චතුරාර්ය සත්‍යය - දුක නැති කිරීමේ මාර්ගය හෙවත් ආර්යඅෂ්ඨාංගික මාර්ගය

Signup

අළුත්වීම් ගැන දැනගැනීමට කැමතිනම් මෙම Google සමූහයට එක්වන්න  (ඔබට Google Account එකක් තිබේනම්)

නැතිනම් පහත ලිපිනයට හිස් email එකක් එවීමෙන්ද සමූහයට එක්විය හැක.

මෙය ටයිප් කර දුන් චතුරිකා ගුණරත්න මහත්මියට ඉක්මන් නිවන් සුව පතමු!

අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පිංවතුනි පිංවතියෙනි පින්වත් දරු දැරියෙනි,

අද අපි බලාපොරොත්තු වන්නේ මීට පෙර අපි ප‍වත්වා‍ගෙන ආ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබ මාතෘකාව යටතේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්සත්‍යයැයි කියන ආර්අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව හරිආකාරව නිවැරදි අවබෝධයක් ලබා ගන්නයි. ඒ නිසා තේරුම් ගන්ට ඕනැ සම්මා දිට්ඨි කියන මාර්ග හංගය පිළිබඳ අපි විග්‍රහ කලා. මහා චත්තාරීසක සූත්‍ර අර්ථයන්ට අනුකුලවයි විග්‍රහය කලේ. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය සේ දැනගනී. මිත්‍යා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය සේ දැනගනී. සම්මා දිට්ඨිය දෙආකාරයි කියා දැනගනී. එකක් කෙලෙස් සහිතයි සුගතියට සසර ගමනට හේතු වෙනවා. අනිත් ක්‍රමය නිවනට හේතු වෙනවා කියලා මේ ආකාරයෙන් දැකපු සම්මා දිට්ඨිය පිළිබඳව කාරනාවක් විග්‍රහ කලා.

වාගෙම එතෙන්දි අපි සම්මා දිට්ඨිය පිළිබඳ දැනීමක් ඇත්ද ඒ දැනීම සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨියයි කියල විග්‍රහ කලා. වාගේම එසේ වටහාගන්නාවූ යම් සිහිනුවනක් ඇත්ද සතියක් ඇත්ද ඒ සම්මා දිට්ඨිය ටකර ඇති සම්මා සතියයි කියල විග්‍රහ කලා. ඒ වා‍ගේම ඒ සම්මා දිට්ඨිය පූර්ණය කර ගැනීමට, ඒ අවබෝධය පූර්ණ කර ගන්ට යම් කිසි ආකාර උත්සාහයක් ව්‍යායාමයක් දරනවද අන්න ඒක සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා වායාමයයි කියලා මෙසේ විග්‍ර වූනා. එහෙනම් දැන් සම්මා දිට්ඨිය පිළිබඳව සම්මා දිට්ඨි සම්මා සති සම්මා වායාම කියන මාර්ග හංග තුනක් පරිවාර කරගෙනයි පවතින්නේ කියන එක මේ ආකාරයට වි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ග්‍ර‍‍‍‍‍‍‍‍‍‍ වී තිබෙනවා.

දැන් මෙතෙන්දි අපි තේරුම් ගත්තා සම්මා දිට්ඨිය කියනකොට ආර්සම්මා දිට්ඨිය මොකක්ද කියල. “දුක්ඛේ ඤාණං දුක්ඛ සමුදයේ ඥාණං දුක්ඛ නිරෝධයේ ඥාණං දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඤාණං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි” කියලා පෙන්නපු ඤාණ සම්මා දිට්ඨිය තමයි මේ ආර්ය මාර්ගය පූර්ණය කර ගන්අවශ්‍ය වෙන්නෙ. එහෙනම් තවත් විග්‍රහ සහිතව මේ සම්මා දිට්ඨිය ගැන පෙන්නනකොට කම්මස්සකත සම්මා දිට්ඨි, ධ්‍යාන සම්මා දිට්ඨි, ඤාණ සම්මා දිට්ඨි මාර්ග සම්මා දිට්ඨි, ඵල සම්මා දිට්ඨි කියලා පස් ආකාරයෙන් විග්‍රහ වෙනවා. කර්ම ඵල අදහන කර්ම ඵල විශ්වාස කරන සම්මා දිට්ඨිය එකක්. වාගෙ. ධ්‍යාන පිළිබඳව දැනෙන්නාවූ යම් කිසි දැනීමක් තියෙනව නම් කට ධ්‍යාන සම්මා දිට්ඨිකියනව.

ලෞකික වන්නාවූ දැනීම් දෙකක් තමයි කම්මස්සකත සම්මා දිට්ඨි , ධ්‍යාන සම්මා දිට්ඨි කියන්නේ. අබුද්ධෝත්පාද කාලවලත් ඒ සම්මා දිට්ඨිය තිබුණ සම්මා දිට්ඨියක්. මෙන්න මේ සම්මා දිට්ඨිය සසර ගමනට හේතු වෙනවා, කෙලෙස් සහිතයි කෙලෙස් සිලා නැහැ,වාගෙම සුගතියට හේතු වෙනවා.  ඥාණ සම්මා දිට්ඨි කිව්වෙ චතුරාර්ය ත්‍ය පිළිබඳ දකින සම්මා දිට්ඨියටයි. ඒ මග අනුගමනය කරනකොට මාර්ගය පිළිබඳ යම් දැනීමක් වැටහීමක් පූර්ණය වෙනවද ඒක මාර්ග සම්මා දිට්ඨි කියනවා. යම් කිසි ඵලයක් පූර්ණ කර ගත්තද, ඵලය ලැබුවද ඵලය ලැබීමේදී ඇති වන්නාවූ දැකීමට ඵල සම්මා දිට්ඨි කියනවා. සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් ආදී වශයෙන් කියන්නෙ ඒ ඵල.

මේ ආකාරයට පලමු වටහා ගැනීම ලැබුවට පස්සේ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා කාගෙන්වත් අහන්දෙයක් නැහැ. මිත්‍යා දිට්ඨි වෙන්නෙ කොහොමද, මේ කටයුත්ත කරනකොට මිත්‍යා දිට්ඨි වෙයිද නොවෙයිද කියල අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. ආර්ය සම්මා දිට්ඨියමේකයි කියලා වටහා ගන්නවා. අන්න ඒ ටික තේරුම් ගත්තා නම් පුලුවන්කම ලැබෙනවා එයින් එහාට ආර්ය මාර්ගය පූර්ණය කර ගෙන යහපත ලබා ගන්න. ඔතන්දි හොඳටම තේරුම් අර ගන්න ඕනැ මේ දුක්ඛේ ඥාණං දුක්ඛ සමුදයේ ඥාණං ආදී වශයෙන් මේ ඥාණ සම්මා දිට්ඨිය පහල වෙන්න හේතු වූනේ කුමක්ද කියල.

අපි මේ ලෝකය අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනත්ත වශයෙන් දැකිය යුතුයි කිය කාරයක් තිබෙනවා. “යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා කියන වචනයෙන් මෙය විග්‍රහ වෙනවා. යමක් අනිච්චද එය දුකයි. යමක් අනිච්චනම් දුක්ඛ නම් එය අනත්තයි. දැන් මේක හොඳින් තේරුම් අරගන්න ඕනෙ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිය අපි දැනට භාවිතා කරන ක්‍රමයක් තියෙනවා. දැන් මේ ක්‍රමය තුලදී පැහැදිලි කරන්නෙ මෙහෙමයි. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. යමක් ස්ථිර නැත්නම් ඒක දුක නම් ඒක අනාත්මයි. මේ ආදී වශයෙන් අර්ථ විග්‍රහකර ගැනීමක් කරගෙන තියෙනවා. ඉදිරි කාලයකදී මේ පිළිබඳ වැඩි විශේෂ විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැනට මේ විදිහට එක දෙයක් තේරුම් ගන්න ඕනෙ.

යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියනකොට යමක් කිව්වෙ මොනවටද? මේ ලෝකයෙහි යමක් කියන එකට මොන මොනවා අයිතිද, මොන මොනවා ගෝචරද? මෙන්න මේ කාරන හොඳට තේරුම් අරගන්න ඕනෙ. යමක් කියන වචනයෙන් ගත්තහම මේ ලෝකයේ ප්‍රියයි මනාපයි යහපතයි කියන යම් තාක් දේවල් යමක් කියන එකට අහු වෙනවා. අප්‍රියයි අමනාපයි කියලා ලෝක සත්වයා අප්‍රිය කරන අමනාප කරන යමක් ඇත්නම් ඒවත් ඔය ගොඩට අහුවෙනවා. එහෙනම් යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කිව්වොත්, අප්‍රිය අමනාපයි කියන ගො‍ඩේ තිබෙන ඒවත් ස්ථිර නැත්නම් දුකද කියලා ප්‍රශ්නයක් අහන්න පුලුවන්. එහෙම ඇහුවොත් අපි මොකක්ද දෙන පිළිතුර?

මෙන්න මෙතෙන්දි ටිකක් විග්‍රහකරලා බලන්න ඕනෙ. අපි වඩා හොඳින් දහම් වැටහෙන, දුක පිළිබඳව වඩා හොඳින් වැටහෙන ක්‍රමයක් ඔය තුලම තියෙනවද?  ධර්මයට විරුද්ධ නොවන දහම් අර්ථය හරි ආකාරව එන ක්‍රමයක් තියෙනවද කියලා මෙතනදි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනෙ. ඉච්ච කියලා වචනයක් තියෙනවා. ඉච්ච නැති දේ කියලා වචනයක් හෙවත් න ඉච්ච කියලා වචනයක් තියෙනවා. එහෙනම් මොකක්ද මෙතන පෙන්වන්නෙ? කැමති දෙයක් පවතිනවනම්, ඒ කියන්නෙ කැමති සේ පවතිනවනම් ඒකෙ දුකක් නැහැ.

