මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ පෞඩ ඉතිහාසය.

මඩකලපු ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ පෞඩ ඉතිහාසය.

මඩකලපු දිස්ත්‍රික්කය තුළ සමස්ත බෞද්ධ ප්‍රජාව ගේ මුදුන් මල්කඩ ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ, මඩකලපුව නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොළටත්,කල්මුණේ දෙසටත් පොලොන්නරුව දෙසටත් මාර්ගයෙන් බෙදී යන ප්‍රධාන තුන්මංසල අසල මඩකලපු පොලිසිය ආසන්නයේ හින්දු කෝවිලට යාබද ව මෙම පුණ්‍ය භූමිය පිහිටා තිබේ.

ප්‍රධාන දොරෙන් ඇතුළු වනවාත් සමඟ මුහුණට අභිමුඛ ශ්වේත වර්ණයෙන් නැඟී හිඳින දාගැබ් වහන්සේ කියාපාන්නේ ස්ථිරව පදිංචි බෞද්ධ ජනතාව නොමැති වුවද තවත් අනාදිමත් කාලයක් මෙම පින්බිම තුළ බුද්ධ ශාසනයක් ශාසනයක් බෞද්ධ සංස්කෘතියක් නොනැසී පවතින ඇති බවයි.

මඩකලපුව යන වචනයේ ඇසු සැනින් කවරෙකගෛ් වුව මනසට දැනෙනුයේ විඩාබර කර්කශ ස්වභාවයකි. එයට හේතුව එක් අතකින් පසුගිය යුද සමයේ නිරන්තරයෙන් මාධ්‍ය තුළ මෙම නම ඇසීමයි . අනෙක් අතින් පවතින දැඩි උෂ්ණාධික කාලගුණයයි ඒ නමුත් මෙම මෙම පුණ්‍ය භූමියට ඇතුළුවන කවරෙකු වුව ද මනසින් ඉහත හැඟීම් ක්ෂනකින් අතුරුදන්ව යන කුතුහලයක් හා විස්මයක් හදවත එකතු කරමින්ය . එයට හේතුව මෙම පුණ්‍ය භූමියේ බාහිර පරිසරයයි. යෝවද විරාජමානව ශිෂ් සිලි සිලි හඬ නංවන බෝ සමිඳු ප්‍රධාන කොට ගෙන සිතට ගතට සැනසිල්ලක් ගෙන දෙන විවිධ ගස් කොළන් කියාපාන්නේ ඔබ ඇතුළු වූයේ සීත කඳුකරේ විහාරස්ථානයකටය යන හැඟීමකි. එමෙන්ම තද නියං සමයේ පවා දැඩි ප්‍රයත්නයක් දරා ආරක්ෂා කර ඇති පිවිතුරු පුෂ්පයන්ගෙන් සමලංකෘත මල් පත්ති ද චංචල සිත නිශ්චල කිරීමට රුකුලක් වනවාට සැකයක් නොමැත.

කුරිරු ත්‍රස්තවාදීන් විසින් විනාශ කර දමන ලදි අභිනවයෙන් පිරිසක් කරනය කරන ලද විහාර මන්දිරය දකුණු පසින්ය,ඔවුන් විසින්ම විනාශ කර විනාශ කරන්නට ප්‍රයත්න දැරුවෝ ශ්‍රී මහා බෝ සමිඳුන් පෙරට වඩා ගරු ගාම්භීරව වම්පසින් ද දර්ශනය වෙයි. ඊට අමතරව රටේ නන් දෙසින් පැමිණෙන බෞද්ධ ජනතාවට බියෙන් සැකෙන් තොරව රැය පහන් කිරීමට ප්‍රමාණවත් ශාලා දෙකක්ද , අතීශයින් ජරාජීර්ණ පැවති එහෙත් වත්මන් වන විට සිතා ගැනීමටත් නොහැකි පරිදි සංවර්ධන වු සංඝාවාසය ද ඇතුළුව , ලෝකෝත්තර සුවය දනවන පරිදි නිර්මිත ස්ථානයෝ ද, සිතට ගතට නිරන්තර ප්‍රීති සුවයක් ගෙන දෙන ස්ථාන යෝද, ශ්‍රි මංගලාරාමය වෙති.මඩකලපුව නගර මධ්‍යයේ වුව ද අවටින් රිය හඩක් හෝ නැසෙන තරම් දුරින් මෙම සියළු ස්ථාන පිහිටා තිබීම ද මෙහි වන තවත් විශේෂත්වයකි.


