සැඟවුනු සත්‍යය වූ බුදු දහම යලි මතුවෙයි! ඉතිරිය

Signup

අළුත්වීම් ගැන දැනගැනීමට කැමතිනම් මෙම Google සමූහයට එක්වන්න  (ඔබට Google Account එකක් තිබේනම්)

නැතිනම් පහත ලිපිනයට හිස් email එකක් එවීමෙන්ද සමූහයට එක්විය හැක.

ඒ අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේය.

උන්ව‍‍‍‍හන්සේගේ ධර්ම‍ය අසන විට අප මෙතෙක් කල් සිතා සිටි බොහෝ දේ වැරදි බව අපටම වැටහේ. නොතේරුනු  තැන් තේරෙන්නට  පටන් ගන්නේ අපවම පුදුමයට පත් කරමිනි. මා නම් මෙවැනි බණක් මගේ ජීවිත කාලයටම අසා නොමැති බව පැහැදිලිවම කිව යුතුය. 

මට උන්වහන්සේගේ ධර්මය ඇතුලත් CD විශාල ප්‍රමාණයක් ලැබුනේ වාසනාවටමය. ඒ විශ්‍රාමික ලුතිනන් එන්. ආර්. පද්මලාල් ද සිල්වා  මහතාට පින් සිදු වන්නටය. මෙහි අඩංගු සියළුම බණ CD තැටිගත කර ඇත්තේ ඒ මහතාය. දුරකථන අංක  0112234563 ඔස්සේ එතුමාව ඇමතිය හැක. 

මේ  ධර්මය ‍ඇත්තේ ප්‍රශ්න  සහ පිළිතුරු  ලෙසය. මගේ අරමුණ වන්නේ සියළු ලෝකවාසීන්ට  මේ ධර්මය ලබා දීමයි. ඒ සඳහා අවශ්‍ය ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි ලෙස මෙම MP3 files ගබඩා කල යුතුය. මෙයට සුදුසුම සහ හොඳම ක්‍රමය  අන්තර්ජාලයයි.

උන්වහන්සේගේ ආරාමයෙහි නම “අරිය චින්තාශ්‍රම බෞද්ධ  විහාරස්ථානය"යි. ලිපිනය "අංක 90 B. ගෝනගල්දෙනිය, වහරක" වේ. නිට්ටඹුව - රුවන්වැල්ල  348 දරණ මාර්ගයේ ගෝනගල්දෙනිය හන්දියෙන් බැස බස්නාගොඩ පාරේ මීටර් 100ක් පමණ ඉදිරියෙන් විහාරස්ථානය  පිහිටා ඇත. සෙනසුරාදා සහ පෝය දිනයන්හිදී උන්වහන්සේ මුණගැසිය හැක.


Comments