🌿 බටදොළ පුරාණ විහාරය
බටදොළ පුරාණ විහාරය යනු වසර සියයකට වඩා දිගු ඉතිහාසයක් පවතින පූජනීය විහාරස්ථානයකි. ශ්‍රී ලංකාවේ කිරින්ද – පුහුල්වැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම විහාරය, බෞද්ධ ශද්ධාවන්තයින්ගේ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරන ශාන්ත ස්ථානයකි.
මෙහි ආරම්භක ස්වාමීන් වහන්සේ පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැති වුවද, පරම්පරා ගණනාවක් පුරා දායකයන්ගේ අධ්‍යාත්මික ජිවිතය හා අනිකුත් සියලු ආගමික කටයුතු ස්දු වෙමින් පවති.
කාලයක් පුරා විහාරස්ථානයේ ස්ථිර ස්වාමීන් වහන්සේලා නොසිටීම හේතුවෙන් දායක ජනතාවගේ පැමිණීමේ අඩුවක් දැක්නට ලැබුණි. නමුත් වර්තමානයේ නව විහාරාධිපති ස්වාමීන් වහන්සේ වැඩම වීමත් සමඟ විහාරස්ථානය නැවතත් ක්‍රමයෙන් සක්‍රීය වෙමින්, දායකයන්ගේ සම්බන්ධතාවයද වර්ධනය වෙමින් පවතී.
වර්තමානයේ දාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම සහ සංඝාවාසය ඉදිකිරීමේ කටයුතු සිදු වෙමින් පවතී. පවතින සංඝාවාසය වාස්තු විද්‍යාත්මක වශයෙන් සුදුසු නොවූ නිසා, නව වාස්තු විද්‍යාත්මක මූලධර්ම අනුව එය නැවත සකස් කිරීම ආරම්භ කර ඇත.
මෙම සියලු කටයුතු සිදු වන්නේ භෞතික සංවර්ධනයකට පමණක් නොව, මිනිසාගේ ආධ්‍යාත්මික වර්ධනය සහ සිතේ සාමය උදෙසාය.
🌿 Batadola Purana Viharaya
Batadola Purana Viharaya is a venerable temple with a history spanning over a hundred years. Located in the Kirinda–Puhulwella area of Sri Lanka, this temple serves as a serene place that nourishes the spiritual life of devoted Buddhists.
Although precise information about the founding monks is not available, generations of contributors have continuously supported the temple’s spiritual activities and other religious functions.
Over time, the absence of resident monks at the temple led to a decline in the number of visitors. However, with the appointment of a new chief monk in recent times, the temple has gradually become active again, and the engagement of devotees has been steadily increasing.
Currently, efforts are underway to renovate the donation hall and construct new monastic dwellings. Since the existing monastic residence was not architecturally suitable, reconstruction has begun according to modern architectural principles.
All these efforts are undertaken not merely for physical development, but for the spiritual growth of individuals and for the cultivation of peace of mind.