Limited resources and unlimited needs?

සීමිත සම්පත් වලින් ඉදුරන් පිනවා සතුටට පත් වීම හෙවත් යුගයේ පට්ට පල් බොරුව

ජම්බු ගහයට පඩි පෙලේ කුඩා මා වාඩි කරවාගෙන, හැමදාම හවසට අපේ අම්මා ලෝකය ගැන විවිදාකාර දේ කියා දුන්නේය. සීමිත සම්පත් වලින් අසීමිත අසාවන් පිනවා ගැනීමේ මතවාදය ඈ කියා දුන්නේ මට වයස පහ පිරීමටත් පෙරදීය. බුද්දාගම පමණක් නොවේ, අනෙකුත් ආගම් ගැනත් කියා දීමේන්, ඈ ලෝකය දෙස පුලුල් ලෙස බලනා ආකාරය කියා දුන් නමුදු, පාසල මගින් යට කරනා ලද ඒ හැකියාව නැවතත් ඉස්මතු කර ගත හැකි වූයේ බොහෝ කාලයකට පසුය.

සීමිත සම්පත් වලින් අසීමත අසාවන් පිරිමහ ගැනීමට දරනා උත්සහය ගැනත්, ඉදුරන් පිනවීමෙන් මිනිසුන් සතුටට පත් වීමට උත්සහ ගන්නවායැයී, එහි නරකත්, ඒ නිසා සිදුවී ඇති විනාසය පිලිබදත් මාගේ ජීවිත කාලය පුරාම අසා ඇත. කියන්නම් වාලේ කියන්න පුරුදු වී සිටිනවා මිසක, මේ ඇත්තදැයී මදක් නැවතී අපි සිතුවාද?

භෞතික වස්තූන් අයීති කර ගැනීමෙන් අපි කුඩා ලමුන් වාගේ සතුටට පත් වෙන බව සැබෑය. අලුත් වාහනයක්, ලස්සන ගෙයක්, පරිගණකයක්, දුරකතනයක අයීතිකරු වීමට අපි හැමෝම ආසය. නමුත් වෛද්‍යවරයෙකූ උදෑසන අවදිවන්නේ, අලුත් වාහනයක් ගැනීමට අවශ්‍ය මුදල් සෙවීම්ට රස්සාවට යා යුතු නිසාද? නැත්නම් තමාගේ රැකියාවෙන් අසීමිත සතුටක් ලබනා නිසාද? ගුරුවරයෙකු අසීමිත සතුටට පත් වන්නේ, තමාගේ අලුත් බයීසිකලෙන්ද, නැත්නම් ලමුන්ට ඉගැන්වීමෙන්ද? කිසිම මුදලක් නොලබා බ්ලොග් ලියනා අපි, එයීන් කොතරම් සතුටක් ලබනවාද? අපි වඩාත් රස විදින්නේ, බොහෝ මිල අදික රසවත් ආහාරයක්ද, නැත්නම් මිතුරන් නෑයන් සමග හිනාවෙමින් සතුටින් බුක්ති විදිනා කඩල ගොට්ටක්ද? දෙමාපියන් සතුටට පත්වන්නේ තමාගේ දරුවන්ගේ සතුට දැක නොවේද? දරුවන් සතුටට පත්වන්නේ දෙමාපියන් තමා දෙස බලා සතුටට පත්වෙනවා දැකීමෙන් නොවේද? මේ යනාදී වශයෙන් මිනිසුන් අසීමිත සතුටට පත් වෙන අවස්තා සියගනනක් අපිට ලිවිය හැක, ඒ කිසිවක් ඉදුරන් පිනවීමෙන්, සම්පත් අත්පත් කර ගැනීමෙන් සතුටට පත්වෙන අවස්තා නොවෙන බව සැකයක් නැතිව කිය හැක.

තමාගේ ජීවිතයේ අවංකවම සතුටින් පිනාගිය අවස්තාව සිතා බලන්න. බොහෝ විට, ඒ භෞතික වස්තුවක් අත්පත් කර ගත් අවස්තාවක් නොවේ. මුදල් ඉපයූ අවස්තාවක් නොවේ. ඕනෑම පුද්ගලයෙකුගෙන් මුදල් ඩැහැ ගැනීමට දේව වරමක් හෝ, ඕනෑම පුද්ගලයෙකු ඉල්ලන තරමේ මුදල් දීමට දේව වරමක් ලැබුනෝතින්, තමා පිලිගන්න කුමන දේව වරමද?

මිනිසුන් සතුටට පත් වන්නේ අනුන්ට උදව්වක් වෙන ආකාරයේ වැඩ කිරීමෙනි. තමා කැමති වැඩෙහි යෙදීමෙනි. සමාජීය පිලිගැනීම ලැබීමෙනී. සම්පත් පරිහරණයෙන්, ඉදුරන් පිනවීමෙන්, සතුටට පත් වෙනවායැයී කීම වැරදිය. බොරුය. ආගම් විසින් නැවත නැවතත්, “මිනිසුන් ඉදුරන් පිනවීමෙන් සතුටට පත්වෙනවා”යැයී කියනා විට, “එහෙනම් අපි සතුටට පත්වෙන්නේ එහෙම වෙන්නැති”යැයී කියන්න අපිත් පුරුදු වී ඇත


Further reading

Comments