සපුමල්ගේ අඩවිය
How to add Sinhala Unicode support to your computer
How to get the best look in the best Distro of the best OS
ගූගල් පේජ් එකක් හදලා දැම්මා. ටිකක් පුරුදුවෙන්නත් එක්ක ලියනවා. පිටුවේ ප්රධාන මාතෘකාව නම් සිංහලෙන් දාන්න බෑ වගේ. අකුරු එහේ මෙහේ පනිනවා.
මේකට දාන්න මගේ ෆොටෝ එකක් හොයාගන්න බැරිවුනා. ඒනිසා අපේ මී මුත්තාගේ ෆොටෝ එකක් දානවා.
මී මුත්තාත් මං වගේම හැන්ඩියා නේද? සන්ග්ලාස් එක නැත්තං නිකං ග්ලාස් එකක් හරි දාගෙන තමයි ඉන්නේ. බොරු පිස්තෝලේ කොයිවෙලේත් ඉනේ. ඇත්ත එක මේස් එක අස්සේ. අපේ මී මුත්තා අපේ මුත්තාට කියල දීල තියෙන්නේ එකම එක දෙයයි. අපේ මුත්තා මටත් කියලා දුන්නේ ඒක විතරයි. මොකක්ද දන්නවද?
කම්මැලි කොල්ලනේ - පොල් කටුව ගෙන අතිනේ
පලයව් හිඟමනේ - තොපට නැත අන් වැඩක් ඉතිනේ
අනම් මනං පල්හෑලි නැති උනාට මුත්තා කෙනෙක් කියලා දෙන්න ඕන ඔක්කොම දේවල් මේ කවියේ තියනවා නේද? මමත් මුත්තා කෙනෙක් උන දවසට මුනුපුරාට කියලා දෙන්නේ මේක විතරයි.
අපේ මී මුත්තා ... යකෝ මේක මී මුත්තාගේ වෙබ් අඩවිය නෙමෙයි නේද? පොඩ්ඩක් අමතක උනා.
වෙබි අඩවියක් උනාම ටිකක් පිළිවෙලට තියෙන්න එපැයි. මොකද මුලු ලෝකෙටම බලන්න පුලුවන්නේ. ඒත් ඉතින් අනුන්ට පේන්න විතරක් පිළිවෙලට ඉඳලා වැඩක් නෑනේ. ඒ නිසා තියන පිලිවෙල හොඳයි.