සංකල්ප සහ ප්‍රවාද

  • Srilankan Sword 
    ‎/ නලින් අනුගාමිකයින් ගෙන් පොඩි ඉල්ලීමක්. පොඩි පරීක්ෂනයක් ඔබම කර බලන්න. එතුමා තවමත් අදහස් ප්‍රකාශකර නොමැති විෂය පථයක් සම්බන්ධව ඔබගේ අදහස් ගොනුකරගන්න. මෙම ව්‍යායාමයේදී, "ද්විකෝටික තර්කයය" හෝ "රේඛීය චින්තනය" භාවිතා නොකිරීමට පරෙස්සම් වෙන්න. චතුස්කෝටිකය හා චක්‍රීය චින්තනය ඇසුරින් ගලපාගත් ඔබේ අදහස, නලින් ද සිල්වා ඇදුරු තුමාගේ අදහස සමග පසුකාලිනව ගලපා බලන්න./
    @jayasena:ඔබ මෙයින් කුමක් අදහස් කරන්නේද?එකම චින්තනය තුළින් යම් දෙයක් පිළිබද ප්‍රවාද ගොඩ නැගීමේදී ඒ සියලු ප්‍රවාද එකම විය යුතුයැයි ඔබ සිතනවාද?දැනුම එක් එක් පුද්ගලයාට සාපෙක්ශය,මනසට සාපේක්ශය,එහිදී එකම චින්තනය හෝ එකම න්‍යාය භාවිතා කළ පමණින් ගොඩ නගන සියලු ස0කල්ප හෝ ප්‍රවාද එකම වියයුතු නැත,විය යුත්තේ ස0ගත වීමය.නලින් මහතාගේ ප්‍රවාදයක් ඔබට විචිකිච්චාවට භාජනය විණි නම් ඒ ඔබගේ ප්‍රවාදයත්,නලින් මහතාගේ ප්‍රවාදයත් වෙන වෙනම ඉදිරිපත් කර නලින් මහතාගේ එම ප්‍රවාදය අස0ගත බව ඔප්පු කළ යුතුය.ඔබට ඒ සදහා සාක්ශි තිබේද?
    9 hours ago · Like ·  1 person
  • Ritigala Jayasena ‎@Sri Lankan Sword: That was a very unexpectedly courteous reply :) If you really like a productive discussion, I like to engage. I will come back to you when I have time .... thanks in advance.
    9 hours ago · Like ·  1 person
  • Ritigala Jayasena ‎@Sri Lankan Sword: මා මෙහිදී අදහස් කලේ දැනටමත් ප්‍රවාද ගොඩනැගී ඇති දැනුම් පද්ධතියක් භාවිතා කොට කිසියම් අනුමානයක් (prediction) කිරීමේදී, වෙනස් පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් එය කලද එකම ප්‍රතිපලය ලැබිය යුතු බවයි. එය එසේ නොවන්නේ නම් එය දැනුම් පද්ධතියක් ලෙස පිලිගැනීමට අපහසුය. තර්ක කරමින් සිටීම හැර වෙන වැඩක් ගත් නොහැකි සංකල්ප "දැනුම්" ලෙස පිලිගැනීමට මට නොහැක. ජාතික චින්තනය යටතේ මෙවන් ප්‍රවාද තවමත් ගොඩ නැගී නොමැතිනම් ඉහතකී පරීක්ෂනයද කල නොහැක. එසේ නම් චින්තන පර්ෂදය මුලින්ම කල යුත්තේ අඩු ගනනේ එක් ප්‍රවාදයක්වත් ගොඩ නැගීමය.
    8 hours ago · Like
  • Milan Arambepola 
    ‎@ Jayasena නලින් මහතා යම් තැනක තර්කය යනු බටහිර සංකල්පයක් බව කියා ඇති බවක් මා නොදනිමි. ( මා වැරදි නම් කරැණාකර නිවැරදි කරන්න. ) නමුත් ඉංග්‍රීසියෙන් Logic යන්න සිංහලෙන් තර්කය ලෙස ගැනීම වැරදි බව නම් කිහිප තැනක සදහන් කර ඇත. චලිතය පිළිබද නිවුටන් නියම වල වලංගුතාවය ගැන කතා කිරීමේදී මුණගැසෙන නිරපේක්ෂ අවකාශය නම් සංකල්පය ගැන සිතන්න. තර්ක කරමින් සිටීම හැර එයින් ගත හැකි වෙන වැඩක් තිබේද? එය යම් ප්‍රධාන ප්‍රවාදයකට සම්බන්ධ එක් කොටසක් පමනක් නිසා වෙනම ගෙන වැඩක් ගත හැකිදැයි ඇසීම වැරදි බව කිව හැක. දැනට නිර්මාණය කෙරී ඇති නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයෙහි ඇති සංකල්ප ද පෙර කී නිවුටන් මහතාගේ ප්‍රවාදය ආකාරයේ (අ)සම්පූර්ණ ප්‍රවාදයක මුලික කොටස් ලෙස මම දකිමි. තවද ඔබ කියනා ආකාරයේ පරීක්ෂනයක් කිරීමට තරම් ප්‍රමාණවත් ප්‍රවාද තවමත් මෙහි නිර්මාණය වී නැති බව ද මම සිතමි. නමුත් මේ දැනුම නිර්මාණය වීම ඇරඹී තවමත් විශාල කාලයක් ගතවී නැති බැවින් අපට අනාගතයේ දී එවන් ප්‍රවාද බිහිවීම ගැන බලාපොරොත්තුවක් තැබිය හැක.
    5 hours ago · Like

