අඟුල ගෙනෙන් ...////////////
අඟුල ගෙනෙන් තොටියෝ තොටියෝ
උඩුගම් බලා පැද යන්නට
එහා ඉවුරෙ මරිය තුමෝ
දෙව් පුතු ලොව බිහි කරලා…//
ආ..ආ..ආ.... අ..ආ..., ආ..ආ..ආ.... අ..ආ...,
ආ..ආ..ආ.... අ..ආ..., අ.. අ..ආ... //
සව් බල දෙවිඳුන් පුත් කුමරුන්
ඉසුරන් හැර දාලා සගේ
ජුසේ තුමගෙ පුතුන් ලෙසේ //
ඉපදුනි අද එගොඩ ගමේ
ඉපදුනි අද /// එගොඩ ගමේ…
අඟුල ගෙනෙන් තොටියෝ තොටියෝ
උඩුගම් බලා පැද යන්නට
එහා ඉවුරෙ මරිය තුමෝ
දෙව් පුතු ලොව බිහි කරලා…
ආ..ආ..ආ.... අ..ආ..., ආ..ආ..ආ.... අ..ආ...,
ආ..ආ..ආ.... අ..ආ..., ආ... //
ලෝ පව් බර සැම දරාන ඉන්නට
රන් කැටියට සවි ලැබෙන්න
මව් ගේ ළයට කිරි එරෙන්න //
ලූල් මාළු අරන් යන්න
ලූල් මාළු /// අරන් යන්න…
අඟුල ගෙනෙන් තොටියෝ තොටියෝ
උඩුගම් බලා පැද යන්නට
එහා ඉවුරෙ මරිය තුමෝ
දෙව් පුතු ලොව බිහි කරලා…
ආ..ආ..ආ.... අ..ආ..., ආ..ආ..ආ.... අ..ආ...,
ආ..ආ..ආ.... අ..ආ..., ආ... //
රජ සළු අභරණ පැළඳූ පඬිවරු
කෙවිට දෑත දැරූ ගොපළු
එක පාලම් පාරුවෙ නැග //
එගොඩට යති පුතු වඳින්න…
එගොඩට යති/// පුතු වඳින්න…
අඟුල ගෙනෙන් තොටියෝ තොටියෝ
උඩුගම් බලා පැද යන්නට
එහා ඉව්රේ මරිය තුමෝ
දෙව් පුතු ලොව බිහි කරලා…//
තොටියෝ තොටියෝ…////////////////
අන්න අන්න ජේසු පුංචි පැලක ඉපදිලා
යන්න යන්න ගිහිං එන්න එතුමා නැමැදලා
සුරදූතයෝ එහෙම කිව්වා එඬේරුන් බලා
යම දූතයෝ වගේ රජුන් දරුවන් මැරුවා //
ඇයිද ඇයිද ජේසු පුංචි පැලක ඉපදුනේ //
මාළිගවල ඇයිද ඇයිද ඉඩක් නොලැබුනේ //
මාළිගවල විසිතුරු දේ හරිම හරි ගොඩයි
දෙවිඳුන් හට වැඩ ඉන්නට එහි ඉඩ නොමවේ
දිළිඳු තැනක දෙවිඳුන් හට ඉඩ කඩ බොහොමයි
පුංචි පැළේ ජේසු ආවේ ඒක කියන්නයි //
ඇයිද ඇයිද එඬේරුන්ට උපත සැලකලේ //
උපත අසා ඇයිද ඇයිද රජුන් කැළඹුනේ //
පාපි දුබල අයට එතුමා උපත සුපුවතයි
නපුරු ප්‍රබල අයට එතුමා උපත විෂ ගුණයි
එඬේරු වැනි දිළින්දන්ට ජේසු එළිය දෙයි
එඬේරුන්ට උපත කිවේ අන්න ඒ නිසයි //
අයියේ අක්කේ ජේසු අපට හරිම ආදරෙයි //
ජේසු උපත තුලින් මේක හරිම පැහැදිලියි //
පුංචි පැළක් වගේ සිතක් ඔබටත් ඇත්නම්
නංගි මල්ලි ඔබ සිතුවා හරිම හරි තමයි
පුංචි පැළක් වගේ සිතක් ඔබටත් ඇත්නම්
නංගි මල්ලි ඔබ සිතුවා හරිම හරි තමයි
දුවේ පුතේ ඔබ සිතුවා හරිම හරි තමයි
අම්මේ තාත්තේ ඔබ සිතුවා හරිම හරි තමයි
අයියේ අක්කේ ඔබ සිතුවා හරිම හරි තමයි
අප සිතන පතන සිතුම් පැතුම් - කියන කරන කියුම් කෙරුම්
වලින් ඔබට ජයෙන් ජය ලැබේවා
අප නටන ගයන නැටුම් ගැයුම් - රඟන වයන රැඟුම් වැයුම්
තුළින් ඔබට ආසිරි වේවා
රංචු රංචු පුංචි පැංචි - ජේසු බබා ළගට ඇවිත්
අන්න අන්න සිංදු කියන තාලේ
එන්න එන්න අපිත් යන්න - සීත නත්තලේ
ජේසු බිළිඳු උපන් නත්තලේ
මල් වැල් හි සමනල්ලු පිරිලා
නලරැල් හි සුවඳක් ද දැනිලා //
රෑ හීනෙනුත් ජේසු පෙනිලා
නත්තල්ම නත්තල්ම වීලා
ගැළවීම ගෙනදුන්න ජේසු
සැනසීම ගෙනදුන්න ජේසු //
මතුදා වඩින්නා වු ජේසු
මා හා සිනාසෙන්න ජේසු
අපේ ජීවිතේ අද දිදුලනා ඔබේ ආදරේ මට වැටහුණා
මා උණුසුමෙන් අද වැජඹෙනා ඔබ සීතලේ ඉපදුනා
තරු ඉඟි කරයි රජු ඉපදුනා සැම දේ රඟයි සිත සතුටිනා
සිත හඬ නගයි ඒ ඇයි කියා ඔබ පැල්පතේ ඉපදුනා...
නපුරු වූ ලෝ දනා ආදරේ වෙත ගෙන යනා
ජීවිතේ රස තැන් බලා අද ප්‍රේමයේ හිරු පායනා
සුර දූතයන් ගී ගයා ඔබේ නාමේ දැන් පසසනා
ඒ තේජසින් රැව් දෙනා ඔබ ඇයි මෙසේ අප නිසා...
අපේ ජීවිතේ අද දිදුලනා…
කුරුසියේ ඇණ ගසා විඳවනා බව දැන දැනා
ලෝකයේ පව් වියැකෙනා මරණයද ඔබ දරන්
මේ සැබෑ කවින් මිනිස් ගුණ දම් දෙමින්
ජීවිතේ සොම්නසත් හිතාගන්නට
අපේ ජීවිතේ අද දිදුලනා…
අහස පුරා තරු මල් ඉසිරීලා
රැය ආලෝක වෙලා
දෙවිඳුගේ සාමයේ සුපුවත අරගෙන
දෙවිපුතු ජනිත වෙලා
සාමේ කිරුල පලඳා මේ අපි සැම
මංගල හඬ නංවා
ලොවට ඇසෙන්නට ඔල්වර හඬ දෙමු
සාමේ පුවත පවසා
නිසසල යාමේ තරු හිනැහෙනවා
අඳුරු වලා නෙරපා
සාමයේ සුවඳින් ලෝ හිනැහෙනවා
දෙවි තෙද මහිමය පා
ජීවත අරමුණ නොමැතිව අඳුරේ
දිවි ගෙන යන දනටා
දෙවි පුතු ඉපදුනි දිලෙමින් නොනිවෙන
ආලෝකය දල්වා
පාපිවු අපගේ අදමිටු ජීවිත දමිටු මගට යොමවා
සවිබල දෙවිදෝ අප ගලවන්නට
දවි පුර උපදින්නා
බලාපොරොත්තුවේ සිහින මවාගෙන
වසනා මිනිස’ පටා
ගැලවීමේ සුභ ආරංචිය ගෙන
දෙවි පුතු ජනිත වෙලා
6. අහස පුරා වැසුණු අඳුරු
අහස පුරා වැසුණු අඳුරු කඩතුරාව ඉරා
පෑයු මහා තාරකයාණෝ
ගොපළු ලොවක් කරා පිරුණු තේජ සිරිය දරා
මංගල සුපුවත පෑවාදෝ //
බොඳවුණු කඳුලැලි අතරින් හිස් අහසයි පෙනෙන්නේ
තරු කැට නිවි නිවි දිලි දිලි අප ගැනමයි කියන්නේ //
බැටළුවකුගේ කුර හඬක්ය රැයේ නිහඬ හිඳින්නේ
ඉකිබිඳිනා හඬ නොඅසා ලොව ඇයි මේ නිදන්නේ //
සිතලේට බිම හෙළනා රෙදි කඩ ඇයි අඬන්නේ
ඔබ නරකයි කැතයි ගඳයි කවුද නුඔට කියන්නේ //
රජ මැදුරේ සිටු මැදුරේ දොර මොනවාද දොඩන්නේ
ගොපළු ලොවට පායන දේ නැද්ද නුඔට පෙනෙන්නේ //
පුංචි පැලේ ගව ඔරුවේ කව්දෝ අර නිදන්නේ
අපේ රැහේ අපේ එකෙක් විය යුතුමයි සිතෙන්නේ //
රුවන් පුතෙක් රජ පැටියෙක් දේව පුතෙක් පෙනෙන්නේ
එවන් පුතෙක් ඉදිරියෙමයි මේ දණ නම් නැමෙන්නේ //
උඳුවප් සීත සමඟ
නත්තල් මතක ඇවිත්
හිත ලඟ කරමින් සක්මන්
ඉපදෙනු මැනවි යළිත් //
පවසයි මා හට රහසින්
නත්තල ආදරයයි
ආදරෙ මංගල්ලෙයි
පවසයි මා හද රහසින්
තැවි තැවි සිටියා මිස
නොලැබෙන ආදරෙ ගැන
පෑවද ආදරෙ හැබැහින්
නත්තල විමසයි මහදින්
උඳුවප් සීත සමඟ...
