ස්පර්ශ කල හැකි නව මානයක්

ඔබව සාදරයෙන් පිළිගන්නවා

සරත්චන්ද්‍ර උදව්කරුවාණන්

published by Senaka Somaratne (+94754752001)

හැදින්වීම

සරත්චන්ද්‍ර උදව්කරුවාණන් යම්කිසි මානයක් පිලිබඳව කථා කරනවා. ඒ මානය කෙනෙකුගේ සත්‍ය වූ මානය බව ද සදහන් කරනවා. මානවයෙක් ඉපදුන විට 100% සිටින්නෙ මෙම සත්‍ය වූ මානය තුල බවත් සදහන් කරනවා. නමුත් පසුව භාෂාවකට මානව ශරීරය හුරු වූවායින් පසුව, පුරුදු වූවායින් පසුව 90% පමණ සත්‍ය වූ මානයෙන් ශරීරය ඉවත් වී 10% පමණ වූ ප්‍රතිශතයකින් ඒ හා ශරීරය බැදී පවතින බව එතුමාණන් සදහන් කරනවා.

මානව ශරීරය මේ භාෂාවට හුරු වූ විපර්යාසය නිසා භාෂා දැණුමෙන් නිර්මාණය කරගත් තාවකාලික මානයක මමත්වයක්ද සහිතව මානව ශරීරය සිරවී තිබෙන බවට එතුමා කරුණු දැක්වීමක් සිදු කරනවා. නිර්මාණය කරගත් මෙම තාවකාලික මානය සත්‍ය වූ මානයක් ලෙස ඒ තුලින්ම පිළිගෙන ජීවත් වන නිසාත් ඒ මානයට ශරීරය හුරු වී තිබෙන නිසාත් දැන් ශරීරයට තම සත්‍ය වූ මානයට පූර්ණව පිවිසීමේ ශාක්‍යතාවය ගිලිහී ඇති බවට එතුමාණන් කරුණු දැක්වීමක් කරනවා.

මේ කරුණු දැක්වීම තුල එතුමා සදහන් කරනවා, මානාව ශරීරය ශාෂාවකට හුරු වූවායින් පසුව ශරීරයකට තිබිය යුතු සම්පූර්ණ ශක්තියකින් 90% ක් පමණ විශ්ව ගතවී ඒ ශත්තිය නැවතත් ශරීරයට ලබා ගන්නා තුරු විශ්වයේ යම් ස්ථානයක තිබෙන බව. මේ ශක්තිය පිට වීම සිදු වනුයේ භාෂාවකට ශරීරය හුරු වූවායින් පසුව ශරීරය පහල සංඛ්‍යාත මට්ටමකට වැටෙන නිසා බවත් එතුමා වැඩි දුරටත් සදහන් කරනවා.

ඒ වගේම මේ වැරදි අතට සිදු වූ විපර්යාසය නිසා මානව ශරීරය තුල තිබෙන තුන්ඩලනී නමින් හදුන්වන පද්ධතියක 1, 2 සහ 3 ලෙස හදුන්වන චක්ක්‍ර වගයක් හැර 4, 5, 6 සහ 7 යන චක්ක්‍ර වගයක් ක්‍රියා විරහිත වී තිබෙන බවත් එතුමා සදහන් කිරීමක් කරනවා. කෙනෙකු තුල ඒ චක්‍ර මල් ලෙසින් දැක බලාගත හැකි බවත් යම් ශරීරයක් අර පිට වූ 90% ක ශක්තිය නැවතත් ලබාගෙන ඒ මල් හත විකසිත කරගෙන 7 වෙනි මල දක්වා ගමන් කලහොත් ඒ ශරීරය නැවතත් තම සත්‍ය වූ මානය තුල 100% ක් පිහිටන බවත් ඒ පිහිටීම තුල ශරීරය යම් දර්ශණයක පිහිටන බවත් ඒ දර්ශණය සත්‍ය වූ දර්ශණය බව වටහා ගන්නා බවත් එතුමා පැහැදිලිවම කියා සිටිනවා.

