කෑගලු විද්‍යාලයීය e - පුස්තකාල සේවාවට ඔබව සාදරයෙන් පිළිගනිමු.....!

පුස්තකාල දැක්ම

කියවීමෙන් පිරිපුන් දරුවෙක්

පුස්තකාල මෙහෙවර

යාව ජීව ඉගෙනුම් කුසලතාවයන්ගෙන් හා පරිකල්පිත ශක්තියෙන් සන්නද්ධ නව ලෝකයට වැඩදායි මනා දැනුමැති සිසු පරපුරක් බිහි කිරීම

කෑගලු විද්‍යාලයීය  

e - පුස්තකාලය වෙත සාදරයෙන් පිළිගනිමු.

covid - 19 වසංගතය හමුවේ නිවෙස් වලටම කොටු වී සිටින කෑගලු විද්‍යාලයීය සිසු දරුවන්ගේ කියවීම් රුචිය වර්ධනය කිරීමට මෙන් ම පුස්තකාලයට ගොස් පොත් තෝරා ගත හැකි ආකාරයේ අත්දැකීමක් නිවසේ සිටම ලබා දීම අරමුණු කරගෙන කෑගලු විද්‍යාලයීය විදුහල්පතිතුමාගේ උපදෙස් පරිදි ප්‍රධාන පුස්තකාලය මගින් e - පුස්තකාලය ආරම්භ කරන ලදි. මෙම පොත් එකතුවෙන් සිසු දරුවන්ට කැමති පොතක් තෝරාගෙන කියවීමට හැකියාව ඇත. වර්තමානයේ දී නිතරම පරිගණකය, අන්තර්ජාලය, e-book, zoom සමඟ ගැටීමට සිදුවන ඔබට ඉතා වටිනා අත්දැකීමක් ලබා ගැනීම සඳහා පුවත්පත් හා සිංහල පොත්, ආගමික පොත්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද පුස්තකාල පොත් සමන්විතය.

ඔබට කෑගලු විද්‍යාලයීය ප්‍රධාන පුස්තකාලය වෙතට පැමිණ හෝ පහත සඳහන් whatsapp සමූහය වෙතට පිවිසීමෙන් ඔබගේ අදහස් යෝජනා ඉදිරිපත් කළ හැකිය.