හෘද සාක්ෂියට එකගවත් අවංකවත් ජනමාධ්‍ය ක්ෂේත්රයේ උන්නතිය උදෙසා යුග මෙහෙවරක් ඉෂ්ට කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අද පෙරවරුවේ නව අමාත්‍යධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව රාජකාරී ආරම්භ කල අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියා.
ඉන්ධන බෙදාහැරීමේදී ජනතාවගේ නිසි සහයෝගයක් නොලැබුණහොත් ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට සිදුවන බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අනතුරු අගවනවා.
එහි උප සභාපති කුසුම් සදනායක මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඇතැම් පිරිස් පිරවුම්හල්වල පවතින ඉන්ධන බලහත්කාරයෙන් බෙදා හැරීමට උත්සහ කරන බවයි.
මහජ ආරක්ෂක ලේකම්වරයා , අද සිය අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට ලබා දීමෙන් අනතුරුව සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
පසුගිය 23 වන දා ඒ මහතා පසු ගිය 09 වනදා ගෝල්ෆේස් පිටියේ ජන අරගලයට පහදීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශන ඒකකය වෙත ගොස් , ප්‍රකාශයක් ලබා දී ඇති බව ද සදහන් වේ.
මැයි 09 වෙනිදා ඇතිවූ කලහකාරී සිදුවීම් වලට අදාලව අද වනවිට පුද්ගලයන් 1591 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්යේශඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සදහන් කලේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් පැමිණිලි 848 ක් ලැබී ඇති බවයි.
ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ මැයි දින රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අති විශාල ජනතා සහභාගීත්වයකින් කොළඹ නිදහස් චතුරස්රයේදීයි පැවැත්වුණා.
ඊට සහභාගීවීම සඳහා පාක්ෂිකයන් පැමිණියේ බොරැල්ල කැම්බල් පිටියේ සිටයි.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු අති විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා.
අද දිනයේදී නව අඩසඳ දිස් නොවීම නිසා ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන් අනිද්දා (03) දිනයේදී රාමදාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා.