ආරම්භ කළ හැටි

ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන වෙබ් අඩවියක් ලෙස බොහෝ දෙනා හඳුනන ගොසිප් ලංකා නිවුස් ආරම්භ වන්නේ 2008 වසරේදී gossiplanka.blogspot.com ගූගල් බ්ලොග් අඩවියක් ලෙසිනි. (web archive here)

ආරම්භයේ සිටම එම ලිපි අන්තර්ගතය බොහෝ දෙනෙකු අතර කථාබහට ලක්විය. 2010 වසරේ සිට gossiplankanews.com නාමයට හැරී මෙම වෙබ් අඩවිය ප්‍රකාශයට පත් විය. (web archive here)

රටෙහි එදිනෙදා වාර්තාවන ආන්දෝලනාත්මක සිදුවීම් පාඨක සංවාදයන්ද සමගින් විමසුමට ලක්කිරීම නිසාත්, කලා හා දේශපාලන ක්ෂෙත්‍රයේ ඇතුළත තොරතුරු හෙළි කරන කැඩපතක් වීම නිසාත් ගොසිප් ලංකා නිවුස් පාඨකයින් නිතිපතා පිවිසෙන වෙබ් අඩවියක් බවට පත් විය.

ඉතා කෙටි කලකින් ජාත්‍යන්තර පිළිගැනීම ඇති ඇලෙක්සා වෙබ් ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ වැඩිම නැරඹුම් සහිත වෙබ් අඩවි 10 අතරට ගොසිප් ලංකා නිවුස් ගමන් කරන්නේ 2011 පෙබරවාරියේය. එතැන් සිට 2020 මේ දක්වාම එම ස්ථානය තුළ ස්ථාවර වන්නටත් පාඨක විශ්වාසය රැකගන්නටත් ගොසිප් ලංකා නිවුස් සමත්ව සිටී.

ලංකාවේ වෙබ් අඩවි ප්‍රකාශන කලාවට කලින් කල නැවුම් දේ ගෙන එන්නට සුවිශේෂ දායකත්වයක් සැපයූ ගොසිප් ලංකා නිවුස් එක්තරා කාලයක සති අන්ත පුවත්පත් වලට කලා විශේෂාංග ලිපි ලියන්නට අලුත් මාතෘකා සපයාලූ තැනක් විය. තවත් කාලයක විකල්ප ධාරාවේ පුවත් ගෙනා තැනක් විය.

කලාකරුවන්ගේ උපන්දින මංගල්‍යයන් අවමංගල්‍යයන් ගැන මුලින්ම දැනගැනීමට කාටත් මතක් වෙන තැනක් විය. සමාජීය ප්‍රශ්න වැඩි විස්තර සහිතව දැනගැනීමට හැකිවන තැනක් විය.

පාඨකයින්ගේ මතයට සීමා බන්ධන රහිතව ඉඩ ලබාදෙන තැනක් වූ නිසාම ගොසිප් ලංකා රටේ සංවාද බිහි කරන්නේය. විශාල පාඨක පිරිසක් නිරන්තරයෙන්ම සම්බන්ධව සිටින ගොසිප් ලංකා නිවුස් අන්තර්ජාලයේ වැඩිම සෙවුම් කරන යෙදුමක් බවට පත්වන්නේ මේ පසුබිමේය.


ගොසිප් ලංකා නිවුස් නිල ප්‍රකාශන

ව්‍යාජ නාම හා අනුකරණ

ඉහත සඳහන් නිල යොමු හැරෙන්නට ගොසිප් ලංකා නිවුස් නම හා සලකුණු ව්‍යාජ ලෙස අනුකරණය කරමින් අන්තර්ජාලයේ පවතින විවිධාකාර වෙබ් අඩවි, ෆේස්බුක් පිටු , ට්විටර් ගිණුම්, යූටියුබ් නාලිකා, ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම්, පින්ට්රස්ට් ගිණුම් ආදී වෙනත් සමාජ මාධ්‍ය තුළ පළවන කිසිවක් සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ.

සම්මාන හා නිර්දේශ

  • ගොසිප් ලංකා නිවුස් ඩොට්කොම් , 2013 ස්ලිම් නීල්සන් වසරේ ජනප්‍රියම වෙබ් අඩවිය සඳහා නිර්දේශ වූ නාමයකි.

  • ජාත්‍යන්තර ලෝන්ලි ප්ලැනට් සඟරාවේ සංචාරක මගපෙන්වන යොමු අතර ශ්‍රී ලංකාවේ සිටියදී තොරතුරු දැනගැනීමට සංචාරකයින්ට නිර්දේශ කරන්නේ ගොසිප් ලංකා නිවුස් ඩොට් කොම් වෙබ් අඩවියයි.

  • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තොරතුරු තාක්ෂණ සමීක්ෂණ ගණනාවකදී ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පුවත් සපයන ප්‍රමුඛ වාහකයෙකු ලෙස ගොසිප් ලංකා ගැන සඳහන් කර තිබේ.

ලියාපදිංචිය

ගොසිප් ලංකා නිවුස් 2012 සිට රජයේ ලියාපදිංචි වෙබ් අඩවියකි. ලියාපදිංචි අංක 2012/06

ප්‍රකාශයට පත්කිරීම

ගොසිප් ලංකා නිවුස් ඩොට්කොම් , යතුර මීඩියා නෙට්වර්ක්ස් පුද්ගලික සමාගම මගින් ප්‍රකාශයට පත් කරනු ලබන්නකි. Business Reg.No. PV 120211

GossipLankaNews.com is published by Yathura Media Networks (Pvt) Ltd. Sri lanka .Business Reg.No. PV 120211