කියවීමෙන් පිරිපුන් දරුවෙක්
යාව ජීව ඉගෙනුම් කුසලතාවයන්ගෙන් හා පරිකල්පිත ශක්තියෙන් සන්නද්ධ නව ලෝකයට වැඩදායි මනා දැනුමැති සිසු පරපුරක් බිහි කිරීම
covid - 19 වසංගතය හමුවේ නිවෙස් වලටම කොටු වී සිටින කෑගලු විද්‍යාලයීය සිසු දරුවන්ගේ කියවීම් රුචිය වර්ධනය කිරීමට මෙන් ම පුස්තකාලයට ගොස් පොත් තෝරා ගත හැකි ආකාරයේ අත්දැකීමක් නිවසේ සිටම ලබා දීම අරමුණු කරගෙන කෑගලු විද්‍යාලයීය විදුහල්පතිතුමාගේ උපදෙස් පරිදි ප්‍රධාන පුස්තකාලය මගින් e - පුස්තකාලය ආරම්භ කරන ලදි. මෙම පොත් එකතුවෙන් සිසු දරුවන්ට කැමති පොතක් තෝරාගෙන කියවීමට හැකියාව ඇත. වර්තමානයේ දී නිතරම පරිගණකය, අන්තර්ජාලය, e-book, zoom සමඟ ගැටීමට සිදුවන ඔබට ඉතා වටිනා අත්දැකීමක් ලබා ගැනීම සඳහා පුවත්පත් හා සිංහල පොත්, ආගමික පොත්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද පුස්තකාල පොත් සමන්විතය
ඔබට කෑගලු විද්‍යාලයීය ප්‍රධාන පුස්තකාලය වෙතට පැමිණ හෝ පහත සඳහන් whatsapp සමූහය වෙතට පිවිසීමෙන් ඔබගේ අදහස් යෝජනා ඉදිරිපත් කළ හැකිය.