යමක් කැමති සේ පවතිනවනම් දුකයි කියලා ලෝකයාට දැනෙන්නැහැ. යමක් කැමති සේ නැත්ද ඒක දුකයි. දැන් කැමති සේ නැත්නම් දුකද සැපද කියලා ඇහුවොත් කාටවත් සැපයි කියන්න පුලුවන් කමක් නැහැ. ඒකෙ පරස්පරත්වයක් පෙන්නන්න පුලුවන් කමක් නැහැ. කොහොමත් යමක් කැමති සේ නැත්නම් නිසා ඒකාන්තයෙන්දුක එනවා කියන එක හොඳට පැහැදිලියි. ඒක විද්‍යානුකූලයි, කවුරුත් න්‍යාය ධර්මයට අනුකූලව විශ්වාස කරනවා. “යං පිච්චං න ලභති තම්පි දුක්ඛං කියන වචනේ ශ්‍රේෂ්ඨ බුද්ධ දේශනාවෙම තියෙන නිසා ඒ ගැන සැකයක් ප්‍රශ්නයක් හිතන්න විදිහක් නැහැ. මේ විදියට හිතුවොත් දුක වැහිලා යයිද, දුක්ඛ ආර්ය ත්‍යය නොදැනෙයිද කියල එහෙම සැක හිතන්න දෙයක් නැහැ.

අපි යමක කැමතිනම් ඒ කැමති වෙන්නෙ මොනවටද? මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන පොට්ඨබ්බ කියන මේ පංච කාම වස්තුන්ටයි ඒ කැමති වෙන්නෙ. අන්න ඒ කැමති වන්නාවූ දේ අපි කැමති සේ පවතින එකක්ද කියල නුණින් මෙනෙහි කරලා බලන්න ඕනෙ, විමසලා බලන්න ඕනෙ. ලෝකයෙහි යම් කිසි මන වඩන රූපයක් විද්‍යාමාන වූනා නම් අප්‍රිය අමනාප දේවල් වලින් ඒක වැහෙනවා. ප්‍රිය මනාප වූ ඒ කියන්නාවූ මන වඩන රූප ස්වභාවය බලා සිටියදී ගෙවිලා වැනසිලා යනවා. මේ දෙකටම අපි කැමති නැහැ කියලා බේරෙන්න පුලුවන්ද? පංච කාම සම්පත්තිය ප්‍රිය කරන මනාප කරන කෙනෙක් මන වඩන රූපයක් දැකලා, නැත්නම් මන වඩන රූපයක් ඇසුරු කරලා ඒකට මම, ඒකට මගෙ කියලා මේක බදාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ මන වඩන රූප ස්වභාවයට විරුද්ධ දෙයක් ඇවිදිල්ලා ඒක ගෙවිලා යනවනම්, බාහිර විරුද්ධ දෙයකින් ඒක වැහෙනවානම් ඒකෙ උරුමය ඒ වගේ ස්වභාවයක් නම් මොකද වෙන්නේ?

ඒ මන වඩන ස්වභාවය කැමති සේ නැති බව අපිට ඔප්පු වෙනවා. මේකට ආගම් භේදයක් කුල මල භේදයක් ජාති භේදයක් නැහැ. කාට නමුත් රූපක් තමන්ගෙ මන වඩනවා නම් හිතට ප්‍රිය මනාප නම්, ඒකට විරුද්ධ කාරකින් ඒ දේ වැනසිල යනවා වෙනස් වෙලා යනවා දැක්කොත් මොකද සිද්ධ වෙන්නෙ? ඒකාන්තයෙන්ම දුක හටගන්නවා. අසහනය හට ගන්නවා. මන වඩන රූප මන වඩන ශබ්ද මන වඩන ගන්ධ මන වඩන රස මන වඩන පොට්ඨබ්බ මන වඩන ධර්ම කියන මෙන්න මේ දේවල් ලෝකයා බලාපොරොත්තු වෙනවා. ඒත් ඒවා අකමැති දෙයින් වැහිලා යනවා.වාගෙම කැමති වශයෙන් තිබු ඒ මන වඩන ස්වභාවය ඒවායෙන් ඉවත් වෙලා යනවා, වෙනස් වෙලා යනවා. එහෙනම් මෙන්න මේ ස්වභාවය නැති කිසිම ප්‍රිය මනාප දෙයක් ලෝකෙ නැහැ කියලා නුවණින් සිහි කර බලන විට විද්‍යා සිද්ධාන්තයක් හැටියට අපි‍ට පේන්න ටන් ගන්නවා.

මේක ආගමික මතයක් නෙමෙයි. මේක විද්‍යා සිද්ධාන්තයක් තුලින් තේරුම් අර ගන්න ඕනෙ. මෙන්න මේ ටික දැනගත්තහම දකිනවා මේ ලෝකයෙහි යමක් කැමති සේ තියෙනවද නැද්ද කියලා. බලපුවහම කැමති සේ පවතින යමක් පෙන්වන්ට ඔප්පු කරන්න සාධකයක් නැතුව යනවා. එතකොට ලෝකයෙහි ප්‍රිය මනාප හෝ අප්‍රිය අමනාප හෝ යමක් පවතිනවනම් කැමති සේ නැහැ කියල දකිනවා. ප්‍රිය මනාප වන්නාවූ දේ ගෙවිලා යනවා, කැමති සේ නැහැ. අප්‍රිය අමනාප දෙයින් ඒව වැල ගන්නවා වට කරගන්නවා, කැමති සේ නැහැ. එහෙනම් මේ දෙකම කැමති සේ නෑ. ලෝකයේ කැමති සේ පවත්වන්න පුලුවන් දෙයක් තියෙනවද නැද්ද කියලා මනා පරීක්ෂණයක් කරලා නුවණින් සිහි කරල බලනකොට එහෙම දෙයක් මට දකින්න හිතා ගන්න නෑ නේද කියලා ඕනෙම කෙනෙකුට තේරුම්න්න පුලුවන් කම ලැබෙනවා.

මෙන්න මේ ටික තේරුම් ගත්තා නම් මොකද වෙන්නෙ? එබඳු වන්නාවූ කැමති වස්තුවක් ඇසුරු කරගෙන කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා ඒ නිසා හට ගන්න දුකට පත් වෙන්න. ඒකෙන් වලකින්න පුලුවන් කමක් නැහැ. ඒ හැරෙන්න තවත් හරයක් දෙන්නෙ නැත්නම්, ඒ කැමති දේවල් ගෙවිලා යන්නෙ එහෙමනම්, මේ හේතුව නිසා යමක් සිද්ධ වෙනවා. මොකක්ද? කැමති සේ නැත්නම් එබඳු දේවල් වල හරයක් නැහැ. අනාථ දහම් කියලා දකින්න පුලුවන් වෙනවා. එහෙනම් මොකක්ද වෙන්නෙ? යම් කිසි ආකාරයෙන් ප්‍රිය මනාපයක් අල්ලන්න ගියා නම් ඒකත් අනාථයට වැටෙනවා. ඒ ප්‍රිය මනාපයන් අල්ලන්න ගිහිල්ලා කැමති සේ පවත්වන්න බැරි දෙයක් ඇතුලට ගත්තා නම් ඒ දෙක නිසාම හට ගත්තෙ මොකක්ද? අනාථ භාවයකට පත් වීමයි.

අනාථයට පත් වූනානම් මොකද වෙන්නෙ? අන්න අපි දකිනවා දුක් දහම් සහ දුකට හේතු වන දහම් කියන දෙක. දුකයි දුකට හේතුවයි අනාථ දහම් කියලා දැන ගන්නවා. ඊලඟට මේ දුකෙන් නිදහස් වීමක් ඇත්ද, අත්හැරී නොඇලී මිදී යාමක් ඇත්ද, සඳහා මාර්ගයක් ඇත්ද, නාථ ධර්මය සහ නාථ ධර්මයට මාර්ගය එතනයි කියලා අපි දකිනවා. එහෙනම් අපි අනාථ අනාථ හැටියට දැක්කා නම් නාථ නාථ හැටියට දැක්කා නම් අනාථ නාථ දැක්ක බව තේරුම් ගන්න ඕනෙ. කාටද අනාථ නාථ කියන්නෙ? ලොව්තුරා බුදු පියාණන් වහන්සේට තවත් නාමයක් තමයි අනාථ නාථයන් වහන්සේ කියන්නෙ. අන්න ධර්මය තුලින් බුදුන් දැක්කා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන තැන හොඳින් තේරුම්ත්තා.

කෙනෙක් අනාථ ලෝකය අනාථ හැටියට තේරුම් ගත්තනම්, නාථ වූ නිවන නාථ හැටියට තේරුම් ගත්තා නම් එයා සත්‍ය දැක්ක කෙනෙක්නා. අනාථ නාථ දැක්ක කෙනෙක්නා. මෙන්න මේ තත්වය දැක්ක කෙනාට මොකද වෙන්නෙ? හරියටම සං කියන එකතුවෙන් මිදීමට දැකපු දහම් චතුරාර්ය ත්‍යය ධර්මයක් තියෙනව. අපි සම්මා දිට්ඨියෙන් දැකපු දහම ඔතන දැකලා තියෙනවා. අනාථ නාථ ඔන්න ඔය ආකාරයෙන් තේරුම් ගත්තා නම් අන්න ඒ තැනැත්තාට මිදීමක් තියෙනවා, සැනසුමක් ලබන්න පුලුවන් කමක් තියෙනවා. “දුක්ඛේ ඥාණං දුක්ඛ සමුදයේ ඥාණං දුක්ඛ නිරෝධේ ඤාණං දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාය ඤාණං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි” කිව්ව සම්මා දිට්ඨිය ඔය ආකාරයෙන් දැන් විග්‍රහ කරලා තේරුම් ගත්තා. එතකොට ඊළග මාර්ග හංගය මොකක්ද?

