“ඔක්තෝබර් මාසය හෙළයේ සාහිත්‍ය මාසයයි. අපේ පාසල් දරුවන්ට විවිධ පොත්පත් හා ලිපි කියවීම හුරු කිරීම තුළින් ඔවුන්ගේ දැනුම, නිර්මාණශීලි හැකියාව වර්ධනය කළහැක. දරුවන් බොහෝ සේ තාක්ෂණයට නැඹුරු වීම නිසා පොත් කියවීම මගහැරී ඇත. තාක්ෂණය තුලින් දැනුම සොයන ක්‍රම රාශියක් ඇති නමුත් දරුවන් නිවැරදිව තාක්ෂණය හරහා දැනුම් සයුරේ පිහිනවීම අරමුණින් අගලිය මහා විද්‍යාලය මාර්ගගත ක්‍රමටය කියවීම සදහා වෙබ් පිටුවක් නිර්මාණය කරන ලදී.“