නත්තල ජීවිතයයි
ජීවිතෙ මංගල්ලෙයි
පවසයි මා හද රහසින්
ගෙවෙමින් යන විදියට
ගෙවෙන්න හැරියා මිස
ජීවත් වුනාද හැබැහින්
නත්තල විමසයි මහදින්
උඳුවප් සීත සමඟ...
කඳුමුදුනේ සුදුපාටින් - හිම පියවිලි එලන්නේ
ඒ අතරින් පාළු රැයේ - රන් තරුවක් දිලෙන්නේ
හා හා.. හා හා..
රජදරුවෝ රන් තරුවෙන් - මඟ සළකුණු සොයන්නේ
බෙත්ලෙහෙමේ ගවමඩුවේ - දෙව්බිළිඳුන් උපන්නේ
හා හා...
ගව පැටවුන් හඬ නොදී - කන් ඔසවාගෙන හිඳී
දෙව් බිළිඳුන් සුව රැඳී රඳී - මරි මව් තුරුළේ හිඳී
බොල් පින්නෙන් නව ලොවකට - සුබ ආසිරි සලන්නේ
හඬගාමින් දිය දහරා - කඳු පහළට බසින්නේ
හා හා.. හා හා...
ලා අරුණළු කිරණ වැදී - රන් දේදුනු මැවෙන්නේ
දෙව්බිළිඳුන් ඉපැදීලා - මුළු ලොවටම කියන්නේ
හා හා..
කප්පරයක් කල් බලා උන්නු ලොවම
තප්පරයක්වත් මගේ සිතින් නොයන
මගේ ප්‍රේමණීය ඔබ ඉපදුණදාම
අප ලොවම දිනුව බව මට හැඟෙනවා තාම //
නිල් අහස තරම් මං පෙම්කෙරුවත් ඔබට
ඔබ ඊටත් වැඩියෙන් ආදරෙයි මට //
මා ළගින් ඉන්න හැමදාම
එයයි සවිය දිවියේම
ජේසු මගෙ ජේසු
ඔබ උපන්දිනට මා තුටු පඬුරකි ගේන
ඔබ ලොවට බෙදා දුන් ආදරයයි ඒක //
ඔබ ලොවට ප්‍රේම කළ සේම
මමත් ලොවට වෙමි ප්‍රේම
ජේසු මගෙ ජේසු
කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ
ජේසු මෙලොවට බිහිවුණේ පුංචි ගව මඩුවේ
උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ
සිත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ
දුප්පත් එඬේරු මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ
මරිය තුමියගේ පෙම්බර මුහුණේ එළියක් දිස්වුයේ
ජුසේතුමා කිසිදාකත් නෑ දෙව් අණකට පිටුපෑවේ
වටපිට රොක්වි උම් බෑ ගාමින් හරකුන් කෑගසති
රජතුන් කට්ටුව බිළිඳු ළග වැටී පඩුරු ඔප්පු කරති
මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා
දිවස් වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා
කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ
ජේසු මෙලොවට බිහිවුණේ පුංචි ගව මඩුවේ //
ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණා නම්
ගවහලේ වසු පැටවකු මට වෙන්නට තිබුනානම්
මා කෙතරම් වාසනාවන්තද මා කෙතරම් සංතෝසද
අප රටේ නත්තල් දා සාමය තිබුණානම්
පටපිළි දවටා විලවුන් ඇඟලා යනවා අපි පල්ලි
රතිඤ්ඤ පුපුරා රුපියල් වනසා මත් වී සතුටු වෙවී
ගිනිගෙන දැවෙනා ලක් දෙරණේ නත්තල තනිවීලා
තල් අතු මැදුරේ පාළුවේ නත්තල නැවතීලා
පොඩ්ඩක් හිතන්න සුමිතුර හිතට කතා කර
ආසියාවේ ඉපදුන ජේසුනි අපේ රටට එන්න
සැවොම බලාගෙන ඉන්නේ සමිඳුනි ඔබ එනතුරු ලොවට
අග හිඟකම් පිරි නිවහනේ නත්තල තනිවීලා
රට ගැන හිතනා හදවතේ නත්තල නැවතිලා
පොඩ්ඩක් හිතන්න සුමිතුර හිතට කතා කර
ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණා නම්
ගවහලේ වසුපැටවකු මට වෙන්නට තිබුණා නම්
මා කෙතරම් වාසනාවන්තද මා කෙතරම් සංතෝසද
අප රටේ නත්තල් දා සාමය තිබුණානම්
ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු
ආ... ආ... හා... හා... ජේසු
අහසේ තරු අතරේ පොළොවේ වැලි කතරේ
ගඟුලේ දිය බුබුලේ - සිටියා හඬා වැටි
කදුලින් නුවන් පෙගී
මෙළොවේ දිවි ගමනේ ඔබ හා බැඳි සෙනේහේ
කිසිදා අඩු නොමවේ - සිහිනෙන් පවා සිතා
නොහඬන් නුවන් පොගා
දුගී පැලට මනු බව ගෙන ආවාදෝ
මගේ ආදරේ දෙවිඳුන්ට මදි වේදෝ
ආලේලුයා /// ජේසු ස්වාමි දරුවනේ //
දුගි පැලේ දිනා මේ ලෝ තලේ දිනු
ඔබේ දහම් තියේද දැන් දිවනෙතින් බලන්
ජේසු ස්වාමි දරුවනේ // ආලේලුයා ///
පැල්පතේ හඬද්දි සා දුකින් දුගී ළමෝ
මන්දිරේක සාදයක්ය මිහිරි නත්තලේ
ඒ නොවේය ස්වාමිනේ ඔබ දෙසු දහම්
ගොල්ගොතාව කුරුස කන්ද රතුලෙයින් තෙමා
ජේසු ස්වාමි දරුවනේ // ආලේලුයා ///
රන් රිදි මැණික් නොවේය ඔබ සමිපයේ
දල පිළී විනා දුහුල් නොවී ශරීරයේ
මන්ද මේ විලාසිතා දේව මන්දිරේ
යලි ගලීලයෙන් නැගි මෙලෝ තලේ බලන්
තනන්නම් මම් ගවලෙනක් මගේ හද පතුලේ
බිදින්නම් ගල් බැමි ගොඩක් හදේ දොරටුව ඉදිරියේ
දැන් ප්‍රේමය නම් තරුවක් පායයි
සාමය නම් එළියක් විහිදෙයි //
කිතු සමිදේ ඔබ යළි උපන්නට
ඉඩක් එහි තිබෙයි
මනු කමත් සොම්නසත් නැති
සොදුරු දිවියක් මට ඇතත් //
ආදරෙත් සාමයත් පිරි
ගවලෙනයි මා පතන්නේ //
රන්රදී රජබොජුන් ඇති
සුපිරි දිවියක් මට ඇතත් //
ප්‍රේමයත් ශාන්තියත් පිරි
ගවලෙනයි මා පතන්නේ //
තුරු මල් පිපිලා නිල්වන් ගුවනේ - මල් වියනක් සැදුනා
සීතල පවනේ කුසුම් නැලවිලා - මිහිකත ඔකඳ වුනා
මහිමයෙ සාමයෙ සුර ගී ගැයුනා - ලෝකෙට විහිද ගියා
නව රන් තරුවක් අහසේ දිලුනා - නව යුගයක් නංවා
සීතල රෑ යාමේ
පිණිමුතු හැලෙන වෙලේ
දුප්පත් ගවහලෙහි
නව එළියක් නැගුණා
සඳකැන් සළුවෙන් ගිරිකුළු වෙලුනා - නව මිහිරක් දෙමිනා
සුර වීණා තත් සත්සර නැගුණා - සුර ගී හඬ ඇසුනා
ඇවිලෙන තරහා ගින්න නිවන්නට - ජීවන ජලය සදා
ජීවන අමරස ගංඟා ගැලුනා - ලෝකෙට සිසිල සදා
සීතල රෑ යාමේ……
තාරකා සමූහයක් ඈත ඈත ඈත දිලෙනවෝ දිලෙනවෝ
දේව දූත ගායනා ඈත ඈත ඈත ඇසෙනවෝ ඇසෙනවෝ
මේ කුඩා පැලේ - දෙව් පුතුන් දිලේ //
සාම ගී නදින් ලොවම එළි වෙමින්
මිහිරි ලොවම ඒක නාද වේ
පව් බවින් සදා - ලෝ තලේ දිනා //
අඳුර බිඳ දමා ලොවට සෙත සදා
පාපි ලොවට තිළිනයක් වුනා
තූය නගරාම් බෙත්ලෙහෙමිල් - දේව පාලහනුම්
නේය මුඩනේ අවදරිතාර් - නෙන්ජම් මහිල්දඩවේ
මාමලයි ඕරම් මාඩඩයි තුඩිලිල් - මාදවන් මනුවානාර්
මාමරි මඩියිල් මන්නර් මන්නවර් - මාන්පුඩන් කන්නයර් දාර්
මාර්කලී මාදම් මයකුම් කුලිරිල් - මරියින් මනම් නෙහිල
පාර්පුහල් වේන්දන් පනියිල් නඩුගි - පාසතිකේන්ගිනින්ඩ්රාර්...
තූය නගරාම්...
තේනිනුම් ඉනිය තිත්තික්කුම් මොලියිල් - දේවනින් තූදර්ගලුම්...
තේඩියේ වන්දු වානහම් මහිල - පාලනයි පුහල්දනරේ
භූමියිල් නල්මනම් උල්ලවර් යාවරුම් - සාන්තියුඩන් වාල...
ඒ ලයින් පාවම් නීකිඩ වන්දාර් - එන්ඩ්රේ පාඩි නින්ඩ්රාර්...
තූය නගරාම්...
වානිල් උදිත තාරගයි කන්ඩු - ආයරුම් අරසර්ගලුම්
පොන්නිරම් තූබම් ඒදියේ වන්දු - පාලනයි වනගි නින්ඩ්රාර්...
තූය නගරාම් බෙත්ලෙහෙමිල් - දේව පාලහනුම්
නේය මුඩනේ අවදරිතාර් - නෙන්ජම් මහිල්දඩවේ///
තරු එළියක මග ඔස්සේ - යමු හනිකට පා ඔසවා
බෙත්ලෙම් පුරයේ ගොහලේ - ජනිතවු කුමරුන් සොයලා
වචනයද තෙම මිනිසෙකු වීලා - දුබල වූ අප හා සම වීලා
මනු බවේ මහිමය පෙන්වාලා - නිසසලේ ඇත පිබිදීලා
යුග යුගත පසු වී ඇත ගෙවිලා - පඬි වදන් පෙර ඇත අද සපුරාලා
පාපයේ බැමි සිඳ බිඳ දමලා - සාම කුමරුන් බිහිවීලා
නවෝදයෙ හිරු ඇත පායාලා - අඳුරු හදවත් තුළ දැල්වීලා
නැවුම් සුපැතුම් නිති පුබුදාලා - ගවහලේ ඇත ඉපදීලා
බිඳුනු දිවි අප යළි නංවාලා - ලොවේ ගැළවුම ඇත සලසාලා
විමුක්තියෙ ජය දද ඔසවාලා - බිළිඳු නමදිමු දිවි පුදලා
තරු ගොඩක් එකට බැඳුනා
තව රැයක් පහන් කෙරුවා //
පුතෙක් උපන් බව කියන්නදෝ තරු
හෙමින් හෙමින් දිලුනා
පිනි පොදක් පොදක වැදුනා
පොඩි ගඟක් හැදී ගැලුවා //
පුතෙක් උපන් බව කියන්නදෝ ගඟ
හෙමින් හෙමින් ඇදුනා
ගී හඬක් ලොවම පුබුදා
සුරලියන් ගයනු ඇසුනා //
පුතෙක් උපන් බව කියන්නදෝ හඬ
හෙමින් හෙමින් නැගුනා
තරු ගොඩක් ගොඩක්
අහස පුරා දිලිසේ
මල් කැකුඵ සිනා පා
සාම කිරුළු ලා ජේසු කුමරු පැමිණේ
විවර කරව් හද //
මනුසත් අප සැමගේ සාම කුමරු රජ වෙනු ඇත හද තුල
නොනිවෙන පහනක් සේ //
වෛරය ඇති තැන ප්‍රේම කරන්නට
වරද කරුවනට සමාව දෙන්නට //
අසරණ සත හට සරණය වන්නට
සොවින් තැවුනු අයද සනසා ලන්නට
පැවසුවේ කිතු සමිඳා //
දෙන්න වරම් ඔබ ගිය මග යන්නට ඔබ මැවු මිහිතලයේ
නොමගට ගිය වුන් සුමගට ගන්නට
අඳුරු තැනට ආලෝකය දෙන්නට //
දුබල වු අය හට දිරියක්වන්නට
කුසගිනි දන හට අහරක් දෙන්නට
පැවසුවෙ කිතු සමිඳා //
දෙන්න වරම් ඔබ ගිය මග යන්නට ඔබ මැව්
දිළිඳු පැළක ගමක කොනක පුතුන් උපදිනා
සාගින්දර උරුම කරන් ලොවට බිහිවෙනා
උන්ගෙ හැඬුම් ගී තාලෙට ලොවම කැළඹෙනා
බොජුන් පිරුණු සිටු මන්දිර නිති සසල වෙනා
දිළිඳු පැළක ගමක කොනක…
තරුව නොවේ තෙල් කුප්පියෙ එළිය දැල්වෙනා
උන් බලන්න රජ මැතිඳුන් පඬුරු නැත ගෙනා
දෙන්න දෙතනෙ කිරි නොමැතිව මවුන් වැළපෙනා
දිළිඳු පැළක ගමක කොනක ජේසු උපදිනා
දිළිඳු පැළක ගමක කොනක…
උපත සැලවෙනා සැමවිට රජුන් කැළඹෙනා
පුතුගෙ හඬට නිදා සිටින දනන් නැගිටිනා
ගීත ගායනා පිරුනු විමන් දෙදරනා
හඬන පුතුන් නිදි කරන්ට රජුන් අණදෙනා
දෙව් දූතිකාවෝ ගයනු ඇසේ
රන් තාරකාවෝ දිලෙනා රැයේ //
කිතු සමිඳුන් ඉපඳුනු බව
සාමය ලොව පැතිරුනු බව //
ඒ ගී හඬින්දෝ කියනා ඇසේ
යුධ ගිනි දැවෙනා ලොව හට සාමය ගෙනෙනා //
සමිඳුන් වඩිනා බවටද ගීයෙන් කියනා හඬටද //
සාමය ලොව පතුරන්නට ප්‍රේමයේ මිහිරත් අරගන
සොම්නස දිවියට ගෙන දෙන බවදෝ කියනා
අඳුරේ ගිලෙනා ලොව හට එළියක් ගෙනෙනා //
කුමරුන් වඩිනා බවටද ගීයෙන් කියනා හඬටද //
සීතල පිණිබිඳු වැටුනද සාමයේ වරුසා හැලුනද
දෙවිපුතු එය දැනෙගෙන එ බවදෝ ගයනා
දොයි දොයි පුතුනේ
බයි බයි පුතුනේ...//
පවින් අඳුරු ලොව එළිය වුනාවේ
පාප බරින් මිනිසුන් මිදුනාවේ...//
මගෙ පුතු ලෝකෙට එළිය ගෙනාවේ...//
මිනිසුන් මිනිසත් බව ලැබුවාවේ...//
දෙවිඳු ආදරේ ලොවට ගෙනාවේ
ආදරයෙන් නව ලොව මැවුනාවේ...//
මගෙ පුතු ලෝකෙට එළිය ගෙනාවේ...//
මිනිසුන් මිනිසත් බව ලැබුවාවේ...//
ආදරයෙන් සිත ඔකඳ වුනාවේ
රන්කිරි බී මගෙ පුතු වැඩුනාවේ...//
මගෙ පුතු ලෝකෙට එළිය ගෙනාවේ...//
මිනිසුන් මිනිසත් බව ලැබුවාවේ...//
නත්තල් දා සීත රෑට අපේ පුංචි කාලේ
තෑගි බෝග අරන් ආවා සීයලා
සුදු සේද රැවුල රතු කබාය එහෙම දැක්කෙ නෑ අනේ
අපට හොරා ආවා කිව්වා සීයලා
අනේ අපට බලාගන්න එන්න දවල් කාලේ
මුවන් බැන්ද කරත්තෙ එන සීයලා
අපෙන් තෑගි බෝග ගන්න අපට වාසනාව දෙන්න
අදත් රෑට එන්න සීයලා
නත්තලේ රෑ නින්ද නැහැ
බාල කාලේ ඒ සන්ධියේ
කොයි වෙලාවෙ එයි ද සීයා
මං බලා උන්නා මල්ලියේ
නත්තල් දා සීත
දැන් උදේලු හරි ජයයිලු
සීයලා රෑ ආවා හොරෙන්
තෑගි තෑගි මේ ගෙනල්ලා
කාට කාටත් නත්තල් ඉතින්
නත්තල් දා
නත්තල් නත්තල් ආසිරි නත්තල් සැමට මෙදා නත්තල්
පාප බවින් අප මුදවා සාමයේ කුමරා
අඳුරු ලොවට අලෝකය දී නත්තල උදා වුනා
මනු ලොව සුභසිරි වේවා ආසිරි වේවා
ජේසුගේ තෙදබල ලොව පැතිරී නත්තල උදා වුනා
සුවඳ මලින් සරසාලා සුවඳ දුමින් පුරවා
සාමය ලොව දස අත නත්තල උදා වුනා
නත්තලේ නත්තලේ සාම මල් පිපෙන්නේ නත්තලේ
බෙත්ලෙහෙමේ ගවහලේ ජේසු ඉපදුනේය නත්තලේ
බැටළු එඬේරුන් සොයා දේවදූතයන් ගියා
ඈත කඳු මුඳුන් බලා වලාවක් වගේ වෙලා
ජේසු බිළඳු තනිව ගවහලේ
සැමට සාමයක්ම වේ සුසිත් දනට මෙළොවේ
මිහිරි ගීතයක් ගලා ගියේ
ඇඳුම් නොමැති අය සොයා ගනිමු අපි ඇඳුම් බෙදා
සිතේ දුක ඉවත් වෙලා ඉදිමු ප්‍රීතියෙන් සදා
ජේසු බිළිඳු..
පුංචි දූ නිදයි පිලේ ඇගේ මවත් හාමතේ
පියා නැති නිසා ඇගේ ගෙවෙයි ජීවිතේ මෙසේ
නත්තලක් කොහෙන්ද මේ පැලේ
දිළිදු අයවලුන් සොයා ඔවුන් සිතතුටින් පුරා
තබමු මේ නැවුම් නත්තලේ
නමෝ මරියනී ///
ප්‍රිය ප්‍රසාද පූර්ණ වන්තෙනි
දේව පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු වරමිනා
පිළිසිඳිය දෙව් බෙලෙන් ශ්‍රී ඔබේ කුසේ
ප්‍රීති පෑ ශ්‍රියා සාමදානයේ පියා
සාර සේ දිනේ සිරීත් ශ්‍රී ඔබේ කුසේ
නැත කිසිවෙක් දෙව් මැදුරේ
ඔබ පමණය ගව ඔරුවේ
ඇසුවෙමින් මෙලෙසින් කඳුළු සලා
හද තුළ ඇවිලෙන දුක වගුරා ///
ඇත ඔබ හට ලොව සමරන උපදින
නොදනිමි මා නම් උපදින මෙලොවට //
ඇත මව් කුස නිවුමට ලේ කිරි කර
නොදනිමි මා කිරි රස කීම කියනට
නැත මා දුක් වන්නේ නැත මා දොස් පවරන්නේ
වෙමි මම මිනිසෙක් ඔබ මැව් ලොව තුළ
සමීදේ සමිඳේ //
ඇත පැසසුම් ලොව දස අත ඔබ හට
ලැබුනේය ගැරහුම් සැමවිට මා හට//
රන්මිනී මුතු පුද කෙරුවද ඔබ හට
සිදුවිය පානට මා අත සැම වෙත
නැත මා වෛර කරන්නේ
නැත මා පසුබට වන්නේ
වෙමි මම මිනිසෙක් ඔබ මැව් ලොව තුළ
සමිදේ සමිඳේ //
නිසසල ඒ මිහිරි රැයේ - රස වෑහේ මුතු පැහැයේ
අහස පුරා තරු එළිය දිලේ - පොළොව කරා වැද සිරිය හැලේ
ජේසු පුතා බිහිවී
මව් උකුලේ රන් කැකුලේ - පුත බැබලේ ගොපලු පැලේ
මෙලොව මුදා ලන දෙව් බිලිඳා - සිටිනු පෙනේ පොඩි අත් විහිදා
බෙත්ලෙහෙමේ බිහිවී
රෑ අඳුරේ ගෝ මැදුරේ - සිරිය පිරේ කඳු අතරේ
මංගල මිහිරක රැව් පැතිරේ - ගී ගඟුලැල්ලක දිය ඉතිරේ
පුත් රුවනක් බිහි වී
නිසිකල් උදාවූ වෙලේ - සව්බලැති බිළින්දෝ
මරිකන්යමව් කුසින්නේ - දෙව් පුතණු එවන්නේ / /
දෙව්පුත බිළිඳු සුරලොව නිරිදු ගවලෙනේ දිළිදු උපන්නෙයා
මිනිසුන් පාපෙන් මුදන්නෙයා
ගව ඔරුවේ දුගී තොටිල්ලේ සග බොදුන වන්නෙයා / /
ඒ දිව්‍ය කුමාරයාණෝ - අනුහසින් ලොව වැජබෙන්නේ
මිනිස් ව්‍යවස්ථාවට එකගවයි විමුක්තියේ මාර්ගය වන්නේ / /
දෙව්පුත බිළිඳු …
අප පුත්‍ර බව ලබන්නේ - ඒ මාර්ගයේ රැදෙමින්නේ
උද්දච්ච බවින් හිස්වන්නේ දාස විලාසෙන් පුජාවන්නේ / /
දෙව්පුත බිළිඳු …
පාට පාට කොළ අතුරා සැරසුවත්
විදුලි බුබුලු ඒ වටේට දැල්වුවත්
අප හදනා ගවලෙන තුළ මිතුරනේ
සිටින පුතා හරිම අසරණයි //
සිතත් ඇති - ගීතත් ඇති
උණුසුම නැති - සැනසුම නැති
පැල්පත් වල - අගුපිල් වල //
ජේසු පුතා අදත් අසරණයි //
කුසගිනි ඇති – වැරහැලි ඇති
බතකුත් නැති – වතකුත් නැති
මිනිසුන් තුල - ගැහැණුන් තුල //
ජේසු පුතා අදත් අසරණයි //
පිනි පොද ආසිරි
පිනි පොද ආසිරි තරුමල් වැස්සේ
පුතෙක් ඉපිද ඇත මැදියම් අඳුරේ
එන්න යන්න තරු එලිය දිගේ
ගයමු වයමු දෙව් තුමන් සෙනේ //
ආලේලූයා ///
සාම සුවඳ ලෝ දිළිඳු දනන් හට
දුන් වග සුරඟුන් පවසන්නේ //
රජවරු එතුමන් දෙපා වඳින බව
වන බඹරුන් ගී මුමුනන්නේ //
ආලේලූයා ///
සෙනෙහෙ සිතින් පව් කිලිටි නසන්නට
දෙවිඳුන් මනු බව අරගත්තේ //
එන්න යන්න අපි අත්වැල් බැඳගෙන
නත්තල දොර ලඟ හිනහෙන්නේ //
ආලේලූයා ///
පුරාණ වූ පෙම ලොව පතුරන්නට
මනු කයක් ගෙන සමිඳු වඩී
නැවුම් පෙමින් අප හද පුබුදන්නට
අනාදියේ දෙවිඳුන් උපදී
අනාදියේ දෙව් යළි උපදී //
නපුරු සිතැත්තන් යහමග ගෙනෙනට
සාමය සමගිය ඔවුනට දෙන්නට
අඳුරු ලොවට ආලෝකය වී අද
අනාදියේ දෙවිඳුන් උපදී
අනාදියේ දෙව් යළි උපදී
පාපයෙ අඳුරින් මුදවා මිණිකැට
ඔප කරලා ලොව තුළ බබලන්නට
දිවි පුදලා අඳුරින් ජයගන්නට
අනාදියේ දෙවිඳුන් උපදී
අනාදියේ දෙව් යළි උපදී
පුළුන් වගේ සුදු රැවුල දිගයි
ලස්සන ඇඳුම හැඩයි කදිමයි
රබන් ගසයි ගෙජ්ජිද සොලවයි
මේ එන්නේ නත්තල් සීයයි
තිබෙන කරේ මල්ල පුරා
සෙල්ලම් බඩුය පිරීලා //
පුළුන් වගේ …
පුංචි බබාලට නංගිට මල්ලිට
දෙන්න තමයි ගෙන ආවෙ මා //
බෝනික්කෝ ලස්සනයි - වඳුරා කරණම් ගසයි
නත්තල ප්‍රීතියි සරුයි
නත්තල් ගහේ මා එල්ලා තියන්නම්
තෝරලා දෙන්නම් ඕනෑ දේ //
මට ඕනෑ කාර් එකයි - බෝනික්කො මට හොඳයි
සෙල්ලම් බඩු මේ ගොඩයි
බාලොලි බාලොලියේ ////
මිනිස් වෙසින් ආ විමුක්තියේ හඬ
මරිය මවුන් නැලවිල්ලට මුසු වන
ස්වර්ග රාජ්‍යයේ දොරගුලු හැරලන
දෙවි බිළිදෙක් ගව ලෙන් ගැබ ඉපදුන //
දෑත දෙපය දැඩි යදම් බදින ලද
දුක් බර වු ජනතාව අවදි කර
දේව දයා සම කරුණා උල්පත
සිත රැයේ බෙත්ලෙහෙමෙන් මතුවිය //
පාප අඳුර නෙක බිය සැක දුරලන
නව චින්තනයට මාවත හෙලි කළ
රුවන් තාරකා එළියක් දිස්විය
ගුවන්තලේ හිද බැලුම් හෙලා ඇත //
බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා
ලස්සන බිලිදෙක් මල් වගේ
මවගේ ලයේ සුරතල් විදින්නා
මුතු වැනි රූ සපුවයි ඇගේ
ජය ජය ජය සිරි ජය මංගල සිරි මංගල ආසිරි අත් වේවා
මෙලෝවට මේ නත්තල් දිනේ //
තරුවක් බබලයි පුන් සදක් සේ
රන් වන් රැය අරුනක් වැනි
කෙදිනකවත් නැති සාමයක් දෙයි
ලොව නව සිරියාවක් ගනී
ලස්සන මවගේ ඇස් වගේය
බිළිදා නැළවෙයි මව් ලයේ
දුර ඇති තරුවේ රැස් වගේ
දිස්වි බබළන මේ රැයේ
බෙත්ලෙහෙමේ සීතලේ
ගවමඩුවේ ගල්ලෙනේ
ගව ඔරුවේ නත්තලේ
දෙව් බිලිදා ඉපදුනේ
නිරන්තරේ නව හැගුම් මැවෙන්නා
අලුත් පැතුම් පිරිලා
මල් හැඟුම් සිනාවන් උදා වුණාවේ
දොරින් දොරට සැමදා //
බෙත්ලෙහෙමේ සීතලේ …
වසන්තයේ නව පියුම් පිපෙන්නා
කුරුලු රංචු පියාඹා
සාමයේ බිලින්දා උපන් උදාවේ
ලොවට කියා දෙන්නා
බෙත්ලෙහෙමේ සීතලේ …
බෙත්ලෙහෙම් පුරේ දිළිදු ගවලෙනේ
ඔරුව තුළේ සිසිලේ නිදයි
ජේසු බිළින්දා – ජේසු බිළින්දා
ලෙලෙන කැන් දිදී අමුතු තරුවෙකි //
අදුර මැදින් එළිය මවයි
ජේසු බිළින්දා – ජේසු බිළින්දා
නිරිදුන් තිදෙනා තරුවෙන් දිළෙනා //
මග අහගෙන යති දැකුමට
ජේසු බිළින්දා – ජේසු බිළින්දා
සත වෙත කරුණා පිණි දිය ගලනා //
මුදු උල්පත පාදා දුනි
ජේසු බිළින්දා – සාමේ රජින්දා
බෙත්ලෙහෙම් පුර උපත ලැබුවේ ජේසු කුමරාණෝ
ලොවට සාමය ලබා දෙන්නට වැඩිය උතුමාණෝ
ගව ඔරුව තුල සිතලෙන් ගැහි
ගැහි මොලොව ඉපදි
සෑම නපුරෙන්
අප මුදන්නට
මෙහි පැමිණි ජේසු
ජේසු බිළිඳුනි පව් කළෙමි මම
ඔබව අමතක වි
අදයි ගැලවුම
මගේ දිවියට
ලැබුනේ දෙවි සමිදේ
මරිමව් ගේ උකුලේ
සැතපෙන බිලිඳු පුතේ
ඉපදීලා බෙත්ලෙහෙමේ
ජේසු කුමරු නාමේ //
නත්තල් ඇවිදිල්ලා
සුරලෝ ගී ගයලා
සැම සිත් පව් කිලිටෙන් මුදවා
හදවත් දෙව් ප්‍රේමෙන් පුරවා
එඩේරුන් බැටළුවන් රකිමින් සිටියේ රෑ
සුරදුතුන් ගී ගයා එ පවත් සැලකළ රෑ
ගවහලයි සුරලොවයි තරුවෙන් යාකල රෑ
මෙසියස් රුව දුටු රෑ . .
නත්තල් ඇවිදිල්ලා…
නරනිඳුන් තුවර ලා සුවඳ ලාටු රැගෙනේ
ගවලෙනේ සුර රජුන් ඉපදුන පුවත ගෙනේ
මහිමයි ලෝ පුරා සුර ගී හඬ ඇසුනේ
සාමයේ හඬ ඇසුනේ . .
මරිමව් ගේ උකුලේ
සැතපෙන බිලිඳු පුතේ
ඉපදීලා බෙත්ලෙහෙමේ
ජේසු කුමරු නාමේ
නත්තල් ඇවිදිල්ලා…
මරියේ ඔබගෙ සුදු මුහුණේ
දිලුනේ කාන්තියයි සෙනෙහේ
පුතුගේ සිනහ පැවසුයේ
සාමයයි ප්‍රේමයයි ලොවේ //
නත්තල නත්තල නත්තල බැබලෙනවා
සිත් තුළ සිත් තුළ සොම්නස පැවසෙනවා
ලස්සන ලස්සන සැම අත දිස්වෙනවා
මංගල මංගල සීනුව හැඬවෙනවා
මරියේ ඔබගෙ සුදු මුහුණේ
දිලුනේ කාන්තියයි සෙනෙහේ
පුතුගේ සිනහ පැවසූයේ
සාමයයි ප්‍රේමයයි ලොවේ
ඉස්සර ඉස්සර කාලේ නත්තල් රෑ
දිලිසෙන දිලිසෙන වල්ගා තරුවක් රෑ
පායා පායා ගවලෙන එළි කළ රෑ
දෙවිඳා මිනිසෙක් වුණ ඒ නත්තල් රෑ
මුතු මුතු පිණිකැට පොළොවට වැටෙන වෙලේ
සිතු සිතු විලසට ගහකොළ වැනෙන රඟේ
තරු මල් අහසේ නිවි නිවි දිලෙන පැයේ
දෙව් පුතු ඉපදිලා සුභ මංගල්ලේ
තත්තල් කාලේ ලෝකය බබලවමු
සාමය සමගිය සිත්තුල පතුරවමු
සිතෙහි කැත කුණු අද සෝදා ගනිමු
ජේසු බබා නලවන්නට ගී කියමු
බෙත්ලෙහෙමේ ඉපදුන මගේ සුදු ජේසු
ඔබව බලන්නට ආවෙමි මම ජේසු
දවසක මාගේ පව් සෝදන ජේසු
සිරිලකටත් ඔබ එනවද රන් ජේසු
මුළු ලෝකය එළිය කරන දවස ඇවිල්ලා
බෙත්ලෙහේමේ නත්තල් දා ජේසු ඉපදීලා
ජේසු පුතා අප අතරම මිනිසෙක් වීලා //
දේව දූතයන්ගෙ ගීත රැව් පිළි රැව් දේ
බෙත්ලෙහෙමේ කඳුකරයේ දෝංකාර දේ
බැටළු රැලම පසෙක දමා ගොපලුන් එන්නේ
හමුවන්නයි ජේසු බිළිඳු නත්තල් දිනයේ
නිසංසලව ගව ඔරුවේ සැතපී ජේසු පුතා
කන්‍ය මරියගේ දෙනෙතින් ගලා හැලෙයි මල් සිනා
තරු එළියෙන් මග සිසිලෙන් නිසල බසින් දොඩවනේ
සුවිසුදු රාත්‍රියේ ජේසුගෙ උපතයි
රන් තරුවක් හදලා ගවලෙනේ රන්දවලා
සොයුරෙනි අපි එක් වී අරුම සොයමු තරුවේ
සාමයේ උපතට පැයු තරුවේ අරුම සොයමු සොයමු
සාමයේ රටකට උපතක් වන්නට දිරිය එයින් ලබමු
අඳුරට ගිනි තබලා එළිය දසත විහිදා
උපන් හිරුට මග පා තරුව මෙහෙය කෙරුවා
ජාති කුලය නොතකා තරුවෙන් මග අහලා
නිරිඳුන් පැමිණීලා සාමේ මිහිර විහිදා
සාමයේ මග අසුරා යුද්දෙට හවුල් වෙනා
මගින් නිරිඳු මුදවා තරුව මෙහෙය කෙරුවා
කළුවර ගිනි තියනා දිවිය පහන් කරනා
තරුව අපිම වීලා දිළෙමු එකට බැදිලා
ඇවිලෙන ගිනි නගලා සිතුවිලි මග ඇරලා
මිනිස් කමේ සුවඳින් හදවත් පුරවාලා
සිහල දමිල මුස්ලිම් සැවොම එකට බැඳිලා
සාමයේ මග සදලා රටම එළිය කරලා
රන්වන් තරුවක් අහසේ බබලනවා
ආදර දෙව්පුතු ඉපදී සියවස් ගත වෙනවා
ලෝකේ ආලෝකෙන් සැරසී - සෝ දුක් සංකා යයි වැනසී
අපගේ සුව ඳුක් බලනට දෙව්පුතු මෙහි එනවා //
සන්තෝසේ රෑ වෙන්නේ මේ නත්තල්දා
රෑ වෙන්නේ මෙ‘ නත්තල් දා
එන්නකො මල්ලී නංගී එක්වීලා
අපි එකට වෙලී අපි එකට රැඳී
සාමෙන් ඉමු නත්තල් දා
අහසේ පාවි ගීයෙන් නැලවෙනවා
හද ත`ළ ක’ඳුලැල් නැතිවි හසරැල් මත`වෙනවා
දුප්පත් පොහොසත් කියලා නෑ - සත`රන් මිත`රන් කියලා නෑ
ජේසුගෙ උපන් දිනේ සාදයට අපිත් යනවා //
නත්තල් දා නත්තල් දා ජේසු ඉපදුන දා
නත්තල් දා නත්තල් දා කවුරුත් හිනැහුන දා //
නත්තල් දා නත්තල් දා සාමයේ ගී රැව් දේ