සිංහල බෞද්ධයන් ලෙස අප ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ගත් කළ දිගු ඉතිහාසයක් ඇති මිනිසුන් වන්නෙමු. එම පෞඩ ඉතිහාසය විමසා බැලීමේ දී පෙනී යන කරුණ වන්නේ ඒ සඳහා ප්‍රාණ වායුව සපයා ඇත්තේ බෞද්ධ සංස්කෘතිය බවයි එම සංස්කෘතිය බෞද්ධ සමාජය තුළ පෝෂණය කරනු ලැබේ විහාරස්ථානය කේන්ද්‍ර කරගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ය.

මඩකලපුව ශ්‍රි මංගලාරාමය සම්බන්ධයෙන් කතිකාවක් ගොඩ නැගීමේ දී එහි පළමු කථානායකයා නොහොත් මෙම විහාරස්ථානයේ ඉදී කිරීමේලා පුරෝගාමී වූ යතිවරයාණෝ වුයේ පුජ්‍ය දඹගස්ආරේ සුමේධාලංකාර මහනාහිමිපාණන් වහන්සේ 1921 වර්ෂයේ උන්වහන්සේ විසින් මෙම විහාරස්ථානය බිහිකළා පමනක් නොව දකුණු ලක බෞද්ධයන් ගෙන්වාගෙන ඔවුන් විවිධ ක්ෂේත්‍රයන්හි යොදවා මඩකළපුව ප්‍රෙදේශය පුරා බෞද්ධ ප්‍රෙබා්ධයක් ඇති කළෝය. මඩකළපුව, අම්පාර,ත්‍රිකුණාමලය යහන දිස්ත්‍රික්කයන්හි විනාශමුඛයට ඇදවැටමින් තිබු විහාරස්ථාන රාශියක් උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය මත සංවර්ධනවිය.තථාගතයන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටිනා සේරුවිල මංගල මහ විහාරය ඉන් ප්‍රධාන වෙයි. භෞතික වශයෙන් බෞද්ධ උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීම උදෙසා මේ නිවසක් දරන අතර ඒවා ඉදිරියට රැගෙන යාම සඳහා ශිෂ්‍ය පරපුරක් ද බිහි කළහ ඒ අතර ඒ අතර පූජ්‍ය සේරුවිල සරණකිත්ති නා හිමි පූජ්‍ය කොටපොළ අමරකිත්ති නාහිමි වැනි යතිවරයන් වහන්සේලා ප්‍රධාන වෙති .

සුමේධ අලංකාරනාහිමි තුළ තිබූ දැඩි හික්මිමත්, ශාසනික හැඟීමත්, සිදු කරන ලද ශාසනික සත් ක්‍රියාවනුත් හේතු කරගෙන අමරපුර ශ්‍රී කල්‍යාණිවංශික මහානිකායේ මහනායක ධුරය ද උන්වහන්සේට හිමි විය.

1984 වර්ෂයේ අගෝස්තු මස 13 වැනි දින උන් වහන්සේ සියලු ශාසනයේ ක්‍රියාවන් නිමා කොට අපවත් වූහ. ඒ අතරතු තුර කාලය තුළ ශ්‍රි මංගලාරාම විහාරස්ථානය සම්බන්ධව ඓතිහාසික තොරතුරු අල්පය. නමුත් නාහිමිපාණන්වහන්සේ අපවත් වීමෙන් පසුව සේරුවිල සරණකිත්ති මහනාහිමිපාණන් වහන්සේ ඉතාමත් අවාසනාවන්ත යුගයක, දිවි පරදුවට තබාන සේරුවිල මංගල මහා විහාරය, මඩකලපුව ශ්‍රී මංගලාරාමය වැනි විහාරස්ථාන මහානාහිමිපාණන් වහන්සේ අපේක්ෂා කළ අයුරින්ම ආරක්ෂා කර ගන්නා ලදී. එනමුදු කුරිරු යුද්ධයේ අමිහිරි මතක සටහන් ශ්‍රි මංගලාරාම ඉතිහසය තුළ සනිටුහන් කරන ලදී. විහාර මන්දිරයේ තිබු පිළිම වහන්සේ කඩා බිද දමා, බෝධින් වහන්සේ ඇතුළුව සමස්ත විහාරස්තානයම ගිනිබත් කළහ. විශේෂයෙන්ම බෝධින් වහන්සේ වටා ටයර් දමා ගිනි තබා විනාශ කිරිමට තරම් ත්‍රස්තයන්ගේ මනස කුරිරු විය.

