අනාගත පරපුරේ දීප්තිමත් අනාගතය වෙනුවෙන් MobiLens Photographers Circle විසින් ආරම්භ කරන ලද "Light for the Future – MobiLens School Initiative 2026" ව්‍යාපෘතියේ ආරම්භක වැඩමුලුව පසුගියදා (2026 පෙබරවාරි 17) ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, අගලිය මහා විද්‍යාලයේදී අතිශය සාර්ථකව පැවැත්විණි.
සිසු දරුවන්ගේ කියවීම ප්‍රවර්ධනය කිරීමට අරමුණින් විශේෂ වෙබ් පිටුවක් නිර්මාණය කර ඇත. මේ වෙබ් පිටුව හරහා දරුවන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ නිර්මාණ සහ ඔවුන්ගේ සාහිත්‍ය හැකියාව ඉදිරියට ගෙන යාමට අවස්ථාව ලබා දේ.
2024 වර්ෂයේදී අ.පො.ස.(සා/පෙළ) ජාතික මට්ටමේ ප්‍රතිශතය අභිබවූ පාසලක් ලෙස අප විද්‍යාලය ප්රසංශාවට ලක් වූ වගයි.
දරුවන්ගේ අභිමානවත් ජයග්‍රහණය උදෙසා කැපවුණු විදුහල්පති ඇතුඵ ආචාර්ය මණ්ඩලයේ සේවයටද ඇල්පිටිය කලාප අධ්යක්ෂ තුමාගේ ප්‍රසංශාව හිමිවිය.
1 සිට 11 දක්වා සියලු සිසු දරුවන්ගේ මූලිකත්වයෙන් 2025.10.09 දින ගුරු දින සැමරුම් උළෙල පවත්වනු ලැබුණි.
ලෝක ළමා දින සැමරුම් උත්සවය 2025.10.01 දින විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් විචිත්රාංග සමගින් පැවැත්විණි.
අප විද්‍යාලයේ සුහුරු පන්ති කාමරය භාවිතා කරමින් 6 7 8 ශ්‍රේණි සඳහා දෙවන වාර විභාගය මාර්ගගත ක්‍රමයට ජුලි 24 දින සිට අගෝස්තු 06 දක්වා පවත්වනු ලැබුණි. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුව මගින් හදුන්වා දුන් WISDOM CLOUD ඉගෙනුම් කළමණාකරණ පද්ධතිය තුළින් සියලුම විෂයන්ට අදාළ ප්‍රශ්ණ පත්‍ර ලබා දී , සිසුන්ට TAB COMPUTER වෙන වෙනම ලබා දී විභාග කටයුතු සාර්ථකව සිදුකළ වගයි.
පොසොන් පොහොය බැති ගී ප්‍රසංගය
ශිෂ්‍ය නායක පදක්කම් පැලඳවීම
ගුරු උපහාර උළෙල