ඒ තමයි සම්මා සංකප්ප කියන මාර්ග හංගය. මොකක්ද මේ කියන්නෙ? සම්මා සංකප්ප කියන මාර්ග හංගය ගැන කියනකොට යහපත් සංකල්පනා හරි සංකල්පනා නිවැරදි සංකල්පනා කියලා තමයි අපි දැනට දැනගෙන ඉන්නෙ. නමුත් අපිට ඔය ටිකෙන් සම්මා සංකප්ප කියන මාර්ග හංගය හරියාකාරව තේරුම් ගන්න පුලුවන් කමක් නැහැ. මහා චත්තාරීසක සූත්‍රයට අනුකූලව තේරුම් ගන්න කොට සැකයක් නැතුව හරියටම දැන ගන්න පුලුවන් වෙනවා සම්මා සංකප්ප කියන මාර්ග හංගය කුමක්ද කියන කාරනය.‍

කොහොමද, මිච්චා සංකප්ප මිච්චා සංකප්ප සේ දැනගනී. සම්මා සංකප්ප සම්මා සංකප්ප සේ දැනගනී. සම්මා සංකප්ප දෙකාරයි කියා දැනගනී. එකක් කෙලෙස් සහිතයි සුගතියට සසර ගමනට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. එහෙනම් ධර්මානුකූලව සම්මා සංකප්පය කියන මාර්ග හංගය පිළිබඳ හරි ආකාර වැටහීමක් ඇතිවෙන්න මෙන්න මේ කාරණා ටික විග්‍රහ කරලා දැන ගන්න ඕනෙ. මොනවද මිච්චා සංකප්ප? කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා කියන මෙන්න මේ පාප සංකල්පනාවන් තුනක් තියෙනවා. කාමය පිළිබඳව කාම දුස්චරිතයන් පිළිබඳව සංකල්පනා ඇති කරනවා.වාගෙම හිංගි හිංසා කරමින් අනුන් තලා පෙලා දමන්ට වූ සංකල්පනා ඇති කරනවා.වාගෙම වෛර කරන ක්‍රෝධ කරන, නින්දා අපහාස කරමින් අනුන් පහත් කරන මෙබඳු ගති ඇති වෙනවා. මෙන්න මේවට කියනවා ව්‍යාපාද සංකල්පනා කාම සංකල්පනා ඒ වාගේම හිංසා සංකල්පනා කියලා. මේ ආකාරයෙන් පෙන්නුවා ඒ නරක පැත්ත.

එහෙනම් ඒකෙන් මිදෙන පැත්ත මොකක්ද? සම්මා සංකප්ප දෙආකාරයි කියා දැනගන්නවා. එහෙනම් මොනවද සම්මා සංකප්පයේ දෙආකාරය? එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා නමුත් සුගතියට හේතු වෙනවා. අනෙක නිවනට හේතු වෙනවා. මොනවද ඒ සසර ගමනට සුගතියට හේතු වෙන ටික? අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනා. මෙන්න මේ ටිකට කියනවා සම්මා සංකප්ප. දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා, අපිට තෝර ගන්න බැරි පැටලුම් සහගත තැනක් තියෙනවා. වෙනසක් හොයාගන්න ඕනෙ. අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනා කියනකොට සම්මා සංකප්ප මාර්ග හංගයේ සූත්‍ර අර්ථයන් තුල විග්‍රහ කරලත් පෙන්නනවා.

සම්මා සංකප්පය පෙන්වන්නේ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ”. අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනා කියන මේව තමයි මහණනි සම්මා සංකප්ප කියන්නෙ”. බුදුරජාණන් වහන්සේගෙ දේශනාවකදි ඔය ටික විග්‍රහ කරලා තේරුම් ගන්න තැනක් අපිට අහුනේ නැත්නම් ලෞකික වූ කෙලෙස් සහිත වූ සසර ගමනට සුගතියට හේතු වන සම්මා සංකප්පයට අයිති වෙන්නෙ මොන හරියද, ලෝකෝත්තර වූ නිවනට හේතුවන සම්මා සංකප්පයට අයිති වෙන්නෙ කෙබඳු දහමක්ද කියලා තෝර ගන්න බැරුව යනවා. ඒ නිසා මෙතෙන්දි ඉතාම හොඳින් තේරුම් අරගන්න ඕනෙ මේ වැදගත් දහම් පසුව හුඟාක් විග්‍රහ කරලා දැනගන්න ඕනෙ. කෙටි වෙලාවකදි විග්‍රහ කරන්න බැහැ. එක පදයක් විස්තර කරලා දෙනවා නම් පැය ගානක් විග්‍රහ කරන්න වෙනවා. එක්තරා මට්ටමකින් හරි තේරුම් අරගන්ටයි මේ විග්‍රහ කර දෙන්නෙ.

ඒ නිසා මේ ටික හොඳින් තේරුම් අරගන්ට ඕනෙ. සම්මා සංකප්ප කියන මාර්ග හංගයේ ලෞකික පැත්තක් තියෙනවා. මොකක්ද? අපි මෙතෙක් කල් වඩන මෛත්‍රී භාවනාවක් තියෙනවා, වෛර නොකෙ‍රේවා, ක්‍රෝධ නොකෙරේවා, නින්දා නොකෙරේවා, අවමන් නොකෙරේවා ආදී වශයෙන් අපි අරගන්නවා. ඒ වකේම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා මෙහෙම භාවනාවකුත් අපි කරගෙන යනවා. අපි මේ අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම සංකල්පනා තුලට කොයිතරම් දුරට බැහැගෙන තියෙනවද, ආර්ය මාර්ගය හෙවත් නිවන දැකීමට හේතු වන මේ සම්මා සංකප්පය කොතෙක් දුරට දැනගෙන තියෙනවද කියලා මෙන්න මෙතෙන්දි තේරුම් අරගෙන බලන්න ඕනෙ.

බුදුපියාණන් වහන්සේ පහල වෙන්න ඉස්සෙල්ලත්‍ වෛර නොකරන, හිංගි හිංසා නොකරන ඒ වාගෙම මේ කාම ලෝකය ඇසුරු කරන්නේ නැතු යම්කිසි ආකාරයක බ්‍රහ්මචාරී ජීවිතයක්, අනගාරික ජීවිතයක් ගත කරපු පැවිදි පිරිසකුත් හිටියා. ඒ අය විශේෂයෙන්ම ඔය කියන අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනාවෙන් යුක්තව කටයුතු කලා. ඒවා ලෞකිකයි. එහෙනම් අදත් ‍යම් කෙනෙක් ඔය ලෞකික අදහසින් ඔය ටික සිද්ධ කර ගෙන යනවා නම් එයාට සිද්ධ වෙනවා ලෞකිකවූ අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම කියන මේ සංකල්පනාතුල තමාගේ ජීවිතය ගත කරන්න. ඒකත් සම්මා සංකප්පයක් තමයි නමුත් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා. අපිට ඒකට වඩා වැදගත් දෙයක් ඕන කරනවා, මොකක්ද? නිවන් දකින්න හේතුවෙන සම්මා සංකප්පය මොකක්ද කියලා දැන ගන්න ඕනෙ. අන්න දැන් අපි කොහොමද ඒක හොයා ගන්නෙ?

අව්‍යාපාද සංකල්පනාව ඇති වෙන්නෙ කොහොමද? අවිහිංසා සංකල්පනාව නෙක්ඛම්ම සංකල්පනාව කොහොමද ඇති වෙන්නෙ? අන්න අපි දැන ගන්න ඕන වැදගත් තැනක් තියෙනවා. මෙන්න මේකට කියනවා ආර්ය මෛත්‍රීය. මෙහෙම කියනකොට ආර්යයන්ට වෙනමම මෛත්‍රීයක් තියෙනවද කියලා  නොයෙක් කුකුස් ඇතිවෙන්න පුලුවන්. නමුත් ඉදිරියේදීආර්ය මෛත්‍රී භාවනාව පිළිබඳ විශාල විග්‍රහයක් කරන අවස්ථාවක් වැඩි විස්තර සඳහා වෙන්කර තබනව. වෙලාවෙ ධර්මානුකූලව විග්‍රහ කරලා දැන ගන්න පුලුවන් නිවන් දකින මෛත්‍රී භාවනාව මොකක්ද, ලෝකයේ අනාදියේ පටන් ගෙනාපු මෛත්‍රී භාවනාව මොකක්ද කියලා. දැනට අවශ්‍ය මට්ටමේ හැටියට අපි තේරුම් අරගන්ට ඕනෙ. අන්න ලෝකයේ ලෝක සත්වයෙන්ට වෛර නොකර ක්‍රෝධ නොකර හිංගි හිංසා නොකර ඒවාගෙන් වෙන්වෙලා  ලෞකික වූ දයාවෙන් අනුකම්පාවෙන් කටයුතු කරන කෙනෙකුට ඔය කියන අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම කියන සංකල්පනා එනවා.

නමුත් නිවන් දකින්න නම් ඔය මට්ටමින් කරන්නා වූ ඒ සංකල්පනාව මදි, ඔය කරන මෛත්‍රිය මදි. එහෙනම් අපි නිවන් දකින ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අයිති වන සම්මා සංකප්පය වෙන් කරලා දැන ගන්නෙ කොහොමද? මෙන්න මේක හොඳින් තේරුම් අර ගන්න ඕනෙ. කොහොමද අපි ඒක වෙන් කරලා තේරුම් අරගන්නෙ? අපි මුලදිම දහමක් තේරුම් අරගත්තා. මොකක්ද? දහම් ඇස පහල වෙන්‍ට හේතු වෙනයදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා කියන මේ වචනය දැනගෙන අපි මේකෙන් අවබෝධයක් ලබා ගත්තා. මොකක්ද මේ අවබෝධය? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්තිකියන අවබෝධය. අද මේ ධර්මයෙ අර්ථ විග්‍රහ කරන්නෙ යම් ධර්මයක් මේ ලෝකයේ පහල වෙනවද වා නැතිවෙන සුලුයි කියලා. ඊට වඩා ගැඹුරු අර්ථයක් මෙතන තියෙන්නෙ.‍

රවුම් ගහන්න වටිනා ඒවා නෙවෙයි කියලයි මේ කියන්නෙ. මේ ලෝකයේ යම් ධර්මයන් හට ගත්තා නම් සැරිසරන්න වටින ඒවා නෙවෙයි. පසුව මේවා විග්‍රහ කරලා දෙනවා. ඇයි නැතිවෙන සුලුයි නොකියා ඔය නිරෝධ ධම්මං කියන එකට රවුම් ගහන්න වටිනා ඒවා නෙවෙයි, සැරිසරන්න වටින ඒවා නෙවෙයි කියල පෙන්නුවෙ? චන්ද රාගයෙන් බැඳුනහම තමයි ඒ ඒ වස්තූන් අල්ලගෙන හටගත්ත වස්තූන්ගේ රවුම් ගහන්නෙ. එහෙනම් අපි නිරෝධ කරලා දමන්නෙ මොකක්ද, නැති කර දමන්නෙ? චන්ද රාගය නැති කරපුවහම ඒවයේ සැරිසරන බලාපොරොත්තුව නැතිවෙනවා. එහෙනම් අපි දැනගන්නවා අපිට වටිනා දෙයක් හැටියට අල්ලන්න දෙයක් නැහැ කියල.

