EzGo ඇප් එක සමග සම්බන්ද වූ ඔබට ස්තූතියි.
ඇප් එක භාවිතයට පෙර, පහත වීඩියෝ බලා, EzGo ඇප් එක භාවිතා කරන අයුරු හොදින් වටහා ගන්න.
රියදුරන්ට ඇතිවිය හැකි ප්රශ්න:
ලංකාවේ බහුතරයක් වන Taxi Meter නැති, ගාණ කතාකරගෙන යන අය කොහොමද සම්බන්ධ වෙන්නේ?
Taxi Meter නැති අයට පුළුවන් ලියාපදිංචියේදී තමන්ගේ වාහනයේ Taxi Meter නැති බව සදහන් කරන්න. අපේ ඇප් එකෙන් ඔබගේ ගමේ, නගරයේ ඉන්න අයට ඔබව ඉක්මනින්ම සම්බන්ධ කරගන්න පුළුවන්. කව්රු උනත් කැමතිනේ තමන් දන්න කෙනෙක් එක්ක ගමන යන්න. මේ App එකෙන් ඔබට, ඔබ ප්රදේශයේ අයට හොද සේවාවක් සපයන්න පුලුවන්.
දැනට වෙනත් Taxi App (PickMe, Uber) එක්ක සම්බන්ධ අය මෙම App එක පාවිච්චි කරන්නේ කොහොමද?
වෙනත් Taxi App වල කි.මි.1 කට හම්බවෙන්න රු.65 ක් රු.70 ක් විතර නේද? හැබැයි Customers ගෙන් රු 90ක්, සමහර වෙලවට රු.110ක් විතර charge වෙනවා.
අපේ App එකේ කි.මි.1ක් රු70ට දුවලා, මුළු ගාණම ඔයාල ගන්න. Customer ටත් ලාබයි , Driver ටත් ලාබයි.
ඔයාල කැමති හයර් විතරයක් ගන්න පුළුවන්. ඒ වගේම අනිත් ඇප් වල දුවන ගමන්, EzGo ඇප් එකත් Active තියාගෙන EzGo App එකෙනුත් හයර් ගන්න පුලුවන්.
Taxi Meter සවි කරල තියෙන, ත්රීවීල් පාර්ක් වල ඉන්න අය කොහොමද සම්බන්ධ වෙන්නේ?
Taxi Meter සවි කරල තියෙන අයට පුළුවන් ලියාපදිංචියේදී තමන්ගේ වාහනයේ Taxi Meter යේ අය කලයුතු මුදල තෝරාගන්න. අහල පහළ ඉන්න කෙනෙකුට, ඉක්මනින්ම ලගම තියෙන Taxiක් හොයන වෙලාවට ඉක්මනටම ඔයාගේ සේවය සපයන්න EzGo App එක Install කරගන්න.
මොන වාහනද ලියාපදිංචි කරන්න පුළුවන්??
දැනට ත්රීරෝද රථයක්, මෝටර් සයිකලයක් හා කාර් ලියාපදිංචි කරන්න පුළුවන්. ඉදිරියේදී වෑන් , ට්රක් ලියාපදිංචි කරන්න පුළුවන් විදියට update කරනව
රියදුරුටයි, මගියාටයි App දෙකක් තියෙනවාද?
නැහැ, එක App එකයි තියෙන්නේ. ඔයාලට පුලුවන් ඕන වෙලාවක Driver Profile , Pessanger Profile අතර මාරු වෙන්න. Profile අතර මාරු වෙන හැටි පහත Link එකක තියෙනවා.
මේකට අය කරන ගාස්තු කොහොමද?
අපි හාස්තු අයකරන්නේ නෑ. ඔබට කරන්න තියෙන්නේ ඇප් එකේ පෙන්නන වෙළඳ දැන්වීම් බලන්න. ඉන් ලැබෙන ආදායමැප් එක පවත්වාගෙන යාමට ප්රමානවත් නොවන්නේ නම් පමණක් මසකට රු.600ක් වැනි සුළු මුදලක් අය කරන්න බලාපොරොත්තු වෙනවා . නමුත් අපට යන වියදම්ත් එක්ක මේ ගාණ වෙනස් විය හැකියි.
තවත් ප්රශ්න තියේනම් පහළ link එකෙන් අපගේ Telegram Group එකට හෝ WhatsApp Group එක හා සම්බන්ධ වෙන්න.
Telegram Group : https://t.me/+ujBeEtfkAA0yYTg1
WhatsApp Group : https://chat.whatsapp.com/FUlJkBM9C6F5Tqg2xkqhAx
මගීන් සදහා උපදෙස් මෙම link එකෙන්