තිස් වසරක කුරිරු යුද්ධයෙන් ලක් දෙරණ බේරා ගැනීමේ සටනින් දිවි පිදු ත්‍රිවිධ හමුදාව හා පොලිසියේ රණවිරුවන්ගේ දූ පුතුන් වෙනුවෙන් විදුබිමක් දැයට දායාද කිරීමේ උත්තරීතර අරමුණින් යුතුව මෙම පාසල ගොඩනගන ලදී. එහි දී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ අදහසට අනුව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ගරු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ අප්‍රතිහත ධ්යෛර්යය හා උනන්දුව මත රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය පුදකරනු වස් දිනු දේශයේ දරුවන් වෙනුවෙන් මෙම පාසල ස්ථාපිත කරන ලදී.
මෙම පාසැල පිහිටි භූමියට වසර 161ක ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියාපායි. එම කාල වකවානුව තුළදී ශ්‍රී ලංකාව ලන්දේසි පාලනයට යටත්ව පැවතුණි.එම හේතූන් මත වර්තමානයේ අප පාසැලේ ගොඩනැගිලි තුළින්ද පැරණි ලන්දේසීය ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමය දිස්වේ. වර්තමානයේ දී පාසල් ගොඩනැගිලි වල ද එම ගෘහ නිර්මාණ ශිල්පය ප්‍රදර්ශනය වේ.
වසර 1861 දී ඉදිකර තිබු ප්‍රථම ගොඩනැගිල්ල සර් හෙන්රි ජෝජ් වෝඩ් ආණ්ඩුකාරතුමාගේ කාර්යාලය පිහිටා තිබු අතර පසුව මෙය භාවිතා කරනු ලැබුවේ , මේජර් ජෙනරාල් ඩන්හැම් මැසි විසින් 1891 යුද හමුදා කදවුරක් වශයෙනි . ප්‍රතිසංස්කරණ වල දී සොයාගත් ප්‍රථම පැරණි සමරු ඵලකය තුළින් ද ඉහත කරුණ සනාථ වන අතර දැනුදු පාසල් පාලන ගොඩනැගිල්ලේ මෙය ප්‍රදර්ශනය කර ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාව මෙම ස්ථානයේ පුහුණු කදවුරක් ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම ගොඩනැගිල්ල විවිධ ක්‍රියාකාරකම් සඳහා භාවිතා කරන ලදී. පසු කාලීනව අධ්‍යාපන අමාත්‍යාංශය මෙම ස්ථානයේ ස්ථාපිත කරන ලදී. ඉහත සඳහන් ඓතිහාසික තොරතුරු පදනම් කරගෙන ද මෙම භූමිය ආරක්ෂක සේවා විද්‍යාලය ඉදි කිරීම වෙනුවෙන් ප්රදානය කිරීම වඩාත් යෝග්‍ය බව ගම්‍ය වේ.
අනාගත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි නිපුණතා සපිරි නීති ගරුක සහ ගුණ ගරුක පුරවැසියන් ලොවට දායාද කිරීම.
ශ්‍රී ලංකාවේ අභිමානය හා අදීනත්වය සුරකිමින් බහුවිධ සංස්කෘතික හරයන් අගයමින් ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව හා පොලිස් දෙපාර්තමේන්තුවේ පහසුකම් හා සහය ලබා ගනිමින් ඔවුන්ගේ පවුල්වල දරුවන්ට ගුණාත්මක අධාපනයක් ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශකත්වයෙන් සමබර පෞරුෂයකින් හා නායකත්වයකින් හෙබි විනය ගරුක දරු පරපුරක් බිහි කිරීම අප සතු මෙහෙවර වේ.