ඇතිවීම නැතිවීම කියන ඇත නැත කියන අන්ත දෙකට නොවැටී අපි හරිආකාරව දහම් දකින්න ඕනෙ. සැරිසරන්න වටිනා හරවත් දහම් මේ ලෝකෙ නෑ කියලා දැනගත්තා නම් අන්න ඒ දැනගත්ත කෙනාට මොකද සිද්ධ වෙන්නෙ කියල තේරුම් ගන්න ඕන. එහෙනම් මේ ලෝකයේ මෙච්චර කල් වෛර කලා නම්, ව්‍යාපාද සිත් පහල කලා නම්,වාගෙම හිංගි හිංසා කලා නම් ඒ වාගෙම යම් කිසි කාම සංකල්පනා ඇති කලා නම් වටිනා දෙයක් තියෙනවා කියන මුලාව නිසයි මම ඇති කලේ. එහෙනම් ඒ නිසා මම දැවුනා තැවුනා. එකොළොස් ගින්නකින් දැවුනා. කුමක්ද? රාග ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි, ජාති ගිනි, රා ගිනි, මරණ ගිනි, සෝක ගිනි, පරිදේව ගිනි, දුක් ගිනි, දෝමනස්ස ගිනි, උපායාස කියන ගිනි. මේ එකොළොස් මහා ගින්නකින් දැවී දැවී තැවි තැවී එන්න යෙදුනෙ, සසර ගමනක් හැදුනේ, මේ ජාතියෙං ඉන්නෙ කුමක් නිසාද?

ඔය කියන යථාබෝධය නොලැබුනු නිසා හරයක් තියෙනවා කියන දෘෂ්ඨික් තියෙනව. ඒ නිසා තමයි යම් තරමක් කාම සංකල්පනා ඇති කලේ. තමන් කාම වස්තූන් ඇසුරු කරන්න ගිහිල්ලා, පිළිබඳව අනුන්ට නොවේවා මට වේවා කියන මේ අදහස් ඇති කරගෙන, අනුන් වනසා දමන බලාපොරොත්තු ඇති කරගෙන, මහා තර‍ඟෙකට පොරයකට බැහැලා ව්‍යාපාද සංකල්පනා ඇති කර ගත්තේ.වාගෙම නික්මෙන්නේ නැහැ, ඒවාම ඇසුරු කරගෙන ඒ තුලම ඉගෙන හිංගි හිංසා කරමින් තමාගේ දුක්ඛිත ජීවිතයක් ගත කරන්න පටන් ගත්තේ වටිනා වස්තුවක් මේ ලෝක පැවැත්මේදී තියෙනව කියන දෘෂ්ඨිය උඩයි. නමුත් මේ ලෝකය තුල සාරධර්ම වශයෙන් අල්ලන්න වටිනා දෙයක් නැහැ කියලා ධර්මානුකූලව දැනගත්තට පස්සේ, අනේ මොනවා අල්ලගන්න මං රාගයේ බැ‍ඳෙන්නද? මොකට හිංගි හිංසා කරන්නද? මොනවට මම අනුන්ට දැවීම් තැවීම් ඇති කරන්න?” කියලා මේ වැඩක් නැති දේවල්නෙ. අනේ මේ ලෝක සත්වයොත් මං අද සැනසුනා නිවුනා වාගේ මේ ලෝකයේ තිබෙන්නාවූ මේ දුක් ගිනි දාහයන්ගෙන් නිවිලා මේ යථා දහම් අවබෝධ කරනවා නම් ඒ අයටත් කොච්චර ශාන්තියක්ද කොච්චර ප්‍රනීතද ශාන්ත වූ ප්‍රනීත වූ ඒ නිවන් සුවය අත් කර ගන්නවා නේද?”

එහෙම කියලා ආර්ය ධර්මාවබෝධයක් ලැබුනට පස්සේ දයානුකම්පාවක් හට ගන්නවා. අන්න ඒ ධර්මාවබෝධය ලැබුනට පස්සේ මොකද වෙන්නේ, කාම සංකල්පනා වෙනුවට‍ ඒ සිත් තුල ඇති වෙන්න පටන් ගන්නවා කාමයන් ගෙන් නික්මෙන නෙක්ඛම්ම සංකල්පනා. ව්‍යාපාද සංකල්පනා වෙනුවට අව්‍යාපාද සංකල්පනාවක් හට ගන්නවා. හිංගි හිංසා කරනවා වෙනුවට අවිහිංසා සංකල්පනා හට ගන්න‍වා. ලෝක සත්වයන් නිවන් ලැබේවා නිවන් ශාන්තිය උදා වේවා කියන පරම මෛත්‍රී අධිෂ්ඨානයක් ඇති වෙනවා. මෙන්න මේක අර කියන්නාවූ ලෝකයාට වෛර නොවේවා ලෝකයාට නිදුක් වේවා නිරෝගි වේවා කියන ලෞකික සෙත් පැතීමක් කරාට වැඩිය  මහා ගැඹුරු අවස්ථාවක්. මේ ධර්මාවබෝධය ලැබු කෙනෙකුට ධර්මය තුලින් මතු වෙන්නාවූත්තම අවස්ථාවක් නිසා මෙන්න මේ සංකල්පයේ ස්වභාවයට මානසිකත්වය පත් වෙනවා. ඒ නිසා මොකද වෙන්නෙ අසාර ලෝකය තුල මොනවා අල්ලන්නද මොන කාරනයක් පස්සේ යන්න? මොනවට හිංගි හිංසා කරලා මොනවා රැකගන්න? මොනවට වෛර ක්‍රෝධ කරලා හිටන් මොන තරයක් කරලා යක් ලබන්නද? මොනවද මේ අසාර ලෝකෙ ගන්න තියෙන්නෙ? කියල හිතෙනව.

අනේ මේ ලෝක සත්වයින්ටත් මේ සත්‍යය වැටහෙනවා නම් මේ ලෝක සත්වයෝත් මේ ඇලීම් ගැටීම් මුලා ආදියට දැවීමෙන් තැවීමෙන් මිදිලා පෙනි පෙනීම සැනසෙනවා නේද? මානසිකත්වය නිවුනහම කොච්චර සුවද? මෙන්න මේ තත්වය තමන්ටම වැටහිලා ලෝක සත්වයාටත් මේ උතුම් වූ මෙත් ගුණය  පතන තත්වයට පත් වෙනවා. මෙන්න මෙතනට පත් වූනාම කියනවා අප්‍රමා මෛත්‍රිය ලෝකයට පතුරුවන තත්වයට පත් වූනා. අන්න ඒක ආර්යයන්ට කරන්න පුලුවන් දෙයක් මිසක් අනාර්වෙලා කරන්න බැහැ. ඒක යථාබෝධය ලැබූ කෙනෙක් කරන්න ඕන දෙයක්. අන්න ඒ තත්වයට පත් වූන කෙනාගේ ඔන්න ඔය ගුය ආපුවහම කියනවා සම්මා සංකප්ප කියන ආර්ය මාර්ග හංගය ලැබුනා කියලා.

දැන් තේරුම් ගන්න ඕනෙ මේ ටික තේරුම් ගත්තහම මිච්චා සංකප්ප මිච්චා සංකප්ප සේ දැන ගනී. සම්මා සංකප්ප සම්මා සංකප්ප සේ දැන ගනී. සම්මා සංකප්පය දෙආකාරයි කියා දැන ගනී. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා. අනෙක ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මේ සම්මා සංකප්ප පිළිබඳව මෙන්න මේ ආකාරයෙන් දැන ගත්තහම  මේකට සම්මා සංකප්ප පිළිබඳ සම්මා දිට්ඨිය පහල වූනා කියල කියනවා. එහෙනම් සම්මා දිට්ඨිය තවත් ඈතට විග්‍ර වූනා. සම්මා සංකප්ප පිළිබඳ සම්මා දිට්ඨිය කියන්නේ ඕකයි.වාගෙම මෙතෙන්දි දකිනවා මෙන්න මේ ආකාරයෙන් මිත්‍යා සංකප්පය දුරු කල යුතුයි හීන දහම් කියල.වාගෙම සම්මා සංකප්පයන්ගේ ලෞකික වූ කෙලෙස් සහිත වූ සුගතියට සසර ගමනට හේතු වෙන මේවා සාමාන්‍ය දහම්. වාගෙම ආර්ය ධර්මයක් වශයෙන් වැඩෙන්නාවූ මේ උත්තරීතර වන්නා වූ අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම යන මේ ධර්මාවබෝධයෙන් ලැබෙන්නා වූ උතුම් ගුයක් ඇත්ද මේක උත්තරීතරයි ප්‍රනීතයි. මෙන්න මේක නිවනට හේතු වෙනවා. ඔන්න ඔය කාරනා ටික දැන ගත්ත තැන් පටන් මොකද වෙන්නෙ? ඔහු සතියක ‍ඉන්නව, සතිය පිහිටනවා, ඇත්ත දකිනවා. අන්න ඒ සතිය පිහිටන එකට කියනවා සම්මා සංකප්ප මාර්ග හංගයේ පරිවාර වූ සම්මා සතිය කියන්නාවූ මාර්ග හංගය වැඩුනා කියලා.

ඊට පස්සේ මොකද වෙන්නේ? එතැන් පටන් ගෙන යම් සම්මා සංකප්පයක් අරිහත්වයට යන කන් පූර්ණ භාවයට පත් විය යුතුද, ඒ තාක් කල් නොනවත්වන්නාවූ උත්සහයක් වීර්යයක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඒ ශාන්ත වූ ප්‍රනීත වූ යතාර්තයේ පිහිටමින් නිවනේ පිහිටමින් වැඩෙන හිත‍ට මෙන්න මේ කියන්නාවූ උත්සාහය වීර්නිරන්තරයෙන් නැගෙන්න පටන් ගන්නවා. මෙන්න මේ කියන්නාවූ තත්වය මතු වෙන කොට කියනවා සම්මා සංකප්පය පිළිබඳ සම්මා වායාමය මතුනා කියලා. එහෙනම් සම්මා සංකප්ප මාර්ග හංගය සම්මා සංකප්පය පිළිබඳ යථාර්තය පෙන්වා දෙන සම්මා දිට්ඨියත්, ඒ වටා ඇත්තා වූ සම්මා සතියත් සම්මා වායාමයත් කියන මාර්ග හංග තුනකින් පරිවාර කරගෙන තියෙනවා කියලා දේශනා කරනව. මෙන්න මේ ටික තේරුම් ගත්තදාට සම්මා සංකප්ප කියන්නේ මොකක්ද කියලා කාගෙන්වත් අහන්න ඕනෙ නැහැ.