සිදු වූ වරද නිවැරදි කරගන්න ක්‍රමයක් තිබෙනවාද?

ඔව් තිබෙන බව එතුමාණන් සදහන් කරනවා. එතනදී එතුමා කියනවා එතුමාගේ ශරීරය ඉතාම ඉහල සංඛ්‍යාතයකින් ක්‍රියාත්මක වෙනවා කියල. මොකද එතුමාගේ ශරීරය දැන් ක්‍රියාත්මක වෙන්නෙ පුරුදු වූ භාෂා දැණුමට අදාලව නොවන බව එතුමා සදහන් කරනවා. එතකොට ඉහල සංඛ්‍යාතයකින් ක්‍රියාත්මක වන එතුමාගේ ශරීරයේ නළල් තලය දෙස යම් පුද්ගලයෙක් එතුමා කියනු ලබන කාල සීමාවක් තුල බලා සිටියහොත් යම් නිහඬතාවයකින් යුක්තව ඒ පුද්ගලයාගේ 6 වන කුන්ඩලනී චක්ක්‍රය හෙවත් 6වෙනි මල ක්‍රියාත්මක වෙන්න ගන්න බව එතුමා සදහන් කරනවා. එතුමා එතනදී සදහන් කරනවා එය ඒ අදාල පුද්ගලයාගේ තුන්වන ඇස ඇරීමක් ලෙස.

මේ තුන්වන ඇස ක්‍රියාත්මක වූ කෙනෙකුට එතුමා කිරීම සදහා පුහුණු ක්‍රමවේදයක් දෙනවා. එතුමා කියනු ලබන ආකාරයෙන් ඒ ක්‍රමවේදය පුරුදු පුහුණු කරන අයගේ ශරීරය කුන්ඩලණී පද්ධතිය හරහා භාෂා දැණුමට කිසිසේත්ම අදාල නොවන වෙනත් ස්වයංක්‍රීය නමුත් බුද්ධිමත් ක්‍රියාවලියකට අවතීර්ණ වෙනවා. මේ නව ක්‍රියාවලියට එතුමා "කෙරෙන්නක් පද්ධතිය" ලෙස නම් කර තිබෙනවා.

යම් ශරීරයක මේ කෙරෙන්නක් පද්ධතිය ක්‍රියාත්මක වූ විට මූලිකවම සිදු වන්නෙ අර පිට වූ 90%ක ශක්තිය නැවතත් අදාල තැනින් ලබාගන්නට කටයුතු කරන එකයි. එතනදී මේ ශරීරයේ ශක්තිය නැවතත් වැඩි වෙන්න ආරම්භ වෙනවා. ඒ කියන්නෙ ශරීරයේ සංඛ්‍යාතය ඉහල මට්ටමකට පැමිනෙනවා. එතනදී අර කුන්ඩලණී පද්ධතියේ මල් විකසිත වෙන්න ආරම්භ වෙනවා. මෙහෙම වෙනකොට ශරීරය තුල ක්‍රියාවන් රැසක් වෙන්න ආරම්භ වෙනවා. මේ ක්‍රියාවන් නිසා ශරීරය වෙනසකට භාඡනය වෙනවා.

සමහර අයට ඒ සිදු වන දේවල් එසේ සිදුවෙන්නෙ ඇයිද යන්න වටහා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ සිදු වන දේවල් වටහා ගැනීමට අපහසු වන අය සරත්චන්ද්‍ර උදව්කරුවාණන්ගෙන්ම පමණක් ඒ දේ විමසා දැන ගැනීම සුදුසුයි.

අවසානයේ දී මේ කෙරෙන්නක් පද්ධතිය අදාල මානව ශරීරය නැවතත් 100% ක් වූ පූර්ණ ශක්තිය තුල පිහිටුවන බව එතුමා සදහන් කරනවා.