නත්තල් දා නත්තල් දා ආසිරි මංගල්ලේ //
රන් රසින් රන් බසින් ලොවම පුබුඳුවා
දෙවි පුතුන් මරි මවුන් කුසයෙ බිහිවුනා
උකුලෙ නැලවුනා
සාමයෙ කුමාරයෙක් ලොවට බිහිවෙලා
සුරදුතුන් සන්තොසින් රගති තටු සලා
රඟති තටු සලා
සාමයේ උදානයයි මෙත් දයා ගුණේ
ප්‍රේමයේ නිධානයයි වේ අමා සුවේ
කිතු දහම් රසේ
සගපුරේ සුරනිඳුන්ට වේ මහිමය වේ
මේ ලොවේ සුසිත් දනා සාමයෙන් දිනේ
සාමයෙන් දිනේ
රිදි පහන් රැසක් විලසිනා
තරු කැල දිලෙනා
එමැද පායනා තරුව තෙදිනා
දෙව් බිළිඳා සගහැරා
වැඩිය පුවත පතුරනා
බැබලෙනා දිලෙමිනා - ඒ දිමුත් තරුමෙනා
ලොවෙහි අඳුර හැරදමා - අලෝකය එහි පතුරුවා
වසමු අප සැමා //
බෙත්ලෙහෙම් පුරෙහි ගෝහලටා
වැඩ දිව්‍ය බිළිඳා දිමුත් තරු මෙනා
තේජස පතුරා ලොවදුරා දුර හැරා
සැතපි ඉන්නේ ඒ හල තුලා
නාසරත් නුවර වසමිනා
ජේසු හිමි සමිඳා දුගි ලෝ සතටා
පෙන්වමින් ක’රුණා කිත් පතුරා ලොව පුරා
බැබළුනි උතුම් තරු මෙනා
රැයක අඳුර දුරු වෙලා මුඵ අහසම තරු වෙලා
පොඩි තරුවක් හිරු වෙලා මහඟු මගුලකි
කුරුලු රංචු ඇහැරිලා මල් සීතට ඇහැරිලා
හැම තැන හිම ඉහිරිලා මහඟු මගුලකි
සිතත් ඇත ගීතත් ඇත රැයකුත් ඇත ගෙයකුත් නැත
ගව්වක් දුර යන්ටත් ඇත දරුවකු සොයලා
සැනසුම නැත උණුසුම නැත මව් රුවණට පුතකුත් ඇත
යමු යන්නට ගොස් එන්නට මේ පුත බලලා
වැසි පොද පොඩි මුතු වගේ කෝටි හතක හතු වගේ
මුතු කුඩයක හැඩ වගේ අහස පෙනෙන්නේ
සුවඳ වහිනවා වගෙයි මිහිර බහිනවා වගෙයි
ගඟක් හැදෙනවා වගෙයි සුවඳ ගලන්නේ
බෙත්ලෙහෙමේ පොඩි පුතා සිටියි අහුරකට ඔතා
සිඟිති සිතුම් සිත සිතා ඇඟිලි උරන්නේ
මවට ඇසින් කර කතා දරු හුරතල් පත පතා
ඇඟිලි එකට ගොත ගොතා මැනික් ගරන්නේ
රැව් දෙන සීනු හඬයි දැල්වෙන පහන් සිලයි
සීතල සුළඟ හමයි සාමයේ මිහිර ගෙනෙයි
මැදියම් රෑ යාමේ දෙව් මවුගේ තුරුලේ
පුංචි පුතෙක් උපදී සාමය කුමරු ලෙසේ
නත්තල් නත්තල් දා සාමයේ ගී රැව් දේ
නත්තල් දා නත්තල් දා ආසිරි මංගල්ලේ //
ගවහල තුල සිරියයි තරු එළියෙන් දිදුලයි
රජවරු පඬුරු අරන් දෙව් පුතු දැකුමට එයි
මේ සීතල රැයේ සුර ගී නාද අසා
දුප්පත් ගොපළු ඇවිත් දෙව්බිලිඳා නමදි
නත්තල් නත්තල් දා සාමයේ ගී රැව් දේ
නත්තල් දා නත්තල් දා ආසිරි මංගල්ලේ //
මේ ලොව සියලු දනන් පාපෙන් මුදනු ලෙසින්
අප වෙත වැඩිය පුතුන් කුමරෙක් වේය උතුම්
ප්‍රේමය උපදීවා සාමය පැතිරේවා
රූ රජිඳුගෙ නාමේ ලොව තුළ බැබලේවා
නත්තල් නත්තල් දා සාමයේ ගී රැව් දේ
නත්තල් දා නත්තල් දා ආසිරි මංගල්ලේ //
රෑ තරු පායා හිම කැට විසිරී මල් පිපිලා
පිණි මුවන් දුවනවා
වසරින් වසරට හැමදාමත් අපි
යුරෝපයේ පිණි මුවන් දකිනවා //
ඇසුනේ නෑ ගී වැල් සුරදූත //
පැල් කවි ඇසෙනවා ඈතින් ගැයෙනා //
පුන්සඳ පායා ගම අද දිලෙනා
උම්බෑ ගානා හඬ ලග ඇසෙනා
රන් තරු පායා නෑ කවදාවත් //
රුදුරු නියඟයේ රස්නයේ දැනෙනවා //
හිමිදිරියේ බිළිදෙක් හඬනා හඬ
ඩිංගිරි මැනිකාගේ කොළුවා ඉපදිලා
සුරඳූතයෝ නෑ අහලක සිටියේ //
ලොකු කෙල්ලයි ගියේ පණිවුඩ කීමට //
එඬේරු රජවරු නෑ දුව ආවේ
බණ්ඩෙයි සුමනයි හනිකට වැඩියේ
රෑ තරු බබළනවා මල් පිපිලා වාගේ
එළියෙන් නැහැවෙනවා මල් වැහැලා වාගේ
රැව් පිළිරැව් දෙනවා // ගීත නාද වාගේ //
බිළිදෙකු හිනැහෙනවා // මුහුදක රැලි වාගේ
සිත සුලං එනවා උයනක සිරි වාගේ
ගොපළුන් දුර එනවා පැණි බඹරුන් වාගේ
බිළිදෙකු හිනැහෙනවා පොපියන කුසුම් වගේ
තුරුලක පෙරැලෙනවා හිම මත හිම වාගේ
ලෝකයේ ආලෝකය දිලුණා
සාම පිණිබිඳු පතිත වුනා
ජීවිතේ ගැලවුම් දොර ඇරුණා
සාම කුමරුන් මේලොව ජනිත වුනා
ආලේලූයා ආලේලූයා
දිළි දිළි නිවෙනා තරුවෙකි අගනා - නිසසල අහසේ බබළන්නා
කිම මේ අරුමා බිළිඳෙකු මෙදිනා - ගව ඔරුවේ සැතපී ඉන්නා
ආලේලූයා ආලේලූයා
සුරඟුන් ගයනා ගීත ඇසෙන්නා - මිහිතලයම ඉන් පිනවන්නා
මුතු කැට ලෙසිනා පිණිබිඳු වැටෙනා - සිලි සිලි හඬ ගෙන එති කරුණා
ආලේලූයා ආලේලූයා
සාමය වේවා සියලු දනන්ටා - යනුවෙන් සුරඟුන් පවසන්නා
යමු අපි සැවොමා පසස ගයන්ටා - දෙවිඳුන් මේලොව ජනිත වුනා
ආලේලූයා ආලේලූයා
වඩිනු දෙව් මැසීයා පතා සිටිත් මෙලෝ දනා
සිරින් පිරී දිනේයා දකින්ට සතුටිනා
ආ එනු මැනේ දෙව් ස්වාමිනේ
නසා’ප පව් දොසා උදා කරන් ඔබේ වරම් රැසා
බොහෝ අනාථසේය මෙ‘ සාන්තියෙන් ආගමනය
මිනිස් වෙසින් වැසේය ඔබේ ශ්‍රී මහිමය
පැතුම් සැමා දනන්ගේ දිවැස්වරුන් කියා ඇත
වඩී මුදන්ට පාපෙන් මුලා වූ අජ කැළ
සගලොවේ මහිමය හැරදමා
මනුලොවේ ගැළවුම ගැන සිතා
රජතුමන් දාසයෙකු ලෙසිනා
ගවහලේ මෙළොවට ඉපදුනා
මේ ලෝ තළේ ගළවන්නට ඔබ ආවා
අප පාපයෙන් මුදවන්නට ඔබ ආවා //
ඕ.. ඕ ඕ /// ඕ
ඕ.. ඕ ඕ /// ඕ
කුරුසියෙ මැරී අප මිල ගෙවනටා
ලොව සැමගෙ පව් ඔබ මත දරනටා
ලේ වල මිලෙන් අප ගළවන්නටා
මිනිසෙකු ලෙසින් ඔබ මෙහි පැමිණුනා
මේ ලෝ තළේ ...
