, හංවැල්ල, පාදුක්ක, ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රදේශ වලින් සමන්විත සාපේක්ෂ වශයෙන් කුඩා භූමි ප්‍රදේශයක් විය. භූමිභාගය කඳු සහිත වූ අතර, නැගෙනහිර දෙසින් මහනුවර වෙතින් සීමා වෙමින් මුහුදට කිසිදු ප්‍රවේශයක් විරහිත විය. වටකර පිහිටි කැලෑ ප්‍රදේශයක් වෙතින් 1,000 අඩි (300 මී) උසකට පැන නැගුණු බෑවුම් කන්දක පාදකයෙහි පිහිටි අධික බෑවුම් සහිත කන්දක් මත, අගනගරය—වර්තමාන අවිස්සාවේල්ල—පිහිටියේය.
සීතාවක වෙතින් ඔහුගේ සිහසුන වෙත එල්ල වීමට ඉඩ ඇති කිසියම් තර්ජනයක් වෙතින් කිරුළ රැක ගැනීමේ අභිප්‍රායයෙන් පෘතුගීසීන් සමග සබඳතා දියුණු කර ගැනුමට සිංහාසනාරූඨ වීම සමගම බුවනෙකබාහු උත්සුක විය. බලකොටුවක් තනා නිම කිරීම සිදුකෙරුමට දේශීයයන් විසින් විරෝධය පෑවද, 1524 වසරෙන් පසුව රජුගේ ආරක්ෂාව යටතේ පෘතුගීසි ඒජන්තවරයෙක් කෝට්ටේ හී රැඳී සිටිය අතර, පෘතුගීසි නාවුක හමුදා විසින් කුරුඳු වෙළෙඳාමෙහි ආධිපත්‍යය වෙනුවෙන් මලබාරි මාපිලාවරුන් හා සමගින් ආරාවුල් ඇති කර ගත් අතර ගෝව පෘතුගීසි ප්‍රතිරාජයන් විසින් එවුණු බලකායන්ගේ සහය ලබමින් බුවනෙකබාහු විසින් අත්‍යන්තයෙහිදී මෙම මලබාරින් පලවා හරින ලදි. කෝට්ටේ අත්පත් කරගැනුමට තවද උත්සාහයයක් 1537 වසරෙහිදී ව්‍යර්ථ වූයේ, අෆෝන්සො ඩි සූසා නමැති කොළඹ පෘතුගීසි කපිතාන්-ජනරාල්ගේ නායකත්වය යටතේ වූ හමුදාවන් විසින් මායාදුන්නේගේ හමුදා පරාජය කිරීම සමගිනි; මායාදුන්නේගේ සහාය සඳහා කැලිකට් වෙතින් එවුණු නැව් හමුදාව පෘතුගීසින් විසින් වෙඩාලායි හිදී පරාජය කෙරිණි. මෙම ගැටුමට පසුව, සීතාවක සහ කෝට්ටේ අතර තාවකාලික සටන් විරාමයකට එකඟතාවයක් ඇතිවුණු අතර, මායාදුන්නේ විසින් දකුණු දිග පිහිටි රයිගම රාජධානිය වෙත අවධානය යොමු කරමින්, 1538 වසරෙහිදී රයිගම් බණ්ඩාරගේ (පරරාජසිංහ) මරණයෙන් පසු එය ඈඳා ගති.
ඊළඟ වසර පහ ඇතුළත තවත් කෝට්ටේ ආක්‍රමණ දෙකක් ක්‍රියාත්මක විය. 1539 වසරෙහිදී ඇරඹි පළමුවැන්න, කොළඹ නව පෘතුගීසි කපිතාන්-ජනරාල්, මිගුයෙල් ෆෙරෙයිරා විසින් සංවිධානය කෙරුණු ප්‍රතිප්‍රහාර හමුවේ ව්‍යර්ථ විය. හමුදා සහ ආයුධ කැලිකට් විසින් යළිත් සීතාවක වෙත සපයන ලදි; කෙසේවෙතත්, පරාජයෙන් පසුව, සැමොරින්ගේ ජනරාල්වරුන් දෙදෙනෙකුවූ කුල්හේනමරික්කාර් සහ පාචිමරික්කාර්, පෘතුගීසින් වෙත බාර දීමත් හා සමගින්, කැලිකට් සහ සීතාවක අතර පැවති සන්ධානය නිමාවට පත් විය. බුවනෙකබාහු විසින් 1543 වසරෙහිදී ඔහුගේ මුණුපුරු ධර්මපාල සිය අනුප්‍රාප්තිකයා ලෙසින් නම් කල බවට ලද පුවත විසින් තවද ආක්‍රමණයක් සඳහා හේතුපාදක ඇතිවූ අතර, නව කපිතාන්-ජෙනරාල් අන්ටෝනියෝ බැරෙටෝ ගේ විධාන යටතේ වූ පෘතුගීසි හමුදාවන්ගේ සහය සමගින් පරාජය කෙරිණි.
1550 වසරෙහිදී ප්රතිරාජ ඇෆොන්සෝ ඩි නොරොඤ්ඤා සහ පෘතුගීසි සොල්දාදුවන් 500 ක බලකාය පැමිණීමත් සමගම කෝට්ටේ අභ්‍යන්තර දේශපාලනය වෙත පෘතුගීසි ඇඟිලි ගැසීම උත්සන්න විය. එම වසරෙහි පසු කාලයෙහිදී පෘතුගීසින් විසින් සීතාවක කොල්ල කෑවද නගරය දිගටම අල්ලා ගෙන සිටීමට අපොහොසත් වූහ.