එදාට සම්මා සංකප්පය දකිනවා මිත්‍යා සංකප්පය දකිනවා. ලෞකික සම්මා සංකප්පය දකිනවා. ලෝකෝත්තර සම්මා සංකප්පය දකිනවා. එහෙනම් ඔහු විසින් ප්‍රනීත අන්දමින් ලෝකෝත්තර සම්මා සංකප්පය තේරුම් ගන්නවා, මධ්‍යම මට්ටමින් ලෞකික සම්මා සංකප්පය දැන ගන්නවා, හීන මට්ටමින් මිත්‍යා සංකප්පය තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන මිත්‍යා සංකප්පයෙන් මිදිලා ලෞකික සම්මා සංකප්පය තැනට සුදුසු ආකාරයෙන් ඇසුරු කරමින් ප්‍රනීත වන්නාවූ ආර්ය සම්මා සංකප්පය වඩලා නිවන් අවබෝධ කරන මාර්ගය පූර්ණ කර ගන්නවා. දැන් කාගෙන්වත් අහන්න සැකයක් ඉතුරු වෙලා නැහැ. මෙන්න මෙබඳු ස්වභාවයක් තමයි සම්මා සංකප්ප මාර්ග හංගය පිළිබඳ මෙසේ දැන ගත යුත්තේ. දැන් අපි මෙච්චර කල් මේව අහලා තිබුනද හිතලා තිබුනද කියලා හිතලා බලන්න ඕනෙ.

ඊලතියෙන්නෙ සම්මා වාචා කියන මාර්ග හංගය. මොකක්ද සම්මා වාචා කිව්වෙ? මිච්චා වාචා මිච්චා වාචා සේ දැන ගනී. සම්මා වාචා සම්මා වාචා සේ දැන ගනී. සම්මා වාචා දෙආකාරයි කියා දැනගනී. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා. අනෙක ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මෙන්න මේ කාරනා ටික සම්මා වාචා මාර්ග හංගය පිළිබඳ දැන ගන්න ඕනෙ. එහෙනම් මොනවද මිච්චා වාචා, මිචිචා වාචා සේ දැනගනී කියන්නෙ? මුසාවාදය පිසුණා වාචාව පරුසා වාචාව සම්පප්‍රලාපය යන මෙබඳු වන්නාවූ වචනයෙන් කෙරෙන්නාවූ යම් දුෂ්චරිතයක් ඇත්ද මෙන්න මේ වචනයෙන් කෙරෙන්නාවූ පාප සංකාරයක් ගොඩනැගෙනවද මෙන්න මේක මිච්චා වාචා කියලා දැන ගන්නවා.

මුසාවාදයෙන් වෙන් වීමක් ඇතිද පිසුනාවාචාවෙන් වෙන්වීමක් ඇත්ද රුෂාවාචයෙන් වෙන් වීමක් ඇත්ද වාගෙම සම්පප්‍රලාපයෙන් වෙන්වීමක් ඇත්ද, මෙන්න මේ කියන්නා වූ මේවායෙන් කැමැත්තෙන් වෙන්වීමයි ප්‍රධාන වෙන්නෙ. හොඳින් තේරුම් අර ගන්න ඕනෙ. මුසාවාදා වේරමනී පිසුනාවාචා වේරමනී පරුසාවාචා වේරමනී සම්ප්‍රප්පලාපා වේරමනී යං උච්චති  භික්ඛවේ සම්මා වාචා කියන මේ මාර්ග හංගයේ පූර්ත්වයයි මේ පෙන්නන්නෙ. අරිහත්වයට යනකම් මේක පූර්ණ වෙනවා ක්‍රම ක්‍රමයෙන්. එහෙනම් මෙන්න මේ පූර්ණ වෙන කාරනයේදී මෙයින් වෙන් නොවුනා වූ මුසාවාද පිසුණාවාච පරුසාවාච සම්ප්‍රපලාප කියන වචනයෙන් කෙරෙන්නාවූ මේ යම් කිසි ආකාරයක වැරදි පැත්තක් ඇත්ද, මෙන්න මේ දේ මිච්චා වාචා කියලා දැනගන්නවා. එහෙමනම් මුසාවාදයෙන් වෙන් වීම පිසුනාවාචාවෙන් වෙන් වෙලා පරුෂාවාචයෙන් වෙන් වෙලා සම්ප්‍රප්පලාපයෙන් වෙන් වූනාම මෙන්න මේ තත්වය සම්මා වාචා කියලා දැනගන්නවා. සම්මා වාචා දෙආකාරයි එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට සසර ගමනට හේතු වෙනවා. අනෙක ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවයි කියලා දැන ගන්නවා.

එහෙමනම් මෙන්න මේ ‍ටික විග්‍රහ කරලා දැන ගත්තහම මිච්චා වාචා හරියට දකින සම්මා වාචා හරියට දකින සම්මා දිටිඨිය පහල වෙනවා. සම්මා වාචා කියන මාර්ග හංගය පිළිබඳ සම්මා දිට්ඨිය මෙන්න මේ ආකාරයෙන් සකස් වෙනවා. එහෙනම් දැන ගන්න ඕනෙ ලෞකික සම්මා වාචාවෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වශයෙන් නිවන් දකින්න හේතු වෙන සම්මා වාචා මාර්ග හංගය වෙන් කරලා හොයා ගන්නේ කොහොමද කියල. බොරු නොකියා කේලාම් නොකියා පරුෂ වචන නොකියා ප්‍රලාප නොකියා ඉන්න පුලුවන් අය අබුද්ධෝත්පාද කාලෙත් හිටියා. අපිනෑ කියන්න බෑ. ඒ සම්මා වාචා කියන ලෞකික මාර්ග හංගය ඒ අය ලඟත් තිබුනා. ඒක සසර ගමනට හේතු වෙනවා සුගතියට හේතු වෙනවා, නිවනට හේතු වෙන්නේ නැහැ. එහෙනම් නිවනට හේතු වෙන සම්මා වාචා මොකක්ද කොහොමද වෙන් කර ගන්නේ?

මූලික ධර්මය අහලා ලෝකයේ අසාර බව තේරුම් ගත්තා. අසාර ලෝකයක් තුල මොනවා ලබා ගන්න බොරු කියලා අනුන් රිදවන්නද, අනුන් රවට්ටන්න? කේලාම් කියලා මොනවට අනුන් බිවන්නද, මොනවා ලබා ගන්නද? පරුෂ වචන කියලා මොකට අනුන් සැඩ බවට පත් කරන්නද, පරුෂ බවට පත් කරන්නද? ප්‍රලාප කියමින් මොකට මේ ලෝකය මුලා කරවන්නද? වැඩක් නැති අසාර ලෝකය තුල බොරුවෙන් කේලමෙන් පරුෂයෙන් ප්‍රලාපයෙන් මට කරන්න වැඩක් නැහැ. හරයක් නැති අසාර වන්නාවූ ලෝකය තුල මෙබඳු වචන භාවිතා කිරීමෙන් ඇති හරය මොකක්ද? වැඩකට නැහැ. ඒ නිසා මම ඒවා අත් අරිනවා කියලා ථාබෝධය තුලින් අත්ඇරීමක් නොඇල්මක් මිදීමක්නානම් මෙන්න මේ මාර්ගයට කියනවා සම්මා වාචා කියන්නාවූ නිවන් දකින මාර්ග හංගය කියල.

දැන් හොඳින් තේරුම් අරගන්න ඕනෙ එහෙනම් නිවන් දකින මාර්ග හංගය මෙච්චර කල් දැනගෙන හිටියද කියන එක.සඳහා පොඩ්ඩක්වත් හිතුවද කියලා දකින්න ඕනෙ. එහෙනම් මෙන්න මේ විදිහට දැනගන්න ඕනෙ කුමක්ද, සම්මා වාචා සම්මා වාචා සේ දැනගත්තා මිච්චා වාචා මිච්චා වාචා සේ දැනගත්තා සම්මා වාචා දෙආකාරයි කියා දැනගත්තා එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා අනෙක ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා කියලා දැන ගත්තා. මෙන්න මේ ටික තේරුම් ගත්තා නම් මොකක්ද සිද්ධ වෙන්නේ? අන්න ඒ තැනැත්තා විසින් සම්මා වාචා පිළිබඳ සම්මා දිට්ඨියෙන් යුක්ත වුනා. අන්න තවත් සම්මා දිට්ඨියක්. දැන් සම්මා දිට්ඨි පිළිබඳ සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප පිළිබඳ සම්මා දිට්ඨිය, සම්මා වාචා පිළිබඳ සම්මා දිට්ඨිය දැක්කා. සම්මා දිට්ඨි ගැන කතා කරනකොට මේවා දැකලා තියෙන්න ඕනෙ, තේරුම් අරන් තියෙන්න ඕනෙ.

ඉතාම පහසුයි කාගෙන්වත් ඊට පස්සේ අනේ සම්මා දිට්ඨිය මොකක්ද සම්මා දිට්ඨිය වෙන්නේ කොහොමද ලැබෙන්නේ කොහොමද කියලා අහන්න දෙයක් නැහැ. ඔය ටික ඔක්කොම තියෙනවා. එහෙනම් හොඳින් තේරුම් අරගන්ට ඕනෙ අන්න සම්මා වාචා පිළිබඳව සම්මා දිට්ඨිය මෙසේ පහලනා නම් ඒ වාගෙම දැන් මම දන්නවා මොකක්ද සම්මා වාචා කියන්නේ. වැටහෙනවා. එහෙනම් තමන් අතින් මිච්චා වාචාවක් සිද්ධ වෙන්න එනවා නම් මොහොතකින් තේරෙන්න පටන් ගන්නවා එවෙලෙම සිහියට නැගෙනවා මේක මිච්චා වාචාවක්.වාගෙම මේක ලෞකික සම්මා වාචාවක්. මේක ලෝකෝත්තර වූ සම්මා වාචා ස්වභාවයක්. මෙන්න මේ ටික වැටහෙන්න පටන් ගත්තා නම් මොකද වෙන්නේ, සම්මා වාචා පිළිබඳ සම්මා සතිය පහල ‍උනා වෙනවා.

එතැන් පටන් ගෙන ඒ සම්මා වාචාවේ පූර්ණත්වයක් ඇත්ද මුසාවෙන් පිසුනයෙන් පරුෂයෙන් ප්‍රලාපයෙන් සහමුලින් වෙන්වෙලා කෙලවර කරන යම් දවසක අරිහත් ඵලය ලබනවා.  අන්න එදා කෙලවර කරන තුරුපිළිබඳ යම් උත්සාහයක් වීර්යක් අරගෙන ඒ ආකාරයෙන් කටයුතු කරනවා නම් ඒකට කියනවා සම්මා වාචා වටකරගෙන ඇත්තාවූ සම්මා කම්මන්තය කියල. දැන් මොකද වෙන්නේ සම්මා වාචා මාර්ග හංගය වට කරගෙන, පරිවාර කරගෙන තවත් මාර්ග හංග තුනක් තිබුණ. සම්මා දිට්ඨි සම්මා සති සම්මා වායාම කියන මෙන්න මේ මාර්ග හංග තුනකින් යුක්ත වෙලා තිබුනා. ඔය ටික තේරුම් ගත්තහම සම්මා වාචා මාර්ග හංගය තෝර ගත්තා වෙනවා. ඊළ මාර්ග හංගය මොකක්ද?‍

ඊලඟ එක තමයි සම්මා කම්මන්ත කියන මාර්ග හංගය. මොකක්ද? පාණාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසුමිච්චාචාරා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ” කිව්ව  මාර්ග හංගය. එහෙනම් තේරුම් අරගන්ට ඕනෙ මේ මාර්ග හංගයත් අර විදිහමයි. ප්‍රාණඝාතය අදත්තාදානය කාමමිත්‍යාචාරය කියන මෙන්න මේ කාරණා ටික සිද්ධ කරනවා නම් අන්න ඒ පුද්ගලයා මිච්චා කම්මන්තයෙන් යුක්ත වෙනවා. එහෙනම් සම්මා කම්මන්තය මොකක්ද? ප්‍රාණඝාතයෙන් වෙන්වෙනවා අදත්තාදානයෙන් වෙන්වෙනවා කාමමිත්‍යාචාරයෙන් වෙන්වෙනවා. මේක සම්මා කම්මන්තයයි. සම්මා කම්මන්තය දෙආකාරයි එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතුවෙනවා. එකක් ලෝකෝත්තරයි නිවනට හේතුවෙනවා. එහෙනම් යම් කෙනෙක් ප්‍රාණඝාත අතහැරලා හොර මැර වංචා අතහැරලා කාමමිත්‍යාචාරයන් අතහැරලා කටයුතු කලා නම් මොකක්ද සිද්ධ වෙන්නේ?

අන්න හේතුවෙන් ලෞකික වන්නාවූ සම්මා කම්මන්තය ලැබෙනවා. ලෞකික මාර්ග හංගයක්. කෙලෙස් සහිතයි සුගතියට හේතුවෙනවා සසර ගමනට හේතු වෙනවා. නමුත් නිවනට හේතුකාරක මදි. දැන් නිවනට හේතු වෙන එක කොහොමද වෙන් කර ගන්නේ? අපි ඒකත් දකින්ට ඕනෙ. මේ යථාබෝධයෙන් යථා ධර්මය අරගෙන ලෝකය අසාරයි, අසාර ලෝකයේ මම කටයුතු කර ගන්නේ මොන යහපතක් කර ගන්නද? මොනවා ලබා ගන්නද? මොකට ප්‍රාණඝාත කරන්නද?මොකට සොර මැර වංචා කරන්නද? මොක‍ට සුරාසූදු දුරාචාර කරන්න? මොන ලාභයක් ලබා ගන්නද? මොන යහපතක් කර ගන්නද? කියලා මෙන්න මේ අදහස එන්න පටන් ගන්නවා. මෙන්න මේ අදහස එනකොට එක දෙයක් සිද්ධ වෙනවා. මොකක්ද සිද්ධ වෙන්නේ?

මෙන්න මේ අදහස එනකොට වැඩකට නැති පාප කොටසක් අත්හැරී නොඇලී මිදී යනවා. මෙන්න මේ අවස්ථාවේදි ධර්මාවබෝධයත් එක්ක සිද්ධ වෙන මේ කාරණය යම් සේ පූර්ණ වෙනවද මෙන්න මේකට කියනවා ආර්ය විනයේ නිවන් දකින්න හේතුවෙන සම්මා කම්මන්තය පූර්ණය වෙනව කියල. එහෙනම් මෙන්න මේක තේරුම් ගත්තහම අර ක්‍රමයටම දැන ගන්නවා මිත්‍යා කම්මන්තය මිත්‍යා කම්මන්තය සේ දැන ගත්තා. සම්මා කම්මන්තය දෙආකාරයි කියා දැන ගත්තා. මෙන්න මේක ලෞකිකයි මේක ලෝකෝතතරයි කියා වෙනම දැන ගත්තා. මෙන්න මේ දැනගැනීමට කියනවා සම්මා කම්මන්ත මාර්ග හංගය පිළිබඳ සම්මා දිට්ඨිය පහල වුනා කියලා. මේ තවත් සම්මා දිට්ඨියක්. එහෙනම් ඊගාවට මොකද වෙන්නේ?

මේ සම්මා කම්මන්ත කියන මාර්ග හංගය තේරුම් ගත්තට පස්සේ යම් ප්‍රාණඝාතයක් අදත්තාදානයක් කාමමිත්‍යාචාරයක් නැගී එන අවස්ථාවක්, කරන්න සිද්ධ වෙන අවස්ථාක් හෝ අරමුණු වෙන අවස්ථාවක් ලංවෙනකොට එතනින්ම දකිනවා මේක මිත්‍යා කර්මාන්තයක් නොකල යුත්තක් කියල. වාගෙම යම් කිසි සිදුවීමක් තිබුනද ලෝක සත්වයාගේ හෝ තමාගේ හෝ එබඳු අවස්ථාවක් දැක්කහම මේක ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙන්නාවූ ප්‍රාණඝාත අත්හැරීමක් සොර මැර වංචා අත් හැරීමක් එබඳු ස්වභාවයක් මේ තියෙන්නෙ. නමුත් මෙන්න මේ යථා ධර්මය අවබෝධ කර ගත්ත කෙනෙක් ඒ හේතුව උඩ හරයක් නැත්තා වූ අසාර වන්නා වූ මේ වැඩපිලිවෙල ලෝක වැඩපිලිවෙලට ප්‍රාණඝාත කරලා අපිට කරගන්න දෙයක් නැහැ. සොරමැර වංචා කරලා කරගන්න දෙයක් නැහැ. සුරා සූදූ දුරාචාර ආදී මිත්‍යාචාරයන්ගෙන් මට කරගන්න දෙයක් නැහැ. මොන හරයක් ති වැඩද? අසාර දේවල් වලින් මම වෙන් වෙන්නෙ වැඩක් නැති නිසයි කියා මෙන්න මේ ධර්මය වටහාගෙන අවබෝධ ලැබුනා නම් මෙන්න මේකට කියනවා අර ශ්‍රේෂ්ඪ වන්නා වූ නිවන් දකින්න හේතු වෙන සම්මා කම්මන්තය. මෙන්න මේ ආකාරයෙන් මේ කාරණා තේරුම් අරගත්තහම මොකද කරන්නේ? යම් කිසි දෙයක් වැඩිය යුතුද අප්‍රමාදයෙන් යුක්ත වෙලා මේ යථාබෝධය පූර්ණ කරගත්තනං මට ශාන්තයි ප්‍රනීතයි. නිවන දකිනවා නිවී සැනසී යනවා. ඒ නිසා මම ඒ සඳහා උත්සාහ කල යුතුයි වීර්ය කල යුතුයි කියන යම් හැඟීමක් ඇතුව කටයුතු කලා නම් අන්න එතන ඇති වෙනවා සම්මා කම්මන්ත පිළිබඳ සම්මා වායාම මාර්ග හංගය. එහෙනම් මේ ආකාරයෙන් සම්මා දිට්ඨි සම්මා සති සම්මා වායාම කියන මාර්ග හංග තුනකින් වට කර පරිවාර කර ගෙන තියෙනවා සම්මා කම්මන්ත කියන මාර්ග හංගය. එහෙනම් දැන් තේරුම් ගන්න ඕනෙ මෙන්න මෙතෙන්ට තේරුම් ගත්තහම අපි කොයිතරම් දුරට ධර්මාවබෝධයක් ලබා ගත්තද ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව කියලා තේරුම් ගන්ට ඕනෙ.

එහෙනම් ඊලඟට තව එකක් තියෙනවා මොකක්ද? සම්මා ආජීව කියන මාර්ග හංගය. මේකත් වැදගත් දෙයක්. සම්මා ආජීවය සම්මා ආජීවය සේ දැන ගනී. මිත්‍යා ආජීවය මිත්‍යා ආජීව සේ දැන ගනී. සම්මා ආජීව දෙආකාරයි කියා දැන ගනී. එකක් කෙලෙස් සහිතයි සුගතියට සසර ගමනට හේතු වෙනවා. අනෙක් සම්මා ආජීවය ලෝකෝත්තරත්වයට නිවනට හේතු වෙනවා. මෙන්න මේ ලෝකෝත්තර වූ නිවනට හේතු වෙන සම්මා ආජීවය වෙනම තෝර ගන්ට ඕනෙ. මිත්‍යා ආජීව මොනවද? නොයෙක් ආකාරයෙන් දුෂ්චරිතයෙන් නොකටයුතු කම් වලින් නොයෙක් ආකාරයේ නොගතයුතු වැඩ වලින් යම් කෙනෙක් සමායේ ජීවත් වෙන්න බලනවා නම් ජීවිතය පවත්වන්න බලනවා නම්, මෙන්න මෙබඳු වන්නා වූ අසාධාරන ජීවනෝපායන් වලින් ජීවත් වීම මිත්‍යා ආජීවයයි කියලා දැන ගන්නවා.