සඳකට තනි නෑ රන් තරුවක් පායා
සුළගට තනි නෑ නැළවිල්ලක් මුසු වීලා
මවකට තනි නෑ බිළිඳු පුතෙක් ඉපදීලා
ලොවටම තනි නෑ හද පැතුමන් පිබිදීලා
මව් උකුලේ සොඳුරු පැයේ
ගොපුලු පැලේ පුතු හිනැහේ
සාධු නදින් බෙත්ලෙහෙමේ
මංගල සිරියා පැතිරේ.....
පොළොව පුරා ගුවන සරා
අඳුර ඉරා එළිය වෙලා
සුසිත් දනන් දෙරණ පිටේ
දිවැසි මහිම ගයනු ඇසේ....
සාමයේ කුමරුවනේ ඔබගේ උපන් දිනේ
සාමයේ පණිවුඩයේ අහසේ රැව් දුන්නේ
මහිමේ උස්මඩලේ දෙවිදේ ඔබ හට හිමි වේවා
සුසිත් දනන් හට දෙරණ පිටේ සාමය අත් වේවා...//
යහපත සළසා දෙමින් ගියෝ
ජීවිතේ ඔබ වියදම් කෙරුවෝ
වෙහෙසෙන්නන් ලන් කර ගත්තෝ
සාමේ නමින් ඔබ දිවි පිදුවෝ
කැපවෙමු කැපවෙමු පින් වතුනේ
සාමේ පිනිසැ දිවි ගෙවා අපේ
වැඩකරණට අප හෙල දීපේ
සඟවැසි උරුමෙට එදින ඇතේ
සිතල පිණි පොද මල් වැහි වාගේ
මුලු පොලොවෙම ඇත පිරි ඉතිරී
එවන් සුමුදු ලස්-සන රෑ යාමෙක
ගද්වන් තලෙන් ගී හඬක් නැගේ //
සාමෙ සතුට මුළු ලොවට ගෙනා
කුමරුන් සැරදේවා //
ලස්සන තරුවක් දිස්නය දෙමිනේ
ගද්වන් තලය ආලෝක කලා
සාම කුමරු මේ ලොකෙට ආ වග
ඒ තරුවෙන් අපහට කීවා //
සුරදූත කැලගේ රිදි ගීත හඬ
මුලු පොලොවම ගීතවත් කලා
ලස්සන තරු කැට අහස පුරා විද
දෙවිඳු උපන් බව පැවැසූවා //
සීතල සුළග හමයි - තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි - සමිදුන් මා ළගමයි //
දුර අතීතයේ දවසක්
ගවලෙනකදි බිලිදු හඩක්
අදුර නසා දිලුනා තරුවක්
සාමයෙ කුමරුන් ආවා
සීතල සුළග හමයි…
දුක දරලා මේ ලොව වෙනුවෙන්
රුහිරු ගලා ඔබගේ සිරුරෙන්
කදුලු නිවා මුදවා පාපෙන් අප
ජිවය වේය සදා...
සාර කතා නවතාලමු අපි දැන්
අරුත සොයා නත්තල් සාමයේ
සොයා ගොසින් දෑසක පිරි කදුළැල්
පිසලමු සමිදු ලෙසින්
සීතල සුළග හමයි…
සෙනෙහස දෝරෙ ගලයි
සමිදුන් මා ළගමයි
සෙනෙහස දෝරෙ ගලයි
ජේසුනී මා ළගමයි
ජේසුනී ඔබ ළගමයි
සමිදුන් මා ළගමයි
සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවිලා
පාලුවේ මුතු පිනි දිය පාවෙලා
ජීවිතේ සිතු සේ ගෙවිලා
රෑ අකාසයේ දිලීලා
තරු පායාලා...
දිළෙනා හෝරාව මැවීලා
මේ ආලෝකෙ මේ ලෝකෙ රැඳුනා සදා
සීතලේ තරු දිලෙනා මැදියමේ - චාටු දී නෙතු හා යාවෙලා //
මේ ලෝ සාමේ මවාලා
හද යාවීලා.....
ගලනා ආශාව දැනිලා....
රෑ වී ආයේ මේ වාගේ බැඳුනා සදා....
සීතලේ තරු දිලෙනා මැදියමේ - චාටු දී නෙතු හා යාවෙලා //
ලෝපුරා නත්තල් ඉඟි පාවෙලා...
සාමයේ සුවදී සෑමදා...
ආදරෙ හැගුමක සිත නැහැවිලා....
තේරුනා දෙහදේ කාරනා....
සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ලග හිනැහෙනවා
ගවහලකට තරුවක් යනවා
අහසට පොළොව ගැටේ //
තරු එළියේ කඳු වැටියේ - බෙත්ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි වසිනු පෙනේ
තටුගෙන සුඳු හිම ඉගිලෙනවා
අතුමත මුතු මෙන් බබලනවා
හිරුකැන් සුදු ඊතල වෙනවා
හැම තැන රිදි වගේ //
දිය සිරා කඳු පිරා - වන්නම් ගමනින් බැස එනවා
දිය බිදු ඇග සොලවා
දින දින වැහිකළු බර වෙනවා
මහවැලි ගඟ දිය බොර වෙනවාග
නත්තල කත් බැඳගෙන එනවා
වැහිබර උඳුවපයේ
අරලිය මල් වතු සුදු මල් - පිබීදී මල් අතු බර වෙනවා
මේ නත්තල් මාසේ
සුර ගීයයි බිලිඳු හඬයි ඈත ඇසෙන්නේ
සුලං රොදයි මල් සුවඳයි එදෙසින් එන්නේ
රිදි සිනු හඬ පරදන ගීත ඇසෙන්නේ
කවුද මෙ රෑ කන්කලු ගීතිකා ගයන්නේ //
සුසිත් දනන් හට සාමය ලැබී දිනේවා
ලොව සව්සත හට සාමය ලැබී දිනේවා
මෙසේ දේව දුතයෝ සිරි ගීත ගැයූවා
බිළිඳු දෙවිඳු දිළිඳු පැලේ ලොව බිහිවූවා //
ගොපලුන් සුසිරය ගෙන තාලයට පිඹිනවා
බැටළුන් කර පින්නාගෙන ඒ දෙස එනවා
සුරදුතු කැළ කියු බිළිඳු කොහෙද අසනවා
බිළිඳුන් දුටු සැනින් වැටි වැද අයදිනවා //
දරු නැළවිල්ලයි දැන් ඒ දෙසින් ඇසෙන්නේ
බිළිඳා මව් උකුලට වි සැපට නිදන්නේ
පියා අතට බර දි පිටු පසින් සිටින්නේ
මෙතැනය ලොව රජවන දෙව් බිළිඳු උපන්නේ //
සුරදූතයෝ ගයාවී
ජය ගීතිකා ඇසේවී
මගේ ජෙසුනී ඔබේ මේ
උපන් දිනේ අදයි
උපන් දිනේ අදයි නේ . .
දෙවිඳු අසිරි වහිනවා සකි - මගේ හිතම සතුට ආදරේ තියා //
ආදරේ ගෙනාව සාමයේ කතාව
හදවතේ ලියන්න ආ නිසා . .
ජීවිතේ පුරාම සුන්දරයි බොහොම
ඔබ මා ලඟින්ම උන් නිසා . . .
සීතලේ ගැහෙන්න නත්තලේ ශ්‍රියාව
ලෝකයේ පුරාම දැල්වුනා . .
වේදනා විදින්න ශෝක කන්දරාව
සමිඳුනි කොහෙද හැංගුනා . .
සුරදුතරෝ ගයාවී …
සුවඳ හමන බිළිඳු පෙම් සිනා
සුළඟ සමග මුසු වෙලා ගියා
මරිය තුමිය ගයයි ගීතිකා
තුරුලු කරන් ජේසු රන් පුතා
බෙත්ලෙහෙමේ සිරිය ගලනවා
තරු එළියේ එළිය බෙදනවා
නිරිඳු තිදෙන පඬුරු පුදනවා
බිළිඳු බවින් දෙවිඳු නිදනවා
සුවඳ හමන බිළිඳු පෙම් සිනා …
කරදර දුක් රස කර බීවා
මොක් පුරයට යන මඟ කීවා
සැමදා ලඟ ඉන්නවා කීවා
ළඟදිම යලි එන බව කීවා
සුවඳ හමන බිළිඳු පෙම් සිනා …
Feliz Navidad ///
Prospero Ano y Felicidad.