මහනුවර රාජධානිය (1590–1815)
පළමුවෙන් ආරම්භ කළේ වික්‍රම භාමන්ත නම් 6 වැනි විජයබාහුගේ පුත්‍රයායි. ඔහුගේ පුතුන් විසින් 1492 දී විජය බාහු ඝාතනය කරන ලදී. මෙම සිද්ධියෙන් පසු රට කොටස් 4 කට බෙදුනි. සීතාවක රාජධානිය මායාදුන්නේ විසින් ද කොට්ටේ 6 වැනි පරාක්‍රම බාහු විසින්දරයිගම රාජ්‍යය රයිගම් බණ්ඩාර විසින් ද නුවර රාජධානිය වික්‍රම සමන්ත විසින්ද ස්ථාපිත කරනු ලැබීය.
1505 දී පෘතුගීසිහුකෝට්ටේ රාජධානිය අයත් ලංකාවේ බටහිර වෙරළට ගොඩ බැස්සාහ. සිතාවක රජු හමුදාවක් සංවිධානය කර ගෙන කෝට්ටේ රාජ්‍යයට පහර දුන් අවස්ථාවේ පෘතුගිසිහු කොට්ටේ රජ වු 6 වැනි පරාක්‍රම බාහුට සහයෝගය දුන්හ. කොට්ටේ රජු පෘතුගිසින්ගේ උදවු බලාපොරොත්තු වු විට කුලි හේවායින් වශයෙන් ඉදිරිපත් වීමට ඔවුහු කැමති වූහ. මායාදුන්නේ මරණයෙන් පසු ඔහුගේ පුත් රාජසිංහ සීතාවක රජු බවට පත් විය. රජ පවුල් අතර නොකඩවා අභ්‍යන්තර අර්බුද කෙරීගෙන යන අතර වාරයේ කොට්ටේ සහ මහනුවර රාජ්‍යයන් පරාජය කිරීමට අන්තිමේදි රාජසිංහ රජුට හැකි විය. නව රජතුමා ඔහුගේ පාලන කටයුතු සදහා අගනුවර ලෙස මහනුවර තෝරා ගත්තේය. ඔහුට වස දීම නිසා ඔහුගේ රාජ්‍ය කාලය කෙටි එකක් විය. කරලියද්දේ බණ්ඩාර මහනුවර රාජධානියේ නිළ බලය ඇතිව රජු බවට පත්වු පළමු තැනැත්තාය. පසුව ඔහු 1 වැනි විමළධර්ම සුරිය බවට පත්විය. හෙතෙම මහනුවර රාජධානියේ දෙවැනි යුගයේ ආරම්භකයා විය. මෙම රාජධානියේ දෙවැනි යුගයශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු 1739 දී මිය යන තෙක් පැවතුනේය.
ප්‍රධාන ලිපිය: සිංහලේ රටවල් සහ දිසාවල්
සෙංකඩගල යුගයේදී සිංහල රාජධානිය උප පාලන කලාප 21කින් සමන්විත විය. ඉන් විශාල කලාප 12 දිසාවනි ලෙසත් කුඩා කලාප 9 රට ලෙසත් හැඳින්වුනි.
මේවායේ පාලන ප්‍රධානී දිසාව නම් විය.
මේවායේ පරිපාලන ප්‍රධානී රටේ මහත්තයා නම් විය.
උඩුනුවර
යටිනුවර
හේවාහැට
කොත්මලේ
තුම්පනේ
හාරිස්පත්තුව
දුම්බර
උඩ බුලත්ගම
පාත බුලත්ගම
පළවන විමලධර්මසුරිය රජු ගේ සිට මහනුවර රාජධානියේ රජවරු මහනුවර රාජධානිය යටතේ පාලනය කිරීමට පටන් ගත්තේය.
සේනාසම්මත වික්‍රමබාහු රජු ( 1473–1511 )
ජයවීර අස්ථාන රජු ( 1511–1551 )
කරලියැද්දේ බණ්ඩාර රජ ( 1551–1581 )
I වන රාජසිංහ රජු ( 1581–1593 )
දොන් පිලිප් කුමාරයා ( වර්ෂයක් )
දෝන කැතරිනා රැජිණ ( 1592–1592 )
I වන විමලධර්මසූරිය රජු ( 1590–1604 )
සෙනරත් රජු ( 1604–1635 )
II වන රාජසිංහ රජු ( 1635–1687 )
II වන විමලධර්මසූරිය රජු ( 1687–1707 )
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ( 1707–1739 )
විජය රාජසිංහ රජ ( 1739–1747 )
කීර්ති ශ්‍රී රාජසිංහ රජු ( 1747–1782 )
රාජාධි රාජසිංහ රජු ( 1782–1798 )
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ( 1798–1815 )
Helamaga Tv
ජාත්‍යන්තර වශයෙන් වැදගත් දින
ජනවාරි මාසය
ජනවාරි 27 -සමූලඝාතනවලින් මියගියවුන් සැමරීමේ ජාත්‍යන්තර දිනය
ජනවාරි 30 හෝ එදිනට ආසන්න ඉරිදා දිනය - ලෝක ලාදුරු දිනය
පෙබරවාරි මාසය
පෙබරවාරි 02 - ලෝක තෙත් බිම් දිනය
පෙබරවාරි 04 - ලෝක පිළිකා දිනය
පෙබරවාරි 06 - කාන්තාවන් සුන්නත් කිරීමට එරෙහි ජාත්‍යන්තර දිනය
පෙබරවාරි 13 - ලෝක ගුවන් විදුලි දිනය
පෙබරවාරි 20 - ලෝක සමාජ සාධාරණත්ව දිනය
පෙබරවාරි 21 - ජාත්‍යන්තර මව් භාෂා දිනය
පෙබරවාරි 22 - ලෝක බාලදක්ෂ දිනය
මාර්තු මාසය
මාර්තු 01 - ලෝක සමානාත්ම දිනය
මාර්තු 03 - ලෝක වන සත්ව දිනය
මාර්තු 08- ජාත්‍යන්තර කාන්තා දිනය
මාර්තු මාසයේ දෙවැනි ඉරිදා - පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය
මාර්තු 15 - ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය
මාර්තු 20 - ලෝක ගේ කුරුළු දිනය / ලෝක ප්‍රීතිමත් දිනය
මාර්තු 21 -ලෝක කාව්‍ය දිනය
මාර්තු 21 - ජාතීන් අතර අසමානතාවය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය
මාර්තු 21 - වනාන්තර සහ ශාක පිළිබද ජාත්‍යන්තර දිනය