  • Ritigala Jayasena 
    ‎@Milan:ඔව් ඇත්තටම මම කිව්වෙ Logic ගැන තමයි. ද්වි කෝටික තර්කයට (two-fold logic) තමයි අපි සාමාන්‍යයෙන් 'තර්කය' කියන්නෙ. ඒ අනුව බැලූවිට ද්වි කෝටිකය තුල ඉඳගෙන කරන සංවාදයක් නලින්ට සාපේක්ෂව 'බටහිර' සංවාදයක් තමයි.

    ඔබ විසින් අහපු ප්‍රශ්නයකට ඔබම හොඳ උත්තරයක් දීල තියෙනව. ප්‍රධාන ප්‍රවාදයක කෑල්ලක් විතරක් අරගෙන අපිට විග්‍රහ කරන්න බැහැ. මුලු ප්‍රවාදයම සමස්තයක් වශයෙන් ගන්න ඔනේ. අනෙක් අතට "නිරපේක්ෂ අවකාශය (http://en.wikipedia.org/wiki/Aether_(classical_element)) කියන්නේ ශ්‍රාස්ත්‍රීය භෞතිකය (classical mechanics) තුල කෘතිමව පනවාගත් සීමාවක් පමනයි. එය "දෙයක්" ලෙස වචනාර්තයෙන් ගතයුතු නොවේ. අයින්ස්ටයින් ගේ කාල-අවකාශ ප්‍රවාදය තුල තවදුරටත් "නිරපේක්ෂ අවකාශය"ක අවශ්‍යතාවයක් නොවූ නිසා එය අත්හැර දමනු ලැබීය.

    නූතන විද්‍යාව අලුත් සංකල්ප තනාගන්නේ ප්‍රවාදයක හිස්තැනක් පිරවීමටයි. සංකල්පයක් මුලින්ම තනාගෙන එය වටේ ප්‍රවාදයක් ගොඩනැගීමක් එහි සිදු නොවේ. උදාහරණයක් ලෙස අනාගතයේ ගොඩ නැගෙනවා කියන නලින් ගේ ප්‍රවාද සියල්ලම තුල "සංසාරය" කියන සංකල්පය අනිවාර්යයෙන්ම තිබේවි. මෙම "සංසාරය" කියන අභව්‍ය සංකල්පය හා නිරපේක්ෂ අවකාශය කියන අභව්‍ය සංකල්පය අතර තාර්කිකව වෙනසක් නැහැ. එකම වෙනස තමයි නලින් සංකල්ප මුලින්ම තනාගෙන (හෝ බුදු දහමින් නයට අරගෙන ) ඒක වටෙ ප්‍රවාද ගොඩනැගීමට තැත්කිරීම.