Feliz Navidad ///
Prospero Ano y Felicidad.
We wanna wish you a Merry Christmas ///
From the bottom of our hearts.
හදින් නැගෙනා ඔබට පිදෙනා
අපේ හැඟුමන් ඔබේ උණුසුම්
මෙසේ ගැයෙනා //
ඔබට සුභ නත්තලක්ම වේවා
සිතට උතුරන සතුට ලැබේවා
ඔබට අපෙ තුති පුද හිමි වේවා
සමිඳු ජේසුගෙ පිහිට ලැබේවා
ක්‍රිස්තු පිරන්දාර් ///
නම් පාවම් පොක්කවේ පිරන්දාර්
ක්‍රිස්තු පිරන්දාර් ///
නම් පාවම් පොක්කවේ පිරන්දාර්
ක්‍රිස්මස් වාල්තූකල් කූර වන්දෝම්///
එංගල් උල්ලං ගලිල් ඉරුන්දේ
Gloria in excelsis Deo…
Hark! the herald angels sing, "Glory to the newborn King:
peace on earth, and mercy mild,
God and sinners reconciled!"
Joyful, all ye nations, rise, join the triumph of the skies;
with th'angelic hosts proclaim, "Christ is born in Bethlehem!"
Hark! the herald angels sing, "Glory to the newborn King"
Christ, by highest heaven adored,
Christ, the everlasting Lord,
late in time behold him come,
offspring of the Virgin's womb:
veiled in flesh the Godhead see; hail th'incarnate Deity,
pleased with us in flesh to dwell, Jesus, our Immanuel
Hark! the herald angels sing, "Glory to the newborn King"
Hail the heaven-born Prince of Peace!
Hail the Sun of Righteousness!
Light and life to all he brings,
risen with healing in his wings.
Mild he lays his glory by,
born that we no more may die,
born to raise us from the earth,
born to give us second birth.
Hark! the herald angels sing, "Glory to the newborn King"
Jingle bells, Jingle bells Jingle all the way
Oh, what fun it is to ride
In a one-horse open sleigh, hey
Jingle bells, jingle bells Jingle all the way
Oh, what fun it is to ride
In a one-horse open sleigh
Dashing through the snow - In a one-horse open sleigh
O'er the fields we go - Laughing all the way
Bells on bob-tails ring - Making spirits bright
What fun it is to ride and sing - A sleighing song tonight
A day or two ago - I thought I'd take a ride
And soon, Miss Fanny Bright - Was seated by my side
The horse was lean and lank - Misfortune seemed his lot
He got into a drifted bank - And then we got upsot
කින්කිනි ඕසෙයි කින්කිනි ඕසෙයි
එන්ගුම් කෙකිරදේ
දේවනින් පාසෙයි දේවනින් පාසෙයි
එම්මුල් කෙකිරදේ
නිලවුම් පණි මේලේ
උරවින් වේහ තිලේ
වරවිඩුම් වලිගලිලේ
අවර් සිරිපදුම් කේකිරදේ //
Joy to the World, the Lord is come!
Let earth receive her King;
Let every heart prepare Him room,
And Heaven and nature sing //
And Heaven, and Heaven, and nature sing.
Joy to the Earth, the Savior reigns!
Let men their songs employ;
While fields and floods, rocks, hills and plains
Repeat the sounding joy //
Repeat, repeat, the sounding joy
He rules the world with truth and grace,
And makes the nations prove
The glories of His righteousness,
And wonders of His love //
And wonders, wonders, of His love
Long time ago in Bethlehem,
So the holy bible say,
Mary's boy child, Jesus Christ,
Was born on Christmas day.
Hark, now hear the angels sing
A new king born today,
And man will live forever more
Because of Christmas day//
While shepherds watched their flocks by night,
They saw a bright new shining star,
They heard a choir of angels sing,
The music came from afar
Hark, now hear the angels sing
A new king born today,
And man will live forever more
Because of Christmas day.
මා සමිදේ පවින් මුදන්නට ආ සමිදේ
අප ගලවා ගත් දෙවි සමිදේ
ඔබ යලි කවදද එන්නේ සමිදේ අපේ //
Now Joseph and his wife Mary,
Came to Bethlehem that night,
They found no place to bear her child,
Not a single room was in sight
Hark, now hear the angels sing
A new king born today,
And man will live forever more
Because of Christmas day //
Trumpets sound and angels sing
Listen to what they say
That man will live forevermore
Because of Christmas day
Hark, now hear the angels sing
A new king born today,
And man will live forever more
Because of Christmas day
මා සමිදේ පවින් මුදන්නට ආ සමිදේ
අප ගලවා ගත් දෙවි සමිදේ
ඔබ යලි කවදද එන්නේ සමිදේ අපේ //
Long time ago in Bethlehem
So the Holy Bible say
Mary's boy child, Jesus Christ
Was born on Christmas day
Hark, now hear the angels sing
A new king born today
And man will live forevermore
Because of Christmas day
While shepherds watched their flocks by night
Them see a bright new shining star
Them hear a choir sing
The music seemed to come from afar
Hark, now hear the angels sing
A new king born today
And man will live forevermore
Because of Christmas day
Now, Joseph and his wife, Mary
Come to Bethlehem that night
Them find no place to born she child
Not a single room was in sight
By and by, they find a little nook
In a stable all forlorn
And in a manger cold and dark
Mary's little Boy was born
Trumpets sound and angels sing
Listen what they say
That Man will live forevermore
Because of Christmas day
Hark, now hear the angels sing
A new king born today
And man will live forevermore
Because of Christmas day
O come, all ye faithful, joyful and triumphant!
O come ye, O come ye to Bethlehem.
Come and behold Him born the King of angels:
O come, let us adore Him,
O come, let us adore Him,
O come, let us adore Him,
Christ the Lord.
True God of True God, Light from Light eternal
Humbly, He entered the virgin’s womb
Son of the Father, begotten, not created
O come let us …
Sing, choirs of angels, sing in exultation,
Sing, all ye citizens of heaven above!
Glory to God, glory in the highest:
O come let us …
Yea, Lord, we greet Thee, born this happy morning.
Jesus, to Thee be all glory given!
Word of the Father, now in flesh appearing!
O come let us …
Silent night, holy night
All is calm, all is bright
Round yon Virgin Mother and Child
Holy Infant so tender and mild
Sleep in heavenly peace //
Silent night, holy night!
Shepherds quake at the sight
Glories stream from heaven afar
Heavenly hosts sing Alleluia
Christ, the Saviour is born //
Silent night, holy night
Son of God, love's pure light
Radiant beams from Thy holy face
With the dawn of redeeming grace
Jesus, Lord, at Thy birth //
The first Noel the angel did say
Was to certain poor shepherds
In fields as they lay;
In fields where they lay tending their sheep,
On a cold winter’s night that was so deep.
Noel, Noel, Noel, Noel,
Born is the King of Israel.
They looked up and saw a star
Shining in the east, beyond them far;
And to the earth it gave great light,
And so it continued both day and night.
And by the light of that same star
Three wise men came from country far;
To seek for a king was their intent,
And to follow the star wherever it went.
This star drew nigh to the northwest,
Over Bethlehem it took its rest;
And there it did both stop and stay,
Right over the place where Jesus lay.
Then did they know assuredly
Within that house the King did lie;
One entered it them for to see,
And found the Babe in poverty.
Then entered in those wise men three,
Full reverently upon the knee,
And offered there, in His presence,
Their gold and myrrh and frankincense.
Between an ox stall and an ass,
This Child truly there He was;
For want of clothing they did Him lay
All in a manger, among the hay.
Then let us all with one accord
Sing praises to our heav’nly Lord;
That hath made Heav’n and earth of naught,
And with His blood mankind hath bought.
If we in our time shall do well,
We shall be free from death and hell;
For God hath prepared for us all
A resting place in general.
Come, they told me, pa rum pum pum pum
A newborn King to see, pa rum pum pum pum
Our finest gifts we bring, pa rum pum pum pum
To lay before the King, pa rum pum pum pum,
rum pum pum pum, rum pum pum pum,
So to honor Him, pa rum pum pum pum,
When we come.
Baby Jesus, pa rum pum pum pum
I am a poor boy, too, pa rum pum pum pum
I have no gift to bring, pa rum pum pum pum
That's fit to give the King, pa rum pum pum pum,
rum pum pum pum, rum pum pum pum,
Shall I play for you, pa rum pum pum pum,
On my drum?
Mary nodded, pa rum pum pum pum
The ox and lamb kept time, pa rum pum pum pum
I played my drum for Him, pa rum pum pum pum
I played my best for Him, pa rum pum pum pum,
rum pum pum pum, rum pum pum pum,
Then He smiled at me, pa rum pum pum pum
Me and my drum.