මාර්තු 21 - ලෝක ඩවුන් සහලක්ෂණ දිනය
මාර්තු 22- ලෝක ජල දිනය
මාර්තු 23- ලෝක කාලගුණ විද්‍යා දිනය
මාර්තු 24- ලෝක ක්ෂය රෝග දිනය
මාර්තු 24- මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධව සත්‍ය සහ විපත්වලට ගොදුරුවූවන්ගේ ගරුත්වය පිළිබද ජාත්‍යන්තර දිනය
මාර්තු 25 - රදවාගත් සහ අතුරුදහන් වූ කාර්යමණ්ඩල සාමාජිකයින් සම්බන්ධ ජාත්‍යන්තර සහයෝගිතා දිනය
මාර්තු 25 - වහල් භාවයට හා අන්තර්මහද්වීපික වහල් වෙළදාමට ගොදුරුවූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය
අප්‍රේල් මාසය
අප්‍රේල් 2 - ලෝක ළමා පොත් දිනය
අප්‍රේල් 4 - බිම් බෝම්බ පිළිබද දැනුවත්වීම හා බිම් බෝම්බ ඉවත් කිරීම සදහා සහය වීම පිළිබද ජාත්‍යන්තර දිනය
අප්‍රේල් 6 - සංවර්ධනය හා සාමය පිළිබද ක්‍රීඩාව යොදාගැනීම සම්බන්ධව ජාත්‍යන්තර දිනය
අප්‍රේල් 7 - ලෝක සෞඛ්‍ය දිනය
අප්‍රේල් 12 - මානව අභ්‍යවකාශ ගමන් පිළිබද ජාත්‍යන්තර දිනය
අප්‍රේල් 22 - ජාත්‍යන්තර මිහිකත් මාතා දිනය
අප්‍රේල් 23 - ලෝක ඉංග්‍රීසි භාෂා දිනය/ ලෝක ග්රන්ථ සහ ග්රන්ථ හිමිකම් දිනය
අප්‍රේල් 25 - ලෝක මැලේරියා දිනය
අප්‍රේල් 26 - ලෝක බුද්ධිමය දේපල දිනය
අප්‍රේල් 28 - සේවයේ සුරක්ෂිත තාවය සහ සෞඛ්‍ය සම්බන්ධ ලෝක දිනය
අප්‍රේල් 29 - ලෝක නර්තන දිනය
අප්‍රේල් 30 - ලෝක ජෑස් සංගීත දිනය
මැයි මාසය
මැයි 01- ලෝක කම්කරු දිනය
මැයි 03 - ලෝක ප්රවෘත්ති නිදහස් දිනය
මැයි 05 - ජාත්‍යන්තර වින්නඹු මාතා දිනය
මැයි 08 - ලෝක තැලිසීමියා දිනය/ ලෝක රතු කුරුස දිනය
මැයි 10-11- ලෝක සංක්‍රමණ පක්ෂි දිනය
මැයි 12 - ජාත්‍යන්තර හෙද දිනය
මැයි 15 - ජාත්‍යන්තර පවුල් දිනය
මැයි දෙවැනි ඉරිදා- මවුවරුන්ගේ ජාත්‍යන්තර දිනය
මැයි 17 - ලෝක සන්නිවේදන හා තොරතුරු සමාජ දිනය
මැයි 18 - ජාත්‍යන්තර කෞතුකාගාර දිනය
මැයි 21- ලෝක සංස්කෘතික දිනය
මැයි 22 - ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය
මැයි 29- එක්සත් ජාතීන්ගේ සාම සාධකයන් පිළිබද ජාත්‍යන්තර දිනය
මැයි 31 - ලෝක දුම්රිය විරෝධී දිනය
ජුනි මාසය
ජුනි 01 - ලෝක දෙමවුපිය දිනය
ජුනි 04 - ආක්‍රමණයට ලක් වූ අහිංසක දරුවන් සම්බන්ධ ජාත්‍යන්තර දිනය
ජුනි 05 - ලෝක පරිසර දිනය
ජුනි 08 - ලෝක සාගර දිනය
ජුනි 12 - ළමා ශ්රමයට එරෙහි ලෝක දිනය
ජුනි 14 - රුධිර දන්දීම පිළිබද ලෝක දිනය
ජුනි 15- වැඩිහිටි අපයෝජනය පිළිබද ලෝක දිනය
ජුනි 17 - කාන්තාරකරණයට සහ නියගයට එරෙහිව සටන් වැදීමේ ලෝක දිනය
ජුනි 20 - ලෝක සරණාගත දිනය
ජුනි 21- ලෝක සංගීත දිනය/ පියවරුන්ගේ දිනය/ ලෝක යෝග දිනය
ජුනි 23- ජාත්‍යන්තර වැන්දඹු දිනය/ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා දිනය/ලෝක ඔලිම්පික් දිනය
ජුනි 26 - වද හිංසනයට ගොදුරුවුවන්ට සහය වීමේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය
ජුලි මාසය
ජුලි මස මුල් සෙනසුරාදා- ජාත්‍යන්තර සමුපකාර දිනය
ජුලි 02- ලෝක හදුනා නොගත් පියාසර වස්තුන් දිනය
ජුලි 11 - ලෝක ජනගහන දිනය
ජුලි 15 - ලෝක යොවුන් හැකියා දිනය
ජුලි 18 - ජාත්‍යන්තර නෙල්සන් මැන්ඩෙලා දිනය
ජුලි 28 - ලෝක හෙපටයිටීස් දිනය
ජුලි 30 - ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය/ නීති විරෝධී මිනිස් ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය
අගෝස්තු මාසය
අගෝස්තු මාසයේ පළමු ඉරිදා - ජාත්‍යන්තර මිතුරු දිනය
අගෝස්තු 09 - ලෝක ආදිවාසීන් පිළිබද ජාත්‍යන්තර දිනය
අගෝස්තු 12 - ජාත්‍යන්තර යොවුන් දිනය
අගෝස්තු 19 - ලෝක ජයරූපකරණ දිනය/ ලෝක මානවවාදී දිනය
අගෝස්තු 21 - ලෝක විලාසිතා දිනය
අගෝස්තු 23 - වහල් වෙළදාම හා එය අහෝසි කිරීම අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය
අගෝස්තු 29 - න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය
අගෝස්තු 30 - බලයෙන් අතුරුදහන් වුවන් පිළිබද ජාත්‍යන්තර දිනය
සැප්තැම්බර් මාසය
සැප්තැම්බර් 05- ජාත්‍යන්තර අසරණ සරණ දිනය
සැප්තැම්බර් 08 - ලෝක සාක්ෂරතා දිනය
