Search this site
Embedded Files
Skip to main content
Skip to navigation
Dreamland southkorea
Work
Project page
About
Dreamland southkorea
Work
Project page
About
More
Work
Project page
About
BTS
වර්තමානය වන විට ලොව බලවත්ම පිරිමි සංගීත කණ්ඩායම වන්නේ BTS එසේත් නැත්නම් BANGTANG SONEYDAN.වර්තමානයේදි ලොව වඩාත් බලවත් පුද්ගලයන් 100 අතරට පවා නම් කර තිබුණත් ඔවුන්ගේ ආරම්භය නම් හිස් අතක්! කිසිවක්ම නොවුණු දුශ්කර ආරම්භයක්.
BTS සංගීත කණ්ඩායම ආරම්භ වූයේ 2010 වසරේ වුවත් ඔවුන් නිළ වශයෙන් ක්ෂේත්රයට කණ්ඩායමක් ලෙස පිවිසෙන්නෙ 2013 වසරේ ජූලි 13 වනදා.වයස අවුරුදු 15ත් 20ත් අතර ඉතා ලාබාල වයසින්ම ඔවුන් K-pop එසේත් නැත්නම් කොරියන් පොප් සංගීත ක්ෂත්‍රයට පිවිසුනත් ඔවුන්ගේ ගමන නම් පහසු උනේ නෑ. ඒ වෙද්දි කොරියාව තුළ ඒකාධිකාරීයක් පවත්වාගෙන ගිය බලවත්ම entertainment agencies උනේ SM,YG, JYP.මේ ආයත වල තරගකාරීත්වය එක්ක කුඩා පරිමාණයේ නවක ආයතනයක් උන ,BIGHIT ආයතනය ලොකු අභියෝගයකට මූණ දුන්න.අවම පහසුකම් යටතේ තම නිර්මාණ ඉදිරිපත් කිරීමට BTS සංගීත කණ්ඩායමට සිදු වුනා.
දවසට පැය 16ක් එක දිගට පුහුණුවීම් වල නිරත වෙන්න ඔවුන්ට සිදුවුනා.සාමාජිකයන් හත් දෙනාටම එක් කුඩා කාමරයක ජීවත් වෙන්න උනා.දෛනික වියදමට මුදල් උපයා ගන්න අර්ධකාලීන රැකියා කරන්න උනා.පසුකාලීනව සම්මුඛ සාකච්ඡා වලදී සුගා කියනව ඔහුට බස් වියදම උපයා ගැනීමත් ඉතාමත් දුෂ්කර උන බව.
ආරම්භයේදී සංගීත කණ්ඩායම සාර්ථක වීමට මුල් පියවර තබනවාත් සමගම ඔවුන්ට ඔවුන්ගේ ජීවිත වල අසීරුම කාලය උදා උනා.ඔවුන් අනෙකුත් කලාකරුවන්ගේ ගීත හොරකම් කරන බවට රාවයක් BTS විරෝධීන් විසින් ප්‍රචාරය කරනු ලැබූවා. ඔවුන් twitter සමාජ මාධ්‍ය තුළ
#plagiarismboys
01* ලෙස trend කරා. මේ සිදුවීම් සංගීත කණ්ඩායම මානසිකව පසුබෑමකට ලක් කරනු ලැබුව.
ඔවුන්ගේ පළමු ප්‍රසංගයට ප්‍රචාරණ කටයුතු සදහා ඔවුන් ඇමරිකාවට පිටත්ව ගියා.ප්‍රසංගය නොමිලේ බවත් එයට පැමිණෙන ලෙසත් ඉල්ලමින් ඔවුන් වීදි ගානෙ අත් පත්‍රිකා බෙදා හැරිය.කෙසේ වෙතත් ඒ ප්‍රසංගයට 200ක පමණ පිරිසක් සහභාගී උනා.එදා ඔවුන් රසිකයන් 20000ක් පමණ සිටි බව සිතාගෙන එම ප්‍රසංගය ඉදිරිපත් කළ බව පසුකාලීනව ප්‍රකාශ කලා.
මුල් කාලයේදී BTS කණ්ඩායමේ J-Hope කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කරනව.ඒ රසිකන් ඔහුගේ පෙනුම නිසා ඔහුව ප්‍රතික්ෂේප කිරීම නිසා.ඔහුව කණ්ඩායමට අනවශ්‍ය බවත් ඔහු කිසිදු දක්ෂතාවයක් නොමැති අයෙක් බවටත් ඔවුන් චෝදනා කරා.එහෙත් කණ්ඩායම්ර්ර් බාලයා ජන්කුක් අඩා වැළපෙමින් ඔහුව නතර කර ගන්නට සමත් උනා.
BTS කණ්ඩායමේ සාමාජිකයන් ගැහැණු ළමයන් වගේ , ඔවුන් සමලිංගිකයන් වැනි නොයෙකුත් චෝදනා ඔවුන්ට එල්ල කරනවා.ගීත හොරු මෙන්ම තමන්ගේම ගීත ඇල්බම් තම සමාගම විසින්ම මිලදී ගන්නා බවටත් ඔවුන්ට චෝදනා කරනවා.සම්මුඛ සාකච්ඡා වලදී ඔවුන්ව අපහසුතාවයට ලක් කරමින් නුසුදුසු ප්‍රශ්න අසමින් ඔවුන්ව අසරණ කරනවා.මේ සියල්ලට පිළිතුරු වශයෙන් කණ්ඩායමේ නායකයා පවසන්නේ 'දිනෙක ඔබ වැරදි බව මම ඔප්පු කරන්නම්' යනුවෙන්. ඔහු අද වන විට එය සහතික කර තියෙනවා.
දිගින් දිගටම එල්ල උන චෝදනා එක්ක BTS සංගීත කණ්ඩායම විසිරුවා හරින්න තීරණය කරනවාත් එක්කම සංගීත කණ්ඩායමේ ඉරණම වෙනස් වුනා.ඒ I need you ගීතයට ඔවුන් ඔවුන්ගේ ප්‍රථම සම්මානය ලබා ගැනීමත් එක්ක. ඉන් පසුව 2016 වසරේදී කොරියාවේ සංගීත ක්ෂෙත්රයේ වටිනම සම්මානයක් වන daesang සම්මානය ලබා ගැනීම ඔවුන්ව විශ්මයට පත් කරා.ඉන් පසුව සංගීත ක්ෂේත්රයේ පෙරළියක් කරමින් ඔවුන් දිගින් දිගටම එම සම්මානය ලබා ගත්ත.2018 වසරේදී කොරියාවේ සංස්කෘතිය ලෝකයට රැගෙන යෑමට කරන ගෞරවයක් ලෙස ජනාධිපති මුන් ජේ සිං මහතා BTS සංගීත කණ්ඩායමට 'හ්වැග්වන් ඕඩර් ඔෆ් කල්චර් සම්මානය' ප්රදානය කරා.එම සම්මානය ලබාගත් ලාබාලමතම කලාකරුවන් වන්නේ BTS.
මුලින් ඔවුන්ගේ ඇල්බම් ඔවුන්ම මිලදී ගන්නා බවට චෝදනා එල්ල උනත් අද වන විට ඔවුන්ගේ ඇල්බම් සියන්නම පැය කීපයක් ඇතුළත විකීණී අවසන් වෙනවා.ලෝකයේ විශාලතම ප්‍රේක්ශකාගාර වල පවත්වන ඔවුන්ගේ ප්‍රසංග ටිකත් පත් පැය කීපයකින් විකිනී අවසන් වනවා.