ක්‍රමවේදයට වඟවීමක් තිබෙනවාද?

ක්‍රමවේදය සදහා 100% ක වඟ වීමක් සරත්චන්ද්‍ර උදව්කරුළුාණන් ගනු ලබනවා. එතුමා කියන ආකාරයට පමණක් අනුගමණය කරමින් ක්‍රමවේදය කරනු ලබන්නේනම් ක්‍රමවේදය නිසා සිදුවන ඕනෙම අගතියකට එතුමාණන් වඟ කියනවා. ඒ නිසා තම තමන්ට ඕනෙ ඕනෙ ආකාරයට හෝ වෙන කෙනෙකුගේ (දැනටමත් ක්‍රමවේදය කරනු ලබන කෙනෙකුගෙන්) උපදෙස් වලට අනූව ක්‍රමවෙදය නොකරන්නට ඔබ ඔබගේ පැත්තෙන් වඟකීම ගතයුතු වෙනවා.

මුලින්ම කල යුත්තෙ කුමක්ද?

ඉහතින් දක්වා ඇති කරුණු වලට යම් ආකාරයකින් හෝ ඔබට එකඟ වෙන්න පුළුවන්නම් ඔබ මුලින්ම කල යුත්තෙ මේ පිළිබඳව තව දුරටත් දැණුවත් වීමයි. ඒ සදහා සුදුසුම දේ සරත්චන්ද්‍ර උදව්කරුවාණන් හා සම්බන්ද වීමයි. +94777899858 යන අංකයෙන් ඔබට එතුමා හා සෘජුවම සම්බන්ද විය හැකියි. සෑම දිනකම උදේ 9.30 සිට 10.30 දක්වා සහ රාත්‍රී 8.30 සිට 9.30 දක්වා යන වේලාවල් හැර වෙනත් ඔනෑම වේලාවක එතුමා හා ඔබට සම්බන්ද විය හැකියි. (දක්වා ඇති වේලාවල් තුල එතුමා බොහෝමයක් පිරිස් සමඟ නිහඩතාවයට පත්වන බව දැනුම් දිය යතුව තිබෙනවා). ඉන්පසු එතුමා කියන විදියට ඔබ ඔබගේ වැඩ පිළිවෙල කරගෙන යන්න. යම් හෙයකින් එතුමා ඔබට කිව්වොත් නිහඩතාවයට පත්වන you tube වීඩීයෝවක් පිළිබඳව එම විඩියෝවේ දිඟුවක් ඔබගේ පහසුව සදහා පහත දක්වා ඇත. එතුමාගෙන් අවසරයක් නොගෙන ඒ විඩීයෝව පරිහරණය කිරීම නුසුදුසු බව මාගේ උපදේශයයි.

you tube දිගුව : නිහඬතාවයට පත්වී

මේ නව මානයට පිවිසීම සදහා මූලික සුදුසුකම් ඇති කරගත යුතුව තිබෙනවාද?

පිවිසෙනවා කියල අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ශරීරීය තිබෙන්නෙ කොහොමත් ඒ නිවැරදි වූ මානය තුල තමයි. ගැටලුව තිබෙන්නෙ එතන නොවෙයි. ගැටලුව තිබෙන්නෙ භාෂා දැණුමෙන් නිර්මාණය කරගත් වැරදි මානය තුලයි. ඒ මානය තුලදී මේ පිළිබඳව දැණුවත් වෙන්න බැහැ. එය හරියට නිකම් සිහිනයකදී ඔබ ඉන්නෙ ඇදක් උඩ නිදාගෙන බව දැනගන්න බැහැ වගේ තමයි. එහෙමනම් ඇති කරගත යුතු මූලිකම සුදුසුකම වෙන්නෙ කොහොම හරි සිහිනයෙන් අවධි වෙන්න ක්‍රමයක් සොයාගන්න එකයි.