සැප්තැම්බර් 15 - ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී දිනය
සැප්තැම්බර් 16 - ඕසෝන් ස්ථරය සුරකීමේ ජාත්‍යන්තර දිනය
සැප්තැම්බර් 21 - ජාත්‍යන්තර සාම දිනය
සැප්තැම්බර් 26 - න්‍යෂ්ටික අවි සහමුලින්ම තුරන් කිරීම පිළිබද ජාත්‍යන්තර දිනය
සැප්තැම්බර් 27 - ලෝක සංචාරක දිනය
සැප්තැම්බර් 28 - ලෝක ජලභීතිකා දිනය
ඔක්තෝම්බර් මාසය
ඔක්තෝම්බර් 01 - ලෝක ළමා දිනය/ලෝක වැඩිහිටි දිනය
ඔක්තෝම්බර් 02 - ජාත්‍යන්තර අවිහිංසා දිනය
ඔක්තෝම්බර් 04 - ලෝක සත්ත්ව දිනය
ඔක්තෝම්බර් 05 - ලෝක ගුරු දිනය
ඔක්තෝම්බර් පළමු සදුදා - ලෝක ජනාවාස දිනය
ඔක්තෝම්බර් 08 - ලෝක දෘෂ්ටි දිනය
ඔක්තෝම්බර් 09 - ලෝක තැපැල් දිනය
ඔක්තෝම්බර් 11 - දැරියන් පිළිබද ජාත්‍යන්තර දිනය
ඔක්තෝම්බර් 13 - විපත් අවමකිරීමේ ජාත්‍යන්තර දිනය
ඔක්තෝම්බර් 15 - ග්‍රාමීය කාන්තාවන් පිළිබද ජාත්‍යන්තර දිනය
ඔක්තෝම්බර් 16 - ලෝක අහාර දිනය
ඔක්තෝම්බර් 17 - දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබද ලෝක දිනය
ඔක්තෝම්බර් 20 - ලෝක ඔස්ටියෝපොරෝසිස් දිනය
ඔක්තෝම්බර් 24 - එක්සත් ජාතීන්ගේ දිනය/ ලෝක සංවර්ධන තොරතුරු දිනය
ඔක්තෝම්බර් 27 - ශ්‍රව්‍ය දෘශ්‍ය උරුමය පිළිබද ලෝක දිනය
ඔක්තෝම්බර් 31 - ලෝක නගර දිනය
නොවැම්බර් මාසය
නොවැම්බර් 02 - පුවත්පත් කලාවේදීන්ට එරෙහි අපරාධ සදහා දඩුවම් ලබා නොදීම අවසන් කිරීම සදහා වූ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 06 - යුධ හා ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සුරා කෑම වැලැක්වීම පිළිබද ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 10 - සාමය හා සංවර්ධනය සදහා විද්‍යාව යොදාගැනීම පිළිබද ලෝක දිනය
නොවැම්බර් 14 - ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් මාසයේ තුන්වන ඉරිදා - මහාමාර්ග අනතුරුවලට ගොදුරු වුවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් මාසයේ තෙවන බ්‍රහස්පතින්දා - ලෝක දර්ශනවාදී දිනය
නොවැම්බර් 20 - විශ්ව ළමා දිනය
නොවැම්බර් 21 - ලෝක රුපවාහිනී දිනය/ලෝක ධීවර දිනය
නොවැම්බර් 25 - කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 29 - පලස්තීන ජනතාව සමග සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබද ජාත්‍යන්තර දිනය
දෙසැම්බර් මාසය
දෙසැම්බර් 01 - ලෝක ඒඩ්ස් දිනය
දෙසැම්බර් 02 - වහල් භාවය තුරන් කිරීම පිළිබද ජාත්‍යන්තර දිනය
දෙසැම්බර් 03 - අබාධිතයින් පිළිබද ජාත්‍යන්තර දිනය
දෙසැම්බර් 05 - ආර්ථික හා සමාජ සංවර්ධනය සදහා වූ ලෝක ස්වේච්ජා දිනය/ලෝක පාංශු දිනය
දෙසැම්බර් 07 - ලෝක සිවිල් ගුවන් ගමන් දිනය
දෙසැම්බර් 09 - ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය
දෙසැම්බර් 10 - මානව හිමිකම් දිනය
දෙසැම්බර් 11 - ජාත්‍යන්තර කදුකර දිනය
දෙසැම්බර් 18 - ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ දිනය
දෙසැම්බර් 20 - ජාත්‍යන්තර මානව සහයෝගිතා දිනය
ලෝකයේ හොඳම පුස්තකාල 10 ක්
ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය
ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව
ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ඉතා පුරාණ කාලයේ පටන් පැවතෙන අති විශාල පුස්තකාලයකි. මෙය ලෝක පුදුමයන් අතරින් එකක් ලෙස පවා ගැනේ. දැනට පවතින පුස්තකාලය මෑතකදී නැවත ගොඩනැගුවක් වන අතර, අතීත ශ්‍රී විභූතිය තවමත් එහි දැකිය හැකියි. ඩොලර් මිලියන 220 ක් වැයකරමින් ඉදිකරන ලද මෙම දැවැන්ත පුස්තකාලය තනා නිම කරන ලද්දේ 2002 වසරේදීයි. සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙසත් භාවිතායට ගැනෙන මෙහි ග්‍රහලෝකාගාරයක්, පැරණි අත් පිටපත් ප්‍රතිෂ්ඨාපනය කරන පර්යේෂණාගාරයක්, කළා භවනක් හා සම්මන්ත්රණ ශාලා පහසුකම් මෙන්ම කෞතුකාගාරයක් ද අඩංගු වේ. කුඩා දරුවන්ට, තරුණයින්ට, අන්ධ අයට වෙන වෙනම තැනූ පුස්තකාල මෙහි ඇත. දැනට මෙහි පොත් ලක්ෂ 05 ක් පමණ තිබේ.