    නූතන විද්‍යාව තුල සංකල්ප යනු වාස්තවිකයක් නොවේ. ප්‍රවාදයක කොටසක් පමණි. අලුත් ප්‍රවාදයක් එනවිට අත්හැර දමනු මිස සංකල්ප වල එල්ලී සිටීමක් නූතන විද්‍යාවේ නැත. නලින්ගේ ප්‍රවාද ගොඩනැගෙන විට "සංසාරය" යන සංකල්පය අත්හැර දමනු ඇතැයි ඔබ සිතනවාද? ජාතික චින්තනය තුල වාස්තවික සත්‍යයන් නැතැයි පැවසුවද, අත්නොහරින සංකල්ප නම් ඇත. මෙය පරස්පරයක් නොවේද?

    මීට කලින් මේ ආකාර සංවාදයකදී මට චින්තන අනුගාමිකයෙක් පැවසුවේ, ප්‍රවාදවලට පෙර සංකල්ප නිර්මාණය, රේඛීය චින්තනය තුල අභව්‍ය වුවද චක්‍රීය චින්තනය තුල එසේ නොවන බවයි. සංකල්ප වල එල්ලී සිටිමද චක්‍රීය චින්තනයේ ලක්ෂනයක්ද යන්න මම නොදනිමි.

    නූතන විද්‍යාවෙ චින්තනය 'ක්‍රිස්තියානිය' සමගද ජාතික චින්තනය 'බුදු දහම' සමගද ගැලපෙන බවට නලින් කරන තර්කය මට පිලිගත නොහැක නමුත් එසේ නොවන්නෙ ඇයි දැයි විස්තර කිරීමට දිගු ලිපියක් අවශ්‍යවේ. එය අනාගතයේ කිරීමට බලපොරොතු වෙමි. කෙටියෙන් පැවසුවොත්, සංකල්ප මුලින්ම තනාගෙන එය වට ප්‍රවාද ගොඩ නැගීමේ ක්‍රමය හා අත්නොහරින සංකල්ප තිබීමේ චින්තනය වඩාත් සමීප වන්නේ ක්‍රිතියානියට මිස නූතන විද්‍යාවට නොවේ. මාගෙ මුල් ලිපියේද සඳහන් ආකාරයට නූතන විද්‍යාව යනු ක්‍රිස්තියානි චින්තනයෙන් පැහැදිලිව බිඳී වෙන්වූ චින්තන ක්‍රමයකි. නූතන විද්‍යාව "ක්‍රිස්තියානි" චින්තනයට පැටලවීමට නලින් දරන උත්සාහය හුදෙක්ම දේශපාලනිකයි.

    ක්‍රිස්තියානිය සමග පටලා "උන්ගේ" සහ "අපේ" යන බෙදීම මතු නොකොට විද්‍යාවට විරුද්ධව මතයක් ගොඩ නැගීමට නලින්ට කිසිදාක නොහැකි වන බව දන්නා නිසා, මෙය ඔහු කල ඔහුගේ සම්‍යක්ප්‍රයොගයකි. නැවත නැවත ප්‍රකාශ කිරීම නිස මෙය ස්ව්යං-ගොබෙල්ස්කරනය වී දැන් නලින්ද විශ්වාස කරනවා වීමට පුලුවන. නමුත් මෙය අලි බොරුවකි. මෙම බොරුව ඉවත් කලද, නලින් ගත යුතු යමක් පවසා ඇත. නමුත් අවාසනාවට 80, 90 දශක වලදී නලින් ගේ දර්ශනය වටේ එතරම් පිරිසක් එකතු නොවීය. මෑතකදී සිට ඔහු අමු අමුවේ ගෝත්‍ර වාදය වපුරන විට නම් ඔහුට අනුගාමික පිරිසක් බිහිවිය. නමුත් 80 වේ දශකයේ ඔහුට ලංවූ මා වැන්නන් ඔහුට අහිමි විය.
    8 minutes ago · Like
Comments