කාලය ගෙවි ගියේය. යුද්ධය නිමා වන ආකාරයක් දක්නට නොලැබීණි. එබැවින් මංගලාරාමය පුද බිමේ චීවරයක් වැලක වනා ඇති දර්ශනය සිහිනයක් බවට පත් විය. සරණකිත්ති නාහිමි එවකට සේරුවිල මංගල මහා විහාරය කෙන්ද්‍ර කර ගනිමින් යුද්ධයෙන් බැට කෑ අහිංසකයන් තනිකර නොයා ශාසන හා සමාජ සේවාවන් රාශියක් සිදු කළහ.

ශ්‍රී මංගලාරාම විහාරස්ථානයට නැවත පණ පොවමින් මඩකළපුව ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝධයක් නැවත ඇති කරලිමට සිය ජිවිතය කැප කරමින් කටුක දුක් වළදමින් මාධ්‍ය ඉදිරියට නොව, දුගී දුප්පත් ජනයා ඉදිරිපිට සාධාරණත්වය වෙනුවෙන් පෙනි සිටින අතිපුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමිපාණන් වහන්සේ අහඹු ලෙස නැගෙනහිර සංචාරයක යෙදෙන්නේ මෙම කාලවකවානුව තුළයි.

2001 / 03 / 09 වැනි දින අතිපුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු කණ්ඩායම සේරුවිල මංගල මහා විහාරයට ඇතුළු වන්නේ රැයක් පහන් කිරිම සදහාය. එම රත්‍රිෙය් දෛවෝපගත ලෙස අති පුජ්‍ය සේරුවිල සරණකිත්ති මහනාහිමි පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් හට මුණගැසේන්නේය. කිසිදා දැක නොතිබු එහෙත් කළ්‍යණ මිත්‍ර හැගිම් ජනිතකරවනසුළු නායක හිමිපාණන් වහන්සේ සාකච්ඡාවකට එළැබෙන්නේය. විශේෂයෙන්ම නැගෙනහිර පොළොවේ වැළලි යන බෞද්ධ උරුමය පිළිබදව සාකච්ඡාවට බදුන් විය. ඒ අකර මඩකළපුව ශ්‍රි මංගලාරාමය අභියස අම්පිටියේ සුමනරතන හිමියන්ගේ සිත නතර විය.

ඒ වන විට ජරාවාස වි පැවැති විහාරස්ථානය ත්‍රස්තවාදින්ගේ මරණ තර්ජන නොතකා අද පවතින තත්වයට පත්කරන ලද්දේ අම්පිටියේ සුමනරතන නාහිමිපාණන් වහසේගේ අපිරිමිත උත්සාහය සහ අධිෂ්ථානය නිසාමය. කුසට දන් වේලක් නොමැතිව, පවසට ජල බිදුවක් නොමැතිව, ගතට හරි හමන් සිවුරක් නොමැතිව මෙම පුජනීය විහාරස්ථානය රැකගැනීම සහ එහි අභිවෘද්ධිය පිණිස දිවි හිමියෙන් කැප වුණේ උන්වහන්සේය.

දෙස් විදේස් දානපතීයන්ගේ උදව්වේන් උපකාරයේන් නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමයන් ප්‍රතිෂ්ඨාපනය කළ උන්වහන්සේ ලොවැසි සියළු බෞද්ධයින්ගේ නමස්කාරය ලබන්නේය.



වියරු ත්‍රස්තයින් විසින් විනාශ කල ශ්‍රි මංගලාරාම විහාරස්ථානය



වර්ථමානයේ ශ්‍රි මංගලාරාම විහාරස්ථානය ලොවැසි සියළු බෞද්ධ ජනයාගේ වැදුම් පිදුම් ලබන අයුරින් පෞඩව බබළන්නේය.