ජෝර්ජ් පීබොඩි පුස්තකාලය
බැල්ටිමෝර්, මේරිලන්තය
ජෝන්ස් හොප්කින්ස් සරසවියේ පර්යේෂණ පුස්තකාලය වන මෙය 1878 සිට 1967 දක්වා පීබොඩි නම් ආයතනය සතු පුද්ගලික පුස්තකාලයක් විය. එයින් පසුව මෙම පුස්තකාලය බැල්ටිමෝර් නගර පාලනය සතු වූ අතර 1982 දී ජෝන්ස් හොප්කින්ස් සරසවියට පවරන ලදී. දැන් එම පුස්තකාලයේ සරසවිය සතු පොත්පත් ද ඇතුළුව විශේෂ හා දුර්ලභ පොත් රාශියක් පවතී. ලොව අග්‍රගණ්‍ය පොත් මාලාවක් වන Don Quixote හි සංස්කරණ සඳහා මෙම පුස්තකාලය ප්‍රසිද්ධියක් උසුලයි. එසේම 19 වැනි සියවස තරම් පැරණි පොත්පත් පවා මෙහි අඩංගු වේ. මෙම පුස්තකාලය ‘පුස්තක දෙව් මැදුර’ යන නමින් පවා හැඳින්වෙන්නේ එහි ඇති ගාම්භීර හා මහේශාඛ්‍ය නිමාව නිසායි. මෙහි මැද කොටස අඩි 61 ක් උස පුළුල් ආලින්දයකින් සමන්විත වේ. කිරිගරුඬෙන් තැනූ කළු හා සුදු පොළොව පා පහසින් ඔපවත්ව ඇති අතර, ස්වර්ණ වර්ණයෙන් දිලිසෙන කුළුණු අතරින් දිස්වෙන බැල්කනි බොහෝ ගණනක් ඇති මේ පුස්තකාලය රජ මැදුරක් මෙන් තේජාන්විත, පාඨකයන්ගේ නෙත් මෙන්ම සිතත් පිනවන ස්ථානයකි.
ජේ වෝර්කර් පුද්ගලික පුස්තකාලය
කනෙක්ටිකට්
ඇමෙරිකානු නව නිපැයුම්කරුවෙක් සහ ව්‍යවසායකයෙක් වූ ජේ වෝර්කර් විසින් සිය පෞද්ගලික ධනය යොදා තනන ලද පුද්ගලික පුස්තකාලයක් වන මෙය ඉතා සුවිශේෂී එකකි. ජේ වෝර්කර් විසින් සිය පුස්තකාලය පිළිබඳව හඳුන්වන ලද්දේ “මිනිස් පරිකල්පනයේ ඉතිහාසය පිළිබඳව වූ වෝර්කර් පුස්තකාලය” යන නමිනි. මෙහි පොත් 50,000 ක පමණ එකතුවක් දක්නට ලැබේ. ඉතා පැරණි හා දුර්ලභ පොත් ඇතුළත් වන මෙම පුස්තකාලය ලොව ප්රමුඛ පුස්තකාලයක් ලෙසින් හඳුන්වාදිය හැකියි. වරක් Wired නම් සඟරාව විසින් මෙම පුස්තකාලය හැඳින්වූයේ ලොව විස්මයජනකම පුස්තකාලය ලෙසයි. මෙය පුද්ගලික දේපලක් නිසා පුස්තකාලයේ පොත් පරිහරණය සඳහා පොදු ජනතාවට ඉඩ නොලැබුනත්, පුස්තකාලයේ නිමාව හා පොත් පත් හි දුර්ලභත්වය නිසා විශිෂ්ඨ පුස්තකාලයක් ලෙස පිළිගැනේ.
ශාන්ත ගෝල් ආශ්‍රම පුස්තකාලය
සෙන්ට් ගැලන්, ස්විට්සර්ලන්තය
මෙය ස්විට්සර්ලන්තයේ ඇති පැරණිතම පුස්තකාලයයි. පොත් 160,000 ක් පමණ අඩංගු වේ. පූජකාරාමයක් සතු ලොව පැරණිතම පුස්තකාලය වන්නේද මෙයයි. ක්‍රි.ව. අටවැනි ශත වර්ෂය තරම් පැරණි කාලයේ ලේඛන පිටපත් පවා මෙහි අන්තර්ගත වන බව පැවසේ. 1983 දී මෙම පුස්තකාලය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ මෙහි ඇති සුවිශේෂී බව නිසාමයි. පුස්තකාලය සතු පැරණි ලියකියවිලි අන්තර්ජාලය මගින් පවා කියැවිය හැකි අතර, මෙම පුස්තකාලය මහජනයා සඳහා විවෘතව පවතින එකක් වීම ද විශේෂයකි. කෙසේ වෙතත් 1900 වසරට වඩා පැරණි පොත්පත් බැහැර නොදෙන අතර, පුස්තකාලය තුළදී පමණක් කියවීමට අවසර ලැබේ.