වැරදි මානය තුල කෙනෙන් සුදුසුකම් ඇති කරගන්න ගියොත් තව තවත් අදුරටමයි යන්නෙ. ශරීරය වැරදි මානයට හසු වූ ආකාරය පිළිබඳව ඒ මානය තුලින්ම කෙනෙක් නිවැරදිව තක්සේරු කරගත හොත් ඇති කරගත යුතු අනෙක් මූලික සුදුසුකම් මොනවාද යන්න තමන්ම දැන ගන්නවා. එහෙම නැතිව මෙය උගන්ව උගන්ව බලහත් කාරයෙන් සුදුසුකම් ඇති කරවන්න පුළුවන් දෙයක් නොවෙයි. එහෙම කරන්න අවශ්‍යත් නැහැ. නමුත් සැකයන් හැර ගැනීමේ අදහසින් කෙනෙක් සාකච්ජා කිරීමට එන එකනම් වරදක් නොවෙයි.

සරත්චන්ද්‍ර උදව්කරුවාණන් විසින් දෙනු ලබන ක්‍රමවේදය තේරුමක් ඇතිව කරන අයට සිහිනයෙන් අවධි වීමේ මාර්ගයට ප්‍රවේශ වෙන්න පුළුවන්. වෙනත් මානයකට අවධි වන බව එතනදී ඔබට ශරීරයෙන් දැන ගන්න පුළුවන්. ශරීරය ස්වඋත්සාහයෙන් අවධි වෙන්න පටන්ගත් විට වැරදි මානයේ දැණුම භාවිතාකර ඒ අවධිවීමට විවිධ ආකාරයේ කූරු ගසන්නට යනවානම් එය එකම නුසුදුසුකම වන බවනම් කිව යුතුව ඇත.

ක්‍රමවේදය පුරුදු පුහුණු කරන විට ලබන්නා වූ අත්දැකීම් මොනවාද?

අත්දැකීම් කියන වචනයට අපි ගොඩක් පුරුදු වෙලයි තිබෙන්නෙ. ඒ නිසා යමක් කරන විට අත්දැකීම් අපි බලාපොරොත්තු වන එකෙහි යම් සාධාරණකමක් තිබෙනවා. නමුත් අත්දැකීම් කියන එක බලාපොරොත්තු වූවාට කමක් නැහැ වැරදි මානය තුලදී කරනු ලබන ක්‍රියාවන් වල ප්‍රතිඵල අපේක්ෂාවෙන්. මොකද එතනදී අත්දැකීම් යන දේට යම් පුද්ගල බද්ධ බවක් තිබෙන නිසා. අත්දැකීම කියන දෙය ඔබට අවශ්‍යනම් නැවත නැවත ගන්න පුළුවන්. ඒ වගේම අත්දැකීමක් මගින් නිවැරදිවීමක් සිදු වෙනවා කියන එක සාධාරන වෙන්නෙ නැහැ.

ක්‍රමවේදය තුලදී සිදු වන්නෙ ශරීරය වෙනසකට භාජනය වීමයි. වෙනස තුලින් සිදු වෙන්නෙ යම් නිවැරදිවීමක්. සිදු වූ වෙනසක් නැවත නැවත ගන්න බැහැ. මොකද එය දැනටමත් සිදු වෙලා ඉවරයි. සිදු වෙනව නම් සිදු වෙන්නෙ නව වෙනසක්. මේ වෙනස්වීම් තුලින් තමයි ශරීරය අවධිවීම කරා යන්නෙ.

ඒ නිසා සිදු වී තිබෙන වරද නිවැරදි නොවී එක එක අත්දැකීම් ලබන එකෙහි වැදගත්කමක් මා දකින්නෙ නැහැ.

වැරදිමානය තුලින් ශරීරය ක්‍රියාත්මක වෙනකොට මොනවාද සිදුවන අවාසි?