එහෙනම් දැහැමෙන් සාමෙන් උපයාගෙන හදාගෙන ජීවත් වෙන යම් ජීවන රටාවක් ඇත්ද ඒක සම්මා ආජීවයයි කියලා දැන ගන්නවා. නමුත් මේක ලෞකික වූ සම්මා ආජීව. එහෙනම් මොකක්ද නිවනට හේතු වෙන ලෝකෝත්තර සම්මා ආජීව? යථාර්තය වටහා ගත්තා වූ කෙනාට වැටහෙනවා මේ අසාර ලෝකයේ මම ජීවත් වෙන්නේ මොනවා ලබා ගන්නද? මොනවද මට මේ ලෝකයේ ගන්න තියෙන හරය? එහෙනම් මට මේ ලෝකයෙන් ලබන්න දෙයක් නැත්නං මොකක්ද මම ගන්න තීරණය? මොකටද මගේ ජීවත් වීම? මේ ආර්ය මාර්ගය හරි ආකාරව පූර්ණය කරන්න කරන්න ශාන්තයි ප්‍රනීතයි. නිවන් අවබෝධ කර ගත්ත දවසක් ඇත්නම් එදාටයි මේ සසර ගමනෙන් සහමුලින් මිදිල කෙලවර වෙන්නේ. අන්න ඒ නිසා මගේ ජීවිතය මම  දැහැමෙන් සාමෙන් පවත්වන්නේ නිවන් දකින අධිෂ්ඨානය මුල් කර ගෙනයි කියලා මේ අධිෂ්ඨානයෙන් ජීවිතය පවත්වන බලාපොරොත්තුව ආවහම කියනවා ආර්ය‍ ධර්මය තුල නිවනට හේතු වෙන සම්මා ආජීවය පහලනා කියලා.

මෙන්න මේ ටික තේරුම් අර ගත්තනම් දැන් මොකද වෙන්නේ? මිත්‍යා ආජීවය මිත්‍යා ආජීවය සේ දැනගනී. සම්මා ආජීවය සම්මා ආජීවය සේ දැනගනී. සම්මා ආජීවදෙආකාරයි කියා දැන ගනී. වාගෙම එකක් කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා සුගතියට හේතු වෙනවා අනෙක නිවනට හේතු වෙනවා කියලා දැන ගන්නවා. මෙන්න මේ අවබෝධය ලැබුනහම සම්මා ආජීවපිළිබඳ සම්මා දිට්ඨිය පහල වුනා වෙනවා. එහෙනම් එක එක මාර්ග හංගයට සම්මා දිට්ඨිය දැන් පස් ආකාරයකින් ලැබුව. ඊලඟට පෙන්නනවා සම්මා ආජීවපිළිබඳ මෙසේ දැන ගත්තා වූ සතියක් ඇත්ද මෙබඳු ජීවත් වීමක් මිත්‍යා ආජීවයක් ඇත්නම් මේ හීන ස්වභාවයයි. මෙබඳු සිහිපත් වීමක් ලෞකික සම්මා ආජීවයක් ඇතිනම් මේ මධ්‍යම ස්වභාවයයි. මෙබඳු වන්නාවූ උත්තම ජීවිතයක් ගත කරන්නෙ ආර්ය මාර්ගඵල අවබෝධයටයි. එබඳු මාර්ගයක ජීවිතයක් ඇත්නම් ඒක ශ්‍රේෂ්ඨයි ප්‍රනීත දහමක් කියලා මෙන්න මෙහෙම හීන වූධ්‍ය වූ උත්තම වූ ශ්‍රේෂ්ඨ ප්‍රනීත වූ දහම් දකින ක්‍රමයක් නවා. මෙන්න මේ ස්වභාවයේ ජීවිතය හඳු ගන්නවා.

කෙනෙකුගේ ජීවිතයත් ඔය ආකාරයෙන් දැන ගන්නවා. මෙන්න මෙසේ තේරුම් ගන්ට පුලුවන් වෙච්ච කෙනාට සම්මා ආජීවපිළිබඳ සම්මා සතිය ලැබෙනවා. ඔහු ඊට අනුව කටයුතු කිරීමේ උත්සාහයක් වීර්යක් ඇත්ද පිළිබඳව සම්මා වායාමය පිහිටනවා. මේ ආකාරයෙන් සම්මා ආජීව පිළිබඳ සම්මා දිට්ඨිය සම්මා සති සම්මා වායාම කියන මාර්ග හංග තුනකින් පරිවාර කරගෙන හිටියා නම් ක්‍රියාත්මවුනා නම් මෙන්න මේකට කියනවා ආර්ය ධර්මය තුල සම්මා ආජීවය දැන ගත්තා කියලා. සම්මා ආජීවයට පත් වූනා. ආජීව මාර්ගයක් අනුගමනය කලා. බුදුපියානන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මෙච්චරයි අපිට කටයුතු කරන්න තියෙන්නේ කියල.

සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මෙන්න මේ මාර්ග හංග පහ යම් කෙනෙක් ඔය ආකාරයෙන් තේරුම් අරගෙන දැනගත්තා නම්, ඊට අනුකූලව හැසිරෙන්න පටන් ගත්තා නම් ඒ පහ වට කර ගත්තා වූ සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන මාර්ග හංග තුනක් හැදිලා මාර්ග හංග හතක් සම්පූර්ණ වෙනවා. එහෙනම් අට වෙනි එක මොකක්ද? බීක් හිටවාගෙන සාත්තු කරන පෝර දාන පුද්ගලයාට සාත්තුව නිසා පෝර නිසා හිටවාගත්ත බීය පැලවෙලා ක ලබා දෙන්නේ යම් සේද, සමාධිය නැමැති ක හම්බ වෙනවා.  මේ ක නැමැති සමාධිය ලබා ගන්න අමුතුවෙන් කරන්න දෙයක් නැහැ.. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්න කියන එකයි යින් පෙන්වලා තියෙන්නේ. එතකොට සමාධිය ඔය ආකාරයෙන් ලැබෙනවා.

එහෙනම් අපි අද තේරුම් අරගන්න ඕනෙ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමේදී ආර්ය වන්නා වූ නිවනට හේතු වෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය තේරුම් ගත්තා නම් නිවන් මග මොකක්ද, කොහොමද නිවන් දකින්නෙ? මේක ඇත්තද බොරු? මේ වාගේ දෙයක් අහන්න ඕනෙ නැහැ. තම තමන්ටම ඉහාත්මයේ හෙවත් මේ අත්බැවේ ඒ ථාබෝධය ලබා ගැනීමත් සමග ශාන්ත ප්‍රනීත නිවන් අවබෝධ කරන්න පුලුවන් කම ලැබෙනවා. අන්න ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පූර්ණ වෙන්නේ ඔය ආකාරයෙන් කියා තේරුම් අරගත්තා නම් මෙන්න මෙතනදි ඥාණ ලබන්න අමුතුවෙන් කරන්න දෙයක් නැහැ කියලා පෙන්නනවා. තවත් නොයෙක් ආකාරයේ සූත්‍ර වලත් මේක විග්‍රහ කරලා පෙන්වා තිබෙනවා. න චේතනා කරණීය සූත්‍රයට අයිති සූත්‍රයකත් පෙන්නනවා ඔය ආකාරයෙන්. “කුසල සීලය අයුත් ප්‍රතිසාරයත් අයුත් ප්‍රතිසාරය ප්‍රමෝදයත් ප්‍රමෝදය ප්‍රස්සප්තියත් ප්‍රස්සප්තිය ප්‍රීතියත් ප්‍රීතිසුයත් සුඛසමාධියත් සමාධියතාභූතඥාදර්ශනයත් යථාභූතඥාණ දර්ශනය නිර්වේදයත් නිර්වේදය විරාගයත් විරාගය විමුක්තියත් විමුක්තිය ඥා දර්ශනයත් ලබා දෙයි. මෙසේ ධර්මයෝම ධර්මයෝ පවත්වයි. නිර්වාන පරතෙරට යාම සඳහා ධර්මයෝම ධර්මයෝ පුරවයි කියලා.

මෙසේ හොඳින් ලස්සනින් පෙන්වලා තියෙනවා ධර්ම මාර්ගය අනුගමනය කරන කොට සීල සමාධි ප්‍රඥා ගු පූර්ණය වෙලා නිවන් සාක්ශාත් කර ගැනීම සම්පූර්ණ වන හැටි. එහෙනම් තේරුම් අරගන්ට ඕනෙ අපට කරන්න තියෙන්නේ හරියට මාර්ගය තේරුම් අරගෙන සාත්තු සප්පායම් කරනවා වාගේ අන්න ඒ කටයුතු කිරීමයි. අන්න ඒ ටික සිද්ධ කරගන්නකොට අපිටම දැන ගන්න පුලුවන් වෙනවා සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණය වෙලා මාර්ග අවබෝධය ලැබෙන හැටි. එහෙනම් මේ ටික තේරුම් අරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය ශීල ශාසනය කියලා ඔය ආකාරයෙන් ගන්නකොටම මොකද වෙන්නේ, සමාධි ශාසනයත් එතන නැගෙනවා, සම්මා ඥාණ සම්මා විමුක්ති කියන දස හංගයක් සම්පූර්ණ වෙනකොට ප්‍රඥා ශාසනය නැගෙනවා. සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ටික වැඩෙනවා නම් ඒ පුද්ගලයා සම්මත වශයෙන් කොයි ජාතියක හිටියා කියුවත් සම්මත වශයෙන් මොන ගෝත්‍රයේ කුලේ හිටියා කිව්වත් මොන විදිහෙ තැනක හිටියා කියුවත් ඔය ආර්ය මාර්ගය පූර්ණකලොත් කවදාහරි කෙලවර කරන්නේ ඔන්න ඔය පූර්ණතාවයෙන් හෙවත් අරිහත් ඵලයෙන්.

ඒ නිසා තේරුම් ගන්ට ඕනෙ මේ ලෝක සම්මතයේ තිබෙන්නාවූ මේ සම්මත ආගම් භේද කුල මල භේද ආදී වන්නාවූ ඒ ලේබල් වලට වැටෙන්නේ නැතුව හරි ආකාරව ප්‍රඥාවෙන් මහා විද්‍යාඥයා දුන්න ඒ විද්‍යා සිද්ධාන්ත ටික තේරුම් ගන්ට බලන්ට ඕනෙ. අන්න ඒ විද්‍යා සිද්ධාන්ත තුලින් තේරුම්න්න හරවත් දහමක් තමයි ඔය චතුරාර් සත්‍ය ධර්මය. ඔය මාර්ග සත්‍යය විස්තර කරලා හොඳින් තේරුම් අරගෙන ඒ මග අනුගමනය කර ගත්තා නම් කාන්තයෙන් නිවන් සාක්ශාත් ර ගැනීමෙන් ඔන්න ඔය විදිහට උත්තරීතර වන්නාවූ ශ්‍රේෂ්ඨකාරිය සිද්ධ කර ගන්ට පුලුවන්කම ලැබෙනවා. දැන් එහෙනම් අපි තේරුම් අර ගන්ට ඕනෙ මෙබඳු ශ්‍රේෂ්ඨ වන්නා වූ උත්තම අවස්ථාවක් අපි ලබාගන්ට මේ චතුරාර් සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහා මග පාදා ගත්තා නම් අන්න ඒ උත්තරීතර අවස්ථාව අද හොඳින් තේරුම් අරගන්න ඕනෙ. අපි දැනගන්ට ඕනැ එහි තියෙන වටිනාම දේ සම්මා දිට්ඨිය හට ගන්නාවූ ආකාරය පිළිබඳ හොඳින් තේරුම් අර ගැනීමයි කියල‍.