නිව්යෝක් මහජන පුස්තකාලය
නිව්යෝක් නගරය, ඇමෙරිකා එක්සත් ජනපදය
ලෝ ප්‍රකට නිව්යෝක් මහජන පුස්තකාලය එහි සැකැස්ම, නිමාව සහ සුවිශාලත්වය නිසාම දුටුවන් විස්මයට පත් කරවන සුළු පුස්තකාලයකි. උතුරු ඇමරිකාවේ ඇති තෙවැනි විශාලතම පුස්තකාලය වන මෙය සතුව විවිධ ග්රන්ථ අයිතමයන් මිලියන 50 ක් ඇතැයි කියවේ. මෙය පුස්තකාල 87 කින් සමන්විත සංකීර්ණයක් වන අතර මිලියන 3.5 ක පමණ ජනතාවක් එය භාවිතා කරයි. අති විශාල ප්‍රධාන කියවීම් ශාලාව හා එහි සිට පොත් කියවන සුවහසක් ජනතාව දැකීම නෙතට මෙන්ම සිතට ද සොඳුරු දසුනකි. මුද්‍රණ යන්ත්‍රයේ පියා වන ගුටෙන්බර්ග් විසින් මුද්‍රණය කරන ලද ලොව පළමු මුද්‍රිත බයිබලයක් ද මෙහි ඇති දුර්ලභ පොත් එකතුව අතර වෙයි. මෙම පුස්තකාලය ලොව පුරා බොහෝ දෙනාගේ ජනාදරයට පත් ව ඇති තවත් හේතුවක් වන්නේ ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට සඳහා මෙය යොදා ගෙන ඇති නිසාවෙනි. “The Day After Tomorrow”, “Ghostbusters” යනු එවැනි චිත්‍රපට සඳහා උදාහරණයි.
සියැටල් මධ්‍යම පුස්තකාලය
සියැටල් නගරය, වොෂිංටන්
2004 වසරේදී මහජනයා සඳහා විවෘත වූ මේ ආශ්චර්යමත් පුස්තකාලය නූතන ඉදිකිරීම් තාක්ෂණයේ විස්මය විදහා පෙන්වයි. වානේ සැකිල්ල මත වීදුරු වලින් නිමවුනු මෙම පුස්තකාලය එහි නිමාව නිසාම සුවිශේෂී වෙයි. ඉඩ ඇහිරුණු, අඳුරු ස්ථාන වශයෙන් සාම්ප්රදායිකවම පුස්තකාල සඳහා හිමිව තිබුණු පිළිගැනීම මේ සියැටල් පුස්තකාලය මගින් බිඳ හෙලා තිබේ. මෙය හොඳින් ඉඩකඩ ඇති ස්ථානයක් වන අතර වීදුරු යොදා තිබීම නිසා එලිමහනේ සිට කියවන්නාක් මෙන් හැඟීමක් ලැබේ. මිලියන 1.5 ක් පමණ වූ ග්රන්ථ ප්‍රමාණයක් මෙහි ගබඩා කළ හැකි අතර වසරකට මිලියන දෙකක පමණ පිරිසකට මෙම පුස්තකාලය සිය සේවය සපයයි.
බොස්ටන් මහජන පුස්තකාලය
ඇමෙරිකා එක්සත් ජනපදය
මෙම පුස්තකාලය 1848 දී විවෘත කෙරිණි. දැනට මෙහි විවිධ අයිතමයන් මිලියන 22 ක් පමණ ඇති බව කියැවේ. මේ දැවැන්ත අගය නිසාම මෙය එක්සත් ජනපදයේ ඇති දෙවැනි විශාලතම පුස්තකාලය ලෙස හැඳින්වේ. 1895 දී ඉදිකරන ලද මැක්කිම් ගොඩනැගිල්ල දර්ශණීය බිතු සිතුවම් හා බිත්ති කැටයම් වලින් අලංකෘත වේ. එසේම එහි ඇති බේට්ස් ශාලාව එහි කෝෂමය ආකාරයේ වක්රාකාර උස් සිවිලිම නිසා විශේෂත්වයක් ගනී. මධ්‍ය කාලීන යුගයේ ලියවිලි, ආදීතම මුද්‍රණ පිටපත්, ශේක්ස්පියර් ගේ මුල් කෘතීන් හා තවත් දුර්ලභ කෘතීන් රාශියකින් මේ පුස්තකාලය සමන්විත වේ.
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රධාන කියැවීම් ශාලාව
ලන්ඩනය, එංගලන්තය
ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තුළ පිහිටි මෙය අති දැවැන්ත කියවීම් ශාලාවකි. මෙහි වහලය ගෝලාකාර ආකාරයෙන් තනා ඇත. අතීතයේදී මෙම පුස්තකාල ශාලාවට පිවිසිය හැකි වූයේ ලියාපදිංචි වූ පාඨකයන්ට පමණි. මේ කියවීම් ශාලාවේ සේවය ලබාගත් කීර්තිමත් පුද්ගලයන් අතර කාල් මාක්ස්, ඔස්කාර් වයිල්ඩ්, මහත්මා ගාන්ධි, රයියාඩ් කිප්ලිං, මාක් ට්වේන්, ලෙනින් හා H.G. වේල්ස් යන අය කැපී පෙනෙයි. වර්ෂ 2000 දී මෙහි අඩංගු පොත්පත් බොහෝමයක් නව බ්‍රිතාන්‍ය පුස්තකාලයට යැවුණු අතර වර්තමානයේ මෙහි අඩංගු වන්නේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට අදාලව ඇති ඉතිහාස ලේඛණ සහ එබඳු වෙනත් ලිපිලේඛණයි.