පළමු සහ වැදගත්ම දේ තමයි සත්‍ය වූ මානය මඟහැරෙන එක. දෙවන කාරණය තමයි වැරදි වූ මානය තුල සිටින කිසි කෙනෙක් දන්නෙ නැහැ ඇත්තටම තමන් කවුද කියල. තුන්වන කරුන තමයි සෑමදාම හවස් වෙනකොට ශරීරය විඩාවට පත්වෙලා තිබීම ඒ වගේම එක දිඟට පවත්නා සතුටක් නොපැවතීම. තව දෙයක් තමයි ශරීරය වයසට යන විට ඉන්ද්‍රියයන් දුර්වල වන නිසා වැරදි මානය තුල පවත්වා ගන්නා සිහියවත් නිවැරදිව පවත්වාගෙන යන්නට බැරිවීම. ඉතින් මේ කුරුණු පිළිබඳව ඔබ තම අවධානය යොමු කරලා බලන්න.

යම් කෙනෙක් මෙම නව ආධ්‍යාත්මික ගමන යන්න තීරණය කලහොත් ඔහු හෝ ඇය අවධානය දැක්විය යුතු කරුණු තිබෙනවාද?

ඔව් පැහැදිලිවම තිබෙනවා,

පළමු කාරණය තමයි, ඔබ අවධානය දැක්විය යුත්තෙ උදව්කරුවාණන්ගෙ හෝ වෙන කෙනෙකුගේ හෝ චරිතයට, හැකියාවන්ට හෝ විවිධ වූ තත්ත්වයන්ට නොවෙයි, ඔබ අවධානය දැක්විය යුත්තෙ උදව්කරුවාණන් හෝ වෙනත් අය දක්වන කරුණු(facts) වලට පමණයි. ඒ දක්වන කරුණු විමර්ශණය කරන්න, ගැටලු ඇත්නම් ප්‍රශ්ණ කරන්න. ඉන්පසු ඔබම නිවැරදි වූ අනුමාන වලට එන්න. ඔය ටික ඔබට කරන්න බැරිනම් ඔබට තිබෙන්නෙ වහල් මානසිකත්වයක් පමණයි. කිනම් වර්ගයක හෝ වහලෙකුට ආධ්‍යාත්මික ගමනක් තබා නිකම් සරල ගමනක් වුවද යන්න බැහැ. මොකද ඒ අය ගමන අතර මඟ නතර කරලා දානවා.

දෙවන කාරණය තමයි ඔබට තිබෙන්නෙ සිදුවී තිබෙන වරදක් නිවැරදි කරගන්න පමණක් බව නිතරම සිහි තබා ගන්න. නමුත් ඔබ විවිධ වූ තත්ත්ව වලට පත් වෙන්නට උත්සාහ කරනවා නම් ඔබ ඉන්නෙ මමත්ත්වය පෝෂණය කරන මාර්ගයක. මෙවන් වූ මාර්ගයක් මේ නව ආධ්‍යාත්මික ගමනට කොහොමත් අදාල වෙන්නෙ නැහැ. මොකද තිබෙන සියලුම තත්ත්වත් අළු දූවිලි වෙලා යන එකක් තමයි මේ නව ගමන තුල සිදු වෙන්නෙ. වරද නිවැරදි වූවානම් ඔබ දරන සියලුම වැරදි තත්ත්ව වලින් ඉවත් වෙලා ඔබට හිමි නිවැරදි තත්ත්වය තුල ඔබ පිහිටයි.

තුන්වන කරුණ තමයි සවයං විනය පවත්වාගෙන යන එක. කෙනෙක් බහුල ලෙස පුද්ගලවාදීව සාකච්ඡා කරන්න එනවනම් එතන විනය පවත්වා ගැනීමේ දුෂ්කරතාවයක් එනවා. නමුත් කෙනෙක් කරුණු පිළිබඳවම පමණක් අවධානය යොමු කොට සාකච්ඡා කරන්න එනවා නම් විනය පවත්වා ගැනීම ගැටලුවක් නොවේ.