1998 දී විනෝදංශයක් ලෙස ආරම්භ කරණ ලද විවිධ වර්ගයේ පැළ එකතුව වර්ශයක පමන කාලයකදී අති විශාල සංක්‍යාවක් ලෙස වර්දනය වූ බැවින් ඉතාම කෙටි කාලයක් තුල ව්‍යාපාරයක් ලෙස flora kingdom වෙළඳ නාමය යටතේ ආරම්භ කරණ ලදී.
ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි කර ඇති අප ආයතනය. රාජකීය උද්භිත උද්‍යානයේ මල් වගාකරුවෙකු ලෙස ලියාපදිංචිය ලබා ඇති අතර. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රෝපණ ද්‍රව්‍ය සැපයුම් කරුව්කු ලෙසද කටයුතු කරයි.එමෙන්ම කෘෂිකර්ම දෙපාර්ටමේන්තුවේ පළතුරු බද්ධ පැළ නිශ්පාදකයකු හා රෝපණ ද්යව්ය අලෙවි කරුවෙකු ලෙස 2000 වර්ශයේ සිටම ලියාපදිංචිය ලබමින් කටයුතු කරමින් ඇත. 2016 දී ගන්නෝරුවේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුද්ගලික අලෙවි කරුවෙකු ලෙස අලෙවි සලක් ආර්ම්භ කරයි. දිවි නැගුම වැනි රාජ්‍ය ව්‍යාපෘතීන් සඳහාද රෝපණ ද්‍රව්‍ය විශාල ලෙස සපයා ඇත. එමෙන්ම රාජ්‍ය ආයතන රාජ්‍ය නොවන ආයතන හා සම්බන්ද වී කටයුතු කරයි.
විශාල හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපෘති සඳහා රාජ්‍ය හා වෙනත් ව්‍යාපාරික ආයතන හා සම්බන්දවී කටයුතු කරයි. උද්‍යාන අලංකරණ සේවා සිදුකරයි. විසල් මාතලේ ජල ව්‍යාපෘතියට අදාල ස්තාන සඳහා පාංශු සංරක්ෂන හා උද්‍යාන අලංකරණ උපදේශන කටයුතු අප අයතනය විසින් සිදු කර ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ මාතලේ කඳවුරු භූමිය හා බොහෝ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සඳහා උද්‍යාණ අලංකරණ කටයුතු සඳහා උපදේශන සේවා සපයා ඇති අප ආයතනය .හෝටල්, කර්මාණ්ත ශාලා විශල ප්‍රමාණයේ පෞද්ගලික භූමි අලංකරණ සේවා සපයමින් හා රෝපණ ද්‍රව්‍ය අලෙවි කරණයේ යෙදෙමින්ද කටයුටු සිදුකරයි...