බොඩ්ලියන් පුස්තකාලය
ඔක්ස්ෆර්ඩ්, මහා බ්‍රිතාන්‍යය
ලෝ ප්‍රකට ඔක්ස්ෆර්ඩ් සරසවියේ පුස්තකාලය වන මෙය 1602 තරම් ඈත කාලයේදී පිහිටුවන ලද පුරාණතම පුස්තකාලයකි. මෙය යුරෝපයේ පැරණිම පුස්තකාලයකි. මිලියන 11 කට අධික පොත්පත් හා ලිපිලේඛණ මෙහි අඩංගු බව සඳහන් වේ. ඒ අතර ‘මැග්නා කාර්ටා’ හි පිටපත් හතරක් හා ගුටෙන්බර්ග් බයිබලයක්ද , ශේක්ස්පියර් ගේ First Folio මුල්කෘතීන් ද අඩංගු වේ. ලොව මුල්ම කවාකාර පුස්තකාල ගොඩනැඟිලි අතර මෙය ද ඇති අතර මෙම පුස්තකාල ගොඩනැඟිල්ල “Young Sherlock Holmes”, “The Saint”, “The Red Violin” සහ “The Golden Compass” ආදී සිනමා පට රාශියකට පසුබිම් වී තිබේ.
කොංග්රස් පුස්තකාලය
වොෂිංටනය
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික පුස්තකාලය වන මෙය ලෝකයේ ලොකුම පුස්තකාලය ලෙසද පිලිගැනේ. එය අති විශාල ගොඩනැඟිලි තුනකින් සමන්විත වේ. මෙය මහජනයාට විවෘත නමුත්, කොංග්රස් මන්ත්‍රීවරු හා වෙනත් උසස් රාජ්‍ය නිළධාරින්ට පමණක් පොත් පරිහරණය කිරීමේ අවස්ථාව හිමිව තිබේ. මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ අනෙකුත් සියළුම පුස්තකාලයන්හි ප්‍රධාන කාර්යාලය ලෙසින් ක්‍රියාකරයි. මෙහි විවිධ ග්රන්ථයන් මිලියන 32 ක්, විවිධ ලේඛණයන් මිලියන 61 ක් සමගින් ඇමෙරිකානු නිදහස් ප්‍රකාශණයේ පිටපතක් ද ඇති අතර ලොව ඇති හොඳම තත්ත්වයේ ගුටෙන්බර්ග් බයිබල හතරෙන් එකක් ද මෙහි ඇත. පසුගිය සියවස තුනට අයත්වන විවිධ පුවත්පත් මිලියනයක් පමණ ද, සංගීත ප්රස්ථාරයන් මිලියන 06 ක් පමණ ද, විවිධ ඡායාරූප හා මුද්‍රණයන් මිලියන 14 ක් පමණ ද මෙම පුස්තකාලයේ අඩංගු වන අතර ලොව ඇති හොඳම එකතුවක් ලෙසින් මෙය දැක්විය හැකියි.
ලංකාවේ පළාත් නවය නියෝජනය කරන කොඩි පිළිබඳ තොරතුරු
ලංකාවේ පළාත් නවය නියෝජනය කරන කොඩි පිළිබඳ තොරතුරු
ශ්‍රී ලංකාව යනු ඒකීය රාජ්‍යකි. වෙනත් රටවල් ලංකාව හඳුනා ගන්නේ අපගේ ජාතික කොඩිය තුළිනි. එය රටේ අනන්‍යතාවය තහවුරු කරන ලාංඡනයක් ලෙසද තවත් ලෙසකට දැක්විය හැක. ජාතික කොඩියක් නිර්මාණය කිරීමේදී රටේ පවතින සියලුම දේශපාලන, සමාජීය හා සංස්කෘතික සාධක සැලකිල්ලට ගත යුතුය. මෙහිදී රටේ ජිවත් වන සියලුම ජන කණ්ඩායම්, ගෝත්‍ර, ජනයා අදහන ආගම්, ආදී සියල්ලක්ම කෙරෙහිම අවධානය යොමු කළ යුතය.
ජාතික කොඩියක් තුළින් මේ සියල්ලම නියෝජනය කෙරුනත් රටේ විවිධ පළාත් වල ඊට ආවේනික වු විශේෂ ලක්ෂණ දක්නට ලැබේ. ඒවා සැලකිල්ලට ගනිමින් බොහෝ රටවල් එම රටේ පළාත් සඳහා වෙන් වෙන් වූ කොඩි නිර්මානය කර ඇත. ලංකාව තුළ ප්‍රධාන පළාත් නවයක් දක්නට ලැබේ. අපගේ ජාතික කොඩියට අමතරව රටේ පළාත් නියෝජනය කිරීම සඳහා වෙනම කොඩි නවයක් ඇත. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ එම කොඩි නවය පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි.
බස්නාහිර පළාත
ලංකාවේ අග නගරය පිහිටා ඇති දිස්ත්‍රික්කය ඇත්තේ බස්නාහිර පළාත තුළයි. බස්නාහිර පළාත් කොඩිය පිලිබඳ කතා කිරීමේදී එහි සංකේන්ද්‍රීය වූ සෘජුකෝණාශ්‍ර කීපයක් දක්නට ලැබේ. කොඩියේ මැද ඇති සෘජුකෝණාශ්‍රයේ හතර කොනේ බෝ කොළ හතරක් හා සුදු පැහැති රවුම් තුනක් දක්නට ලැබේ. මෙම රවුම් වලින් එකක රන් පැහැති කුරුල්ලෙක් දක්නට ලැබේ. එයින් කළුතර දිස්ත්‍රික්කය නිරුපණය වේ. මැද රවුමේ සිටින සිංහ රුපය මගින් කොළඹ දිස්ත්‍රික්කය නිරුපණය වේ. අනෙක් රවුමේ දක්නට ලැබෙන රන් පැහැති නාගයාගෙන් නිරුපණය වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි. කොඩියේ හතර පැත්තේ ඇති බෝ කොළ වලින් මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ නිරුපණය වේ.