ඉන් පසුව 2018 වසරේදී UNISEF ආයතය සමග එක්ව BTS LOVE YOURSELF ව්‍යාපෘතිය මෙහෙයවනවා.ඒ ලොව පුරා ප්රචණ්ඩත්වයයට මෙන්ම තරුණ පරපුරේ පීඩනයට එරෙහිව.එමගින් ඔවුන් යුනිසෙෆ් සංවිධානයට එකතු කර දුන් මුදල ඩොලර් මිලියන 1.4ක්. තරුණ පරපුරට මෙම සංගීත කණ්ඩාමට කළ හැකි බලපෑම අති ප්‍රභලයි.ලොව පුරා මේ වන විට මිලියන 90කට අධික රසිකයන් ප්‍රමාණයක් ඔවුන් වටා සිටිනවා.ඔවුන්ගේ රසිකන් හදුන්වන්නේ ARMY යනුවෙන්.එහි අර්ථය Adorable respective MC for the Youth.මෙම බලපෑම හේතුවෙන්ම TWITTER සමාගම පවා BTS වෙනුවෙන් වෙනමම emojiයක් නිර්මාණය කළා.එලෙස emojiයක් නිර්මාණය වුන පළමු සංගීත කණ්ඩායම BTS.
මේ වන විට ඔවුන්ගේ දළ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක්. ලෝකය්ර්ර් තරුණ ප්‍රජාව වෙනුවෙන්ම ඔවුන් ගීත රචනා කරනවා.ලෝක සාමය,සමානාත්මතාව උදෙසා ඔවුන් ඔවුන්ගේ හඩ මෙහෙයවනවා.මෑතකදී ඔවුන් ඇමරිකාවේ කළුජාතික මිනිසුන් උදේසා ඉදිපත් උනා.එමෙන්ම ඔවුන් මනුෂ්‍යත්වය උසා සටන් කරනවා වගේම ඔවුන්ගේ රසිකයන්ද තමන් උදේසා ජීවත් කරවීමට, සටන් කරවීමට පොළඹවනවා.
ආරම්භයේදී මිනිසුන් ඔවුන්ගේ පද රචනා උපහාසයට ලක් කරත් වර්තමානය වන විට ලොව ප්රමුඛ ගීත දර්ශක වල BTS ඉදිරියෙන්ම සිටිනවා. ආරම්භයේදී එක් සම්මානයක්වත් හිමි නොවුන ඔවුන් අද එක් රාත්‍රියක සම්මාන උළලේ සම්මාන සියල්ලම ලබා ගන්නවා.BILBOREDහි BTS DYNAMITE ගීතය එක දිගට සති ගානක් 01 ලෙස සටහන් උනා.මෑතකදි නිකුත් කල permission to dance ගීතයත් Bilbored chatsහි 01 ලෙස සති ගණනාවක් සටහන් වුනා.චිත්රාපට ලෝකය්ර්ර් ඉහළම සම්මානය වන ඔස්කාර් සම්මානය මෙන්සංගීත ලෝකයේ ලැබිය හැකි ඉහලම සම්මානය වන්නේ Grammy සම්මානයයි.BTS සංගීත කණ්ඩායම සාර්ථකත්වයේ උපරිමයට ලගා වෙමින් 2020 වර්ෂයේදී Grammy සම්මානය උදෙසාද නිර්දේශ වනවා.
2021 වරශයේදී කොරියානු ජනාධිපති මුන් ජේ සිං මහතා විසින් BTS සාමාජිකයන් හත් දෙනා දකුණු කොරියානු සමාජ හා සංස්කෘතික කටයුතු පිළිබඳ විශේෂ තානාපතිවරුන් ලෙස නම් කරන අතරම ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර ලබා දීමට කටයුතු කරනවා.2021 වසරේ ජගත් ලෝක නායකයින්ගේ සම්මේලනයට විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වන BTS සංගීත කන්ඩායම අවස්ථාව උදාකරගන්නව.
Google Sites
Report abuse
Page details
Page updated
Google Sites
Report abuse