සම්මා දිට්ඨිය හරි ආකාරව තේරුම් අර ගත්තාට පස්සේ යථාර්තයෙන්ම සම්මා දිට්ඨි වෙන හැටි දැන ගත්තා. වාගෙමආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන හැටි තේරුම් අර ගත්තා. අපිට අද පුලුවන් කමක් තිබෙනවා හරි ආකාරව දහම් මග වඩන හැටි තේරුම් අරගෙන සම්මා දිට්ඨියට එන්න. ඒ සං කියන එකතු වෙන් මිදීම හරියටම දකින්න නම් අපි දැනගන්ට ඕන ආකාරයත් විග්‍ර කලා. අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනත්ත වශයෙන් තේරුම්න්න ඕනැ. මෙතනයි මුල තියෙන්නේ. මෙතනයි දහම් ඖෂධය දකින්නෙ. හොඳින් තේරුම් අරගෙන මේ ලෝකයේ යම් ප්‍රියමනාපයක් යහපත් දෙයක් කියලා හිතා ඉන්නවා නම් කැමති සේ නොපවතින්නාවූ මේ ලෝකය තුල මොනවා මම කියලා ගන්නද, මොනවා මගේ කියලා අල්ලන්න, හරයක් තියෙන්නේ මොනවයෙද? කියලා මෙන්න මේ ටික තේරුම් අරගන්ට ඕනෙ. මෙසේ තේරුම් අරගෙන ඉවරවෙලා යථාබෝධය ලබාගැනීමට කෙටි භාවනාවක් මතක තබා ගන්න ඕනෙ.

මෙසේ මතක තබා ගෙන ඒ භාවනාව වඩනකොට මේ පින්වතුන්ට තේරුම්න්න පුලුවන් වෙයි මොනවද මේ ලෝකයේ සාර ධර්මයක් තියෙන්නේ මොනවද මේ ලෝකයේ හරයක් තියෙනවා කියලා අල්ලන්න හදන්නේ? මේ ලෝකයේ තියෙන්නේ අනාථ දේවල්ද නාථ දේවල්ද කියලා එකින් එකට විග්‍රහ කරලා තේරුම් අරගන්න පුලුවන්කම ලැබෙයි. ඒ නිසා අපි දකින්න ඕනෙ දුක දකින්න නම් චතුරාර්ත්‍ය ධර්මය දකින්න නම් සැප හොය හොයා ඉලත් බැහැ, වාගෙම ලෝකයේ සම්මත වෙලා තිබෙන දුක ගැන හිත හිතාලත් බැහැ.දෙක  පැත්තකින් තියලා හේතුකාරකයින් වූ දුක උපදවන්න හේතු වන්නා වූ යම් කිසි තෘෂ්ණාවක් ඇත්ද අන්න ඒ තෘෂ්ණාවට හේතුව ඒකෙ හරයක් තියෙනවද කියලා නිතර හොයලා බලන්න ඕනෙ. මෙන්න මේ ටික දැන ගන්න කොට ප්‍රියභාය සිඳිල යනව. ප්‍රිය භාවය ගෙන දෙන්නා වූ පංචකාමයන් කෙරෙහි ප්‍රිය භාවය සිඳිලා ගියා නම් අන්න එතෙන්දි අපිට හරියටම ඇත්ත පෙනෙන්න පටන් ගන්නවා.

මේකෙදි දැන ගන්න ඕනෙ අපි හරියට ඇත්ත දැන ගත්ත තරමට, යම් කිසි දෙයක තියෙන අසාර තත්වය දැනගත්ත තරමටයි ඒකෙන් මිදෙන්නෙ. යම් කිසි ප්‍රිය මනාප දෙයක අසාර තත්වය දැනගත්තහමයි මිදෙන්න හේතු වෙන්නෙ. මොකක් නිසාද? මේ ප්‍රියමනාප අල්ල ගත්ත මානසිකත්වයක් තුලින් තමයි මේ ලෝකයේ දුකට මුල්වෙලා තියෙන්නේ. අන්න ඒ අපි අල්ල ගත්ත ප්‍රියමනාපය වටිනා දෙයක් කියලා හිතන්න බලන්න පුරුදු වෙන්න ඕනෙ. එහෙනම් මොනවද අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ? මේ ලෝකයේ මොනවද ප්‍රියයි මනාපයි යහපතයි කියලා අල්ල ගන්න හදන්නේ? මම කියලා කොටසක් ප්‍රියයි මනාපයි යහපතයි කියලා ගන්න හදනවා. මගේ කියලා කොටසක් කෙරෙහි හිත ඳිනවා. මේ ආකාරයෙන් මම කියලා මගේ කියලා කොටස් දෙකක් ලෝකයෙන් අල්ල ගන්න බලාපොරොත්තු වුනා නම් එකතු කරන කො‍ටස රැකගන්න තමයි, සකස් කර ගන්න තමයි හැම මොහොතක් පාසාම බලාපොරොත්තු වෙන්නේ. යමක් මමයි මගේයි කියලා අල්ල ගන්නවා නම් හොඳින් තේරුම් අරගන්න ඕනෙ අපි මොනවා මම කියලා අල්ල ගන්නද?

මෙච්චර කල් අල්ල ගන්න හදපු ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල නැත්නම් මේ රූපය තුල අපිට අල්ල ගන්න දෙයක් තිබුනද? කොයි තරම් සුද්ද කලත් කොයි තරම් පවිත්‍ර කලත් ඒවා කැමති ආකාරයෙන් පවත්වන්න පුලුවන් කමක් නැහැ. කැමති නැති දේත්වෙලා විනාශ වෙලා යන දෙයක් මිසක් කැමති සේ පවත්වන්න පුලුවන් කයක් ඇති කිසිම සත්වයෙක් නැත්නම්, මෙබඳු කයක් මම කියලා මෙබඳු දෙයක් මගේ කියලා ගන්න හරයක් තියෙනවද? එහෙම ගන්න පුලුවන් කමක් නැත්නම් අපි මේ ආකාරයෙන්ධර්මය ගැන ඉතාම කෙටියෙන් තේරුම් අරගන්න ඕනෙ. මේ ඇස කන දිව නාසය ශරීරය තුල අනාථ ධර්ම මිසක් නාථ දෙයක් නැහැ. එහෙනම් මේ ලෝකය කියන්නේ මොනවද? ඇස කන දිව නාසය ශරීරය ලෝකයට අයිතියි. ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවාත් ලෝකයට අයිතියි. එහෙනම් මේ ලෝකය තුල තියෙන යමක් ඇත්නම් ඒවා අනාථ නම්, ලෝකයෙන් අත් හැරී නොඇලී මිදීමක් ඇත්නම් ඒකයි නාථ.

අනාථ දැක්කනම් නාථ දැක්කනම් බුදුන් දැක්කා වෙනවා. ඒ නිසා හැමකෙනෙකුටම පහසුම භාවනාවක් වශයෙන් තේරුම් අරගන්න ඕනෙ. කුමක්ද මේ භාවනාව? කාම ලෝකය කියලා කොටසක් තියෙනවා. කාම වස්තූන් ඇසුරු කරගෙන ප්‍රියයි මනාපයි කියල ඉන්න ලෝකෙ. රූප ලෝකය කියලා කොටසක් කවුරුත් අහලා තියෙනවා ලොව කියලා.රූප ලෝක කියලා තවත් නොපෙනෙන ලෝක කොටසක් ගැන කියවෙනවා. කොහේ සැරිසැරුවත් හ‍ට ගත්තා නම් විපරිනාමයට පත් වෙලා විනාශ වෙලා යන කැමති සේ පවත්වන්න පුලුවන් කමක් නැති දහම් තුලයි සැරි සරන්නෙ. ඒ කියන්නෙ අනාථ දහම් තුලයි. කාම ලෝකයත් අනාථයි. රූප ලෝකයත් අනාථයි.රූප ලෝකයත් අනාථයි. එහෙනම් නාථ මොකක්ද?‍

මේවා පිළිබඳ යම් න්ද රාගයක අත්හැරීමක් ඇත්ද නාථයි. නොඇල්මක් ඇත්ද නාථයි. මිදීමක් ඇත්ද නාථයි. නිවීමක් සැනසීමක් ඇත්ද නිවනම නාථයි කියලා මෙන්න මේ මෙතෙක් කියූ දහම් වල අර්ථය අර ගත්තා නම් මේ පින්වතුන්ට නිවන් දකින කර්මස්ථානයක් ලැබෙනවා. අන්න කර්මස්ථානයක් වඩන්න ඕනෙ කෙනෙකුට මේ ආකාරයෙන් කර්මස්ථානය වඩලා පුරුදු කර ගන්න. සුළු වෙලාවක් වඩන ආකාරය පෙන්වා දෙන්නම්. ඒ ආකාරයෙන් සිහි කරලා කර්මස්ථානය වඩලා එය  යථාවබෝධයෙන් ලබාගෙන අත්හැරී නොඇලී මිදීමෙන් කෙලෙස් අත්හැරීමෙන් නොඇලීමෙන් මිදීමෙන් ලබන නිවන් සාක්ශාත් කරන්න අද අදම හේතු වාසනා වේවා කියලා අධිෂ්ඨාන කරගෙන සුලු මොහොතක් හැම දෙනාම මේ කර්මස්ථානය වඩන්න.


කාම ලෝක අනාථයි

රූප ලෝක අනාථයි

රූප ලෝක අනාථයි

සියලු ලෝක අනාථයි

අතහැරීම නාථයි

අතහැරීම වෙත්වා

නොඇල්ම නාථයි

නොඇල්ම වෙත්වා

මිදීම නාථයි

මිදීම වෙත්වා

නිවනම නාථයි නිවනම වෙත්වා ///

 

කැමති ආකාරයෙන් අර්ථවත්ව වටහාගෙන මේ භාවනාව වඩනකොට තමන්ටම තේරෙයි ශාන්ත ප්‍රනීත තත්වයට පත් වෙනවා හැම දෙනාට ශාන්තිය නිවන අත්වේවා. යහපතක්ම වේවා!

 

Comments