දකුණු පළාත
දකුණු පළාත් කොඩිය ලංකාවේ ජාතික කොඩියට සමානකම් පෙන්වයි. කොඩියේ මෙරුන් පැහැති පසුබිම තුළ කඩුවක් අතින් ගත් සිංහයෙක් දක්නට ලැබේ. කොඩියේ සතර පැත්තේ බෝ කොළ හතරක් දක්නට ලැබේ. මිට අමතරව සිංහයාගේ දෙපැත්තේ ඉර හඳ දෙක දැකිය හැක.
මෙහි මුළු හතරේ ඇති බෝ කොළ වලින් මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ නිරුපණය වේ. කොඩිය මැද සිටින කඩුවක් අතේ ඇති සිංහයාගෙන් සැමදෙනාටම ඇති සමානාත්මතාවය, යුක්තිය, හා සදාරණත්වය වැනි සංකල්ප නිරුපණය වේ. බොහෝ විද්වතුන්ගේ මතය අනුව මෙම කොඩිය අතීතයේ දුටු ගැමුණු රජු යුද්ධ කිරීමට ගෙන ගිය කොඩියට සමානකම් දක්වයි.
මධ්‍යම පළාත
මධ්‍යම පළාතට අයත් මාතලේ, නුවර එළිය, මහනුවර යන දිස්ත්‍රික්ක නිරුපණය කිරීම සඳහා මෙම කොඩිය භාවිත කරයි. කඩුවක් අතින් රැගත් රන් පාට සිංහයාගෙන් හා මෙරුන් පැහැති පසුබිමේ ඇති බෝ කොල හතරෙන් නුවර දිස්ත්‍රික්කය නිරුපණය වේ. සුදු පැහැති පසුබිමෙන් මාතලේ දිස්ත්‍රික්කය නිරුපණය වන අතර සුදු නෙළුම් මල් වලින් නුවර එළිය දිස්ත්‍රික්කය නිරුපණය කර ඇත.
වයඹ පළාත
මෙය 1987 වර්ෂයේදී වයඹ පළාත සඳහා හදුන්වා දෙන ලදී. මෙම කොඩියේ දෙපැත්තේ ඉර හා හඳ දක්නට ලැබේ. මීට අමතරව සුදු පැහැති පසුබිමේ කුඩා තරු අටක් දක්නට ලැබේ. සම්පුර්ණ කොඩිය වටා කොළ හා දුඹුරු විවීමක් දක්නට ලැබේ.
ඌව පළාත
ඌව පළාත් කොඩිය නිර්මාණය කර ඇත්තේ කහ පැහැති පසුබිමේ රතු පැහැයෙන් විවිධ රටා යෙදිමෙණි. කොඩිය මැද හංසයෙක් දක්නට ලැබෙන අතර හංසයාගෙන් බොහෝ දේ නිරූපණය වේ. ප්‍රියංකර බව, ශේෂ්ඨත්වය, රාජකීය බව ඉන් කීපයකි.
උතුරු මැද පළාත
උතුරු මැද පළාතට අයත් වන්නේ අනුරාධපුරය හා පොළොන්නරුවයි. මෙම කොඩිය තුළින් අනුරාධපුර හා පොළොන්නරු රාජධානිවල ප්‍රෞඩත්වය මනාව විදහා දක්වයි. කොඩියේ මැද ඇති රවුම තුළ රූප ගණනාවක් දැකිය හැක. එහි ඇති ස්ථූපයක හා ගල් කණුවක රුපය තුළින් අනුරාධපුර දිස්ත්‍රික්කය නිරුපණය වේ. මෙය ලංකාවේ පළමු ස්ථුපය වන දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද ථුපාරාමයට සමාන වේ.
මෙම රවුම තුළ පළමු පරාක්‍රමබාහු රජුගේ චිත්‍රයක්ද දක්නට ලැබේ. ඒ තුළින් පොළොන්නරු දිස්ත්‍රික්කය නිරුපණය වේ. ලංකාව එක්සේසත් කළ ප්‍රභල රජෙකු වන එතුමා බෞද්ධාගමේ දියුණුව සඳහා කැපවීමෙන් කටයුතු කළ රජෙකි. රවුම වටා ඇඳ ඇති වී කරල් මගින් අනුරාධපුරයේ හා පොළොන්නරුවේ සාරවත් කෘෂිකර්මාන්තය නිරුපණය කර ඇත.
සබරගමු පළාත
සබරගමු පළාත් කොඩිය ලංකාවේ ජාතික කොඩියට හා දකුණු පළාත් කොඩියට සමානකමක් දක්වයි. කසයක් අතින් ගත් සිංහයාගෙන් යුක්තිය හා සධාරණත්වය නිරුපණය වේ. කොඩියේ හතර කොනේ බෝ කොළ හතරක් දක්නට ලැබේ. ඒවාගෙන් නිරුපණය වන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයි.
උතුරු පළාත
උතුරු පළාත් කොඩියේ මැද සුර්යා නිරුපණය කර තිබේ. කොඩිය වටේ ඇති නිල් පැහැති රාමුව තුළින් සාගර සම්පත් නිරුපණය වේ. කොඩියේ කොළ පැහැති තීරුවෙන් උතරු පළාතේ කෘෂි කර්මාන්තය නිරුපණය කර ඇති අතර රතු පැහැයෙන් හින්දු සංස්කෘතිය නිරුපණය කර ඇත. සුදු පැහැය යොදාගෙන ඇත්තේ සාමය හා සමාදානය නිරුපණය කිරීමටයි.
නැගෙනහිර පළාත
නැගෙනහිර පළාතේ කොඩියේ මාළුවා, උකුස්සා හා සිංහයා යන සත්වයින් දක්නට ලැබේ. උකුස්සාගේ රූපයෙන් සංකේතවත් වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයයි. මාළුවාගෙන් සංකේතවත් කරන්නේ මඩකලපුව වන අතර සිංහයාගෙන් අම්පාර දිස්ත්‍රික්කය නිරුපණය වේ.
Helamaga TV
ලංකාවේ පළාත් නවය නියෝජනය කරන කොඩි
උතුරු පළාත